Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවාගැනීම් ඉහළට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

කොරෝනා වසංගත කාලය තුළ ශ්‍රී ලංකාවේ නීතියට පිටින් සිදු කරනු ලබන අත්අඩංගුවට ගැනීම් හා රදවා ගැනීම් ඉහල ගොස් ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසූරිය වීසින් කොවිඩ් වසංගත තත්ත්වය තුළ අත්අඩංගුවේ පසුවන හා අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමුකරමින් දන්වා.

ඒම ලිපිය මගින්, රැඳවුම් නියෝග මත රදවා සිටින රැඳවුම්කරුවන්ගේ සුබසාධන කටයුතු හා ඔවුනට ඥාතීන් හා නීතීඥයින් සමග සන්නිවේදනය කිරීමට ඔබ විසින් ගන්නා සාධනීය හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග පිළිබදවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත 2021.05.15 දිනට පෙර දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසද සදහන්කර තිබේ. ඒම සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.

“පසුගිය වසරේ ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේදී (2020.03.17 – 2020.05.15) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නීතිවිරෝධි රදවාගැනීම් හා අත්අඩංගුවට ගැනීමට අදාළව ලද පැමිණිලි සංඛ්‍යාවේ ඉහලයාමක් සිදුවු බව කොමිෂන් සභාව නිරීක්ෂණය කරන ලදී.

ඒ පිළිබදව 2020.08.27 දින ඔබ වෙත ලිඛිවත දැන්වීමක් ද සිදු කරන ලද අතර ඒ සම්බන්ධ නිරීක්ෂණ හා එවැනි තත්ත්වන් වළක්වාගැනීමට ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කිරීමට දන්වා ඇත.

මේ වන විට නවතම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේදී එවැනි තත්ත්වයන් ඇති නොවීමටත්, අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් සම්බන්ධව නිතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට ඔබ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමු.

තවද මෙම තත්ත්වය මත සංචරනය සීමා කිරීම තුළ දීර්ඝකාලීනව රැදවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවන්ට තම නීතීඥයින් මුණගැසීමටත්, ඥාතීන් මුණගැසීටමත් අවස්ථාව තාවකාලිකව ලබා නොදීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු සුභසාධනය ගැටළුකාරී බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පාර්ශ්වයන් විසින් දන්වා ඇත. ඒ අනුව රැඳවුම් නියෝග මත රදවා සිටින රැඳවුම්කරුවන්ගේ සුබසාධන කටයුතු හා ඔවුනට ඥාතීන් හා නීතීඥයින් සමග සන්නිවේදනය කිරීමට ඔබ විසින් ගන්නා සාධනීය හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග පිළිබදවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2021.05.15 දිනට පෙර දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් මෙයින් දන්වා සිටිමු.

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 11(අ) වගන්ති ප්‍රකාරව මූලික අයිතිවාසිකම් පිළිබදව විමර්ශනය කිරීමත් 11(ඇ) වගන්තිය බලතල ප්‍රකාරව අධිකරණමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ ඳදවා ගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය සදහා විය හැකි නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කරයි.”

උපුටා ගැනීම – www.slcat.org

Translate »
Scroll to Top