Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

පොලිසීයේ අවම බලයෙන් අත්අඩංගුවට පත් සැකකරු මරුට!

ශ්‍රී ලංකාවේ පොලිස් ආඥා පනතේ පොලිස් නීතියට අනුව පොලිස් නිලධාරින්ට සිවිල් පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කළ නොහැකිය. ඔවුන්ට හැකියාව ඇත්තේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණි. එය පොලිසීයේ අවම බලය පාවිච්චි කිරිමකි.

එහෙත් කණගාටුවට කරුණක් වන්නේ මේ පොලිසීයේ අවම බලය පහුගිය කාලය පුරාම භාවිතා වුයේ ජීවිතයක් අහිමි කරමින් වීමය.

ඉකුත් වසරේ පමණක් පොලිස් මෙලෙස පොලිසීය නීතියට පිටින් යමින් සිදු කළ වෙඩි තැබීම් 10 කි. ඒ මොණරාගල චමින්ද කුමාර, ගොනාකෝවිලේ රාජා, කැටවල සම්පත්, අඟුලාන අමිත් කරුණාරත්න, අංගොඩ සොල්ටා, ගම්පහ චමීයා, හංවැල්ලේ ඉන්ද්‍රා, රත්මලානේ රොහා, මාකඳුරේ මධුෂ්, වේයන්ගොඩ නිහාල් කුමාරසිරි යන අයය.

මේ  ජීවිත 10 ම අහිමි වූයේ පොලිසියේ  අවම බලය පාවිච්චි කිරීමෙනි. පොලිසිය පවසන ආකාරයට මේ ඝාතනයට ලක් වු බොහෝ දෙනෙක් සංවිධානාත්මක අපරාධකරුවන්ය. නැතහොත් සැකකරුවන්ය. කෙසේ නමුදු කිසිවෙකුගේ ජිවිතයක් නැති කිරීමට තවකෙකෙුට අයිතියක් නැත. නීතිය ඇත්තේ එවන් පුද්ගලයින්ටය. නමුත් සිදු වන්නේ පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු අවම බලය පෙන්වීමය.

අපට හදිසියේම මේ පොලිසියේ අවම බලය ගැන කථා කරන්නට වුයේ ඊයේ (11) රාත්‍රියේ පොලිසීය අවම බලය පාවිච්චි කිරීම නිසාය.

නවගමුව, හංවැල්ල ප්‍රදේශ වල සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන මාඹුලගේ දිනෙත් මෙලන් හෙවත් ඌරුජුවා ජීවිතක්ෂයට පත් වූයේ නවගමුවේ පොලිසියේ වෙඩි තැබිමකිනි.

විසි හත් හැවිරිදි මෙම සැකකරු නවගමුව පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (10) දින හා ඊයේ (11) දින ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඊයේ රාත්‍රියේ වඳුරාමුල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ විමර්ශන කටයුත්තක් වෙනුවෙනි. පොලිසීය පවසන ආකාරයට එහිදී යම් සිද්ධියක් සිදුවීමෙන් පොලිසිය අවම බලය පාවිච්චි කර දිනෙත්ට වෙඩි තබා ඇත. පසුව නවගමුව රෝහලට රැගෙන ගියද ඔහු මිය ගොස් තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිසීයේ තොරතුරු වලට අනුව මොහු මනුශ්‍ය ඝාතන 04 ක්, කප්පම් ගැනීමේ සිද්ධි 20 ක්, ගිනි තබා අනර්ථයක් සිදු කිරීම, බැණ තර්ජනය කිරීම් ආදිය සම්බන්ධයෙන් පොලිසීයට අවශ්‍යව සිටි සැකකරුවෙකි. එසේ නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබුණි. නමුත් එලෙස සිදුවන්නේ නැත.

මෙම ඌරුජුවාගේ මරණය මෙම වසරේ පොලිසීය විසින් නීතියට පිටින් සිදු කළ පළමු ඝාතනයයි.

-ශානි-

Translate »
Scroll to Top