Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් පිරිසකට අපරාධ චෝදනා.

2020 නොවැම්බර් 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකාවේ මහර බන්ධනාගාරයේ පැවති විරෝධතාවයකදී  සිදු වූ රැඳවියන්ගේ මරන වෙඩි තැබීම  නිසා  ඇති වූ  තුවාල හේතුවෙන්  සිදු වූ බව පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවලින් හෙලිදරව් වී ඇත. 

සිය ගනනක් රැඳවියන්ට  ඒ වන විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති  බව පරීක්ෂන වලින් තහවුරු වී තිබීම නිසා  පීසීආර් (PCR-පොලිමරේස් දාම ප්‍රතික්‍රියා) පරීක්ෂන ඉල්ලා සිටි සිරකරුවන් දහස් ගනනකගේ විරෝධතාවක් මැඩපැවැත්වීම සඳහා ආන්ඩුව දැඩි ලෙස සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය සාධක බලකා පොලිස් නිලධාරීන් යෙද වීය.

තුවාල සිදුවුයේ ප්‍රතිවාදී කන්ඩායම්  එකිනෙකාට පහර දීමෙන්  බව ආන්ඩුව  සහ පොලිසිය රැඳවියන්ට චෝදනා කර තිබේ.

“බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීම්වලින් කිසිවෙකු මිය ගොස් නැති” බව  බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත  පාර්ලිමේන්තුවේ දී  සඳහන් කලේ ය.  රත්වත්ත මෙම ප්‍රකාශය කලේ විධිමත්  පශ්චාත් මරන පරීක්ෂන පැවැත්වීමටත්  පෙරය.

රැඳවියන් මුහුන දෙන දුෂ්කර හා අනාරක්ෂිත තත්වයන් ආන්ඩුව  විසින් නොසලකා හැරීම හේතුවෙන්, මේ වනවිට 3,000 කට අධික පිරිසකට කොවිඩ් 19 වයිරසය  ආසාදනය වී ඇති බව පරීක්ෂන වලින් තහවුරු වී තිබේ.

මෙම සිරකරුවන්ගෙන් බහුතරය ධනවාදයේ තීව්‍ර  වන  අර්බුදයේ භයානක සමාජ ප්‍රතිවිපාක වලින් එකක් වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුනයන්ය. මහර සංහාරයෙන් පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කෙරුන සමීක්ෂන වාර්තාවක  අධික තදබදය , ප්‍රමානවත් ජලය හා සනීපාරක්ෂක පහසුකම් නැතිකම,  කෑමට නුසුදුසු ආහාර හේතුවෙන් ඇතිව තිබූ ඛේදනීය තත්වයන් ගැන සඳහන් විය.

මෙම අධ්‍යයනයට අනුව, බන්ධනාගාරයේ ඉඩ ප්‍රමානවත් නොවීම නිසා රැඳවියන්ට සිටගන සිටීමට  සහ මාරුවෙන් මාරුවට නිදා ගැනීමට  සිදුවන අතර   ප්‍රමානවත් තරම් වැසිකිලි පහසුකම් නොමැතිකම නිසා රාත්‍රියේ බාල්දි සහ පොලිතින් බෑග් වලට මලපහ කිරීමට බල කෙරී ඇත. 

මෙවන් වාතාවරණයක් මතුව ඇති තතු යටතේදී මේ වන විට මෙම සිද්ධියේ වරද බන්ධනාගාර රැඳවියන්ගේ පිට පැටවීමේ කූඨ සැලසුමක් ක්‍රියාවට නංවමින් එම සිද්ධියෙන් තවමත් පීඩාවට ලක්වෙමින් බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් විශාල සංඛ්‍යාවක් ඉලක්ක කරමින් අපරාධ චෝදනා ගොනු කරමින් නඩු පැවරීම සිදුව ඇති අතර ජනවාරි 18 වන දින එම නඩුව ගම්පහ අංක 02  දිසා අධිකරණයේදී කැඳවීම සිදු විය. මෙහිදී අදාළ බන්ධනාගාර රැඳවියන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩුව සඳහා සම්බන්ධ කර ගැනීම සිදු වුණි.

එහිදී බන්ධනාගාර රැඳවියන් කිහිපදෙනෙකු වෙනුවෙන්පෙනී සිටි නීතීඥ ලක්ෂාන් ප්‍රනාන්දු කරුණු දක්වමින් කියා සිටියේ මෙම රැඳවියන් අධිකරණ මගින් ඇප නියමවී තිබී මුදා හැරීමට ආසන්නව තිබියදී මෙම සිදුවීමට ඔවුන්ට මුහුණදීමට සිදුවී තිබෙන බවත් රැඳවියන්ට එරෙහිව මෙම අපරාධ චෝදනා  ගොනු කිරීමට අදාළ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය සාධාරණ හා අපක්ෂපාතීව සිදුවූ බවට කිසිදු විශ්වසනීයත්වයක් නොමැති බවද එබැවින් මෙම චෝදනා අභියෝගයට ලක්කරන බවයි. එසේම මෙම රැඳවියන් සම්බන්ධයෙන් ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව ඇප මත මුදා හැරීමට ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ සඳහා ඉතා කෙටි දිනයක් තුළ අදාළ රැඳවියන් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කොට අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් බන්ධනාගාරය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් සිදු කරන ලදි. කරුණු සලකා බැලූ අධිකරණය පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව අධිකරණය වෙත අදාළ රැඳවියන් ඉදිරිපත් කිරීම පිළිබඳව සලකා බලන ලෙස බන්ධනාගාර නිලධාරින්ට දන්වමින් නඩුවේ මීළග කැඳවීම ජනවාරි 27 වන දිනට නියම කරන ලදි.

Translate »
Scroll to Top