Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

වධහිංසා කරන්න පොලිසිය බය නැත්තේ ඇයි? – පිලිප් දිසානායක

විනය වීරෝධි කටයුත්තකදී සේවකයා සේවයෙන් නෙරපීය යුතු වුවද පොලිසියේ එවන් ක්‍රමවේදයක් නොමැතිකම නිසාත් විවිධ දේශපාලඥයින්ගේ සහායෙන් යළි රැකියාව ලබා ගත හැකි නිසාත් පොලිස් නිලධාරින් පුද්ගලයින්ව වධහිංසනයට ලක් කිරිමට පසුබට නොවන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන මූලික අයිතිවාසිකම් නඩු මාස දෙකෙන් විසඳා තීන්දුව ලබා දිය යුතු බව පොත්පත් වල තිබුණත් අද අවුරුදු 10-15 ක් ගියද මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් තීන්දු ලැබෙන්නේ නැති බව ඔහු පවසයි.

අද තරුණ පරපුර මේ රට හැර දමා වෙනත් රටවල පදිංචියට යාමට තැත් කරන්නේ මේ රටේ නිදහස, ප්‍රජාත්‍රන්තවාදය, අයිතිවාසිකම් නොමැති වීම නිසා මෙන්ම ආර්ථිකයේ කඩා වැටීම නිසා බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ මෙලෙස මේ රට කඩා වැටීමට ඉඩ දිය නොහැකි බවය.

පුද්ගලයෙකුට සිදුවන මුලික අයිතිවාසිකම් කඩවීම්, මානව හිමිකම් උල්ලංඝනය වීම් ඔහුගේ ප්‍රද්ගලික දෙයක් ලෙස නොව රටේ පොදු ප්‍රශ්නයක් බවට පත් කර ඒ් වෙනුවෙන් හඬක් නැඟිය යුතු බවත් මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කළ යුතු බවද පිලිප් දිසානායක මහතා පවසයි.

වෙන රටවල පොලිසියක අපරාධ අංශයේ සිටින්නේ බුද්ධිමත්ම නිලධාරීන් වුවද අපේ රටේ පොලිසියක අපරාධ අංශයේ සිටින්නේ දුෂිතම නිලධාරීන් බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ මේ ක්‍රමය වෙනස් විය යුතු බවය.

රටේ නීති ක්‍රියාත්මක වීම දේශපාලඥයින්ට අවාසියක් බවත් එය ඔවුන්ගේ  විනය වීරෝධි වැඩ වලට බාධාවක් බවත් ඔහු අවධාරණය කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (31) දින දෙමටගොඩ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පැවති යුක්තිය උදෙසා පුරවැසියෝ සංවිධානය ගොඩනැඟිමේ අවස්ථාවට එක් වෙමිනි.

වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබු මෙම උත්සවයේදී මෙයට සමගාමීව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුවේ නිල වෙබ් අඩවියද එළි දක්වන ලදි.

ශානි

Translate »
Scroll to Top