Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

සමාජ මාධ්‍ය පුහුණු වැඩසටහන

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමග දිස්ත්‍රික් 16 ක් පුරා පිහිටුවා ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයන් සමග කටයුතු කිරීමට සිදු වූයේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගනිමින් ය. මෙම නව තාක්ෂණය හා සම්බන්ධ වී කටයුතු කිරීමේදී සියළුදෙනාගේම් ධාරිතාව සමාන මට්ටමක නොමැත.ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිළිබද ඇති දැනුම වැඩිකිරීමහා සමාජ මාධ්‍යයන් හා නව තාක්ෂණය සමග ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීම සදහා හා ඊට අමතරව තාක්ෂණය භාවිතා කිරීමේදී සැලකිල්ලට ගත යුතු ක්‍රියාමාර්ග පිලිබද ප්‍රාථමික පුහුණුවක් ලබා දුණි.

මෙහිදී ඔවුන්ට ඊ මේල් හරහා ගනුදෙනු කිරීම, සමාජ මාධ්‍ය භාවිතය, මාර්ගගත රැස්වීම් සදහා zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වීම, සයිබර් ආරක්ෂා ව පිලිබද මුල් අදියරේ පුහුණුවක් ලබා දීම මුඛ්‍ය අරමුණ විය. කෝවිඩ් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් මානව හිමිකම් දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානවල සාර්ථකව පැවැත්වීමට හැකි විය.

ගම්පහා මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයෙ ක්‍රියාදරයන් හා එම ප්‍රදේශයේ වෙසෙන තරුණයන් හට සමාජ මාද්‍ය, මංගත රැස්වීම් හා ඩිජිටල් ආරක්ශාව පිලිබඳව පුහුණුවක් පෙබරවාරි 15 වන දින සල්සා උත්සව ශාලාවේදි පැවැත්විනි. ඒ සදහා එම ප්‍රදේශයේ ක්‍රියාදරයින් හා තරුණ තරුණියන් 30 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ විය.

Training on social media for Human Rights Defenders attached to Gampaha HRFAC held 15th of February at Gampaha, Ekala Salsa Hotel.

Translate »
Scroll to Top