Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

chandraguptha

රජයට මුදල් නැතිව සිටින අවස්ථාවක හදිසි නීතිය පනවා එක්තරා ආකාරයක විකෘති නාටකයක් බවට පත් කරගෙන ජනතාවගේ සුබ සිද්ධියට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය බව අඟවමින් සිටිනවා යැයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

රජය කොවිඩ් වසංගතය දේශපාලන වසන්තයක් බවට පත් කර ගෙන තිබු බවත් බවත් ඔවුන් තිගැස්සමට ලක් වුයේ කොතලාවල පනත මේ හරහා සම්මත කර ගැනීමට යාමේදි නොසිතූ ලෙස රටේ ජනතාවගෙන් එල්ල වු විරෝධතා හමුවේ බවද ඔහු පෙන්වා දෙයි.

පහුගිය කොවිඩ් වසංගත සමයේදී ආසාදිතයින් රැගෙන ගියේ හමුදාවෙන් පැමිණ, මාධ්‍යයෙන් පැමිණ කොවිඩ් අසාදිතයා සමාජ සතුරෙක් ලෙස හුවා දක්වමින් බවත් මේ හරහා සමාජ – සංස්කෘතික විකෘතිභාවයක් නිර්මානය වු බවද සිහිපත් කර සිටින මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධතා දක්වන පිරිස් කොවිඩ් වසංගතයට මුවා වී අත්අඩංගුවට ගත් බවය.

නමුත් කොවිඩ් සමයේ රජයේ උත්සව හා අනෙක් සියලු කාර්යයන් පවත්වාගෙන ගිය බවද ඔහු කියා සිටියි.  කොවිඩ් වසංගතයෙන් පමණක් නොව ඉහල යන බඩු මිල හමුවේ, ආර්ථික ගැටලු හමුවේ, සමාජය දුර්මුඛ අවස්ථාවක හදිසි නීතිය පැනවීමට රජය කටයූතු කළ බවත් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පෙන්වා දෙයි.

අද පාර්ලිමේන්තු නියෝජනය දුර්වල බවත්, අදහස් ප්‍රකාශ කිරිමේ හා භාෂණයේ නිදහස දුර්මුඛ කර කරමින් සිටින බවත් මෙය සමාජයේ සිටින කලාකරුවන්ට පවා බලපාමින් පවතින බවද  පෙන්වා දෙන ඒ් මහතා කියා සිටින්නේ මේ පාලන ක්‍රමය ප්‍රශ්න කළ යුතු තැනට අප එක් විය යුතු බවය.

ඔහු මේ බව කියා සිටියේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් පැවැත්වු කොවිඩ් වලට නොදෙවෙනි හදිසි නිතිය යන මැයෙන් සංවාදයේදීය.

ශානි

Translate »
Scroll to Top