සංහිඳියා යාන්ත්‍රණය උදෙසා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක වාර්තාව අද රජය වෙත
  
Share |   


                                

රටේ සංහිඳියා යාන්ත්‍රණය කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් රජය විසින් “සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය” පිහිටුවනු ලැබීය. ඒ අනුව යුද්ධයෙන් පසු  මෙරට සංහිඳියාව ඇතිකරලීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මහජන අදහස් ඇසුරෙන්  සකස් කළ අවසන් වාර්තාව අද දින රජය වෙත භාරදීමට කටයුතු සුදානම් කර ඇත.

එම වාර්තාව අද සවස 7.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාට හා අගමැතිවරයා අතට බාරදීමට සුදානම් බවත්, කාලයක් තිස්සේ මේ සඳහා දිනයක් වෙන් කර ගැනීමට නොහැකිවූ බව හා අද දින ඒ සඳහා වෙන් කර ගැනීමට හැකි වීම  සතුටට කාරණයක් බවද, සිවිල් සංවිධාන ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසීය.

                                 

“මේ ආණ්ඩුව එක්තරා විදියකට අතුරුදන්වීම් වීම වලට එරෙහිව හා සංහිඳියාව සඳහා එකඟවූ වැඩසටහන් වලින් යම් යම් දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් කරලා තියෙන. නමුත් අද වෙනකන් ඒවා දේශීය නීතියක් බවට පත් කර ගැනීමේ කාර්ය තවමත් අවසන් වෙලා නෑ. අනිත් පැත්තෙන් අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත වුනේ පසුගිය අගෝස්තු මාසේ නමුත් ජනාධිපතිවරයා අද වෙනකන් එකට අත්සන් කරලා නෑ. ඒ නිසා එක ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.” යනුවෙන්ද බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පැවසීය.

කෙසේ වෙතත්, මෙම වාර්තාව රජය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ආණ්ඩුව ඒ සඳහා ගන්නාවූ පියවරයන් මොනවාද යන්න ඉදිරියේදී බලා ගැනීමට පුළුවන් බව ද ඔහු ප්‍රකාශ කළා.

සභාපතිනිය ලෙස අධිනීතීඥ මනෝරී මුත්තෙට්ටුවේගම මහත්මිය හා ලේකම් වශයෙන් ආචාර්ය පාකියසෝති සරවනමුත්තු මහතා ඇතුළු සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුක්තව මෙම “සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය” ක්‍රියාත්මක විය.



Posted Date :

2017-01-03


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors