පොලිස්පතිට එරෙහි නඩුව
  
Share |   


                                 

වාද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි නිමල් චන්ද්‍රසිරි හට අමානුෂික ලෙස පහර දී වාද්දුව පොලිසිය විසින් නීති විරෝධී ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B/ 04561 යටතේ මුලික විමර්ශන සිදුවෙමින් පවතී. මෙම මුලික විමර්ශන නිසියාකාරව සිදුකිරීමට අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීමට රහස් පොලිසිය මේ වන තෙක් කටයුතු නොකිරීම නිසා, එම විමර්ශන කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතී.

මේ හේතු කොට ගෙන වාද්දුව පොලිසියේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීම මේ වන තෙක් සිදුවී නොමැත. එබැවින් මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවන මුලික විමර්ශන සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් ලබාගෙන එය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පොලිස්පති වරයා ප්‍රමුඛ වගකියයුතු නිලධාරීන්ට මැන්ඩාමුස් රීට් ආඥාවක් ඉල්ලමින් අධිකරණයේ 2015/11/30 දින නඩු පවරා ඇත.

පසුව 2016/02/12 වන දින ගරු අභියාචනාධිකරණ විනිසුරු විජිත කේ මලල්ගොඩ විනිසුරුතුමා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අවස්තාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ වාසනා වික්‍රමසේකර මහත්මිය පෙනීසිටි අතර, වගඋත්තර කරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ රජයේ නීතිඥවරු පෙනී සිටින ලදී.

එදින පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන ලෙස රජයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. අධිකරණය ඊට අවසර ලබාදුන් අතර, ඒ නඩුව 2016/ 03/31 වන දින කැඳවීමට නියමිතව විය. නමුත්, එදින නීතිපති දෙපාර්තුමේන්තුව තම විරෝධතා නඩු ගොනුවට ඉදිරිපත් කර නොතිබුණි.

2016/06/10, 2016/07/20, 2016/09/21, 2016/10/26, 2016/12/06 ආදී වශයෙන් නඩුවාර ගණනාවක්ම ගතවී ඇති නමුත්, නීතිපති දෙපාර්තුමේන්තුව නඩුවට අදාළ තම විරෝධතා ගොනු කිරීම පැහර හරින ලදී. ඒ අනුව 2016/01/30 දින එනම් පෙරේදා දින මෙම නඩුව ගරු අධිකරණ විනිසුරු විජිත් කේ මලල්ගොඩ සහ ගරු විනිසුරු තුරෙයිරාජා යන විනිසුරු තුමන් දේපල ඉදිරියේ කැඳවු අවස්ථාවේදී ද නීතිපති දෙපාර්තුමේන්තුව තම විරෝධතා ගොනු කිරීම පැහැර හැර තිබුණි.

කෙසේ වෙතත්, එහිදී මෙම නඩුව 2017/03/09 දින කැඳවීමට නියමිත විය. මේ ආකාරයට නීතිපති දෙපාර්තුමේන්තුව අත්තනෝමතික අයුරින් තම වගකීම පැහැර හැරීම නිසා මෙම නඩුව මේ වන විට අනවශ්‍ය ආකාරයට ප්‍රමාද වෙමින් පවතී.

 

හිරෝශාන් ලක්ෂාන් -  නීති අංශය

“රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් මධ්‍යස්ථානය



Posted Date :

2017-02-01


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors