අවිධිමත් අපරාධ පරීක්ෂණ හේතුවෙන් මධුෂ්ක නඩුව නැවත ජුලි 18 ට
  
Share |   


                         

2013 වසරේ සැප්තැම්බර් මස 02 වන දින අනුරාධපුරයේදී පැහැරගත් මදුෂ්ක හරීෂ් ද සිල්වා නමැති දෙදරු පියාගේ අතුරුදන්වීම පිලිබඳ නඩුව පසුගිය ජනවාරී 31 දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනිණි. නඩු අංක B/2894 යටතේ විභාගයට ගැනුණු මෙම නඩුව විභාගය සඳහා පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා පෙනීසිටියහ.

2013 සැප්තැම්බර් මස 02 වන දින සවස 06.00 ට පමණ අනුරාධපුර කනත්ත පිටිපස බෝ ගහ අසලදී, වීදුරු කළුපැහැ ගැන්වූ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් 08 දෙනෙකු පිස්තෝල පෙන්වා, පොලිසියෙන් බව පවසමින් මධුෂ්කව බලෙන් වාහනයට නංවාගෙන ගොස් තිබුණි. එදින පටන් මේ වනතෙක් මධුෂ්ක පිලිබඳ කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවිය.

නමුත්, පසුකලෙක මදුෂ්කගේ බිරිඳ වූ මයුරි ඉනෝකා හට ලද නිර්නාමික ලිපියකින් සහ දුරකථන ඇමතුම් වලින් මධුෂ්කව පැහැරගත් ආකාරය, ඊට සම්බන්ධ වූ ය හා ඉන්පසු ඔහුට සිදුවූ දේ පිලිබඳ යම් තොරතුරක් දැන ගැනීමට ලැබුණි. පසුව එම නිර්නාමික ලිපි සහ ඇමතුම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව (CID) විසින් පරීක්ෂණ සිදුකරන ලදී. මදුෂ්ක පැහැරගෙන වසර තුනක් පමණ ගත වුවද, ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

පසුගිය 31 වනදා පැවතී නඩු වාරයේදී, නඩුව හා සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවේ පරීක්ෂණ කටයුතු අවසන්වී නොමැති හෙයින් පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා නඩුව කල් දමන ලෙසට ඔවුන් විසින් ඉල්ලා සිටින ලදී. ඒ අනුව, මහේස්ත්‍රාත් වරයා විසින් නඩුව 2017 ජුලි මස 18 වැනි දිනට කල් දමන ලදී.





Posted Date :

2017-02-07


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors