ඇඹිලිපිටිය තරුණයාගේ ඝාතන නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
  
Share |   


                                 

2016 ජනවාරි මස 04 වන දින ඇඹිලිපිටිය නගර මධ්‍යයේ ගොඩනැගිල්ලක පැවතී සාදයක් අතරතුරදී පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නැමති දෙදරු පියාගේ මරණයට අදාලව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරවරයා, ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති වරයා සහ එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එරෙහිව ගොනුකර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය පෙබරවාරි මස 03 වන දින අගවිනිසුරු කේ .ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න යන විනිසුරුවන් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කැඳවන ලදී.

එම සිදුවීමේදී මියගිය සුමිත් ප්‍රසන්න වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ශෂිකා නිශාමනී මුණසිංහ විසින් මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණි. මීට අමතරව එම ගැටුමේදී පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක්වූ ඩී. පී මෙන්ඩිස්, ඇඹිලිපිටිය ගමගේ ලසන්ත හා ඇඹිලිපිටිය ගමගේ වසන්ත යන පුද්ගලයන් විසින් ද, මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබු අතර,එම පෙත්සම් තුනද, එදින විභාගයට ගැනිණි.

මෙහිදී මෙම නඩු හතර සඳහා නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා හා නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා පෙනී සිටි අතර, එදින විභාගයට ගත් මුලික අතිවාසිකම් පෙත්සම් හතරෙහි නඩු විභාග ඉදිරියට පවත්වාගෙන යාමට (LEAVE TO PROSEED) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දෙන ලදී. මෙවැනි මුලික අයිතිවාසිකම් පෙත්සමක කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය විසින් අවසර  ලබාදීම නඩු කටයුත්තෙහි එක වැදගත් සංදිස්ථානයක් ලෙස සඳහන් කල හැක.  



Posted Date :

2017-02-08