අලූත් රටක්..... අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්..... මීගමුව සම්මන්ත්‍රණය අපේ‍්‍රල් 28
  
Share |   


අලූත් ව්‍යවස්ථාක් උදේසා ජාතික ව්‍යාපාරය විසින් ප‍්‍රාදේශීයව සංවිධානය කරනු ලබන සම්මන්ත‍්‍රණ මාලාවේ පලමු වැන්න අපේ‍්‍රල් 28 සවස 2.30 මීගමුව කාදිනල් කුරේ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙම සම්මන්ත‍්‍රණය ජන සම්මත අලූත් ව්‍යවස්ථාවක් ගොනැගීමට සිවිල් සමාජයේ කැපවීම පෙන්වමු යන තේමාව යටතේ සංස්කෘතික අංගයන්ගෙන් ද සමන්විතව පැවැත්වීට කටයුතු යොදා තිබේ. මෙහි ප‍්‍රාසාංගික ඉදිරිපත් කිරීම ප‍්‍රවීන් ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර විසිනුත් ප‍්‍රධාන දේශණය ප‍්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා විසිනුත් ඉදිරිපත් කරනු ලබයි.



මෙම සම්මන්ත‍්‍රණයෙන් පසුව දිස්ති‍්‍රක්ක කිහිපයකම අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ, රැුස්වීම් හා විවිධ සංස්කෘතික කි‍්‍රයාකාරකම් ඇතුලත් වැඩසහන් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මීගමුවෙන් පසුව මීලග සම්මන්ත‍්‍රණ මහියංගනය, කුරුණෑගල හක්මන හා අණමඩුවේ දී පැවැත්වීමට සැලසුම් කරගෙන යන බව එහි සංවිධායකයෙකු අප වෙත පැවසීය.   
 
මීගමුව සම්මන්ත‍්‍රණය නිමිත්තෙන් නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වේ,

ජන සම්මත අලූත් ව්‍යවස්ථාවක් ගොඩනැගීමට සිවිල් සමාජයේ කැපවීම පෙන්වමු!
අපේ‍්‍රල් 28 සවස මීගමුවට එන්න!

2015 ජනවාරි 08 දා පක්ෂ, පාට, ජාති, කුල, ආගම් සියල්ල මොහොතකට අමතක කර මේ රටේ සියලූම ප‍්‍රගතිශීලී ජනතාව එකට එකතු වී අලූත් පාලනයක් හෙවත් ‘‘මෛත‍්‍රී පාලනයක්” බිහිකිරීම සඳහා පියවර ගනු ලැබීය. වෙනදා මෙන් නොව මෙවර නව ආණ්ඩුව පත්කිරීමේ දී විශාල බලාපොරොත්තු ගණනාවක් විය.

රට තුළ දීර්ඝ කාලීන සාමයක් ඇති කිරීම; විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර මානව හිමිකම් ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම; අල්ලස, ¥ෂණය ඇතුළු අපරාධ වැළැක්වීමට යාන්ත‍්‍රණයක් ඇති කර නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම; ¥ෂිතයින් හා අපරාධකරුවන් අල්ලා දඩුවම් පැනවීම; පැවති කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය වෙනුවට සමාජ වෙළදපොල යාන්ත‍්‍රණය තුළ ක‍්‍රියාත්මක වන ආර්ථික ක‍්‍රමයක් ගොඩනැගීම මේ අතර ප‍්‍රමුඛ විය.  

මෙම කරුණු ඉටු කිරීම වෙනුවෙන් ගොඩනැඟුණු සම්මුතිවාදී ජාතික ආණ්ඩුව බලයට පත් වී මේ වන විට අවුරුදු දෙකක් ඉක්මවා ගොස් තිබේ. රජයේ ක‍්‍රියාවන් පිළිබඳව පැසසුම් මෙන්ම බරපතල විවේචනද නැතුවා නොවේ.
 
1994 සිට පත් වූ සියලූම ජනාධිපතිවරුන් හා වරියන් පවතින විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස්කර ජනතා පරමාධිපත්‍ය තහවුරු කරනු බවට ප‍්‍රතිඥා දෙනු ලැබුවත් ඔවුන් බලයේ සිටි අවස්ථා හතරේදීම එය සිදු කිරීම පැහැර හරිනු ලැබීය.

නමුත් වර්තමාන රජය විසින් අලූත් ව්‍යවස්ථාවක් ගොඩනැගීම සඳහා සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්කරන ලදී. එමෙන්ම අලූත් ව්‍යවස්ථාව උදෙසා මහජන අදහස් ලබා ගැනීම පිණිස අධිනීතිඥ ලාල් විජේනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදී. එම කමිටුවේ වාර්තාව පදනම් කරගෙන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡුා කිරීමට අගමැතිවරයාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ නායකයන්ගෙන් සමන්විත මෙහෙයුම් කාරක සභාවක් පත්කරන ලද අතර එම මෙහෙයුම් කාරක සභාව විසින් අලූත් ව්‍යවස්ථාව සම්පාදනය සදහා තවත් අංශ කිහිපයකින් අදහස් ලබා ගැනීම සදහා සියලූ පක්ෂ නියෝජිතයින් ගෙන් සමන්විත උප කාරක සභා 6 ක් පත් කිරීම සිදු කරනු ලැබීය.

මෙම සියලූම උප කාරක සභා වාර්තා මේ වන විට මෙහෙයුම් කාරක සභාව වෙත ලැබී තිබේ. මේ සම්බන්ධ අවසන් කෙටුම්පත පසුගිය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුනත්, මෙහෙයුම් කාරක සභාව අවසන් වාර්තාව සදහා ශ‍්‍රීලනිප ය විසින් තවත් යෝජනා ඉදිරිපත් කිරීමට ඇති බව පැවසීම නිසා එම ක‍්‍රියාවලිය නොවැම්බර් සිට මේ දක්වා කල් යනු ලැබීය. නමුත් මේ වන විට ශ‍්‍රීලනිපය විසින් තවත් යෝජනා ඉදිරපත් නොකරන බව පැවසීම නිසා අවසන් කෙටුම්පත මැයි මාසයේ දී පමන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු විවාදයෙන් පසුව 2/3 සම්මුතියෙන් සම්මතකරගන්නා අලූත් ව්‍යවස්ථාව ඉන් පසුව මහජන අනුමැතිය ලබා ගැනීම සදහා ජනමත විචාරණයට ඉදිරිපත් වීමට නියමිතව තිබේ. එහි දී මහජනතාව මෙම ක‍්‍රියාවලිය සම්බන්ධව අවබෝධයෙන් ක‍්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ.
මහජනයා අතර අවබෝධය, සංවාදය, ක‍්‍රියාකාරීත්වයක් නිර්මාණය කිරීම සදහා ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැප වූ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, නිදහසේ වේදිකාව, වීදියේ විරෝධය ආදී සිවිල් සංවිධාන එක්ව අලූත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය ගොඩනගා තිබේ.    

අලූත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලය ලෙස පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසුරිය, අධිනීතිඥ ලාල් විජේනායක, ගාමිණි වියන්ගොඩ, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන, සමන් රත්නප‍්‍රිය, අචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, සම්පත් රාජිත, උදේනි දිසානායක, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල, පිලිප් දිසානායක, නීතිඥ සුදර්ශන ගුණවර්ධන හා මහින්ද රත්නායක යන අය කටයුතු කරයි.
පසුගිය මාර්තු 15 දින මෙම ව්‍යාපාරයේ මංගල රැස්වීම කොළඹ දී පවත්වනු ලැබූ අතර, රට පුරා මේ සම්බන්ධව මහජන උන්දුව හා අවබෝධය ඇති කිරීම සදහා සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ, රැස්වීම්, නාට්‍ය, ගීත ගායනා, කෙටි චිත‍්‍රපට ඇතුලූ සංස්කෘතික වැඩසහන් හා පතිකා, ප‍්‍රකාශන හා පෝස්ටර් ප‍්‍රදර්ශනයන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

 
 
අලූත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය
ගම්පහ දිස්ත‍්‍රික් සභාව

මේ සම්බන්ධව කරුණු දැනගැනීමට හා මෙම ක‍්‍රියාවලියට සම්බන්ධව වීම සදහා
විමසීම් - බි‍්‍රටෝ ප‍්‍රනාන්දු 077 2072540, ප්‍රෙඞී ගමගේ  0777 275171, පිලිප් දිසානායක 0777 749740
නො. 555, කොළඹ පාර, කටුනායක



Posted Date :

2017-04-20


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors