අලූත් රටක්, අලූත් ව්‍යවස්ථාවක් සංස්කෘතික සම්මන්ත‍්‍රණය
  
Share |   


ජන සම්මත අලූත් ව්‍යවස්ථාවක් ගොඩනැගීමට සිවිල් සමාජයේ කැපවීම පෙන්වමු යන තේමාව යටතේ අලූත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ ගම්පහ දිසා සභාව විසින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු සම්මන්ත‍්‍රණය අපේ‍්‍රල් 28 සිකුරාදා සවස 2.30ට මීගමුව කාදිනල් කුරේ මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.



මෙම සංස්කෘතික සම්මන්ත‍්‍රණයේ ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීම ප‍්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර විසින් ද ප‍්‍රධාන අදහස් දැක්වීම ප‍්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් ද සිදු කරනු ලබයි. මෙහෙයවීම මාධ්‍යවේදී ප්‍රෙඞී ගමගේ මහතා විසින් ද සංවාද මණ්ඩපය මෙහෙයවීම බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා විසින් ද සිදු කිරීමට නියමිය.


Posted Date :

2017-04-26