පොලිස් පහරදීමෙන් මිය ගිය චදීක් වෙනුවෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්
  
Share |   


පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී මිය ගිය කඩුවෙල, ඉහල බෝමිරිය පදිංචිව සිටි දෙරු පියෙකු වූ චදික් ෂාමන් වික‍්‍රමරච්චි මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මූලික අයිතිවසිකම් පෙත්සමක් ගොනු කිරීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය කටයුතු කරමින් සිටී.

පසුගිය පෙබරවාරි 25 වන දින උදේ 4ට පමණ නිවසේ පිටුපස දොර කඩාගෙන පැමිණි පෑලියගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් කටඋත්තරයක් ගෙන නැවත එවන බව ප‍්‍රකාශකර අත්අඩංගුවට ගත් චදීක් නැවත තම ඥාතීන්ට දැකගන්නට ලැබී ඇත්තේ එදිනම දහවල් ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ දීය.


මෙම සිද්ධිය සම්බන්ධව කරුණු දැක්වූ චදික්ගේ බිරිද ජයමුණි අනුරාධා ප‍්‍රකාශ කර සිටියේ පොලිස් අත්තඅඩංගුවට පත්වීමට පෙර ඉතා හොද ශරීර සෞඛ්‍යයෙන් පසු වූ මගේ සැමියා මෙසේ හදිසියේ මිය යාම අභිරසක් බවත්, මෙම මරණයට මගේ සැමියා අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරීන් වගකිවය යුතු බවත්ය.

 




Posted Date :

2017-04-26