ඇඹිලිපිටිය සිද්ධියේ පරීක්ෂණ අවසන් කරන්නැයි නියෝග
  
Share |   


                       

කොළඹ විශ්ව විද්‍යාලයට දුන් සිසිටීවී කැමරාවල දර්ශන සම්බන්ධයෙන් සහ රජයේ රස පරීක්‍ෂකවරයාගෙන් ලබාගත යුතු වාර්තා සියල්ල ලබාගෙන ලබන නොවැම්බර් 22 වැනිදා වන විට ඇඹිලිපිටිය සුමිත් ප‍්‍රසන්න ඝාතන සිද්ධියේ පරීක්‍ෂණ අවසන් කරන්නැයි ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා ඊයේ (30) රහස් පොලිසියට නියම කළේ ය.

2016 වසරේ ජනවාරි 04 වැනි දා රාත‍්‍රී ඇඹිලිපිටියේ සාදයකට පොලිසිය කඩා වැදි ඇතිවු ගැටුමකින් පසු සාදයට පැමිණ සිටි සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නම් 29 හැවිරිදි එක්දරු පියා ගොඩනැගිල්ලේ පළමු මහලින් බිමට වැටී මිය ගියේ ය.

මෙම සිද්ධියට සැකපිට හිටපු සහකාර පොලිස් අධිකාරීවරයෙකු වු චමින්ද ධර්මරත්න මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ සිට මේ වනවිට ඇපමත නිදහස්ව වෙනත් ප‍්‍රදේශයක සක‍්‍රීය සේවයේ පසුවෙයි.

එම සිද්ධිය සම්බන්‍ධ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය යළි කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශවයේ නීතීඥවරුන්ගේ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙලෙස නියෝග කෙරිණ.

 

උපුටා ගැනීම - ලංකාදීප (අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

 



Posted Date :

2017-05-31