වධහිංසාවෙන් නිදහස් රටක් ජාතික සමුලූව ජුනි 27 කොළඹ දී
  
Share |   





එක්සත් ජාතීන්ගේ වධහිංසාවට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජුනි 27 වන අ`ගහාරුවාදා සවස 3.30 සිට 6.30 දක්වා වධහිංසාවෙන් නිදහස් ශී‍්‍ර ලංකාවක් ගොඩනගමු යන තේමාව යටතේ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් විශේෂ උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම උත්සවය කොළඹ 07 ඔලිම්පික් හවුස් ශ‍්‍රවණාගාරයේ දී පැවැත් වේ.

මෙම උත්සවයේ දී විශේෂයෙන් 2015 දී බලයට පැමිණි නව රජය එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවේ ද නිර්දේශ පදනම් කරගනිමින් ශී‍්‍ර ලංකාව තුළ වධහිංසාව වැලැක්වීමට මේ වන විට ගෙන ඇති කි‍්‍රයා මාර්ග හා එහි ප‍්‍රගතීන් පිළිබදවත්, නව රජය යටතේ වින්දිතයින් මුහුණ දී ඇති ගැටලූ සම්බන්ධවත් විශේෂයෙන් සාකච්ඡා කෙරේ.

මෙම උත්සවයේ අදහස් දැක්වීමට විදේශ කටයුතු අමාත්‍ය ගරු රවී කරුණානායක, නීතිය හා සාමය පිළිබදව අමාත්‍ය ගරු සාගල රත්නායක, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ ගරු සභාපති ආචාර්ය දීපිකා උඩුගම, පොලිස් කොමිසමේ ගරු සභාපති පී.එච් මනතුංග හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ගරු සභාපති නීතිඥ චමරි මහනායක හා විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානයක, රයිට්ස් නව් සාමුහිකයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශණ ගුණවර්ධන යන මහත්ම මහත්මීන් අදහස් දැක්වීමට නියමිතය.

Posted Date :

2017-06-26