ජයග‍්‍රාහී නඩු තීන්දු 5ක් කෘතිය නිකුත් වේ
  
Share |   





රයිට් ටු ලයිෆ් සංවිධානය විසින් මෙහෙයවනු ලැබූ නඩු අතරින් විශේෂ වධහිංසා නඩු 3ක්, මිනීමරුම් නඩුවක් හා ස්තී‍්‍ර දුෂන නඩුවක් ඇතුලූ නඩු 5ක් 2016 වසරේ දී අධිකරන ජයග‍්‍රහණයන් ලබා ගැනීමට හැකි විය.

2009 වසරේ දී මාතර, හක්මණ පදිංචි විදුහල්පතිවරයෙකුව සිටි කේ. ඒ. හේමසිරි මහතාට පහරදීම සම්බන්ධව මාතර මහාධිකරණයේ පැවැති නඩුව, 2008 වසරේ දී ගාල්ල, පෝද්දල පදිංචිව සිටි අසන්ත අරවින්ද මහතාට පහරදීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුව, 2004 වසරේ දී වත්තල, මාකේවිට පදිංචිව සිටි තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතා ඝාතනය කිරීම සම්බන්ධව මීගමුව මහාධිකරණයේ පැවැති මිනීමැරුම් නඩුව, 2014 වසරේ දී බදුල්ල කන්දෙකැටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධව බදුල්ල මහාධිකරණයේ පැවැති නඩුව හා 2005 වසරේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ගෘහ සේවය සඳහා විදේශගත වීමට පැමිණි එක්දරු මවක් බලහත්කාරයෙන් ගුවන්තොටුපළ තුළදී දුෂණයට ලක්කිරීම සම්බන්ධව මීගමුව මහාධිකරණයේ පැවැති නඩුව, එම ජයග‍්‍රාහී නඩු වේ.
 
එම ජයග‍්‍රාහී නඩු සම්බන්ධව සමාජ කි‍්‍රයාකාරිකයන්ට යම් අවබෝධයක් ලබා ගැනීමත්, අයුක්තියට මුහුණ පෑ මෙම වින්දිතයින් අවුරුදු ගනනාවක් තිස්සේ යුක්තිය ඉල්ලා කළ මෙහෙවර අගය කිරීමත් ඔවුන් තව දුරටත් ධෛර්යමත් කිරීමත් සදහා මෙම නඩු 5 සම්බන්ධව තොරතුරු ඇතුලත් ප‍්‍රකාශණයක් වධහිංසාවට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය නිමිත්තෙන් රයිට් ටු ලයිෆ් සංවිධානය විිසින් නිකුත් කර තිබේ.


Posted Date :

2017-06-26


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors