වධහිංසාවට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරේ...(VIDEO)
  
Share |   


              

“වධහිංසාවෙන් නිදහස් ශී‍්‍ර ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ වධහිංසාවට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම ජුනි
27 වන දා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවය කොළඹ 07 ඔලිම්පික් හවුස් ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය.

මෙහිදී 2015 දී බලයට පැමිණි නව රජය එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවේ ද නිර්දේශ පදනම් කරගනිමින් ශී‍්‍ර ලංකාව තුළ වධහිංසාව වැලැක්වීමට මේ වන විට ගෙන ඇති කි‍්‍රයා මාර්ග හා එහි ප‍්‍රගතීන් පිළිබදවත්, නව රජය යටතේ වින්දිතයින් මුහුණ දී ඇති ගැටලූ සම්බන්ධවත් සාකච්ඡා කෙරුණු අතර, මෙම උත්සවයේ අදහස් දැක්වීමට නීතිය හා සාමය පිළිබදව අමාත්‍ය ගරු සාගල රත්නායක, ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ ගරු සභාපති ආචාර්ය දීපිකා උඩුගම, පොලිස් කොමිසමේ නියෝජිත පී ඩී ලියනආරච්චි හා විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානයක, රයිට්ස් නව් සාමුහිකයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශණ ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගී විය.

තවද, තම අයිතිවාසිකම් කඩවීමෙන් ඊට එරෙහිව නොබියව සටන් වැදි සමස්ථ ප්‍රජාවටම ආදර්ශයක් සැපයු වින්දිතයින්ට හා මානව හිමිකම් කඩවූ වින්දිතයින්ට යුක්තිය ඉටුකරවා ගැනීම සඳහා කැපවූ මානව හිමිකම් ක්‍රියාදරයින් වෙත සහතික පත් හා තිලිණ ප්‍රධානයක්ද සිදු කෙරිණි.

මෙම උත්සවයේ විශේෂ අවස්ථා අලලා සැකසු වීඩියෝව පහතින් ...

                  

Posted Date :

2017-06-28