පොලිස් නිලධාරීන් 5 දෙනකුට මරණ දඬුවම්
  
Share |   


1990 වසරේ සැකකරුවකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වූ පොලිස් නිලධාරීන් 5 දෙනකුට අද(30) පානදුර මහාධිකරණය මරණ දඬුවම් නියම කළේය. මිට වසර වසර 27 කට පෙර එනම් 1990-6-1 වැනිදා පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් කොල්ලකෑමේ චෝදනාවකට බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මුනාජ් නමැත්තා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් පොලිස් විමර්ශන සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරියකුගේ අවියක් පත්තු වීමෙන් සැකකරු මරණයට පත්වීය.මේ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා ගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරුවන් චෝදනා දෙකක් යටතේ වැරදිකරුවන් කළේය. එනම් නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව තිබු චෝදනා විය.එම චෝදනා ඔප්පුවී ඇතැයි ප්‍රකාශ කළ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ රු: 5000 බැගින් වූ දඩ නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා මරණීය දණ්ඩනය නියම කළේය. මෙම මරණ දණ්ඩනය ලැබූ වැරදිකරුවන් වන්නේ මැලව්ව තන්තිරිගේ සමන් පත්මකුමාර(49) - මොරටුමුල්ල උප පොලිස් පරීක්ෂක, නාගහවත්ත මුදියන්සේලාගේ ප්‍රේමරත්න(53) - ලුනුගල පොලිසිය, බෝල කනහැන්නලාගේ ප්‍රේමකීර්ති උදයකුමාර(52) - මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාසය, කොඩිතුවක්කුගේ සරත් කොඩිතුවක්කු(49) - දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සහ හික්කඩුව කාරියවසම් නාමල් ප්‍රියංග ලියනගේ(49) - නිවිතිගල පොලිසිය යන පොලිසිවලට අනුයුක්තව එවක සේවය කල පුද්ගලයන්ය. උපුටා ගැනීම - සත්හඩ

Posted Date :

2017-07-03


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors