වගකිව යුත්තන් වහා නීතිය හමුවට ගෙන එන්නැයි එ .ජා .මා .හි කමිටුව රජයට දන්වයි
  
Share |   


       

2010 අගෝස්තු මස 13 වන දින රාත්‍රී 8.30 ට පමණ කිරිඳිවැල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අමරසිංහ ආරච්චිගේ ඩේවිඩ් අමරසිංහ නම් පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයාට යකඩ බට වලින් පහර දෙන ලදී. එම පහරදීම හේතුවෙන් ඩේවිඩ් අමරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට පත් වූ අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් ඔහුව රඳාවාන මූලික රෝහලට ඇතුලත් කරන ලදී. නමුත්, ඩේවිඩ් අමරසිංහ අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඔහුව ගම්පහ රෝහලට මාරු කර යැවූ අතර, පසුව ඔහුව ගම්පහ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලදී. නමුත්, එම සියළු ප්‍රතිකාරයන් ව්‍යර්ථ කරමින්, 2010 අගෝස්තු මස 14 වන දින උදෑසන ඩේවිඩ් අමරසිංහ මෙලොවින් සමු ගන්නා ලදී.

අනතුරුව, කිරිඳිවැල පොලිස් ස්ථානය විසින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ අතර, ඩේවිඩ් අමරසිංහ අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයෙන් ගමන් කරනවිට ධාවනය වන ජීප් රථයෙන් පිටතට පැනීම මත ඇති වූ තුවාල හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවට එම වාර්තාව මගින් සඳහන් කර තිබුණි. තවද, බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවට එම වාර්තාවෙහි සටහන්ව තිබුණි. අනතුරුව, වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියෝග කරන ලදී. පහරදීමක් හේතුවෙන් ඩේවිඩ් අමරසිංහගේ මරණය සිදු වූ බවටද, අත් අඩංගුවට ගන්නා විට ඔහුගේ ශරීරයේ මත්පැන් අඩංගුව නොතිබූ බවටද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.

ඒ අනුව, සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, ඔවුන් දෙදෙනාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට පූගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. නමුත්, ඩේවිඩ් අමරසිංහගේ මරණය හා සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු කටයුතු පැවැත්වීමටත් ප්‍රථමයෙන් සැකකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව මරණයට අදාළව ඉදිරියට අපරාධමය නඩු කටයුතු පවත්වාගෙන යාමට අදහස් නොකරන බවට නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල්වරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටින ලදී. නමුත්, මහේස්ත්‍රාත්වරයා ඊට විරුද්ධ වූ අතර, පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන ලෙසට නියෝග කරන ලදී. සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී. මීට එරෙහිව සැකකරුවන් විසින් අභියාචනාධිකරණ ඉදිරියේ රිට් ආඥාවක් අයැදුම් කළ අතර, එම නඩුව මේ වනවිටත් විභාග වෙමින් පවතී.

 

මෙම සිදුවීම පිළිබඳව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට තොරතුරු ලැබුණ අතර,
Posted Date :

2017-08-22


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors