ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ලිංගික වධහිංසා කළ බවට චෝදනා
  
Share |   


යුරෝපයට පලාවිත් සිටින පනහකට වැඩි දෙමළ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ ජාත්‍යන්තර මාධ්‍ය සේවාවක් පලකර ඇති ගවේෂණයක දැක්වෙන කම්පා කරවන සුළු තොරතුරුවලින් පැවසෙන්නේ  2016 සිට මේ වසරේ ජූලි මාසය දක්වා කාල වකවානුවේත් ශ්‍රී ලංකා යුද හමුදාව හා පොලිසිය ලිංගික දූෂණ ඇතුළු අපරාධ සිදු කළ බවයි. මේ ආණ්ඩුවේ පාලනය යටතේත් අත් අඩංගුවේදී කරන වධහිංසා සහ ලිංගික අපරාධ පිළිබඳ චෝදනා රැගත් අලුත්ම හෙළිදරව්වක් ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියා වර්තමානයේ එසේ නොකෙරෙන බව පවසා තිබේ.

තමන් සමග කතා කළේ  සුදුවෑන් මගින් පැහැරගෙන ගොස්, සිරකොට ගෙන තබා  ලිංගික දූෂණය, හංවඩු ගැසීම් හා නිරන්තර පහරදීම් ඇතුළු අනේකප්‍රකාර වධහිංසාවට ගොදුරු කරගන්නා ලද අය බව ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවය ඡායාරුප සහ වීඩියෝ දර්ශන සහිතව වාර්තා කර තිබේ.

රජයේ ආරක්ෂක භටයන් විසින් තමන් දුෂණය කරන ලද බව පනහකට වැඩි පිරිමින් සංඛ්‍යාවක් කියා ඇතැයි AP පවසයි. ඔවුන්ගේ ගවේෂණයට දායක වූ එක් පිරිමියකු පවසා ඇත්තේ සති තුනක් කුඩා කුටියක රඳවා සිටි තමන් දොළොස් වාරයක් දූෂණය කොට සිගරට් වලින් පුළුස්සා, යකඩ පොලු වලින් පහර දී, උඩු යටිකුරු කොට එල්ලා තැබූ බවයි.

චෝදනා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ හමුදාපති වරයා පවසා ඇත්තේ දැන්එසේ නොකෙරෙන බවයි.

හමුදාව සම්බන්ධ නෑ ඒ ගැන කතා කරනකොට පොලිසියත් සම්බන්ධ නෑ කියලා මට විශ්වාසයි,” ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක AP හා පවසා ඇත. අපිට දැන් එහෙම කරන්න උවමනාවක් නෑ. හමුදා ප්‍රධානියා තම ධුරයේ වැඩ භාරගත් අවස්ථාවේ පවසා තිබුනේ වැරදි කරන සියලුම හමුදා නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නා බවයි. ඔහුගේ පත්වීමෙන් සිව් මාසයක් ගතවීමෙන් අනතුරුවත් ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවරක් වාර්තා වී නැති අතර ජනපති අගමැති දෙදෙනාම සහතික වී ඇත්තේ යුද සෙබළුන් කිසිවකුටත් එරෙහිව නඩු පවරන්නේ නැති බවයි.

යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් ලේඛනගත කොට ඇති හැට දෙනකුගේ ප්‍රකාශ අතරින් යුරෝපයේ වෙසෙන 52ක් තමන්ගේ ගවේෂණයට පාදක වූ බව AP වාර්තාකරුවෝ පවසති.

එම තොරතුරුවලින් විමතියට පත්වූ මානව හිමිකම් පිළිබඳ ජගත් ප්‍රධානියා පවසා ඇත්තේ වර්තමාන පාලනය යටතේ සිදුවූ අපරාධ පිළිබඳ චෝදනා එක්සත් ජාතීන් විසින් සොයා බැලිය යුතු බවයි.

අප විසින් විමර්ශනයක් ආරම්භ කරන තුරු මෙය සහතික කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකියාවක් නැතත්, තැතිගන්වන සුළු මෙම වාර්තාවල දැක්වෙන දේ විශේෂයෙන්ම සිද්ධවූයේ 2016 සහ 2017 නම් අප විසින් වඩාත් හොඳින් පරීක්ෂා කර බැලීම යෝග්‍ය වෙයි,” යනුවෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් පවසා තිබේ.

ලෝකයේ කෘරතම පාලනතන්ත්‍ර පැවති රටවල් ගණනාවක වධහිංසාවට ලක්‌වූ පුද්ගලයන්ගේ තොරතුරු වසර 40ක  කාලයක් තිස්සේ ලේඛනගත කළ දකුණු අප්‍රිකානු මානව හිමිකම් ගවේෂක පියර්ස් පිගු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් කරන ලද බවට චෝදනා කෙරෙන පරිමාණයේ ලිංගික වධ පිළිබඳව මේතාක් කල් අසා නැති බවයි.

වධයට ගොදුරුවූ සැමටම එල්ල වී ඇති චෝදනාව එල්ටීටීඊ සාමාජිකයන් වීමයි. කොටි සංවිධාන සාමාජිකත්වය දැරූ බව AP වාර්තාකරුවන් හමුවේ පිළිගෙන ඇත්තේ ටික දෙනකු පමණි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේදී තමන්ට ව්‍යාජ පාපොච්චාරණ වලට අත්සන් තබන්නට සිදුවූ බව වධහිංසාවට ගොදුරු වූ බොහෝ දෙනා පවසා තිබේ.

AP වාර්තාව ජාත්‍යන්තර ජනමාධ්‍ය ගණනාවකම පළකර ඇත.

 

උපුටා ගැනීම - ගගන



Posted Date :

2017-11-14


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors