කොමිෂන් සභාවල මන්ද්ගාමිත්වයෙන් පොලිස් වධහිංසාව ඉහලට
  
Share |   


ජේ.කේ රාජපක්ෂ වැලිගම පදිංචිකරුවෙකි. ඔහුගේ දියණිය ඉගෙනුම ලැබුවේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක දෙවැනි ශ්‍රේණියේය. 2013 ජුනි මස තුන් වැනි දා ඔහු සුපුරුදු පරිදි එම පාසල අසලට යන්නේ පාසල නිමවී එන තම දියණිය නිවෙසට රැගෙන යෑම සදහාය. පාසල අසල වාහන තදබදයක්ද තිබුණු අතර රාජපක්ෂ මහතා  නියමිත දිසාවෙන් පැමිණ යතුරු පැදින නවත්වන්නට සූදානම් වෙද්දීම වැරදි දිසාවෙන් ආ යතුරු පැදියක් නැවැත්වීය. ඒ පොලිසියේ දෙදෙනකි.

කොහෙද ඕයි යන්නේ? පොලිසියේ දෙදෙනා විමසද්දී මම හරි පැත්තෙන් ආවේ. සර්ලා වැරදි පැත්තෙන් ආවේ.  යැයි රාජපක්ෂ කීවේය. මුගේ කට වැඩියි වගේ. කියමින් යතුරු පැදියෙන් බැස ගස් පොලිසියේ දෙදෙනා තවත් පොලිස් නිලධාරියකුගේ ද සහාය ඇතිව රාජපක්ෂ මහතාට පහර දුන්නේය. ඒ ඔහුගේ දියණිය, දියණියගේ පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් මෙන්ම සිසුන් රැගෙන යෑමට පැමිණි සිටි විශාල පිරිසක් ඉදිරියේය. ඔහු පාරේ දණ ගස්සවා හෙල්මටය කැඩෙන තෙක් පහර දුන්නේය. ඉන් පසු ඔවුන් රාජපක්ෂව පොලිසියට රැගෙන යෑමට සූදානම් විය. හඩා වැලපෙන දියණිය දමා යෑමට නොහැකි බව රාජපක්ෂ කියද්දී පොලිසිය දියණිය සහ රාජපක්ෂ පොලිසියට රැගෙන ගියේය.

සිද්ධිය ආරංචි වී රාජපක්ෂගේ පියා පොලිසියට පැමිණ ස්ථානාධිපති හමුවිය. ඔහු මුදා හරිනවාට පහර දුන් පොලිසියේ පිරිස අකමැති වූ අතර ඔවුන් කීවේ බොරු චෝදනාවක් මත අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කරවිය යුතු බවයි. පියාගේ දැඩි ඉල්ලීම මත රාජපක්ෂ මුදා හැරියේ කොන්දේසියක් පිටය. ඒ රෝහල් ගත වුවහොත් බොරු චෝදනාවක් මත යළි අත්අඩංගුවට ගන්නා බවයි. පහර කෑමෙන් තුවාල ලබා සිටියත් ඔහු එනිසා රෝහල් ගත නොවීය. ඔහු පසු දිනම පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළේය. ඔහුට පහරදීම ඇසින් දුටු බොහෝ දෙනෙක් සාක්කි දුන්හ. ඒ අතරතුර විවිධ ප්‍රශ්න මතු විය. එදා සිට අද දක්වා ඔහු පොලිස් කොමිෂන

Posted Date :

2017-11-16


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors