මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා රජයේ පස් අවුරැදු සැලැස්ම එලි දකී
  
Share |   


මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම සදහා වූ නව රජයේ ජාතික කි‍්‍රයාකාරී පස් අවුරුදු සැලැස්ම පසුගියදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අග‍්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.


 
2017- 2021 දක්වා වසර 5 තුළ ශී‍්‍ර ලංකාව තුළ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සදහා වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, වද හිංසා වැළැක්වීම, කාන්තා අයිතිවාසිකම්, අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් සහ ආපසු පැමිණි සරණාගතයින්ගේ අයිතිවාසිකම්, සංක‍්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් යන ක්ෂේත‍්‍ර 10 ක් තුළ විය යුතු ප‍්‍රථිසංස්කරණයන් මෙම සැලැස්ම තුළින් පෙන්වා දී තිබේ. මෙම සැලසුම් කි‍්‍රයාත්මක කිරීම සදහා නිෂ්චිත කාල සීමාවන්ද මෙහි දක්වා තිබේ.

එමෙන්ම අදල ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම් පාර්ලිමේන්තුව, ව්‍යවස්ථා දායක සභාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංහිඳියාව සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යංශය වැන අමාත්‍යංශ හා රේඛීය අමාත්‍යංශ වෙත ද, පොලිස්, මැතිවරණ හා මානව හිමිකම් ඇතුලූ ස්වාධීන කොමිෂන් සභා වෙත ද පවරා තිබේ.  


 
මේ සම්බන්ධව අදහස් දක්වන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, සමාජ ක‍්‍රියාකරුවන් සහ මහජනතාව ඇතුළු ස්වාධීන ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පුළුල් පරාසයක පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර සකස් කරන ලද මෙම සැලැස්ම ඉදිරි පස් වසර තුළ මානව හිමිකම් පිළිබඳ ශ‍්‍රි ලංකාවේ දැක්ම පිළිබිඹු කරන බව දන්වා සිටියි. කැබිනට් මණ්ඩලය විසින් ජාතික මානව හිමිකම් ක‍්‍රියාකාරී සැලැස්මේ කෙටුම්පත සමාලෝචනය කර ඇත. අනුමත සැලැස්ම තුළ ප‍්‍රමුඛ පෙළේ ක්ෂේත‍්‍ර අරමුණු කර ගනිමින් තේමාවන් දහයක් සඳහා යෝග්‍ය, ක‍්‍රියාකාරී සැලසුම් හා කරුණු අඩංගු වේ. මෙහි පූර්ණ සාර්ථකත්වය ළගා කර ගැනීමට නම් අදාළ රාජ්‍ය ආයතන සහ රේඛීය අමාත්‍යාංශ විසින් නියමිත වේලාවට හා සාර්ථකව ක‍්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගතයුතු බවට මා විශ්වාස කරමි. එබැවින් මෙම සැලැස්ම ක‍්‍රියාවට නැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස මම සියලූ පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිමි. මානව අයිතිවාසිකම් සහතික කිරීම සහ ශ‍්‍රී ලංකාවේ සියලූ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා මෙවැනි සාමූහික ප‍්‍රයත්නයන් වැදගත් වනු ඇති බව සදහන් කරයි.



පසුගිය රජය විසින් ද 2011-2016 වසර සදහා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම සදහා වූ කි‍්‍රයාකාරී සැලැස්මක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එය හුදෙක් ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් සංවිධාන මුලා කිරීම සදහා ගොඩ නැගූ ලියවිල්ලක් පමණක් විය. එහි සදහන් කිසිවක් කි‍්‍රයාත්මක කිරීමට පසුගිය රජයට කිසිදු උනන්දුවක් හෝ උත්සාහයක් නොතිබුනි. වර්තමාන සැලැස්මත් එසේ වීම වැලැක්වීම සදහා රජය වගකීමෙන් කටයුතු කළ යුතුව තිබේ. එමෙන්ම, මෙම සැලැස්ම කි‍්‍රයාත්මක වන ආකාරය මේ රටේ මානව හිමිකම් සංවිධාන හා ප‍්‍රගතිශීලී පුරවැසියන් විසින් නිරන්තරයෙන් සුපරීක්ෂණය කරමින් මෙම සැලසුම් කි‍්‍රයාත්මක කිරීම කල් දැමීම් හෝ නොකර හැරීම් වලට එරෙහිව ප‍්‍රබල හඩක් නැගිය යුතුව තිබේ. 


Posted Date :

2017-12-01


  
  Latest Video
  Other Videos
  More Videos
  Find us on facebook
  Archives
   2007
   2008
   2009
   2010
   2011
   2012
   2013
   2014
   2015
   2016
   2017
  Latest visitors