එජාප නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් යෝජනා කරයි
එක්සත් ජාතික පක්ෂය, පාර්ලිමේන්තුවට වග කියන අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයකින් හෙබි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් යෝජනා කරයි. කෙටුම්පත යෝජනා කරමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියා සිටියේ ලෝකයේ වැඩිම බලතල ඇති ජනාධිපතිවරයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බවයි.
2013-05-17
88/89 කැරැල්ල සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරනු ලැබූවක් ලෙස පිළිගත නොහැකියි.
1971 කැරැල්ලෙහි යම් සාධාරණත්වයක් පැවතියත් 1988-89 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇති කළ කැරැල්ල සමාජ සාධාරණත්වයක් වෙනුවෙන් කරනු ලැබූවක් ලෙස පිළිගත නොහැකියි. 88/89 කැරැල්ලේ තේමාව වුයේ ''පලා බබා අපිට එපා'' යන්නයි. එය දෙමළ ජාතිකයන්ගේ අයිතිවාසිකම් ලබාදීමට එරෙහිව දියත් වූවක්.
2013-05-17
විදුලි බිලට එරෙහිව විරෝධතාවයට මහ සෙනගක්
වෘත්තීය සමිති විපක්ෂයේ දේශපාලන පාක්ෂ හා ඒකාබද්ධ වෙමින් පැවැත් වු මැයි 15 දා පැවති විරෝධතා පා ගමන දස දහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ. මෙම විරෝධතාව පා ගමන සදහා එක්සත් ජාතික පක්ෂය, ඇතුළු විපක්ෂයේ සියළුම දේශපාලන පක්ෂත් ආණ්ඩුව නියෝජන කරන සමසමාජ හා කොමියුනිස් පක්ෂ වල වෘත්තීය සමිති පවා සහභාගී වී තිබීම විශේෂත්වයක් විය.
2013-05-17
විදුලි බිල ඉහල දැමීමට එරෙහිව විරෝධතා පා ගමන අද
අත්තනෝමතිකව රජය විසින් විදුලි බිල ඉහල දැමීමට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානය හා මාධ්‍ය සංවිධාන එක්ව විරෝධතා පා ගමනක් අද (15) දින සවස 1 කොළඹ කැම්බල් පාර්ක් සිට කොළඹ කොටුව දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
2013-05-15
මාතලේ මිනීවළ ගැන සී.අයි.ඩී. පරීක්ෂණ අද සිට
මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවළ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෙරෙන ඉදිරි පරීක්ෂණ අද (14 දා) සිට මාතලේදී පැවැත්වේ. ඉකුත් 10 දා මාතලේ මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය කළ නියෝගයකට අනුව අද සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී. අයි. ඩී.) පරීක්ෂණ අරඹයි.
2013-05-14
More News
කුඩා දරුවකු ඇතුළු මුස්ලිම් ජාතිකයන් පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි යුද හමුදා සෙබළකු එකී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අනුරාධපුර මහාධිකරණයේ පැවැති ජූරී සභාවකින් ඒකමතිකව තීන්දු විය.
Posted Date : 2013-05-14
මීගමුව රෝහෙල් 6 වන මහලින් බිමට දමා ඝාතනයට ලක්කෙරුන චමිලාගේ නඩුවේ සාක්ෂි විභාගය අද (2013.05.13 )දිනයේත් මීගමුව මහාධිකරණයේදි විභාගයට ගැණුනා.අද පැවති සාක්ෂි විමසිමේදි හෙළිදරව් වු මුලික කරුණ වුයේ චමිලා බිමට වැටි විනාඩි කිපයක් තුල මීගමුව රෝහලේ මුලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කෙරි ඇති බවයි.
Posted Date : 2013-05-14
මීගමුව පොලීසියට අනුයුක්තව සේවය කරනු ලබන ඇමති ආරක්ෂකයෙකු වන පොලිස් කොස්තාපල් ජයසිරි (51752) නැමැත්තා තවත් පුද්ගලයෙකු හා එක්ව ලිපිකරු සේවා රජ්‍ය නිලධාරියෙකු වන පි‍්‍රයන්ත සමන්තිලක නැමැත්තාට ඒත්තුකාල ප‍්‍රදේශයේ දී තම දියනිය පන්තියට දමා එන අතර තුරදී අමානුෂිකව පහරදී තිබේ.
Posted Date : 2013-05-09
ආණ්ඩුව විසින් සිදු කළ අත්තනෝමතික කි‍්‍රයාවන් හි ප‍්‍රථිපලයක් ලෙස විදුලි බිල ඇතුළු අත්‍යාඅවශ්‍ය පාරිභෝගික භාණ්ඩයන් හි මිල දිනෙන් දින ඉහල දැමීමට එරෙහිව විරෝධය පා උද්ඝෝෂණ ව්‍යාපාරයක් මැයි 10 වන දින ජා ඇල නගරයේ දී පැවැත් වේ.
Posted Date : 2013-05-08
මාතලේ සමුහ මිනීවල සම්බන්ධව මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (මැයි 08) පැවැති නඩුව සදහා පසුගිය භීෂණ සමයේ අතුරුදහන්වු දෙමාපියන් 13 දෙනෙකු අද දින ඉදිරිපත් වී තම දිවුරුම් ප‍්‍රකාශ මගින් ඉල්ලා සිටියේ මෙම සමුහ මිනිවලේ මිහිදන්ව ඇති අය තමුන්ගේ ඥතීන් විය හැකි බවත්, ඔවුන් හදුනාගැනීමට ඞීඑන්ඒ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය.
Posted Date : 2013-05-08
රටක විනය ආරක්ෂා කිරීමේ හා මහජනතාවගේ දේපල හා ජීවිත ආරක්ෂාකර සමාජය විධිමත්ව පවත්වාගෙන යාමේ ප‍්‍රධාන වගකීම පොලීසිය වෙත පැවරේ. ඒ සදහා රටේ මහජනතාව විසින් අසුදාහකට ආසන්න පොලිස් හමුදාවක් නඩත්තු කරනු ලබන අතර, ඊට අදාල සේවා සැපයීම සදහා අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් මසකට රුපියල් කෝටි ගනනාවක මුදලක් වැය කරනු ලබයි.
Posted Date : 2013-05-08
ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රහස් පොලිසියේ රඳවා සිටින කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා වහාම මුදාහරින ලෙසට පොලිස්‌පතිට හා රහස් පොලිසියේ බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඊයේ (07 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන ලදී.
Posted Date : 2013-05-07
මාතලේ සමූහ මිණිවලෙන් පුද්ගලයන් 154 දෙනෙකුගේ සිරුරු සොයා ගත් අතර ඒවා පරීක්ෂාවට ලක්කි රීමේ දී 1986-1991 අයත් බව අනාවරණය විය. එම සිරුරු කොටස් වල ඇති තුවාල වලින් පෙනී යනුයේ මේ සියළුම පුද්ගලයන් ඝාතනය කර ඇති බවයි.
Posted Date : 2013-05-07
මාතලේ සමුහ මිනීවල සම්බන්ධව මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ හෙට (මැයි 08) පැවැත්වෙන නඩුව සදහා පසුගිය භීෂණ සමයේ අතුරුදහන්වු දෙමාපියන් 15 දෙනෙකු ඉදිරිපත්වී මෙම සමුහ මිනිවලේ මිහිදන්ව ඇති අය හදුනාගැනීමට දැනටමත් අධිකරණය මගින් නියෝග කර ඇති ඞීඑන්එ පරීක්ෂණය වහාම සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීමට යන බව වාර්තා වේ.
Posted Date : 2013-05-07
රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි ප්‍රියන්ජිත් පෙරේරා මහතා සාක්ෂි දෙමින් පවසා තිබුනේ චමිලා දිසානායක මෙනවිය 6 වන මහලින් බිමට වැටිමට පෙර දූෂණයට ලක්ව ඇති බවත් ඇගේ ගෙල මිරිකා බෙල්ල ද සපා ඇති බවත්ය.එමෙන්ම ඇගේ සිරුෙර් තුවාල 63 ක් නිරික්ෂණය කළ බවද තවදුරටත් ඔහු මෙහිදි ප්‍රකාශ කර තිබුණි.
Posted Date : 2013-05-06
සියයට හැටකින් විදුලි බිල ඉහළ දැමීමට ආණ්‌ඩුව කළ යෝජනාවෙන් මේ ආණ්‌ඩුවට විපක්‍ෂ මෙන්ම පක්‍ෂ ජනතාව තුළත් මහත් සිත් වේදනාවක් ඇති වූ බව නිසැකය. එහෙත් ඒ යෝජනාව තුළ සහනාධාර යුගයක අවසානය සනිටුහන් කරන පණිවිඩය ද ලියෑවී ඇතැයි ඇතැම්විට ඒ බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය.
Posted Date : 2013-05-06
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලනික කාර්යයන් සඳහා භාවිත කළහොත් එය ශ්‍රී ලංකාවේ පැවැත්මට ඉතා බරපතල තර්ජනයක් වනු ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන් හෙළා දකින බව සඳහන් කරමින් එම කොමිසම නිකුත් කළ නිවේදනයක එබව දැක්වේ.
Posted Date : 2013-05-06
Advertiesment
Families Of the Dissappeared
Human Right Defender Group
Network Activities
Old News
අධිකරණය ‘පවිත‍්‍රව’ තබා ගැනීම සඳහා තමා දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව මෑතක දී ජනාධිපතිවරයා පැවසී යැයි වාර්තා විය. එම ප‍්‍රකාශය බොහෝ ප‍්‍රශ්න මතු කරයි. යහපත් අධිකරණයක මිම්ම වන්නේ, ස්වාධීනව කටයුතු කිරීමට ඊට ඇති හැකියාවයි. විධායකය මත යැපීමෙන් තොරව පැවතීමට හැකි වීම, ‘ස්වාධීන’ යන්නෙන් මෙහි දී අදහස් කෙරේ. නීතියෙන් ඉල්ලා සිටින ඕනෑම විටෙක, විධායක ජනාධිපතිවරයා ඇතුළු...
උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවැත පදිංචි කිරීමේ කටයුතු රජය විසින් සම්පූර්ණ කළ යුතු බවත්, එම ජනතාවට ස්ථීර නිවාස ලබාදිය යුතු බවත්, මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා කොමිසම් ද ස්ථාපිත කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසා තිබේ.
චමිලා දිසානායක ඝතනයේ සැකකාර වෛද්‍යවරයා වන සුදර්ශන බාලගේ තව දුරටත් රිමාන්ඩ් බන්ධානාගාරයේ තැබීමට අද පැවති නඩු විභාගය අවසානයේ දී මීගමුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.
වැරදි හඳුනාගැනීමක් මත වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කෲර ලෙස වධහිංසාවට පත්කිරීමට එරෙහිව ඔහු විසින් නීතිමය කි‍්‍රයා මාර්ගයන් ගැනීම නිසා පසුව නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගිය වත්තල මාකෙවිට පදිංචිව සිටි කොළඹ ඩොක්කෙයාර් ආයතනයේ සේවයේ නියතුව සිටි තිදරු පියෙකු වු ජෙරාඩ් මර්වින් පෙරේරා ගේ ඝාතන...
දර කැඩීමට ගිය පුද්ගලයින් 3 දෙනෙකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් තඹලගමුවේ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ අය අතර පොලිස් කොස්තාපල්වරයෙකු හා සැරයෙන්වරයෙකු ද සිටින බව අප වාර්තාකරු පවසයි.
2007.11.12 වන දින මීගමුව රෝහලේ 6 වන මහලයෙන් තල්ලුකර ඝාතනය කරන ලද චමිලා දිසානායක නමැති තරුණියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට මීගමුව මහාධිකරණයේ විභාග වෙමින් පවතින අංක 404/10 දරණ මිනිමැරුම් නඩුවේ සැකකරු ලෙස සුදර්ශන බාලගේ...
රටේ සිදුවෙමින් පවතින පොලිස් වධහිංසා සහ නීතියෙන් පිට මරාදැමීම් පිළිබඳ රජය වගේම මහජනතාව ද වගකිව යුතුයි. පොලිසියට එම අපරාධ දිගටම කරගෙන යාම සඳහා රටේ මහජනතාව නිශ්ශබ්දව අනුමැතියක් දී තිබෙනවා. ඒ හේතුව නිසයි...