More News
MORE NEWS
සමාජය නැවත ගොඩනැගිය යුතුයි - ජයතිලක බණ්ඩාර
නමුත් 83 කළු ජූලියෙන් පස්සේ ස්වේච්ඡුාවෙන් ඒ සඳහා සහභාගි වූ සිය දහස් ගණනක භට පිරිස් එල්.ටී.ටී.ඊ සංවිධානයට ලැබෙනවා. අපි ඒ අත්දැකීම පසක් කරගත යුතුවා සේම, අන්තවාදය කරා මුස්ලිම් සමාජය තල්ලූ නොකළ යුතුව තිබෙනවා. ඒ සඳහා අපේ සහෝදරත්වයේ දෑත් මුස්ලිම් සමාජය වෙත ගොනු කළ යුතුව තිබෙනවා.
Read More >> (2019-06-04)
ළගම පාසල අහිමිව නිවසේ හුදකලා වූ සිගිති දියණිය.
2019 ජනවාරි මාසේ සිට අද දක්වා මගේ දුව නිවසට වී තනිවී ඉන්නවා. මම අධ්‍යපන අමාත්‍යංශ්‍ය ලේකම්තුමා,ු ඇතුළු සියළු බලධාරින් හමු වී ලිඛිතව සහ වාචිකව මා හට මෙම පාසලේ පරික්ෂණ මණ්ඩලය විසින් සිදු කල අසාධාරණය පිළිබදව පැමිණිලි කළත්, අද දක්වා කිසි¥ බලධාරියකුගෙන් මා හට කිසිදු පිළිතුරක් ලැබූනේ නෑ.
Read More >> (2019-06-03)
පොලිසිය කෙරෙහි මහජනතාව විශ්වාසය තබන්නේ කෙසේද.?
මෙම සිදුවීම සිදුව පොලිසියේ නොසැලකිල්ල මත සිදුවකි. තමන් භාරයේ පවතින නඩු භාණ්ඩයක් නිසි ලෙස සැලකිල්ලක් නොමැතිව නියම හිමිකරු නොවන වෙනත් පුදගලයෙකුට ලබා දීම හරහා අසරණ පුද්ගලයන් අපහසුතාවයට පත්වී ඇත. පොලිසිය සන්තකයේ පවතින යතුරුපැදියක් මේ ආකාරයට හිමිකමක් නොමැති පුද්ගලයෙකුට ලබා දීම වැනි නොසැලකිලිමත් ක්‍රියා සිදුවන විට පොලිසිය කෙරෙහි මහජනතාව විශ්වාසය තබන්නේ කෙසේද.
Read More >> (2019-06-03)
පොලිසියේ චණ්ඩින්ගේ අශෝබන හැසිරීම
තමුසෙලා ප්‍රජා පොලිස් කියන්නේ පොලිස් නෙවෙයි නෙමේනේ. මට දැන් වුනත් ප්‍රජාපොලිස් එකට සභාපතිලා ඕනතරම් හොයාගන්න පුළුවන්” ලෙසයි. මේ බැනවැදීම හේතුවෙන් පොලිසියට පැමිණ සිටි පිරිස ඉදිරියේ සහ වගඋත්තරකරු ඉදිරියේ අතිශය අපහසුතාවයට පත්විය. මෙලෙස ඔහු දිගින්දිගටම අපහාසාත්මක ලෙස බැනවැදී ඇත. මේ සම්බන්ධව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාට පැමිණිල්ලක් කර ඇත.
Read More >> (2019-06-03)
ජෙරාඞ්ගේ වධහිංසා නඩුව තීරණාත්මක සංධිස්ථානයක
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය රැසක මගපෙන්වීම යටතේ ජෙරාඩ්ගේ බිරිඳ වන පද්මා වික්‍රමරත්න අගතියට පත් පාර්ශවයේ අභියාචක ලෙස ඉදිරිපත් වෙමින් අභියාචනාධිකරණය වෙත නඩු අංක CA 05/2008 යටතේ අභියාචනයක් ගොනු කරන ලදී. එය සලකා බලු අභියාචනාධිකරණය 2012 ඔක්තෝම්බර් 18 දින තීන්දුව ලබාදෙමින් අදාළ මහාධිකරණ තීන්දුව දෝෂ සහගත එකක් බව නිරීක්ෂණය වන හෙයින් නැවත එම නඩුව මහාධිකරයේ මුල සිට විභාග කලයුතු බවට ප්‍රකාශ කරන ලදී.
Read More >> (2019-06-03)
මාධ්‍යවේදී මොහොමඞ් රිස්වි මහරුෆ් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තැබීම හෙළා දකිමු ! නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.
ඒ අනුව මොහොමඞ් රිස්වි මහරුෆ් අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබූවද මෙහිදී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරිමේදී පොලිසිය ක‍්‍රියා කර ඇති ආකාරය භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස ඇතුලූ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල තර්ජනයක් එල්ල වූ අවස්ථාවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි.
Read More >> (2019-06-02)
මනෝහරන් අප්පාගේ නොනවතින සටන
දෙමුහුන් අධිකරණයකට හෝ නෙදර්ලන්තයේ ජාත්‍යයන්තර යුද අධිකරණය හමුවට යා යුතුයි. මං කිසිදාක ලංකාවේ සමහර විනිසුරුවරු විශ්වාස කරන්නේ නැහැ. ලංකාවෙන් සත පහක්වත් ඉල්ලන්නේ නැහැ. මට ඕන යුක්තිය විතරයි. මගේ දරුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යයන්තර වශයෙන් සාධාරණයක් වුවමනයි. එහෙම නැත්නම් මං රජීහර්ගේ තාත්තා නෙමේ.”
Read More >> (2019-06-02)
"සරණාගතයින් 1600 ක් බලාගන්න බැරි නම් රජය ලජ්ජා විය යුතුයි!"
“පසුගිය යුධ සමයේ මෙරටින් විශාල පිරිසක් වෙනත් රටවලට ගියා. ඒ රටවලින් අපේ මිනිස්සුන්ව ඉතා ආදරෙන් පිළිගත්තා. ඔවුන්ට අපේ මිනිසුන්ට ජීවත්වීමට අවශ්‍ය වටාපිටාව සලසා දුන්නා. නමුත් තවමත් මෙරටට පැමිණි 1600 ක් පිරිස මීගමුව පොලීසියේ පෙරියමුල්ල දේවස්ථානයක හා පස්යාල ප්‍රදේශයේ ස්ථානයක ඉතාමත් අවම පහසුකම් යටතේ රැඳී ඉන්නවා. එක අතකින් මේක හිංසාවක්.”
Read More >> (2019-05-31)
ඉතිරිව ඇති එකම විසඳුමත් “සංහිඳියාව”ම පමණයි! - පිලිප් දිසානායක
“ අපි පසුගිය කාලය පුරාවටම “සංහිඳියාව” ගොඩනැගීමට අවශ්‍ය මුලික අඩිතාලම දමමින් සිටියත්, “සංහිඳියාව” ගොඩනැගීමට නොහැකි වූ බව මෙම ප්‍රහාරය තුලින් පෙනී යනවා. අපිට විවිධ ජන කොටස් අතර ඇත්ත සමගියක් ගොඩනගාගැනීමට නොහැකි වුණා. රට තුල විවිධ ජාතීන් ශ්‍රී ලාංකික හැගීමකින් කටයුතු නොකළ බවයි එයින් පෙනී යන්නේ. කෙසේ වෙතත් මේ මොහොතේ ඉතිරිව ඇති එකම විසඳුමත් සංහිඳියාව ම පමණයි!.
Read More >> (2019-05-31)
මුස්ලිම් ගුරුවරියන්ගේ ඇඳුම ගැන මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්
”එහිදී පැමිණිලි පාර්ශ්වීය මුස්ලිම් ගුරුමහත්මීන් ඔවුනගේ එකගතාවය පළ කරනු ලැබුවේ තමන්ට මුහුණු ආවරණය සඳහා හිජාබ් ඇඳුම පැළඳීම ගැටළුවක් නොවන බවත්, ප‍්‍රශ්ණගත අබායා ඇඳුම කළු වර්ණයෙන් නොව ලා පැහැ වර්ණයෙන් සකසා ගත හැකි බවත්, ඕනෑම අවස්ථාවක යම් ගැටළුවක් වේ නම් ආරක්ෂක අංශ මගින් කරනු ලබන පරීක්ෂා කිරීම් වලට තම කිසිඳු විරෝධතාවයක් නොමැති බවත්ය.”
Read More >> (2019-05-30)
වධහිංසාවට එරෙහි ජාලයශක්තිමක් කිරීමට සාකච්ඡා
රාජ්‍ය ආයතනයන් සමග සම්බන්ධ වීම, වධහිංසනය වැලක්වීමට ස්වාධීන ක‍්‍රමවේද ඇති කිරීම සහ මානව හිමිකම් ආරක්ෂණය ඇති පස් අවුරුදු ක‍්‍රියාකාරී සැලැස්ම අධීක්ෂණය කිරීම සඳහා තීරණය විය. ඊට අමතරව ඉදිරි වැඩකටයුතු සහ වධහිංසනයෙන් දිවිගලවාගත් පුදගලයන් වෙනුවෙන් ජුනි 26 වන දින අන්තර්ජාතික අනුස්මරණ දිනයට තම ජාලයේ දායකත්වය සම්බන්ධවද සාකච්චා කෙරුණි.
Read More >> (2019-05-28)
වධහිංසාවට එරෙහි ශ‍්‍රී ලංකා එකමුතුව - ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද රජය වගකිව යුතුය. රජය තමන්ට පැවරෙන වගකීමෙන් මිදීමට මුස්ලිම් සමාජයට ලේබල් ගැසීම, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධ වාරණ දැමීම, රජයේ පීඩාකාරී පානය සම්බන්ධව විවේචනය කරන මානව හිමිකම් ක්‍රියාකාරිකයින් මර්ධනය කිරීම ආදී උත්සායන්ගේ නිරත වීම අප දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු.
Read More >> (2019-05-28)
මුස්ලිම් විරෝධී ප‍්‍රහාර නතර කිරීමට සුදුසු පියවර ගෙන නැහැ - මානව හිමිකම් කොමිසම
මුස්ලිම් ජනයා වැඩි වශයෙන් වාසය කරන නගර සහ ගම්මාන පහසුවෙන් හඳුනා ගත හැකි බව පෙන්වා දෙන ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, එල්ල වීමට ඉඩකඩ තිබුණ ප‍්‍රහාර වලක්වාලීමේ පියවරක් වශයෙන් එම ප‍්‍රදේශයන්ට ඇතුල්වෙන ස්ථානයන්හි මාර්ග බාධක ආදිය ඉදි කිරීමක් සිදු කොට නොතිබුණ බවත් සඳහන් කරයි.
Read More >> (2019-05-26)
ආගමීක කණ්ඩායම්වල කාර්ය සීමිතයි. රජය මැදිහත්විය යුතුයි ජනතා සුබසිද්ධියට
මම පෞද්ගලිකව හිතනවා මේ වෙලාවෙදි අපේ සිද්ධස්ථාන වලට පල්ලි වලට, මුදල් ලැබෙමින් තියෙනවා. පැවිදි සොයුරියක් හැටියට මගේ ප‍්‍රමුඛතාවය තියෙන්නේ, පල්ලිය ගොඩනගන්න පෙර තුවාල ලබපු, ප‍්‍රහාරයෙන් අන්දමන්ද වුනු, ප‍්‍රහාරයෙන් ගුටිකාපු, ජීවිත විනාශ වුනු පවුල් වල, කටුවාපිටිය, කොළඹ ඒ අවට ගෙවල්, ඉස්සෙල්ලම සැකසෙන්න ඕනා. පවුල් ගොඩවැගෙන්න ඕනා.
Read More >> (2019-05-26)
වෛද්‍ය නිලධාරියෙකුට වඳ සැත්කම් හාරදහසක් සිදුකල හැකිද ?
ඉන්පසුව වැදගත් කාරනය වන්නේ ඔය පුවතෙහි සඳහන් ක්‍රියාවලිය සිදුවී ඇත්නම් එකී වෛද්‍යවරයා විසින් සැත්කම් කරන ලදුව පලමු දරු ප්‍රසූතියෙන් පසුව වඳ භාවයට පත් කාන්තාවන් විශාල පිරිසක් හමුවිය යුතු බවයි. එසේ සිටී නම් ඉතා සරල පරීක්ශනයක් මගින් ඔවුන්ගේ පැලෝපීය නාල වල තත්වය අපට පරීක්ශා කර ගත හැකිය. එනම් මෙකී ක්‍රියාවලිය ඔප්පු කිරීමට සාක්ශි සොයාගැනීමද කිසිසේත් ම අපහසු නැත
Read More >> (2019-05-25)
පාස්කු ප‍්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගැනීමට එරෙහිව තෙවෙනි නඩුවත් පවරයි
මැයි 21 වෙනි දින ඉහත සඳහන් පියතුමන්ලා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමින් ප‍්‍රධාන චෝදනාව ලෙස ඉදිරිපත් කර සිටින්නේ මහජන සුබසිද්ධිය සඳහා කටයුතු කිරීමට, ජාතික එක්සත්කම ඇති කිරීමට නිසා, ඒ නිසාම රටේ පුරවැසියන් වෙනුවෙන් ප‍්‍රජාතන්ති‍්‍රක සමාජයක මූලික ලක්ෂණයක් වන නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට අපොහොසත්වීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය හා නිලධාරීන් අපොහොසත්වීම නිසා මෙම නඩුව ගොනු කරන බවයි.
Read More >> (2019-05-22)
ආගමික ප‍්‍රතිසංකරණයකට, සංවාදයකට මුලපුරමු ! - ගල්කන්දේ ධම්මානන්ද හිමි
”ගිහි බලවතෙකුගෙන්ම මම ඉල්ලනවා සංවාදයට යන්න තමන්ගේ ආගමත් එක්ක. මොනව ඒකේ තියෙන වටිනා සාරගර්භ දැනුම, මොනවද අද දවසට නොගැලපෙන හානිකර ආකල්ප, මොන ආකල්ප වලින් ද මිනිසා වර්ග කරන්නේ? මොන අදහස් වලින් ද අනෙකා පහත් ය කියලා සලකන්නේ? මොන ආකල්ප වලින් ද අනෙකා පසුබා විමුක්තියක් ලැබිය හැකිය කියලා කියවෙන අදහස් සමග අරගලයකට, සංවාදයකට යා යුතුයි.”
Read More >> (2019-05-19)
ජීවිත අවධානම නොතකා මුස්ලිම් පවුල් රැකි සිංහල පවුලක්
”හතර වටින් කෑකෝ ගහගෙන එද්දි අපිට දුවන්න තැනක් හොයාගන්න බැරිවුණා. මම දුවන්න තැනක් හොයද්දි සුජීවනිගේ මහත්තයා කුමාර අපේ ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා හතරවටෙන් ගහගෙන එනවා අපේ ගෙදරට එන්න කියල. මම මගේ නෝනයි දරුවෝ තුන්දෙනයි එක්ක සුජීවනීලගේ ගෙදරට එද්දි එහෙ තව මුස්ලිම් පවුල් දෙකක් හිටියා මේ අය පොඩි කාමරයක දාලා වහලා හිටියේ.
Read More >> (2019-05-16)
පුද්ගල නීති වෙනස් කරන්න ඕන ප‍්‍රවේසමෙන් - ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
”මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයට පුද්ගල නීති යටත් කළ විට, ඒ නීතිවල මුලික අයිතිවාසිකම් වලට විරුද්ධ නීති මොනවද කියලා බලන්න වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශේ‍්‍රෂ්ඨාධිකරණයේ තීරණය මුළු රටම පිළිගනියි. මෙවැනි ආකාරයට තමයි වෙනස්කම් කරන්න ඕන නැතුව සියළුම පුද්ගල නීති අහෝසි කරන්න ඕනා කියලා කියන්න ලේහෙසියි. ඒකෙන් තවත් ප‍්‍රශ්න මතුවෙනවා ඒ ජනකොට්ඨාශයට.”
Read More >> (2019-05-15)
අන්තවාදයට පිළිතුරු ඇත්තේ අන්තවාදය තුළද?
මෙම උමතු අන්තවාදී යුද්ධය අවසානයෙන් ආරම්භ කළා යැයිද කිව හැක. දෙමළ අරගලය ඉහත කී පරිදි සිංහල සමාජයේ යම් පියවරයන් හේතු කොට ගෙන ඇති වූවා යැයි කිව හැකි වුවත් මෙම අන්තවාදයට එවන් හේතුවක් නොමැත. බේරුවල, තෙල්දෙණිය හා දිගන ඇතිවූ සිද්ධි හේතු කොට ගෙන මෙම අන්තවාදී සංවිධානයේ පිරිස් බලය වැඩි වූ බවට දැනට අත්අඩංගුවේ සිටින සාමාජිකයන් පැවසුවත් මුස්ලිම් සමාජයේ ඉල්ලීම් අඛණ්ඩ ලෙස පිටු දැකීමක් පොදුවේ කිසිදු ආණ්ඩුවකින් දක්නට නොලැබුණි.
Read More >> (2019-05-15)
නීතිය ගරු කරන්න. නිරායුධ මුස්ලිම් ජනතාව සුරකින්න අතිගරු ඩිලෝරාජ් කනගසබේ රදගුරුතුමා
මේ වගේ මොහොතකදී අපි සියළු ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සියලූම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් වැලකී, කරුණාකර නීතියට ගරු කරමින් කි‍්‍රයා කරන ලෙසයි. සාමය පමණක් මේ දේශය තුළ පැවතීමට ඔබගේ දායකත්වය, කරුණාකර ලබා දෙන්න. ආදරණීය ජනතාවනී, සෑම මුස්ලිම් භක්තිකයෙක්ම, ත‍්‍රස්තවාදියෙකු නොවන බව, කරුණාකර සිතට ගන්න. මුස්ලිම් ජනතාවට අවශ්‍ය රැකවරණය ලබා දෙන්න කියා මා කාරුණිකව මේ වෙලාවෙදි ඉල්ලා සිටිනවා.
Read More >> (2019-05-15)
Page 2 Of 91

<<
1
2
3
4
...
91
>>
www.right2lifelanka.org