More News
MORE NEWS
ජනමාධ්‍යවේදී හමුව..
පසුගිය වසරේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය විසින් පසුගිය වසවරේ ආරම්භ කරන ලද ජනමාද්‍යවේදී එකමුතුව මෙම වසරේ හතරවන වතාවට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානයේදී අද දින (19-02-2020) රැස් විය.
Read More >> (2020-02-19)
මානව හිමිකම් ක්‍රියාදරයින් හමුවක් කොළඹ දී...
ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරණු ලබැ "ප්‍රජා සහභාගීත්වය තුලින් වගවීම සහ සංක්‍රාන්තියට මුල පිරීම" ව්‍යාපෘතිය යටතෙ ලංකාවේ දිස්ත්‍රීක 11ක ක්‍රියාත්මක වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයන්හී සම්බන්ධීකාරකවර්න්ගේ හමුවක් සහ වැඩ මුළුවක් පෙබරවාරි මස 14 වන දින කොළඹ " අධ්‍යනය හා සංවාදය සඳහා වු කිතුනු මද්‍යස්ථානයේ දී පැවැත් වුණි.
Read More >> (2020-02-17)
ප්‍රගති සමාලොචන රැස්වීම - හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය.
ප්‍රජා සහභාගිත්වය තුළින් වගවීම සහ සංක්‍රාන්තියට මුල පිරීම යන සංකල්පය යටතේ ලංකාවේ දිස්ත්‍රික්ක 11ක් තුළ ක්‍රියාත්මකව පවතින මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන වල ක්‍රියාකාරිත්වය පිළිබඳ පසු විපරමක් ජාතික සාම මණ්ඩලය සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සහභාගිත්වයෙන් මේ දින වල සිදු කෙරෙමින් පවතින අතර එහි එක් අදියරයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අධීක්ෂණය 2020 ජනවාරි 29 වන දින පවත්වන්නට යෙදුනි.
Read More >> (2020-02-07)
ප්‍රගති සමාලොචන රැස්වීම - මොනරාගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය.
ජාතික සාම මණ්ඩලය සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන ප්‍රජා සහභාගිත්වය තුළින් වගවීම සහ සංක්‍රාන්තියට මුල පිරීම යන ව්‍යාපෘතිය තුළින් දිස්ත්‍රික්ක 11 ක මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන 11ක් ක්‍රියාත්මක වේ. ඒ යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ පිහිටා ඇත. එම මධ්‍යස්ථානයේ 2020 වසරේ පෙබරවාරි මස කමිටු රැස්වීම පෙබරවාරි 06 වන දින එම මධ්‍යස්ථානයේදී පැවැත්වුනු අතර ඒ සඳහා දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාධරයින් 25කට අධික පිරිසක් සහභාගි වුනි.
Read More >> (2020-02-07)
අතුරුදහන් වු තැන්තන් පිලිබඳ වු කාර්යාලයේ කටයුතු විනාශ වීමේ අවදානමක - සන්ධ්‍යා එක්නැළිගොඩ
අතුරුදහන් වුවන් පිලිබඳ යුක්තිය වෙනුවෙන් කිසියම් හෝ ක්‍රියා මාර්ගයක් සිද්ධ වුණා නම් ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෙන ආ ක්‍රියා මාර්ග වන අතර ඒවා වගකීමක් සහිතව කළ දේවල් බවද ඇය පවසයි. නමුත් වර්තමාන ජනාධිපතිවරයා පත් වුවාට පසු ඒ සියල්ල දැන් පවතින්නේ විනාශ මුඛයේ බවත් 30/1 තිබුණ යෝජනා වලින් පටන් ගත් යාන්ත්‍රණ හෙට දවසේ විනාශ කර දැමීමේ හැකියාව පවතින බවද ඇය පවසයි.
Read More >> (2020-01-28)
මරණ දණ්ඩනයට එරෙහිව තවත් පියවරක් ඉදිරියට.
මරණ දන්ඩනයට එරෙහි ආසියාතික එකමුතුව (ADPAN) යනු ආසියා-පැසිෆික් කලාපයේ මරණ දණ්ඩනයට එරෙහිව කටයුතු කරන කලාපීය සංවිධානයක් හා ජාලයකි. මෙම ජාලයෙහි එක් එක් ආසියාතික රටවල්ද සමාජිකත්වය ගෙන ඇත. විශේෂත්වය වනුයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රයිටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට සමාජිකත්වය ලබා ගත හැකි විය. මේ වන විට රටවල් 21 මෙහි නියෝජිතයන් ලෙස ක්‍රියාකරයි. මෙම සාමජිකත්වය මගින් මරණ දණ්ඩනයට එරෙහිව ලංකාව තුල කටයුතු කිරිමේදි ජාත්‍යන්තර සහයෝගයද අපට ලබාගත හැකි වේ. දැනට ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය පිලිබඳ තීරනය යටගොස් ඇත. නමුත් ඉදිරි කාලයේ එයට අවශ්‍ය අකාරයේ පියවර ගැනීමට ඒ සඳහා සුදුසු ආකාරයෙ ක්‍රියාමාර්ග ගැනීමටද රයිටු ලයිෆ් ආයතනය සුදානම්.
Read More >> (2020-01-27)
SLCAT ජාලය 2020 වසරේ පලමු හමුව.
වධහිංසාවට් රෙහි ශ්‍රී ලාංකිය එකමුතුව ඊයෙ දින 2020 වර්ශය සඳහා පලමු වරට රාජගිරියේ පිහිටි සැප්ස්‍රි ආයතනයේදි එක් වුණි. මේ සඳහා ජාලයේ සියලුම සාමජික සමාජිකාවන් අතරින් 20 දෙනෙකු පමන එකතු විය.
Read More >> (2020-01-24)
2019න් සමීක්ශන වාර්ථා දෙකක් 2020ට.
2019 වසරේ රයිටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මෙහෙය වීම යටතේ සමීක්ශන දෙකක් සිදු කරන ලදී. වධහිංසා පනත සමග වසර 25ක් යන මැයෙන් වධහිංසා පනත යටතේ ලැබුනු නඩු තීන්දු පිලිබඳව විශ්ලෙශනාත්මක සමීක්ශනයක් නිතීඥ්‍ය දුලාන් දසනායක මහතා විසින් සිදු කරන ලදි.මෙම පනත ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුල් වී ගත වූ වසර 25 තුළ මෙම පනත ක‍්‍රියාත්මක වූ ආකාරයත් මෙම පනත යටතේ පැවරූ නඩු සඳහා මහාධීකරණයන් විසින් ලබා දුන් තීනදු් 20ක් පිළිබඳවත් සිදු කරන ලද විමර්ශනයක තොරතුරු මෙම ලියවිල්ලේ අනත්ර්ගත වෙයි. විශේෂයෙන් මෙම ලියවිල්ල වදහිංසාවට එරෙහි පනත හා එහි ක‍්‍රියාකාරිත්වයත් එමෙන්ම ශ‍්‍රී ලංකාවේ වදහිංසාවට එරෙහි නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය පිළබිඳ සිදු කෙරෙන පෘථුල පර්යේෂණ සඳහා යොදා ගත හැකි පදනම් ලේඛණයක් ලෙස හැඳිනවි්ය හැක. දෙවන සමීක්ශනය සිදු කරන ලද්දේ නීතිඥ්‍ය කේශීනි ඩයස් සුමනසේකර මෙනවිය විසිනි. එම සමීක්ශනය සිදු කරන ලද්දේ වධහිංසනය සම්බන්ධ දඩුවම් පැණවීමේ ප්‍රතිපත්ති පිලිබඳ විශ්ලෙෂනාත්මක දැක්මක් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් ගෙන හැර දැක්වීමකි. මෙම ග්‍රන්ථ දෙක නීතිය හදාරන හා නිති අංශයන් හි සමීක්ශන වල යෙදෙන අයට වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට සකසා ඇත. 2019, දෙසැම්බර් 20 දින පැවති වදහිංසා පනතේ 25 වන සංවස්තර වැඩසටහනේ දී මෙම ග්‍රන්ථ එලි දක්වන ලදී.
Read More >> (2020-01-21)
ඈන් රනවීරගේ නඩු විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර.
පමුණුගම පදිංචි ඈන් රණවීර පාරම්පරික දේශීය වෛද්‍යවරියක් ලෙස සේවය කරන අතර ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙසද සේවය කරන බව ඇය පවසා සිටියි. ඉකුත් 2019/08/12 වෙනි දින පමුණුගම පොලිසියේ නිලධාරින් පිරිසක් ඇයගේ නිවසට බලහත්කාරයෙන් ඇතුලු වී ඇයගේ නිදන කාමරයට කඩා වැදුනු බව ඈන් මධුරංගනී මහත්මිය පවසයි. ඇය පිලිබඳ පොලිසියට ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් නිසා මෙලෙස ඇයගේ නිවස වටලා තිබේ.
Read More >> (2020-01-14)
19 සුරකින 2020 ක් වෙනුවෙන් පෙළ ගැසෙමු!
වර්ෂ 2019 ගෙවී ගොස්ය. වර්ෂ 2019 ගෙවී ගියේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත්කල විශිෂ්ට ජයග්‍රහණ රැසක ප්‍රතිඵල ජනතාවට උරුම කර දෙමිනි. මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට ප්‍රධාන ලෙසින් පිටු බලය සැපයූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූ 19 වන සංශෝධනයයි. එකී 19 වන සංශෝධනය මගින් ස්වාධීන් අධිකරණයක පැවැත්ම තහවුරු විය.
Read More >> (2020-01-02)
කෑගල්ල බන්ධනාගාරයේදි විසඳුනු නාලකගේ ඉරණම!
කෑගල්ල බන්ධනාගාරය තුලදී සිදු වු පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කියන සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
Read More >> (2020-01-02)
පොලිස් අත්අඩංගුවේදි වධහිංසා කර සැකකරුවෙකු ඝාතනය කළ ආරක්ෂක හමුදාවේ 27 කට මරණ දඩුවම
මේ වසර මුලදී සුඩානයේ දීර්ඝ කාලීන ඒකාධිපතියෙකු වූ ඕමාර් අල් බෂීර්ට එරෙහි කැරැල්ල අතරතුරදී රඳවාගෙන සිටි විරෝධතාකරුවෙකුට වධහිංසා පමුණුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා සාමාජිකයින් 27 දෙනෙකුට සුඩාන අධිකරණය විසින් මරණ දඩුවම නියම කර තිබේ.
Read More >> (2020-01-01)
මානව හිමිකම් වලට සීමා නැහැ- ආචාර්ය විසාකේස
මානව හිමිකම් කිසිම ආකාරයකින් සීමා කිරිමට නොහැකි බව ආචාර්ය, නීතිඥ විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි.
Read More >> (2020-01-01)
වධහිංසා පනතට 25 වසරක්.
ලෝකයේ ජීවත්වන සියලු‍ම තැනැත්තන්ට වධහිංසාවෙන් හා කෲර අමානුෂික මෙන්ම අවමන් සහගත සැලකිලිවලින් හා දඩුවම්වලින් වැළකී ජීවත් වීමට අයිතියක් ඇති බව ශිෂ්ට ලෝකය පිළිගනී. එම අයිතිය කිසිදු බේදයකින් තොරව සියලු‍ම තැනැත්තන්ට ඇති බවත් විශේෂයෙන්ම අධිකරණ මගින් බන්ධනාගාරගත කරන්නන් හටද ඇති බවත් එහිම දිගුවකි. මෙය හේතුකොට ගෙන ලෝකයේම රාජ්‍යයන්ටත් වැසියන්ටත් මානව හිමිකම් පිළිබඳ මාර්ගෝපදේශය සපයන 1948 දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය සම්මත කළ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය තුළටද මෙම අයිතිය ඇතුළත් කොට තිබේ.
Read More >> (2019-12-20)
වඳුරඹ පොලිස් ස්ථානයේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ ගාල්ල බන්ධනාගාරයේ සිදුවූ කෲර අමානුෂික වධහිංසාව
මලිදූව ලියනගේ අජිත් කුමාර ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක තිදරු පියෙකි. වඳුරඹ ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිස් ස්ථානය විසින් මොහුව පසුගිය නොවෙම්බර් 28 වන දින අත්තනෝමතිකව අත් අඩංගුවට ගෙන නොවෙම්බර් 30 වනදා දක්වා නීතිවිරෝධී ලෙස රඳවා තබා ගෙන පසුව ව්‍යාජ පැමිණිල්ලක් මත නඩු පවරා ගාල්ල රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරියෙකු විසින් මොහුව කෲර අමානුෂික වධහිංසනයන්ට ලක් කොට ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත මේ වන විට සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු ආයතන වෙත පැමිණිලි යොමු කර ඇත.
Read More >> (2019-12-19)
71 වන මානව හිමිකම් දින සැමරුම
පසුගිය දෙසැම්බර් 10 වන දින, ”මානව හිමිකම් වෙනුවෙන් නැගි සිටිමු” යන තේමාව යටතේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය ජාත්‍යන්තර මානව හිමිකම් දියනය සනිටුහන් කිරීම සඳහා විද්වත් මඩුල්ලක් යටතේ දේශනයක් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී.
Read More >> (2019-12-13)
ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම.
ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුමට සමගාමීව පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකීය මානව හිමිකම් දින සැමරුම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් මෙම මස 10 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දින සැමරුමේ තේමාව වී ඇත්තේ ,මානව හිමිකම් වෙනුවෙන් තාරුණ්‍යයේ නැඟී සිටීම, යනුවෙනිග එයින් මානව හිමිකම් වෙනුවෙන් නැඟී සිටිමු යන්න තේමා කොට ගෙන මෙවර සැමරුම සංවිධානය කොට ඇත. මෙම සැමරුම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පස්වරු 3 සිට 5.30 දක්වා පැවැත්වේ. එයට සහභාගී වන මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
Read More >> (2019-12-06)
වධහිංසාව නීති රීති වලින් පාලනය කළ හැකිද?
මෙරට පවතින වධහිංසාව හා මරණ දඬුවම් පිලිබඳ බොහෝ දෙනා කථාබහ කරති. මේ සම්බන්ධයෙන් සිනමාවේදී, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා මෙලෙස කරුණු පැහැදිලි කළේය. අපට ඕනෑ තරම් නීති, දඬුවම් හඳුන්වා දිය හැකිය. නමුත් දඬුවම් හා නීති යනු රටක තියෙන අපරාධ ,හිංසනය අඩු වීමට තරම් බලපෑම් කරනු ලබන එකම ක්‍රමවේදය කියා සිතයි.
Read More >> (2019-12-03)
හානිපූර්ණ කාර්යාලය පිලිබඳ දැනුවත් කිරීමක්.
මානව හිමිකම් හෝ මානුශ්‍යවාදී නීතිය උල්ලංඝනය කිරීමට ලක් වූ පුරවැසියන් වෙනුවෙන් හානීපුර්ණ වන්දි ලබාදීම සඳහා ස්වාධීන ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව පසුගිය සමයේ රජය හදුනාගෙන තිබුණි ඒ අනුව එවැනි සිදුවීම් වලින් බලපෑම් වලට ලක් වූ ගැටළු වලට මැදී වු ගමානවල වැසියන්, පොලිසීයේ හා ආරක්ශක හමුදා සාමාජිකයින්ගේ පවුල්ද ඇතුළුව, සියළු වාර්ගීක ආගමික කණ්ඩායම් වලට අයත් ශ්‍රී ලාංකිකයින්ට හානිපූර්ණ වන්දි ඉල්ලීම් ඉදිරිපත් කල හැකි " හානිපූර්ණ වන්දි කාර්‍යාලයක්" ස්ථාපිත වී තිබේ. මෙම හාණීපුර්‍ණ කාර්යාලය පිලිබඳව වැඩසටහනක් අධ්‍යාපනය හා සංවාදය සඳහා වූ ක්‍රිස්තීයානින්ගේ මධ්‍යස්ථානයෙදී පැවැත්වේ. මේ සඳහා දිස්ත්‍රික් 11 ක් නියෝජනය කරමින් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සම්බන්දීකාරකවරුන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාදරයින් පිරිසක් දෙසැම්බර් 3 හා 4 දිනයන් හී සම්බන්ධ වීමට නියමිතය. මේ දැනුවත් කිරීමේ වැඩසටහන ජාතික සාම මණ්ඩලය හා රයිටු ලයිෆ් මද්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ යුරෝපා සංගමයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන "ප්‍රජා සහාබාගීත්වය තුලින් වගවීම සහා සංක්‍රාන්තියට මුල පිරීම" යන ව්‍යාපෘතියෙ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වේ.
Read More >> (2019-12-02)
වැලිකඩ නඩුව කල් යයි!
වැලිකඩ ඝාතන නඩුවේ දෙවන විත්තකරු විශේෂ ත්‍රිපුද්ගල මහධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුව ලබන මස 13 වෙනි දින දක්වා කල් තැබීමට විශේෂ මහධිකරණය අද (29) නියෝග කළේය.
Read More >> (2019-12-02)
වධහිංසාවට විරුද්ධ වීමට නීතිය දැනගත යුතුම නැහැ! - නදී වාසලමුදලිආරච්චි
වධහිංසාවට විරුද්ධ වීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත. ඊට හේතුව නම් එය තමන්ගේ මුලික අයිතිවාසිකමකි. එය ව්‍යවස්ථාවට ඇතුලත් දෙයකි. ඒ නිසාම වධහිංසාවට ලක් වීම සම්බන්ධයෙන් තමන්ට අත්දැකීමක් තිබීම අත්‍යවශ්‍ය නොවන අතර වෙන අයෙකුට සිද්ධ වෙන වධහිංසාවකදී වුව ඊට එරෙහි වීමට, කථා කීරීමට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඔබට මෙන්ම මටද අයිතියක් ඇත.
Read More >> (2019-11-26)
Page 3 Of 98

<<
1
2
3
4
5
...
98
>>
www.right2lifelanka.org