More News
MORE NEWS
හානිපූර්ණ කාර්යාලය පිලිබඳ දැනුවත් කිරීමක්.
මානව හිමිකම් හෝ මානුශ්‍යවාදී නීතිය උල්ලංඝනය කිරීමට ලක් වූ පුරවැසියන් වෙනුවෙන් හානීපුර්ණ වන්දි ලබාදීම සඳහා ස්වාධීන ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව පසුගිය සමයේ රජය හදුනාගෙන තිබුණි ඒ අනුව එවැනි සිදුවීම් වලින් බලපෑම් වලට ලක් වූ ගැටළු වලට මැදී වු ගමානවල වැසියන්, පොලිසීයේ හා ආරක්ශක හමුදා සාමාජිකයින්ගේ පවුල්ද ඇතුළුව, සියළු වාර්ගීක ආගමික කණ්ඩායම් වලට අයත් ශ්‍රී ලාංකිකයින්ට හානිපූර්ණ වන්දි ඉල්ලීම් ඉදිරිපත් කල හැකි " හානිපූර්ණ වන්දි කාර්‍යාලයක්" ස්ථාපිත වී තිබේ. මෙම හාණීපුර්‍ණ කාර්යාලය පිලිබඳව වැඩසටහනක් අධ්‍යාපනය හා සංවාදය සඳහා වූ ක්‍රිස්තීයානින්ගේ මධ්‍යස්ථානයෙදී පැවැත්වේ. මේ සඳහා දිස්ත්‍රික් 11 ක් නියෝජනය කරමින් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සම්බන්දීකාරකවරුන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාදරයින් පිරිසක් දෙසැම්බර් 3 හා 4 දිනයන් හී සම්බන්ධ වීමට නියමිතය. මේ දැනුවත් කිරීමේ වැඩසටහන ජාතික සාම මණ්ඩලය හා රයිටු ලයිෆ් මද්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ යුරෝපා සංගමයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන "ප්‍රජා සහාබාගීත්වය තුලින් වගවීම සහා සංක්‍රාන්තියට මුල පිරීම" යන ව්‍යාපෘතියෙ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වේ.
Read More >> (2019-12-02)
වැලිකඩ නඩුව කල් යයි!
වැලිකඩ ඝාතන නඩුවේ දෙවන විත්තකරු විශේෂ ත්‍රිපුද්ගල මහධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩුව ලබන මස 13 වෙනි දින දක්වා කල් තැබීමට විශේෂ මහධිකරණය අද (29) නියෝග කළේය.
Read More >> (2019-12-02)
වධහිංසාවට විරුද්ධ වීමට නීතිය දැනගත යුතුම නැහැ! - නදී වාසලමුදලිආරච්චි
වධහිංසාවට විරුද්ධ වීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත. ඊට හේතුව නම් එය තමන්ගේ මුලික අයිතිවාසිකමකි. එය ව්‍යවස්ථාවට ඇතුලත් දෙයකි. ඒ නිසාම වධහිංසාවට ලක් වීම සම්බන්ධයෙන් තමන්ට අත්දැකීමක් තිබීම අත්‍යවශ්‍ය නොවන අතර වෙන අයෙකුට සිද්ධ වෙන වධහිංසාවකදී වුව ඊට එරෙහි වීමට, කථා කීරීමට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඔබට මෙන්ම මටද අයිතියක් ඇත.
Read More >> (2019-11-26)
ප්‍රංශයේ ගෘහස්ථ කාන්තා හිංසනය ඉහළ යයි
ප්‍රංශයේ කාන්තාවන්ට සිදුවන මාරාන්තික ගෘහස්ථ හිංසනයන්ට විරෝධය පා දහස් ගණනක් ජනයා ප්‍රංශයේ දි ඉකුත් දා පෙළපාලි ගිය යමින් උද්ඝෝෂණයක නිරත වුහ.මෙම පෙළපාලි වලින් විශාලතම පෙළපාලිය පැරීසියේදි පැවැත්විණි. ස්ත්‍රී දූෂණය නතර කරන ලෙස ඉල්ලා දහස් ගණනක් බැනර්, පුවරු සහ කොඩි රැගෙන පෙළපාළියට ඒක්ව සිටියහ.
Read More >> (2019-11-25)
අධිකරණ වෛද්‍ය වාර්තා තක්සේරු වල මානසික වධහිංසනය ඇතුලත් විය යුතුයි! - වෛද්‍ය තාරක ප්‍රනාන්දු
වධහිංසාව ගත් කල්හි එය ශාරිරිකව මෙන්ම මානසිකවද සිදු වේ. අප බොහෝ විට කථා කරන්නේ ශාරිරික වදහිංසාව පිලිබඳව පමණි. නමුත් මානසික වදහිංසාව පිලිබඳව මෙහිදි අපට අමතක කළ නොහැක. එහෙයින් මේ පිලිබඳව අප අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ අධිකරණ මනෝ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය තාරක ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කලෙමු. මෙම ලිපිය ඒ ඇසුරෙන් සැකසුණි.
Read More >> (2019-11-22)
පුරවැසියාට නීතිය ඉදිරියේ සාධාරණත්වය පෙන්වීමට ඇති අයිතිය නැති වී යයිද? - මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ
පොලිසියෙන් සිදු වන මානව හිමිකම් කඩවීම හා ඒවා වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිලිබඳ අනිද්දා පුවත්පතේ උප කර්තෘ මාධ්‍යවේදි ලසන්ත රුහුණගේ මහතා දකින ආකාරය පොලිසියෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්! පොලිසිය මානව හිමිකම් කැඩීම පිලිබඳ කථා කිරීමේදි අපට පහුගිය සිද්ධීන් දෙකක් ගැන කථා කළ හැකිය. ලේඛක ශක්තික සත්කුමාර විසින් ෆේස්බුක් එකේ ලියු කෙටිකථාවක් පාදක කරගනිමින් පොලිසිය විසින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමේ සිද්ධිය ඉන් එකකි. මෙහිදි කිව යුතු විශේෂ දේ වන්නේ හාමුදුරුවන් හෝ හාමුදුරුවන් නියෝජනය කරන සංවිධානයක් නැතිනම් වෙනත් සංවිධානයක හෝ ඕනෑම කෙනෙකුට චෝදනා එල්ල කරමින් පැමිණිලි කිරිමේ හැකියාව ඇත.
Read More >> (2019-11-20)
ජෙරාඩ් ඝාතන නඩුවේ අභියාචනය ප්‍රතික්ෂේප වේ..
වත්තල පදිංචිව සිටි ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වෙඩි තබා ඝතණය කිරීම සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු තවත් පුද්ගලයෙකුට ඒරෙහිව 2015 ජුනි මස 22 දින මීගමුව මාහාධිකරණ විසින් ලබා දුන් මරණ දඩුවමට ඒරෙහිව ගොනු කරනු ලැබූ පෙත්සම පසුගිය ඔක්තෝබර් 30 වන දින අභියාචානාධිකරණය විසින් ප්‍රථික්ෂේප කර තිබේ.
Read More >> (2019-11-19)
අතුරුදහන් වූ තැනැත්තන් ගේ ඥාතීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතරදී...
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලට ලක් වූ තැනැත්තන් පිලිබඳව සොයා බැලීම , පැනනැගි ඇති ගැටළු සම්බන්දයෙන් සහා මෙම ක්‍රියාවලියවඩාත් ඵලදායි කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහනක් 2019 නොවෙම්බර් මස 21 වන දින මාතර පිහිටා ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්‍යාලයෙදී පැවැත්වේ. ඒ සඳහා සහාබාගී වීමට ගාල්ල, මාතර, හම්බන්තොට සහා මොණරාගල යන දිස්ත්‍රික වල පිහිටා ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයන් හී සම්බන්ධීකාරවරුන් සඳහා ආරාධනා ලැබී ඇත.
Read More >> (2019-11-15)
"FTZ අරගලයට යුක්තිය" ග්‍රන්ථය එලිදැක්වීම.
පසුගිය ඔක්තොබර් 08 වන දින ජා-ඇල ජයලත් උත්ස්ව ශාලාවෙදී නීතිඥ්‍ය දුලාන් දසනායක මහතා විසින් රචිත අරගලයට ‍යුක්තිය ග්‍රන්ථය එළිදක්වන ලදී. මේ සඳහා විශේෂ ආරාධිතයන් ලෙස මෙම අරගලයෙදී දිවිපිදු රොශේන් චානක සොයුරාගේ මව, අරගයෙන් පසු අසාධාරණයට ලක් වූ කම්කරුවන් හට යුක්තිය ඉටු කිරීමට
Read More >> (2019-11-13)
ගම්පහ දිස්ත්‍රික් මානව හිමිකම් මධ්‍යසථානයේ මාසික හමුව.
ගම්පහා මානව හිමිකම් මධ්‍යස්ථානයේ පසුගිය ඔක්තොබර් මස 7වන දින මාසික කමිටුව හා මානව හිමිකම් පිලිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන පැවැත් විනි. මෙහිදි මානව හිමිකම් මධ්‍යස්ථානයෙ ක්‍රියාදරයින් 40කට ආසන්න සංඛ්‍යාවක් සහබාගි වූ අතර එහිදි දැනට ලැබි ඇති පැමිණිලි පිලිබඳවත්,
Read More >> (2019-11-11)
අරගලයට යුක්තිය ග්‍රන්ථය එලිදැක් වීම.
නීතිඥ්‍ය දුලාන් දස්සනායක මහාතා විසින් රචිත "FTZ අරගලයට යුක්තිය" ග්‍රන්තය එලිදැක්වීම හෙට දින (නොවෙම්බර් 08) දින ප.ව. 2.00 ට, ජා-ඇල වැලිගම්පිටිය ජයලත් උත්සව ශාලාවෙදී පැවැත්වේ. එහිදි එම අරගලය සමයේ මූලිකත්වය ගෙන වැඩ කෙරු පිරිස විසින් අදහස් දැක්වීමක්ද කරනු ලබයි. සබැඳි ලිපි:
Read More >> (2019-11-07)
ප්‍රජා නායකයින්ගේ හමුවක් ගාල්ලේදී
ගාල්ල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ ප්‍රජා නායකයින් සඳහා මානව හිමිකම් ඇතුළු සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් 03 වන දින ගාල්ලේදී පවත්වනු ලැබීය.
Read More >> (2019-11-04)
නීති උපදෙස් ලබා දීමේ සහ වින්දිතයින් දැනුවත් කිරීමේ රැස්වීමක් හම්බන්තොටදී
පසුගිය ඔක්තෝබර් 31 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින මානව හිමිකම් ක්‍රියාධරයින් සඳහා මානව හිමිකම් අධ්‍යාපනික වැඩමුළුවක් සංවිධානය කර තිබුනි. මෙම වැඩමුළුව සඳහා මානව හිමිකම් ක්‍රියාධරයින් 25ක පිරිසක් සහභාගී වූ අතර එහිදී ප්‍රදේශයේ පවතින පොදු මානව හිමිකම් ගැටළු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඊට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහිද අවධානය යොමු විය. මෙම වැඩමුළුවෙන් අනතුරුව එදින පස්වරුවේ මානව හිමිකම් උල්ලංඝනයවීම් වලට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් නීති උපදෙස් ලබා දීමේ නීති සායනයක් පැවැත්වුනි. මෙහිදී නීතී උපදෙස් ලබා ගැනීම සඳහා වින්දිතයින් 15කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ සිටි අතර එයින් බහුතරයක් අතුරුදහන්කිරීම් වලට ලක්වූ පවුල් වල සාමාජිකයන් වූ අතර මෙහිදී ඒ සම්බන්ධයෙන් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වෙත අදාළ තොරතුරු යොමුකිරීමේ ලිපි ලේඛන සකස් කිරීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින වෙනත් මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් නීතිමය මගපෙන්වීම ලබා දීමෙන් අනතුරුව එම වින්දිතයින් සඳහා මානව හිමිකම් විෂය පථය පිළිබඳව දැනුවත් කිරීමේ රැස්වීමක්ද පවත්වනු ලැබීය. මෙදින මෙම වැඩසටහන සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මානව හිම්කම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක තරංග පටබැදි මහතා, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමණාකරු වන ඇන්තනි විනෝත් මහතා ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූ අතර මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙමින් නීතීඥ පුබුදු රන්දිම මහතා සහභාගී වුනි.
Read More >> (2019-11-04)
නීති සායනය දෙනියායට
පසුගිය ඔක්තොම්බර් 30 වන දින මාතර දිස්ත්‍රිකයෙ දෙනියාය ග්‍රාමයේ මානව හිමිකම් උල්ලංඝනයවීම් ලක් වූ වින්දිතයන් සඳහා නීති සායනයක් පවත්වන ලදී. මෙහිදී නිතී උපදෙස් ලබාගැනීම සඳහා විදිතයින් 15කට ආසන්න ප්‍රමාණයක් සහාබාගි විය. රයිට් ටු ලයිෆ් ආයතනය නියෝජනය කරමින් නීති නිලධාරී හිරෝශන් ලක්ශාන් මහතා හා ව්‍යාපෘති නිලධාරි ඇන්තනි විනෝත් මහතාද සහභාගි විය.
Read More >> (2019-11-04)
"FTZ අරගලයට යුක්තිය"
වර්ෂ 2011 මැයි මස 24වන දින ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් කටුනායක නිදහස් වෙළඳ කාලාපයෙ සේවක්යින් 40000ක් පමණ සහභාගි කර ගනිමින් රජය විසින් පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ගෙන ඒමට සුදානම් වන විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් විරෝධතාවයක් ඇති විය.
Read More >> (2019-10-31)
අඩු කාලයකින් නුස්රත්ට සාධාරනය ඉටු විය.
නුස්‍රත් ජහාන් රාෆි නැමැත් 19 හැවිරිදි පාසල් සිසිවියක 2019 අප්‍රේල් මාසයෙ ගිනිතබා ඝාතනය කරන්නේ ඇයට පාසලෙදී සිදුවන ලිංගික අපයෝජන්ය පිලිබඳව පැමිණිලි කිරිමෙන් පසුවය.
Read More >> (2019-10-31)
සිරකරුවෙකු ශ්‍රේෂ්ඨතම මානව හිමිකම් ක්‍රියාදරයා වෙයි.
2014 වසරේදී චීනය විසින් වාර්ගික වෛරය ඇති කිරීම, ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනීසිටි ආර්ථික විද්‍යාඥයකු වූ “ඉල්හාම් ඨෝටි” මහතාට මෙම වසර සදහා යුරෝපා සංගමය විසින් ශ්‍රේෂ්ඨතම මානව හිමිකම් ක්‍රියාකාරිකයා සදහා පිරිණැමෙන සම්මානය පිරිණමා තිබේ. චීනයේ සුළුතර උයිගර් ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා චීන රජය විසින් බෙදුම්වාදියෙකු ලෙස වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිටි.
Read More >> (2019-10-30)
29 වන වරටත් සිහි කරන අතුරුදහන් වූවන්ගේ ජාතික දිනය.
1989 වසරේදී සිදුවූ ඛේදනීය සිදු වීමක් මුල්කර ගනිමින් වසර 29ක් පුරාවට අතුරුදන් වූවන් සිහි කිරීමට අතුරුදන් වූවන්ගෙ පවුල් එකතුව සීදූව, රද්දොළුගම හංදියේ පිහිටි ස්මාරකය අවට රැස්වේ. මේ ආකාරයට මෙම වසරෙත් 29වන වරට පසුගිය 27 වනදින අතුරුදහන් වූවන්ගෙ පවුල් එකමුතුවේ මූලිකත්වයෙන් මෙම අනුස්මරණය සිදු කරන ලදී. මූලාරම්භකයන් නොවුනත් රයිටු ලයිෆ් ආයතනයත් පූරොගාමීත්වය ගෙන කලක සිට මෙම අනුස්මරනයට සම්බන්ධ වු ආකාරයෙන්ම මෙම වසරෙත් සහභාගි විය.
Read More >> (2019-10-29)
ගම්පහ දිස්ත්‍රික් ප්‍රජා නායකයන් හමුවේ
ඊයේ දින (24) ගම්පහා දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මූලිකත්වයෙන් ප්‍රජා නායක හමුව දෙවන වරටත් විලා සැනසුම උත්සව ශාලාවේදී පැවැත් විය.
Read More >> (2019-10-25)
2020ට නව යෝජනාවලිය ජනගත කරයි!
සිවිල් සමාජ සහා වෘත්තීය සමිති එකමුතුව විසින් පසුගිය ඔක්තොබර් 9 වන දින කොළඹ නව නගර ශාලාවෙදී අලූත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වූ සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය” එලි දක්වන ලදී.
Read More >> (2019-10-17)
නීතිඥයන් පුහුණු කිරීමේ අසාර්ථකත්වය - බැසිල් ප‍්‍රනාන්දු
නීතිය හා තර්කානුකූලභාවය අතර ඇත්තේ එකිනෙකින් වෙන් කළ නොහැකි සම්බන්ධයකි. තර්ක විද්‍යාව නොමැතිව නීතියක් තේරුම් කර ගැනීමට නොහැකි වනවා මෙන්ම නීතියක් කි‍්‍රයාත්මක කර ගැනීමටවත්, එසේ කි‍්‍රයාත්මක කර ගැනීමට බැරි වීම් පිළිබඳව අධිකරණමය කටයුත්තක් නිසි ලෙස පවත්වා ගෙන යාමටවත් බැරිය.
Read More >> (2019-10-08)
Page 5 Of 99

<<
1
2
3
4
5
6
7
...
99
>>
www.right2lifelanka.org