More News
MORE NEWS
“සමාජ මාධ්‍ය භාවිතාවේ හෙට දවස” වැඩමුළුව
සමාජ මාධ්‍ය භාවිතාවේ හෙට දවස නැමැති තේමාව යටතේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (04) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ සුබසිංහ ශාලාවේදි පැවැත්විණි.
Read More >> (2019-10-04)
භීෂණය කැදවාගෙන ආ භීෂකයන් තවමත් නිදැල්ලේ - ලසන්ත රුහුණගේ
ජනමාධ්‍ය සමාජයට භීෂණය කැදවාගෙන ආ භීෂකයන් තවමත් මේ සමාජයේ නිදැල්ලේ සිටින බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත රුහුණගේ මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කර සිටියේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම්’ මැයෙන් වැල්ලවාය, මහින්ද රාජපක්ෂ ශ‍්‍රවණාගාරයේදි පැවති මහජන මන්ත‍්‍රණ සභාවේදීය. වධහිංසාවට එරෙහි ශ‍්‍රි ලංකා එකමුතුව සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මෙය සංවිධානය කර තිබුණි. මෙම මහජන මන්ත‍්‍රණ සභාව සම`ගින් සාධු ජනරාව නම් ගී දැහැනක්ද මෙහිදි පැවැත්වුණි.
Read More >> (2019-10-03)
මානව හිමිකම් යොවුන් කදවුරක්!
තරුණ පිරිස් තුල ඇති මානව හිමිකම් පිළිබඳ අබබෝධය හා උනන්දුව පුලුල් කරමින් මානව හිමිකම් අගයන මානව හිමිකම් සුරකින සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මානව හිමිකම් යොවුන් කදවුරක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read More >> (2019-10-02)
අනවශ්‍ය මරණ වැළැක්වීමේ ප‍්‍රතිපත්තියක් අපට තිබේද.? - බැසිල් ප‍්‍රනාන්දු
දැනට රට පුරා සාකච්ඡාවට භාජනය වන එක් ගැටලූවක් නම් සුළු ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා 170 ක් පමණ කාන්තාවන් සියදිවි හානි කර ගෙන ඇති බවය. සුළු ණය ලබා ගැනීම කරා පෙළඹෙන්නේ රටේ දුප්පත්ම කොටස් අතරින්ය.
Read More >> (2019-10-02)
සාධාරණය සොයා වසර 2 ½ පුරා අත්වාරුවෙන් කොළඹට එන ආබාධිතයා
නිවසේ මල් වැටකින් රිංගා විත් ඔහුගේ අත තිබු විදුලි පන්දමකින් පහර දී තිබේ. එහිදි දිනුෂ ලක්මාල් බිම ඇද වැටී ඇති අතර තවත් පැමිණි පොලිස් නිලධාරින් දෙදෙනෙක් විසින් පහර දී අත් මාංචු දමා තාරපාරට ඇදගෙන ගොස් තිබේ. ඇදගෙන යන අවස්ථාවේදිද උප පොලිස් පරික්ෂකවරයා හර දීම නිසා දිනුෂ ලක්මාල්ගේ දකුණු පයේ පැලඳි කෘත්‍රිම පාදය කැඩී ගියේය.
Read More >> (2019-09-26)
බුද්ධි තොරතුරු හා කාලගුණ අනාවැකි! - විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු
පොලිසිය ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක්. ඒක ලෝකයේ පිළිගත් මූලධර්මයක්. නමුත් අවාසනාවකට පොලිසියට දේශපාලන බලපෑම් වර්ෂයෙන් වර්ෂයේ වැඩි වෙලා තියෙනවා.
Read More >> (2019-09-23)
මාතර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සාමාජිකයන්ට හිතමිතුරුකරණය පිළිබඳ පුහුණුවක්!
යුරෝපා සංගමයේ අනුග්‍රහය මත “ප්‍රජා සහභාගීත්වය තුළින් වගවීම සහ සංක්‍රාන්තියට මුල පිරීම” යන ව්‍යාපෘතිය යටතේ ජාතික සාම මණ්ඩලය සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව හිතමිතුරුකරණය පිළිබඳව මාතර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙහි ස්වේච්ඡා සාමාජිකයින් හා දිස්ත්‍රික්කයේ සිවිල් සමාජ ක්‍රියාධරයන් දැනුවත් කිරීමේ
Read More >> (2019-09-18)
නොකළ වරදකට අවු 10 ක් උසාවි යන හර්ෂ!
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකු වෙනුවට ඔහුගේ රුවට සමාන ඇති තරුණයෙකු ජා ඇල පොලිස් ස්ථානය විසින් අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන වසර දහයක් පුරා ඔහුව සැකකරුවෙකු ලෙස ඉදිරිපත් කිරිමේ පුවතක් ඉකුත් දා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්තා විය.
Read More >> (2019-09-16)
කාන්තා පොලිස් නිලධාරිනියන්ට නුවරඑළියේදී මූලික උපදේශනය පිළිබඳ පුහුණු වැඩසටහනක්!
ජාතික සාම මණ්ඩලය සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව යුරෝපා සංගමයේ අනුග්‍රහය සහිතව “ප්‍රජා සහභාගීත්වය තුලින් වගවීම සහ සංක්‍රාන්තියට මුල පිරීම” යන ව්‍යාපෘතිය යටතේ කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා වැඩමුළුවක් පසුගිය අගෝස්තු මස 07 වන දින නුවරඑළිය, ඇල්ෆයින් හෝටලයේ දී පැවැත් වුණි.
Read More >> (2019-09-12)
නුවරඑළිය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සාමාජිකයන්ට හිතමිතුරුකරණය පිළිබඳ පුහුණුවක්!
යුරෝපා සංගමයේ අනුග්‍රහය මත “ප්‍රජා සහභාගීත්වය තුළින් වගවීම සහ සංක්‍රාන්තියට මුල පිරීම” යන ව්‍යාපෘතිය යටතේ ජාතික සාම මණ්ඩලය සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව
Read More >> (2019-09-12)
නොකළ වරදකට නඩු පැවරීම...
2019 අප්‍රේල් මාසේ 07 වනදා උදේ 10.30 ට විතර ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිළධාරීන් තුන්දෙනෙක් අපේ ගෙදරට ආවා. එක් අයෙකු පොලිස් නිල ඇඳුමේ කලිසම සහ සාමාන්‍ය කමිසයක් ඇඳගෙන හිටියා. අනිත් දෙන්නා සිවිල් ඇඳුමින් ඇවිත් හිටියේ.
Read More >> (2019-09-09)
මිනීමැරුමක් වසන් කිරීමට ගිය පොලිසියට වැඩ වරදී
වාද්දුව පොලිස් ස්ථානය විසින් අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන අනීතිකව රඳවා ගෙන කෲර අමානුෂික වධහිංසාවට ලක් කිරීමෙන් මිය ගිය වයස අවුරුදු 43ක් වූ විවාහක දෙදරු පියෙකු වන වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නිමල් චන්ද්‍රසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් වාද්දුව පොලිස් ස්ථානයේ එවකට සේවයේ නියුතුව සිටි පොලිස් ස්ථානාධිපති නිමල් කරුණාරත්න ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකුට එරෙහිව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීති ආධාර යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි කළ අතර එතැනින් නොනැවතී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක 260/12 යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
Read More >> (2019-09-05)
පමුණුගම පොලිසීය ඈන් රණවීර සිද්ධිය යට ගැසීමේ උත්සහයක!
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල කරමින් පමුණුගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගැණුනු පාරම්පරික සිංහල වෛද්‍ය ඈන් රණවීර සිද්ධිය සමථ වීමකට කැමැත්ත පළ කල බවට
Read More >> (2019-09-04)
මැරයින්ගෙන් පහර කෑ චමින්දට යුක්තිය කෙදිනක ඉටුවේද?
ඇය වහාම සිය සොහොයුරියගේ වාහනයෙන් රෝහල වෙත ගිය අතර රෝහල් පොලීසියටද මේ පිලිබඳ පැමිණිලි කර සිටියාය. නමුත් එහිදි ඇයට රෝහල් පොලීසියේ නිලධාරින් පවසා ඇත්තේ “අපිට කරන්න දෙයක් නැහැ. ඔයාලා පොලිසියට පැමිණිලි කරන්න” යනුවෙනි.
Read More >> (2019-09-03)
ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව හෙවත් jourílist collective ඉකුත් 27 දා පස්වරුවේදි රාජගිරිය සැප්ශ්‍රි ආයතනයේ පද්මා රත්නායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
Read More >> (2019-09-02)
පසුගිය වසර 10 තුල “මානව අයිතිවාසිකම්” විෂය “දේශපාලන වේදිකාව” තුලට පැමිණියා - පිලිප් දිසානායක
“මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කියන විෂය 2010 වසරේ ඉඳලා ටිකක් ඉස්සරහට ආවා, පහුගිය කාලේට සාපේක්ෂව. 2010 මැතිවරණ වේදිකාවේත් 2015 මැතිවරණ වේදිකාවේත් මේ මානව හිමිකම් සම්බන්ධව වැඩිපුර කථා කරන්න පටන් ගත්තා.
Read More >> (2019-08-28)
මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරිමට මහධිකරණයට බලතල දෙන්න - නීතිඥ ප‍්‍රශාන්ත අල්විස්
මූලික අයිතිවාසිකම් කඩවීම් පිලිබද නඩු ගොනු කිරිමට මහධිකරණයට බලතල ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ ප‍්‍රශාන්ත ලාල්ද අල්විස් මහතා පවසයි. මුලික අයිතිවාසිකම් පිලිබද නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරිමට විශාල මුදලක් වැය වන බැවින් එවැනි නඩු ගොනු කළ හැකි වන්නේ මුදල් ඇති අයට පමණක් බැවින්ද මෙම නඩුව දින 30 ක් තුළ ගොනු කිරිමට ඇවැසි හෙයින්ද මේ පිලිබද බලතල මහධිකරණයට ලබා දීම සුදුසු බව පවසයි.
Read More >> (2019-08-22)
පමුණුගම පොලිස් නිලධාරීන් ලයිසන් ගත් මැරයින් ද ?
පමුණුගම පදිංචි ඈන් සහෝදරියට පමුණුගම පොලිසිය විසින් සිදු කළ පහර දිම කතොලික සභාවක් ලෙස තරයේ හෙළා දකින බව සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක, නීතීඥ අශොක් ස්ටීවන් පියතුමා පවසයි.
Read More >> (2019-08-22)
මොණරාගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍ය්ස්ථානයේ සාමාජිකයන්ට හිතමිතුරුකරණය පිළිබඳ පුහුණුවක්
යුරෝපා සංගමයේ අනුග්‍රහය මත 'ප්‍රජා සහභාගීත්වය තුළින් වගවීම සහ සංක්‍රාන්තියට මුල පිරීම' යන ව්‍යාපෘතිය යටතේ ජාතික සාම මණ්ඩලය සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය එක්ව, මොණරාගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සහයෝගය මත හිතමිතුරුකරණය පිළිබඳව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙහි ස්වේච්ඡා සාමාජිකයින් හා
Read More >> (2019-08-20)
ආන්තික කණ්ඩායම් සඳහා නායකත්ව පුහුණු වැඩටහනක් මොණරාගලදී...
ජාතික සාම මණ්ඩලය සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් යුරෝපා සංගමයේ අනුග්‍රහත්වය මත ක්‍රියාත්මක කරනු ලබන 'ප්‍රජා සහභාගීත්වය තුළින් වගවීම සහ සංක්‍රාන්තියට මුල පිරීම' යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියට අදාළව ආන්තික කණ්ඩායම් සඳහා පුහුණු වැඩසටහනක් අගෝස්තු මස 02 වන දින වැල්ලවාය, ලිට්ල් රෝස් ඉන් හෝටලයේ දී පැවැත්විය.
Read More >> (2019-08-20)
මට්ටක්කුලිය පොලිස් සිර මැදිරිය තුලදී සැකකරුවෙකු මිය යයි.
මට්ටක්කුලිය පොලීසීය විසින් ඊයේ (10) උදෑසන අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු පොලිස් සිර මැදිරිය තුලදි මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය, කදිරාන පාර පදිංචි ජානක ගෝමස් නැමැති විසි හය හැවිරිදි පුද්ගලයෙකි.
Read More >> (2019-08-11)
Page 6 Of 99

<<
1
...
3
4
5
6
7
8
...
99
>>
www.right2lifelanka.org