More News
MORE NEWS
ලංකා රජය වධහිංසාව වැලක්වීමට සියට සීයක් නොව සියට එකසිය දහයක් එකග බව ප‍්‍රකාශ කරයි
අවුරුදු 30 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහල දැමීම සදහා තිබෙන සම්පත් හා හැකියාවන් මත ශී‍්‍ර ලංකා රජය උපරිම කැපවීමෙන් කටයුතු කර තිබෙන බවත්, නමුත් ඒ සම්බන්ධව තවත් බොහෝ දේවල් කළ යුතු බව අප පිළිගන්නා බවත් ශී‍්‍ර ලංකාවේ වධහිංසාව වැලැක්වීම සදහා සීයට සීයක් නොව සීයයට එකසිය දහයක් කැපවී කටයුතු කිරීමට රජය සුදානම් බවත් ඊයේ එක්සත් ජාතීන්ගේ 47 වන සැසිවාරයේ වධහිංසාවට එරෙහි කමිටුවට ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් සහභාගී වූ කණ්ඩායමේ නායක හා කැබිනට් ඇමතිවරුන්ගේ ජේෂ්ඨ නීති උපදේශක මොහාන් පීරිස් මහතා ප‍්‍රකාශ කරන ලදී.
Read More >> (2011-11-09)
මාරවිල පොලීසියේ බීමත් නිලධාරින් දෙදෙනෙක් ව්‍යාපාරකයෙකුට ප‍්‍රසිද්ධියේ පිස්තෝලයෙන් පහරදී මරණීය තර්ජන කරයි
අමානුෂික ලෙස පහර දී වධ හිංසා සිදුකර සිර මැදිරියක් තුළ පැය කිහිපයක් රඳවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව නාත්තන්ඩිය දුන්කන්නාවේ පදිංචි ව්‍යාපරිකයෙකු වන ඌෂානි පැළතවානෙහි අධිපති චුලනි තිලකරත්න මහතා මාරවිල පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුට එරෙහිව මානව හිමිකම් කොමිසමට පසුගියදා පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙසේ පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මාරවිල පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂක එදිරිසිංහ සහ සැරයන් රන්පටි යන නිලධාරින් දෙදෙනාට එරෙහිවය.
Read More >> (2011-11-09)
වෙබ් අඩවි අවහිර කිරීම මගින් ආණ්ඩුව ප්‍රදර්ශණය කර ඇත්තේ ජන මාධ්‍ය නිදහස මර්ධනය කිරීමේ ඇති අභිලාශයයි - මාධ්‍ය සංවිධාන එකතුව
ශ්‍රි ලංකාව තුළ හෝ ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කිරීමක් සමඟම රටේ ජනතාවගේ අවධානයට ලක්ව තිබූ වෙබ් අඩවි ගණනාවක ක්‍රියාකාරීත්වය අවහිර කරමින් ඒවාට පහසුවෙන් පිවිසීමට ඇති හැකියාව අහිමි කිරීම පිළිබදව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව බලවත් විරෝධය පළ කර සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය සංවිධාන එකතුව ප්‍රකාශ කර සිටියි.
Read More >> (2011-11-08)
ශිවකුමාර් ගේ ඝාතනය සම්බන්ධව සාධාරණ පරික්ෂනයක් ඉල්ලා ජනාධිපති වෙත පෙත්සමක්
පසුගිය මාස කිහිපය තුළ ශ‍්‍රි ලංකාවේ මහජනයා අතර මහත් අන්දෝලනයක්ව පැවති භීතීන් අතර එක් භීතියක් වූ ග‍්‍රීස් යකා සම්බන්දව භීතිය යම් පමණකට මේ වන විට පහව ගොස් ඇතත් එම සිදුවීම් කාගේ වුවමනාවක් මත කා විසින් සිදුකරන ලක්දැයි යන්න තවමත් රටට හෙලිදරව් වී නැත. නමුත් මෙම ග‍්‍රීස් යකා භීතිය ලංකාවේ ප‍්‍රදේෂ කිහිපයක මිනිසුන්ගේ ජන ජීවිතය අඩාල කලා වගේම ඉන් සමහරුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවිය. එවැනි අවාසනාවන්ත සිදුවීමකට මුහුනදී තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ තවත් එක් පුද්ගලයෙකු වූයේ කල්පිටිය, නාරක්කල්ලිය පදිංචිව සිටි ප‍්‍රදේශයේ මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකු ලෙස කටයුතු කළ පෙරුමාල් සිවකුමාර් මහතාය.
Read More >> (2011-11-07)
සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහිව ජාත්‍යන්තර නියෝජිත කමිටුව ජිනිවාහිදී
ලෝකයේ සමහර රජයන් විසින් විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිසුන් බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්ලට ලක් කිරීමට එරෙහිව ගත යුතු පියවරයන් පිලිබදව සාකච්ඡා කෙරෙන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නියෝජිත සම්මේලනයේ විශේෂ කමිටු රැස්වීමක් නොවැම්බර් 7 සහ 9 දිනයන් හි ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්විමට කටයුතු යොද තිබේ.
Read More >> (2011-11-07)
ඇමිනෙස්ටි‍්‍ර ඉන්ටර්නැෂනල් ආයතනය වධහිංසා කමිටුව වෙත ඉදිරිපත් කළ සිංහල වාර්තාව එලි දකී.
එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත ඇමිනෙස්ටි‍්‍ර ඉන්ටර්නැෂනල් ආයතනය ඉදිරිපත් කළ වෛකල්පිත වාර්තාවේ සිංහල පරිවර්තනය මේ වන විට මාධ්‍ය වෙත නිකුත්කර තිබේ. පිටු 29 න් සමන්විත මෙම වාර්තාව මගින් හදිසි නිතී රෙගුලාසි හා ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත් යටතේ මෙන්ම පෞද්ගලික ආරවුල් මත අත් අඩංගුවට ගෙන විවිධ වධහිංසා පමුණුවනු ලැබු තැනැත්තන් පිළිබඳව සවිස්තර කරුණු මෙමගින් ඉදිරිපත් කොට ඇත.
Read More >> (2011-11-07)
එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත සංවිධාන 23 ක් වාර්තාවල් 12 ක් මගින් ලංකාව සම්බන්ධව කරුණු ඉදිරිපත් කරයි
ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 47 වන සැසිවාරයේ වධහිංසාව එරෙහි කමිටුව වෙත ශී‍්‍ර ලංකාවේ සිදුවන වධහිංසාව සම්බන්ධව වාර්තාවල් 12 ක් ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් විසින් මෙවර යොමුකර තිබේ. Amnesty International, Asian Human Rights Commission (AHRC), International Committee of Jurists (ICJ), Freedom for Torture, International Disable Alliance, IDA, LRD Canada, Tamil International Center, Trial Switzerland, Redress UK යන ආයතන 10 වෙන වෙන තම වාර්තා ඉදිරිපත් කර ඇති අතර ALRC, ACAT, RCT and Redress යන ආයතන හතර එක්වී වෙනම වාර්තාවක්ද ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක ප‍්‍රධාන සිවිල් සංවිධාන 9 ක් එක් වී Joint Alternative Report in Sri Lanka නමින් ඉදිරිපත් කර ඇති වාර්තාවත් සමග ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන 23 ක් විසින් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති සම්පුර්ණ වාර්තා සංඝ්‍යාව 12 ක් විය.
Read More >> (2011-11-06)
අතුරුදහන්වුවන් ස්මාරකය කඩා දමන ලෙස කළ ඉල්ලීමට එරෙහිව අගරදගුරු වෙත මහජන පෙත්සමක්
සියළුම අකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහිවත්, ඔවුන් සිහිකිරීම පිණිසත් සීදුව, රද්දොළුව, ශාන්ත සිසිලියා දේවස්ථානය අසල 1999 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී මුල්ගල තබා නිදහස් දිනය වන 2000 පෙබරවාරි 04 වන දින විවෘත කරනු ලැබූ ‘‘අතුරුදහන්වුවන්ගේ සිහිවටනය’’ කඩාබිද දැමීමට කතෝලික සභාව කළ ඉල්ලීමට එරෙහිව මහජන පෙත්සමක් කාදිනල් මැකලම් රංජිත් හිමිපානන් වෙත භාරදෙනු ලැබ තිබේ.
Read More >> (2011-11-06)
"පිංටෝ" සමස්ත ධීවර ප‍්‍රජාවගෙන්ම සමාව ගත යුතුයි - ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය
ධීවරයින් 06 දෙනෙකු අන්දමන් දූපතේ සිරමැදිරියෙන් නිදහස් කර දන ලෙස ඉල්ලීමක් කරමින් තෙදිනක් තුල සිදුකරන ලද උපවාසයට ධීවර හා ජලජ සමිපත් අමාත්‍ය රාජිත සේනාරත්න හා බද්ධව ධීවරයින් නිදහස් කර ගැනීමේ ජාතික සමිබන්ධීකාරක යයි කියාගත් හා මීගමුවෙ සිරිමල් පිංටෝ නැමැත්තෙකු පුවත්පත් සාකඡ්චාක් කැඳවා අප සංවිධානයට අපහාසාත්සක අයුරින් නිකුත් කරන ලද ප‍්‍රකාශයට ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය සිය විරෝධය දක්වා තිබේ.
Read More >> (2011-11-06)
මළවුන්ගේ දිනයේද අතුරුදහන්වූවන් අමතක නොකල එම පවුල්වල දෙමාපියන්
මනුෂ්‍යයෙක් මියගියහොත් ඔහුට සොහොන් බිමක් හිමිය. ඒත් අතුරුදහන්වූවන්ගේ ඉතිහාසය ඊට හාත්පසින්ම වෙනස්ය, කටුකය. ඔවුන් මියගිය ආකාරය හෝ මෘත දේහය පිලිබඳ කිසිදු තොරතුරක් හෝ එම ඥාතීන් නොදනි. අවමගුල් උත්සවයක් හෝ සොහොන් බිමවත් ඔවුන්ට හිමිනැත. එම දෙමාපියන්ට මල් පොකුරක් තබා සිහිපත් කිරිමට සොහොන් බිමක්ද නැත. අතුරුදහන්වූවන් සිහිකිරීමට ලංකාවටම තිබෙන්නේ ස්මාරක දෙකකි. එයින් එක් ස්මාරකයක් ඇඕලිපිටියේ අතුරුදහන් කරවූ සිසුන් තිස්අටදෙනා සිහිවීම පිනිසය එයද වර්ථමානයේ එම ස්ථානය මල් අලෙවි කිරිම සහ මුත‍්‍රා කිරීමට මිනිසුන් විසින් යොදාගෙන ඇත. අනෙක් ස්මාරකයනම් සීදූව රද්දොළුව හංදියේ නිමවා ඇති ස්මාරකයයි. එම ස්මාරකය පොදුවේ ශි‍්‍රලංකාවේ නොයෙකුත් ප‍්‍රදේශයන්වල අතුරුදහන්වූවන් සිහිකිරීම පිනිසය. වර්ථමානයේ කතෝලික සභාව විසින් එම ස්මාරකයද අතුරුදහන් කරවීමට නියමිතව ඇත. එම තත්වයට විරුද්ධව ඔක්තෝබර් 27 වන දින සීදූව රද්දොළුව මංසංදියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිරිපිට එම පවුල්වල දෙමාපියන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ආගමික නායකයින් සමග නිහඩ සත‍්‍රයග‍්‍රහයක් පවත්වා එයට විරෝධය පලකලහ.
Read More >> (2011-11-04)
පිටබැද්දර පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර
තමන්ව අත්අඩංගුවට ගෙන කෲර වධහිංසා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිටබැද්දර පොලිසියේ ස්ථානාධිපති අර්ජුන විජේවර්ධන නමැත්තා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකට එරෙහිව පිටබැද්දර බ‍්‍රාවෝ හෝටලයේ අධිපති වෙළඳ ව්‍යාපාරියෙක චතුර මනෝහර විසින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) දාඅවසර දෙන ලදී.
Read More >> (2011-11-02)
අත්තිවාරමක් නැති ආර්ථිකයකට යටිතල පහසුකම් සැලසිම
‘යටිතල පහසුකම්’, ලංකාවේ දැනට සුලභව පාවිච්චිවන වචනයකි. මෙයින් අදහස් වන්නේ ලංකාවේ ආර්ථිකයට ක‍්‍රියාත්මක වීමට අවශ්‍ය මූලික පදනම් ගොඩනගමින් පවතින බවය. මූලිකව කෙරෙන්නේ පාරවල් සෑදිමය. එහෙත් මුලින් පැහැදිලිකරගත යුතු ප‍්‍රශ්නය වන්නේ කුමන ආර්ථිකයට යටිතල පහසුකම් හදනවාද යන්නය. කුමන ආර්ථිකයටද යන ප‍්‍රශ්නයකට බලාපොරොත්තු නොවු පිළිතුරක් මේ දිනවල මාධ්‍ය වාර්තාවන ටී එන් එල් මාධ්‍ය ජාලයේ අයිතිකරු වන ශාන් වික‍්‍රමසිංහ කරන ලද පැමිණිල්ලකින් හා ප‍්‍රකාශයකින් පෙනේ. පැමිණිල්ල නම් ඔහුට මරණ තර්ජන එල්ලවි ඇති බවය. එසේ එල්ල වී ඇති මරණ තර්ජන වලට හේතුව ඔහුගේ මාධ්‍ය ජාලයේ සාකච්ඡාවට භාජනය වී ඇති යම් කරුණුය.
Read More >> (2011-11-02)
මහවැසි මැද රොෂේන්ගේ ඝාතනයට සාධාරණය ඉල්ලා සත්‍යග‍්‍රහයක්
රජය මඟින් පෞද්ගලික අංශයේ සේවකයින් සදහා ගෙන ඒමට යෝජිත වූ විශ‍්‍රාම පනත් කෙටුම්පතට එරෙහිව 2011 මැයි 30 වනදා කටුනායක නිදහස් නිදහස් වෙළඳ කලාප අරගලයේදී පොලිස් වෙඩි පහරින් ඝාතනය කෙරුණු රොෂේන් ශානකගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂනයක් පත්වන ලෙසටත් රොෂේන් චානකගේ පවුලේ උදවිට ලක්ෂ 50 ක වන්දි මුදලක් ලබාදෙන ලෙසටත් එම ම්ලේච්ඡ පොලිස් පහරදීම නිසා තුවාල ලැබු සේවක සේවිකාවන්ට කඩිනමින් වන්දි සහ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දෙන ලෙසත් මහානාම තිලකරත්න කොමිෂන් සභා වාර්තාව හෙළිකර එයින් චෝදනා ලැබූ සියලූම තරාතිරම් වල පොලිස් නිළදාරීන්ට එරෙහිව කඩිනම් නෛතික පියවර ගන්නා ලෙස බලකරමින් දෙවෙනි වතාවටත් අද දින පෙරවරු 6 සිට 8 දක්වා සාමකාමී සත්‍යග‍්‍රහයක් කටුනායක ඇවරිවත්ත මන්සංදියේදී පවත්වනු ලැබිණි
Read More >> (2011-11-01)
අතුරුදහන්වුවන් ස්මාරකය කඩා දමන ලෙස කළ ඉල්ලීමට එරෙහිව පැවැති 21 වන සංවත්සරය
කෙදිනක, කෙසේ, කොතැනක මියගියේ දැයි කිසිවෙකු නොදන්නා මිහිකත හැර ගිය දස දහසක් මිනිසුන් වෙනුවෙන් සීදුව, රද්දොළුව මංසන්දියේ ඉදිකර ඇති අතුරුදහන්වුවන්ගේ ස්මාරකය අසල වාර්ෂිකව සැමරෙන ඔක්තෝබර් 27 සමරුම, මෙවරද 21 වන වරට අතුරුදහන්වුන්ගේ පවුල්වල සමාජිකයන්ගේ, පුජ්‍ය පක්ෂයේ, දේශපාලන හා සමාජ කි‍්‍රයාකාරිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත් විය.
Read More >> (2011-10-30)
සීදුව ‘‘අතුරුදහන්වුවන්ගේ සිහිවටනය’’ කඩා ඉවත්කරන ලෙස කතෝලික සභාව ඉල්ලයි
සීදුව මංසන්ධියේ ශාන්ත සිසිලියා දේවස්ථානය අසල ගොඩනගා ඇති අතුරුදහන්වුවන්ගේ සිහිවටනය කඩා ඉවත්කර දෙන ලෙස කතෝලික සභාවේ දේපල භාරකරු ශී‍්‍ර ලාල් මනෝජ් පෙරේරා සහ මීසම් බාර ප‍්‍රසාද් පෙරේරා පියතුමා ඇතුලූ මීසම් සභාව විසින් අද සවස (2011.10.26) සීදුව පොලීසිය වෙත පැමිණ කළ පැමිණිල්ලක් මගින් ඉල්ලා සිටින ලදී. සීදුව ස්මාරකය සම්බන්ධව ශාන්ත සිසිලියා දේවස්ථානයේ පුජක ප‍්‍රසාද් පෙරේරා පියතුමා විසින් 2011 ඔක්තෝබර් 21 වන දින කරන ලද පැමිනිල්ලක් අනුව අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සහාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගෙන් පැයකට ආසන්න කාලයක් තිස්සේ සීදුව පොලීසිය විසින් කටඋත්තර ලබා ගෙන තිබේ. එ සම්බන්ධව වැඩි දුර විභාගය අද දිනට කල් දමා තිබුනි.
Read More >> (2011-10-26)
2011 ඔක්තෝබර් 27- අතුරුදහන්වුවන් පිළිබඳ දිනය සැමරිම අතුරුදහන්වූවන්ගේ සිහිවටනය, රද්දොළුව හන්දිය සීදුව
සීදුවේ රද්දොළුව හන්දියේ අතුරුදහන් වුවන් පිළිබඳව සමරුව, 1991 වර්ෂයේදි ගොඩනගන ලද්දේ, ප‍්‍රදේශවාසි සියළු දෙනාගෙන්ද, සියළුම ආගමික නායකයන්ගේද, සහයෝගය හා ආශීර්වාදය සහිතවය. සෑම වර්ෂයකම ඔක්තෝබර් 26 වන දින දහස් සංඛ්‍යාවක්, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ද, වෙනත් මානව හිතවාදි කණ්ඩායම් ද, එකතුව නොකඩවා පවත්වාගෙන යන උත්සවයක් සෑම වසරකම ඔක්තෝබර් 26 වන දා සිදුවේ. මේ වසරේ ද එය පැවැත්විමට විදිවිධාන යොදවා ඇත.
Read More >> (2011-10-25)
මීගමුවේ අපරාධ රැල්ලට එරෙහිව පූජක හා සිවිල් සංවිධාන එකතුවක්
මිගමුව ප‍්‍රදේශයෙත්, විශේෂයෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයෙත් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ලට එරෙහිවත්, නීතියේ ආධිපත්‍ය කි‍්‍රයාත්මක නොවීම පිළිබදවත් ඉදිරියේ දී ගත යුතු කි‍්‍රයා මාර්ග පිළිබදව මූලික සාකච්ඡාවක් ඊයේ (ඔක්තෝබර් 22) රයිටු ලයිෆ් ආයතනයේ දී පැවත් විය. මෙම සාකච්ඡාව සදහා ගම්පහ ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක සිවිල් සංවිධාන නායකයින් හා ජුජ්‍ය පක්ෂය නියෝජනය කරමින් කතෝලික පූජක තුමන්ලා හා කන්‍ය සොයුරියන් කිහිප දෙනෙකු සහභාගී විය.
Read More >> (2011-10-23)
මාස 3 ක් නිකරුනේ රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරයි
නම් පැටලවීමක් මත අත්අඩංගුවට ගෙන මාස 3 ක් තිස්සේ නිකරුනේ බන්ධනාගරව සිටි ආණමඩුවේ, සුරක්කුලම පදිංචි ආර්.එච්.එම් කීර්තිරත්න විසින් ඉන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට පෙත්සමක් පසුගිය ඔක්තෝබර් 21 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරන ලදී. ඔහු වෙනුවෙන් මෙම පෙත්සම ගොනුකරන ලදදේ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ඇතුලූ නීතිඥ පිරිසක් විසිනි.
Read More >> (2011-10-23)
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපතිගෙන් සීදුව පොලීසිය කට උත්තර ගනී
සීදුව රද්දොළුව ශාන්ත සිසිලියා දේවස්ථානයේ පුජක ප‍්‍රසාද් පෙරේරා පියතුමා විසින් කරනු ලැබූ පැමිනිල්ලක් මත අද සවස (ඔක්තේබර් 21) අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ සහාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ සීදුව පොලීසිය විසින් කටඋත්තර ලබා ගෙන තිබේ. එසේ කටඋත්තර ලබාගෙන ඇත්තේ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් ශාන්ත සිසිලියා දේවස්ථානය ආසන්නයේ 2000 වර්ෂයේ දි ඉදිකරනු ලැබු අතුරුදහන්වුවන්ගේ ස්මාරකය අසලින් තාවකාලික පියගැටපෙළක් ගොඩනැගීමට එරෙහිව අදාල පියතුමා විසින් කරන ලද පැමිනිල්ලක් මතයි.
Read More >> (2011-10-21)
සමන් තිලකසිරිගේ ඝාතනය සම්බන්ධව පැවති නඩුවෙන් සැකකරුවන් නිදහස්, තීරණයට එරෙහි ඇපෑලත් නිෂ්ප‍්‍රභා කරයි
2010 පෙබරවාරි 21 දින ඉගිනියාගල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත ගෙනයන අතරතුරදී මිය ගිය හතරවන පාලම, මොරගහපල්ලම, ඉගිනියාගල පදිංචිව සිටි ඊ.කේ සමන් තිලකසිර්ගේ මරණය සම්බන්ධව අම්පාර මහේස්ත‍්‍රාත් අධිකරණයේ බී/6802 යටතේ පැවැති නඩු විභාගය අවසන් කරමින් එම මරණය මීනීමැරුමක් නොවන බවට ප‍්‍රකාශ කරමින් අදාල පොලිස් නිලධාරීන් පසුගියදා නිදොස්කොට නිදහස් කරනු ලැබීය. මෙම තීරණය අභියෝගයට ලක්කරමින් සමන්තිලකසිරිගේ ඥතීන් විසින් අම්පාර මහාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත්කර තිබු අතර එය පිළිගත් මහාධිකරණය විත්තියේ දේශන සදහා අද දින 2011.10.19 ලබා දී තිබුනි, විත්තියේ දේශනයන්ගෙන් පසු එම ඇපෑල් පෙත්සම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය එහි තිබූ තාක්ෂනික අඩුපාඩු පෙන්වා දෙමින් අදාල නඩුව ඉදිරියට ගෙන යා නොහැකි බව ප‍්‍රකාශ කරමින් නඩුව නිෂ්ප‍්‍රභා කරන ලදී. එම තීන්දුව ලබා දෙමින් විනිසුරුවරිය ප‍්‍රකාශ කර ඇත්තේ නීතියේ ඇති හිල් නිසා අධිකරණයෙන් අද දින විත්තිකරුවන් බේරී ගියත් ඉදිරියේ දී දෙවියන්ගෙන් සමාවක් නොලැබෙනු ඇති බවයි.
Read More >> (2011-10-19)
එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත ලංකාවේ සිවිල් සංවිධාන 9 කින් වෛකල්පිත වාර්තාවක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන සැසිවාරයේ වදහිංසාවට එරෙහිව කමිටුව වෙත ලංකාවේ සිදුවන වධහිංසාවන් හා නීතියේ ආධිපත්‍ය කි‍්‍රයාත්මක නොවීම සම්බන්ධව වෛකල්පිත වාර්තාවක් ලංකාවේ කි‍්‍රයාත්මක ප‍්‍රධාන සිවිල් සංවිධාන 9 ක් විසින් ඉදිරිපත් කර තිබේ. පිටු 40 කින් සමන්විත මෙම වාර්තාව තුලින් නීතිඥයින්ට එල්ලවූ පීඩනයන් සම්බන්ධවත්, මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ නීතිපතිගේ වත්මන් කි‍්‍රයාකාරීත්වය සම්බන්ධවත්, අධිකරණයේ ස්වාධීනත්වයට මතුවී ඇති ගැටළු පිළිබදව හා වධහිංසා වැලැක්වීමේ පණත කි‍්‍රයාත්මක නොවීම හා ස්වාධීන කොමිෂන් සභා කි‍්‍රයාත්මක නොවීම සම්බන්ධව සාකච්ඡාකර තිබේ. මෙම වාර්තාව ඉදිරිපත්කර ඇත්තේ මානව හිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය, විකල්ප ප‍්‍රතිපත්ති කෙන්ද්‍රය, රයිටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, රයිට්ස් නව් ආයතනය, ධිවර සහයෝගීතා සංවිධානය, ඉන්ෆෝම් ආයතනය හා ප‍්‍රතිපත්ති සාකච්ඡා මධ්‍යස්ථානය විසිනි.
Read More >> (2011-10-18)
Page 82 Of 91

<<
1
...
79
80
81
82
83
84
...
91
>>
www.right2lifelanka.org