More News
MORE NEWS
මීගමුව බන්ධනාගාරය ආණමඩුවට ගෙනයාමට සැලසුම්
ලංකාවේ පිහිටා ඇති ඉපැරණි බන්ධනාගාර වලින් එකක් වන මීගමුව, කුට්ටිදුවේ පිහිටා ඇති බන්ධානාගාරය ආණමඩුව වෙත ගෙන යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ආණමඩුව ප‍්‍රදේශයේ අක්කර 40 කින් පමණ සමන්විත භුමියක මෙම නව බන්ධනාගාරය ස්ථාපිත කරන බවට බන්ධනාගාර විශයභාර අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශ කොට තිබුනි. පසුගියදා ආණ්ඩුවේ ප‍්‍රධානීන් ප‍්‍රකාශ කර සිටියේ සෑම නගරයකම හදවත බදු ස්ථානවල දුගද හමන බන්ධානාගර පිහිටා තිබීම නගර සංවර්ධනයට මෙන්ම නගර අලංකරනයට ඉන් බධාවක් වන බවයි. ඒ අනුව වැලිකඩ, බෝගම්බර, ගාල්ල මාතර ඇතුළු ප‍්‍රධාන නගර ආශී‍්‍රතව පිහිටා ඇති බන්ධනාගාර එම ස්ථාන වලින් ඉවත් කර නගරයෙන් පිට පලාත්වලට ගෙන යන්නට සැලසුම් කරන බවත් සදහන් කර තිබුනි. අද සෑම බන්ධනාගාරයක් තුලම රැදවියන් සදහා අවශ්‍ය ලොව පිළිගත් අවම පහසුකම් කිසිවක් නොමැත. නඩු වැඩිවී උසාවි සංකීරණ රට වටේ ගොඩ නැගුවත් සැකකරුවන් හෝ වැරදි කරුවන් දැමීම සදහා බන්ධනාගාර එ ප‍්‍රමාණයට කිසිම රජයක් විසින් ඇති නොකරන ලදී.
Read More >> (2011-05-04)
මුගුරකින් පහරදී අතින් ඇදගෙන ගොස් පොලිස් ජීප් රියේ පිටුපස දොරේ හැප්පුවා
මම වැඩ අවසන් වි රාතී‍්‍ර 8.30ට පමණ පැමිණ අජිත් මල්ලීගේ කඬේ ලගට ගියා. එවිට කිරිදිවැල පොලීසියේ ජීප් රථයක් සමූපකාරයට මෙහා පොඩි කඩය අසල නතර කළා. එම ස්ථානයේ සිටි ආරියසිංහ සහ මහේෂ් යන දෙදෙනා ජීප් රථයෙන් බැස ආ නිලධාරියෙකු විසින් පරීක්ෂා කරනවා දුටුවා. එවිට මිය ගිය ඬේවිඞ් ජීප් රථයේ පිටුපසින් බසිනවා දුටුවා. අර දෙදෙනා පරීක්ෂා කළ නිළධාරියා ඬේවිඞ්ගේ අතින් අල්ලාගෙන මුගුරකින් පහරදී ඇදගෙන විත් බෙල්ල හා නිකට අතරින් අල්ලා ඇදගෙන විත් ඬේවිඞ් ගේ හිස ජීප් රථයේ පිටුපස දොරේ දෙසැරයක් හැප්පුවා. තුවාල වුනාද කියලා මම දැක්කෙ නැහැ. ඉන් පසුව ඇතුලේ සිටි නිලධාරියාට ඬේවිඞ්ව ඇදලා ගන්නා ලෙස පැවසුවාම ඬේවිඞ්ව ඇතුලට අදලා අරගෙන ජීප් එක දංගල්ල ප‍්‍රදේශයට ගියා. කිරිදිවෙල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි අවිවාහකයෙකු වූ ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධව පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයේ දී ලංකා විදුලි බල මණ්ඩලයේ කොන්ත‍්‍රාත් සේවකයෙකු ලෙස කටයුතු කරන අයි.ඞී කුලතිස්ස මහතා සාක්කි දෙමින් එසේ පවසා සිටින ලදී.
Read More >> (2011-05-04)
ආණමඩුව පොලීසිය මිරිස්කුඩු සහිත බෑගයක් ඔලූවට දමා තරුණයෙකුට උඩ එල්ලා පහර දෙයි
ආණමඩුව පොලීසිය විසින් මෙසේ පහරදී තිබෙන්නේ ආණමඩුව, මුදලක්කුලිය ප‍්‍රදේශයේ සැලූන් එකක් පවත්වාගෙන යන 29 හැවිරිදි දෙදරු පියෙකු වූ රවී නිශාන්ත නැමැත්තාටය. 2011/03/17 දින රවී සමග එකට යතුරු පැදියේ ගමන් ගත් තම මිතුරෙකු විසින් ගෙන ගිය රුපියල් තිස්දහසක මුදලක් නැතිවිමක් සම්බන්ධව සැක පිට මෙම තරුණායට මෙසේ මිරිස් කුඩු දමා එල්ලා පහරදී තිබේ. නැතිවී ඇති මුදල් මුදලක්කුලිය ජයනි සර්විස් සෙන්ටර් හි අයිතිකරු ප‍්‍රදීප් උයදකාන්ත නැමැත්තාගේ වන අතර, ඔහු පොලීසියේ සේවය කර දැන් ඉන් ඉවත්වි ව්‍යාපාර කරන අතර, ඔහුට පොලීසිය සමග ලග සම්බන්ධතා ඇති බව වාර්තා වේ. පොලිසියට ගිහින් එමු කියා ප‍්‍රදීප් උදයකාන්ත කළ දැනුම් දිම මත රවී නිශාන්ත උදයකාන්ත සමග එදින රාතී‍්‍ර 7.30 ට පමණ ආණමඩුව පොලීසිය වෙත පැමිණ තිබේ. පොලීසියේ දී ප‍්‍රදීප් උදයකාන්ත එහි සිටි නිළධාරීන් කිහිපදෙනෙකු මුණගැසී ඇත. එ අවස්ථාවේ රවීට විරුද්ධව පැමිණිල්ලක් තිබී නැත. ටික වේලාවකට පසුව පොලිස් නිළධාරියෙකු පැමිණ රවී කැදවාගෙන ගොස් සල්ලි ගත්ත නම් කියපන් කියමින් පිටට පහරවල් කිහිපයක් ගසා කෙලින්ම පොලිස් සිරමැදිරියට දමා තිබේ. ඉන් පසදුව ප‍්‍රදීප් උදයකාන්ත පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකුටම කතා කර දන්වනේ හරියට රාජකාරිය කරන හැටි, එතකොට නැති සල්ලි ඒව් කියා එහි සිටි එස්.අයි. සරත් සමග පිටවී ගොස් තිබේ.
Read More >> (2011-05-04)
අචාර්ය නලීන් සුවාරිස් මිය යයි
ශාස්ත‍්‍රඥයෙකු, ඉතිහාසඥයෙකු කළා හා දේශපානලන විචාරයෙකු මෙන්ම මානව හිමිකම් කි‍්‍රයාධරයෙකු වූ ආචාර්ය නලීන් සුවරිස් මහතා චීන සංචාරයක යෙදී සිටියදී හදිසියේ අභාවප‍්‍රාප්තවී තිබේ. එ මහතාගේ දේහය අපේ‍්‍රල් 30 වනද ශී‍්‍ර ලංකාවට ගෙන එනු එතැයි බලාපොරොත්තු වේ. මානව හිමිකම් කි‍්‍රයාධරයෙකු ලෙස කලක් අප සමග සමීපව කටයුතු කළ නලීන් සුවාරිස් මහතා වත්තල පොලීසිය තුළදී පොලිස් වධහිංසාට ලක්වු ජෙරාඞ් මර්වින් පෙරේරා මහතාගේ සිද්ධිය ඇතුළු පොලිස් වධහිංසාවන්ට මුහුණ පෑ සිද්ධි ගනනාවක දී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටිමින් සැලකිය යුතු වැඩ කොටසක් ඔහු අතින් සිදු කරන ලදී. කලක් වධහිංසාවට එරෙහි ජන සංධානයේ කි‍්‍රයාකාරිකයෙකු ලෙසද ඔහු කටයුතු කරන ලදී. එතුමාගේ හදිසි අභාව පිළිබදව අපගේ බලවත් ශෝකය.
Read More >> (2011-04-29)
ලංකා ඊ නිවුස් කර්තෘට ඇප ලබා නොදේ. නඩුව අවසන් වන තුරු ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කරයි
කිරිඳිවෙල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි අවිවාහකයෙකු වූ ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධව පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුව සම්බන්ධව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය විසින් 2011 අපේ‍්‍රල් 19 වන දින පළකර තිබූ ප‍්‍රවෘත්තිය මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි ප‍්‍රකාශ කරමින් එම ප‍්‍රවෘත්තිය පළකළ ශාන්ත විජේසුරිය මහතා අත්අඩංගුවට ගෙන අද දින (28) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුනි. ඒ අනුව කිරිදිවෙල පොලීසියි විසින් ශාන්ත විජේසුරිය මහතා අත්අඩංගුවට ගෙන පසුගිය 26 වන දින අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර අද දින දක්වා රිමාන්ඞ් බන්ධනාගර ගත කර තිබුනි. මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ ශාන්ත විජේසුරිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය විසින් පළකර තිබූ එම ප‍්‍රවෘත්තිය අසත්‍ය තොරතුරු මත පදනම් වූ ප‍්‍රවෘතියක් බවත්, පලවූ එම ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා ඇති බවත්, ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය වෙත දන්වා සිටි ලදී.
Read More >> (2011-04-28)
ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය 28 දක්වා රිමාන්ඞ්
(ලංකා ඊ නිව්ස් -2011.අපේ‍්‍රල්.26, ප.ව.3.25) පළ කරන ලද පුවතකින් අධිකරණයට අපහාස කළේය යන චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් මත කිරිඳිවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ‘ලංකා ඊ නිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ලබන 28 වනදා බ‍්‍රහස්පතින්දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත‍්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය. මෙම නියෝගය කළේ දිසා විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය විසිනි. විජේසූරිය මහතා අධිකරණයට ඉදිරිපත් කළ කිරිඳිවෙල පොලීසිය සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් නොමැති හෙයින් ඔහු අපේ‍්‍රල් 28 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Read More >> (2011-04-26)
විශ‍්‍රාමික ගුරුවරයෙකුට පහරදී දත් තුනක් කඩා දැමීමට එරෙහිව ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගන්නා ලෙසට බලපෑම්
විශ‍්‍රාමික ගුරුවරයෙකු වූ කේ. එ හේමසිරි මහතාට මාතර හක්මන පොලිසියේ ස්ථානාධිපති විසින් අමානුෂිකව පහරදී දත් තුනක් කඩා දැමීම සම්බන්ධව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යාමට 2010.01.20 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර දී තිබුනි. හක්මන වේපතඉර පදිංචිකරවෙකු වන හේමසිරි මහතා එක්සත් ජාතික පක්ෂයේ හක්මන ආසනයේ කොට්ඨාෂ කළමනාකරු වන අතර, 2009 දෙසැම්බර් 20 මාතර පැවැති පොදු විපක්ෂ සංධානයේ මහජන රැස්වීමේ හක්මන ආසනයේ ප‍්‍රචාරක කටයුත්තකට දෙසැම්බර් 19 වන දින සුදානම්ව සිටින අවස්ථාවේ එතනට පැමිණි හක්මන පොලීසියේ ස්ථානාධිපති කමල් අමරසිංහ විසින් මෙම පහරදීම සිදුකර තිබේ. මෙම අමානුෂික පහරදීමට එරෙහිව ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අගවිනිසුරු හා ශිරාණි තිලකවර්ධන, එස්. අයි. ඉමාම් යන විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ 11 වන හා 14, 1 ආ වගන්තීන් උල්ලංඝණය කිරීමට එරෙහිව මෙම පෙත්සම ඉදිරියට ගෙන යාමට අවසර දෙන ලදී.
Read More >> (2011-04-25)
මේ විදියට චෝදනා ඉල්ලා අස්කරගන්න නීතිපතිට බලයක් නෑ - අගවිනිසුරු
සාපරාධී චෝදනා මත පවරා ඇති නඩුවක චූදිතයකුට එරෙහිව සාක්ෂි තිබේ නම් එවැනි චෝදනා ඉල්ලා අස්කර ගැනීමේ බලයක් නීතිපතිට නොමැති බව අගවිනිසුරු අශෝකද සිල්වා මහතා සදහන් කරයි. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රබල දේශපාලන්ට එරෙහිව අධිකරණයේ විභාග වූ නඩු කිහිපයක් වත්මන් නීතිපති මොහාන් පීරිස් මහතා විසින් ඉල්ලා අස්කරගෙන තිබීම සම්බන්ධයෙන් බී.බී.සී සේවය අගවිනිසුරුවරයාගේ කළ කරුණු විමසීමකදී එ මහතා මේ බව සදහන් කොට තිබේ.
Read More >> (2011-04-25)
ආනමඩුව පොලීසිය වරෙන්තුවකට වෙනත් අහිංසකයෙකු අල්ලා මාස තුනක් රිමාන්ඞ් කරයි
ආණමඩුවේ පදිංචි කීර්තිරත්න දෙදරු පියෙකි. මීට අවුරුදු පහකට පෙර කීර්තිරත්න දරුණු රිය අනතුරකට ලක්වී හිසේ ඇතිවූ බරපතල තුවාලය මත විටින් විට සිහි මුර්ජා වන තත්ත්වයකට පත්වන රෝගියෙකි. 2010 වර්ෂයේ පල්ලම ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් මත ආනමඩුව පොලීසිය විසින් එම ආරවුලට සම්බන්ධ පාර්ෂයේ පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර තිබුනි. මෙම ආරවුලට සම්බන්ධව එක් පුද්ගලයෙකු අධිකරනය වෙත ඉදිරිපත් නොවීම මත ඔහුට වරෙන්තුවක් නිකුත් කර ඇත. එම සිද්ධියට අදාල වරෙන්තු කරුගේ නම වන්නේ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ කීර්ති ජයරත්න වන අතර ආනමුඩුව පොලීසිය විසින් ඔහු වෙනුවට රාජකරුණා හේරත් මුදියන්සේලාගේ කීර්තිරත්න වන මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාස තුනක් තිස්සේ රක්ෂිත බන්ධනාගරයේ රදවා තබා ඇත.
Read More >> (2011-04-24)
ලංකා ඊ නිවුස් කර්තෘ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග - කිරිඳිවෙල ඬේවිඞ් අමරසිංහ ඝාතණ නඩුව
නීතිපති තවත් දෙදෙනෙක් චෝදනා නැතැයි නිදහස් කරන්න කියලා මහේස්ත‍්‍රාත් සලකා නැ මැයෙන් පලවූ ලංකා ඊ නිවුස් හි ශාන්ත විජේසුරිය විසින් 2011 අපේ‍්‍රල් 19 වන දින පළකර තිබූ ප‍්‍රවෘත්තිය මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි ප‍්‍රකාශ කරමින් එම ප‍්‍රවෘත්තිය පළකර ශාන්ත විජේසුරිය අත්අඩංගුන්‍ට ගෙන ලබන අපේ‍්‍රල් 28 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූගොඩ මහේස්ත‍්‍රාත් අරවින්ද පෙරේරා මහතා විසින් නියෝග කරන ලදී. කිරිඳිවෙල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි අවිවාහකයෙකු වන ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධව අපේ‍්‍රල් 20 වන දින පැවැති මූලික නඩු විභාගයේදී පුගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී මෙම නියෝගය ලබා දෙන ලදී.
Read More >> (2011-04-22)
මීගමුව පොලීසිය නැවතත් තරුණයෙකුට පහර දෙයි
මීගමුව, කදිරාන ප‍්‍රදේශයේ සිදුවූ හරක් සොරකමක් සම්බන්ධයෙන් සැකයයි පවසා 2011.02.27 වන රාත‍්‍රියේ කදිරාන ප‍්‍රදේශයේ පදිංචිව සිටින තිස් එක් හැවිරිදි එක් දරු පියෙකු වූ මෛතී‍්‍ර නාරද නැමැතාට මීගමුව පොලීසියේ නිළධාරීන් පිරිසක් බීමතින් පැමිණ අත්අඩංගුවට ගෙන අමානුෂීය ලෙස වධහිංසා කළ බව වාර්තා වේ. 2011.02.27 වන දින රාත‍්‍රී‍්‍ර 10.30 ට පමණ නාරදගේ නිවසට පැමිනි මීගමුව පොලීසියේ නිළධාරීන් නාදරව අත්අඩංගුවට ගෙන කදිරාන ප‍්‍රදේශයට ගෙන ගොස් ජීප් රථයේ පිටුපස පාද එලියට සිටින සේ හාන්සිකර හරක් සොරකමක් සම්බන්ධව ප‍්‍රශ්ණ කරමින් විකට් කූරකින් නාරදගේ යටිපතුල්වලට පහරදී තිබේ.
Read More >> (2011-04-22)
අධිකරණයේ හැසිරීම සම්බන්ධව රජයේ නීතිඥවරයාට පූගොඩ මහෙස්ත‍්‍රාත්වරයාගෙන් අවවාද
කිරිදවෙල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි අවිවාහකයෙකු වන ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධව පුගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී පැවැත්වෙන මූලික නඩු විභාග පසුගිය මාර්තු 31 වනදා සහ අපේ‍්‍රල් 08 වනදා පැවැත් විනි. පසුගිය මාර්තු 17 වන දින මෙම නඩුව අඩගැසුනු අවස්ථාවේ මෙම නඩුවේ විත්තිකරුවන් වන කිරිදිවැල පොලීසියේ උ.පො.ප ඩබ්.එස් කුලරත්න හා පොලිස් කොස්තාපල් ලක්ෂ්මන් ද සිල්වා යන පොලිස් නිළධාරීන් මුදාහරින ලෙස නීතිපති විසින් දි තිබූ උපදෙස් නැවත සලකා බලන ලෙස නියෝග කරමින් සැක කරුවන් නැවත රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට පුගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඩබ්. අරවින්ද පෙරේරා පසුගියදා නියෝග කරන ලදී.
Read More >> (2011-04-19)
ඕනෑම නඩු තීන්දුවක් විවේචනය කිරීමට පුරවැසියෙකුට සම්පූර්ණ අයිතිය තියෙනවා ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ලංකාවේ මෑතක සිට ඇති කණගාටුදායක තත්ත්වය තමයි අධිකරණ තීන්දු පිළිබඳ විවේචනාත්මක විගරවේ හයන් සිදු වීම අඩුවීම. ඕනම නඩු තීන්දුවක් විවේචනය කිරීමට පුරවැසියෙකුට සම්පූර්ණ අයිතිය තියෙනවා. නමුත් එය කළ යුත්තේ අධිකරණයට අපහාස නොකරයි. අසවල් විනිශ්චයකාරයා අසවල් තීන්දුව දුන්නේ අසවල් හේතුව නිසා යැයි කිව්වොත් එය අධිකරණයට අපහාස කිරීමක්, නමුත් අධිකරණ නඩු තීන්දුවක් පිළිබඳව හේතු සහිත විවේචනයක් කිරීම අධිකරණයට අපහාසයක් නෙවෙයි. ලංකාවේ දැන් තියෙන ප්‍රවණතාවය වී ඇත්තේ එසේ අධිකරණ තීන්දු විවේචනයට ලක් නොවීමයි.
Read More >> (2011-04-18)
කටුනායක ගුවන් තොටුපලේ දී කාන්තාවක් දූෂණය කිරීමේ නඩුව විත්තිකරුව හඳුනා ගත් බවට මහේස්ත‍්‍රාත්වරිය සාක්ෂි දෙයි
‘‘ මෙම නඩුවට අදාල සිද්ධියේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වූයේ මා විසින්. එම පෙරෙට්ටුව මා නීත්‍යානුකූලව පැවැත්වූවා. එහිදී මෙම නඩුවේ පැමිණිලිකාරිය විසින් දැන් විත්ති කූඩුවේ සිටින විත්තිකරුව පමණක් හඳුනා ගත්තා. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් පසු මෙම විත්තිකරුව විවෘත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මම නියෝග කලා ’’ යැයි මීගමුව වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතීඥ රම්‍යාකාන්ති පීරිස් මහත්මිය, මීගමුව මහාධිකරණයේ විභාග වෙමින් පවතින H/C 162/09 නඩුවේ 2011.03.10 දිනට අදාල නඩු විභාගයේදී මීගමු මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහාතා හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. මහේස්ත‍්‍රාත්වරිය මෙසේ සාක්ෂි දුන්නේ 2005 ඔක්තෝබර් 10 වන දින ගෘහ සේවිකාවක වශයෙන් මැදපෙරදිග විදේශ ගත වීමට පැමිණි නිකදඵපත පදිංචි 23 හැවිරිදි තරුණියකට කටුනායක ගුවන් තොටුපල පර්යන්තය තුලදී ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් විසින් බිය ගන්වා බලහත්කාරයෙන් අතවර කිරීමක් සම්බන්ධයෙන් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ මූලික නඩු විභාගයකින් පසුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේදීය.
Read More >> (2011-04-18)
ආණමඩුව පොලිසිය ගොවියෙකුට එල්ලා පහර දෙයි
නිහාල් ද සිල්වා ගොවිතැනට අමතර වාහන, නිවාස විකුණා දීම සම්න්ධව බෝකර්වරයෙකු ලෙසද කටයුතු කරයි. තී‍්‍ර විලර් රථයක් විකිණීම සම්බන්ධව සිදු කළ ගණු දෙනුවකදී සිදුවූවායැයි කියන මුදල් සොරකමක් සම්බන්ධව සැක කොට නිහාල් සිල්වා ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන එල්ල පහරදී තිබේ. 2011.01.02 දින නිහාල් ද සිල්වා ඔහු කුඹුරේ තෙල් ගසමින් සිටින අවස්ථාවේ ඔහුගේ ජංගම දුරකතනයට ආණමඩුව පොලීසියේ සාජන් රංජි විසින් කරන ලද දැනුම් දීම මත නිහාල් කුඹුරු වැඩ අවසන් වී සවස 5.30ට පමණ ආණමඩුව පොලීසිය වෙත ගොස් තිබේ. එහිදී ඔහුට පණිවුඩය ලබා දුන් සාජන් රංජි මුණගැසී කාරණාව ගැන විමසා ඇති අතර සාජන් රංජිව විසින් උ.පො. පරීක්ෂක සරත් පැමිණෙන තෙක් සිටිනා ලෙස දන්වා තිබේ. රාතී‍්‍ර 7.30 ට පමණ උප පොලීස් පරීක්ෂක සරත් පැමිණ ඇති අතර නිහාල් ද සිල්වා පොලිස් ස්ථානයේ පිටුපස ඇති කළුවර කාමරයටක ගෙන ගොස් කඹයකින් උඩ එල්ලා ඉතා කෲර ලෙස පහරදි තිබේ. මෙම පහරදීමට එ්කනායක හා රංජි නැමැති නිලධාරීන්ද සහභාගී වී තිබේ.
Read More >> (2011-03-25)
පෝද්දල පොලීසිය කාන්තාවන් දෙදෙනෙකුට අමානුෂිකව පහරදී එක කාන්තාවකගේ අතක් කඩයි.
ඇදුරන්විල, වව්ලූගල කන්ද, පෝද්දල පදිංචි 32 හැවිරිදි කේ.ඒ. සරානි එක් දරු මවකි. සරනිගේ නිවස ඉදිරිපිටින් මාතර කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. මෙම අධිවේගී මාර්ගය ආරම්භ කළ දින සිට මෙහි සේවකයන් විසින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වාහන වලින් ඞීසල් හොරෙන් ගෙන කෑන් වලට පුරවා සරනිගේ ඉඩම කොනක සගවා තබවයි. මේ පිළිබදව ඔහුගේ පුරුෂයා වන ඞී. වීරගුණරත්න සහබන්දු විසින් ව්‍යාපෘතියේ නිලධාරීන්ට දන්වා ඇතත් එය තාවකාලිකව නැවතී නැවත මෙම ජාවාරම සිදුවි තිබේ. පසුව අදාල ව්‍යාපෘතියේ ෆෝමන් වරයාට මගේ ඉඩමේ සිට මෙම ජාවාරම කරන්නේ නැතුව ඕන තැනක දාගන්නා ලෙස දැනුම් දී ඇතත් පසුව ටික දිනක් නැවතී නැවතත් ඔහුගේ ඉඩමේ මෙම ඞීසල් කෑන් සගවා තිබෙනු දැක තිබේ. පසුව මේ පිළිබදව පොද්දල පොලීසියට කිහිප විටක්ම ගොස් පැමිනිලි කර ඇත. ස්ථානාධිපතිවරයා තමුන්ගේ වැඩක් බලාගන්නා ලෙස බැන වරෙක සහබන්දු පන්නා දමා තිබේ. දැනට අවුරුදු 5 ක් පමණ තිස්සේ සිදුවන මෙම ඞීසල් ජාවාරමට පොලීසිය සෘජුව සම්බන්ධ බව සරානි සහ සහබන්දුගේ අදහසයි. දිගින් දිගටම තමුන්ගේ වත්ත තුල නීති විරෝධීව සිදුවන මෙම ඞීසල් ජාවාරම නිසා දිනක් සහබන්දු විසින් ඔහුගේ ඉඩමේ සගවා තිබු ලොකු ඞීසල් කෑන් 12 ක් පමණ පිහියකින් ඇණ පලා ඞීසල් බිමට යාමට සලස්වා තිබේ.
Read More >> (2011-03-23)
ගන්දර මධ්‍යමහා විද්‍යාලයේ ගුරුවරයෙකු 13 හැවිරිදි දරුවෙකුට අමානුෂිකව පහර දෙයි
මාතර ගන්දර මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන සිරිල් අබේධීර විසින් එම පාසැලේම ඉගෙනුම ලබන සිසුවෙකුට සිදුකල අමානුෂික පහරදීම හේතුවෙන් අදාල සිසුවා රෝගාතූරව මාතර තලල්ල ග‍්‍රාමීය රෝහලේ දින තුනක් ප‍්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යරුන් විසින් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාතර මූලික රෝහල වෙත යොමුකර තිබේ. මාතර මූලික රෝහලේ දින දෙකක් නේවාසික ප‍්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී පරීක්ෂණ ගණනාවක් සිදුකර ඇත. 2011 මාර්තු 04 වන දින පාසැල තුළ දී මෙසේ පහරදීමට ලක්ව ඇත්තේ දෙව්රම්පුර, කපුගම, දෙවිනුවර ලිපිනයේ 13 හැවිරිදි ඉෂාන් මලීෂ නැමැති හත්වැනි වසරේ ඉගැනුම ලබන සිසුවෙකු වෙතය. පාසැල් විවේක කාලයේ පන්ති කාමරය වෙත පියබා පැමිණි පරවියෙකු එලවීම සම්බන්ධව ප‍්‍රශ්ණ කිරීමෙන් පසුව ඉහත ගුරුවරයා විසින් පරවියා එලවා දැමීමට තමන් සම්බන්ධ වූ බව පිලිගන්නා ලෙස බලකර ඇති අතර, ඉෂාන් එම සිද්ධියට සම්බන්ධ නැති බව ප‍්‍රකාශ කිරීමත් සමග ඇල්බීසිය ලීයක් කැඩෙනතුරු ඉහත ගුරුවරයා විසින් හිසට දෙවුර හා කළව ප‍්‍රදේශයන්ට ඉෂාන් වෙත පහරදි තිබේ.
Read More >> (2011-03-22)
මැ.කෝ විසින් නඩු වැටුණු පළාත් පාලන ආයතන සියල්ලෙහි මැතිවරණ කල් දැමීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීයි.., සිරිතුංග ජයසුරිය
අධිකරණයේ පවතින නඩු දඩමීමා කරගෙන මැතිවරණ කොමසාරිස්වරයා නඩු වැටුණු පළාත් පාලන ආයතන සියල්ලෙහි මැතිවරණ කල් දැමීම ඉතා අසාධාරණ හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් මෙන්ම එය වැරදි පුර්වාදර්ශයක්. මෙම පුර්වාදර්ශය මත කිසියම් පුද්ගලයෙකුට හෝ පක්ෂයකට ඉදිරියේ දී ලංකාවේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී සියළුම නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප වන ආකාරයට හිතා මතා කටයුතු කර එය ප‍්‍රතික්ෂේප වූවාට පසුව නඩු පවරා සියළුම දිස්ති‍්‍රක්ක වල මැතිවරණ කල් දැමීමට හැකියාවක් ඇති බව පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා විසින් සියළුම දේශපාලන පක්ෂ නායකයන් කැදවා කරන ලද රැස්වීමේ දී තමන් විසින් පෙන්වා දුන් බවත් එය මැතිවරණ කොමසාරිස් පිළිගත් බවත් පැවසීය. එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය සහෝදරයා මෙම අදහස් දැක්වුවේ කරුවලගස්වැව, සාලිය වැව, එක්සත් වෙළෙද සංගම් ශාලාවේදී පෙබරවාරි 28 පැවැති නිදහසේ වේදිකාවේ සම්මන්ත‍්‍රණයක් අමතමිනි.
Read More >> (2011-03-01)
වාර්තා කරන්න ගිහිල්ලා කිහිප විටක්ම දේශපාලන මැරයින්ගේ පහරදීම් වලට ලක්වුණා සිරස මාධ්‍යවේදී යූ. කේ. පේ‍්‍රමලාල් මහතා
රට තුල සිදුවන ඒක පාර්ශවීය මාධ්‍යකරණය සහ ඉන් මිදීම පිළිබඳව වැඩමුඵවක් ගම්පහ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය පෙබරවාරි 26 වන සෙනසුරාදා ජා-ඇල ඒකල සර්ෆිට් උත්සව ශාලාවේදී පැවැත්වුණි. මෙම වැඩමුළුව ගම්පහ දිස්ති‍්‍රක් මාධ්‍යවේදී පදනම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා එක්ව සංවිධානය කර තිබුණි. ගම්පහ දිස්ති‍්‍රක්කයේ සිය`ඵම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය වන පරිදි ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙම සාකච්ඡුාවට සහභාගී වූ අතර සමබර වාර්තාකරණයක යෙදීමට ඇති අපහසුතා මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡ විය. මෙහිදී තම අත්දැකීම් හුවමාරුකර ගැනිමට අවස්ථාවක්ද මාධ්‍යවේදීන්ට හිමිවිය. එහිදී අදහස් දැක්වූ සිරස ටීවී ප‍්‍රාදේශීය වාර්තාකරු යූ. කේ. පේ‍්‍රමලාල් මහතා ‘‘මම අවස්ථා කිහිපයකදීම ප‍්‍රවෘත්ති වාර්තා කරන්න ගිහිල්ලා ප‍්‍රාදේශීය දේශපාලන බලවතුන්ගේ ගෝලයින්ගේ සහ මැරයින්ගේ පහරදීම් වලට ලක්වුනා. එ් හැම අවස්ථාවකම වගේ එ් අසල සිටිය ඉහළ පොලිස් නිලධාරීන් අහක බලාගෙන සිටියා. මම ඔවුන්ගෙන් රැුකවරණය ඉල්ලූවත් එ්ක ලැබුනේ නැහැ. එක් අවස්ථාවක මගේ කැමරාව හා ජංගම දුරකථනය පවා ඔවුන් උදුරා ගත්තා. ඉහළ පොලිස් නිලධාරීන්ට එම අවස්ථාවේ මම එ් පිළිබඳව දැනුම් දුන්නා. එවිට ඔවුන් මගෙන් ඇහුවා ඇයි ඔයා මෙතනට ආවේ කියල. පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදීත් මා අමානුෂික ප‍්‍රහාරයකට ලක් වුනා. මට කිහිපවරක් පහරදීම් සිදු වුනත් එ් පිළිබඳව මම නීතිමය පියවර ගන්න උත්සාහ නොගත්තේ මගේ ජීවිතයට හානියක් විය හැකි නිසයි. මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. සමහර අවස්ථාවල මාධ්‍ය ආවරණය ස`දහා ගිහින් රාතී‍්‍ර දෙක තුනටත් මා තනියෙන් ගෙදර එනවා.. කොයි වෙලේ අනතුරක් සිදු වේ දැයි දැඩි බියකින් මා ඉන්නේ.. ’’
Read More >> (2011-02-28)
සමන් තිලකසිරිගේ ඝාතනය සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණ සහ නඩු විභාගය සාධාරණව හා ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිට පෙත්සමක්
2010 පෙබරවාරි 21 දින ඉගිනියාගල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත ගෙනයන අතරතුරදී මිය ගිය හතරවන පාලම, මොරගහ පල්ලම, ඉගිනියාගල පදිංචිව සිටි ඊ.කේ සමන් තිලකසිරි මරණය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම නඩු විභාගය වේගවත් කරන ලෙසත් ඉල්ලා ප‍්‍රදේශවාසීන් විසින් ජනාධිපතිතුමාට පෙත්මක් ඉදිරිපත්කර තිබේ. ඔහුගේ පළමුවන අනුස්මරණ උත්සවය පසුගිය 25 වන දින ඉගිනියාගල, මොරගහපල්ලම මහා විද්‍යාලීය ශාලාවේ පැවැත් විය. එම උත්සවයෙන් පසුව ජනාධිපති වෙත යවන මහජන පෙත්සම ප‍්‍රදේශ වාසීන් විසින් අත්සන් කරන ලදී. මෙම පෙත්සම සම`ග සමන් තිලකසිරිගේ සොයුරා වන ඒ. ආර් කරුණාරත්න විසින් ජනාධිපතිතුමා වෙත යැවු ලිපියේ මෙසේ සදහන් වේ.. දෙදරු පියෙකු වූ ඔහු, අප මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයා කාරිකයෙකු විය. සෑම මැතිවරණයකදීම පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කි‍්‍රයා කරන ලදී.
Read More >> (2011-02-25)
වසර 125 කට පසු නීතිපති දෙපාර්තමේන්තුවේ අවනීතිය රජවෙලා රජයේ නීතිඥවරු දෙකට බෙදිලා
වසර එකසිය විසිපහක් පුරා අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවැති නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමෙන් පසු නීතිපතිවරයා දැඩි පක්‍ෂග‍්‍රාහී ස්වරූපයකින් නීතිය තමන්ට අවශ්‍ය අයුරින් සකසමින් කරගෙන ක‍්‍රියා පටිපාටිය නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥ වරුන් දෙපිල බෙදී ඇතැයි ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වේ. පැහැදිලි සාක්කි තිබියදී චූදිතයන් නිදහස් කිරීමට කටයුතු කිරීමත් සාක්කි නොමැති පුද්ගලයන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව සාක්කි සාදමින් සිරගත කර තැබීමටත් ඉතා නිර්ලජ්ජිත ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම නිසා තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරනවා යැයි කීමට පවා ලජ්ජා සිතෙන බව දැනට එහි සේවය කරන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු සොලිසිටර් වරු බොහෝ දෙනෙක් පවසති. පැහැදිලි සාක්කි සහිතව චෝදනා ලැබ තිබූ හිටපු මන්ත‍්‍රී චන්දන කත‍්‍රිආරච්චි, පා. ම. අබ්දුල් කාදර්, සමන් දේවාලයේ බස්නායක ඇන්ටන් සේනානායක මහත්වරුන්ට චෝදනා ඉවත් කරමින් නිදහස් වීමට සැලැස්වීමත් හිඟුරක්ගොඩ අධිකරණයේ විභාග වන නඩුවකදී අමාත්‍ය අර්ල් ගුණසේකරට වාසි සිදුවන අන්දමට නියෝග නිකුත් කිරීමත් ඉන් ශ්‍රේෂ්ඨාධිකරනය පවා හැල්ලූ කිරීමත් නීතිපති මොහාන් පීරිස් මහතාගේ පක්‍ෂග‍්‍රාහී හැසිරීමට නිදසුන් ලෙස ඔව්හු පවසති.
Read More >> (2011-02-17)
Page 83 Of 87

<<
1
...
80
81
82
83
84
85
...
87
>>
www.right2lifelanka.org