More News
MORE NEWS
පරිස්සමෙන් ඔබටත් මෙවැනි දුරකථන ඇමතුම් ලැබිය හැකියි
හක්මන වේපතඉර පදිංචිකරුවෙකු හා විශ‍්‍රාමික ගුරුවරයෙකු වූ කේ. ඒ හේමසිරි මහතාගේ නිවසට පසුගියදා (2011.08.17) හදිසියේ දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ඒ අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි බැවින් හේමසිරි මහතාගේ බිරිදට කතා කළ තැනැත්තා තමන් වව්නියාව ත‍්‍රස්ත විමර්ශණ එක්කයේ අයි.පී. ගුණවර්ධන බවත් හේමසිරි මහතාගේ දුරකථනයෙන් ගත් ඇමතුම් සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ නිසා ඔහු සිටිනා ස්ථානයේ දුරකතන අංකයක් ඉල්ලා තිබේ. ඒ අනුව හේමසිරි එම අවස්ථාවේ ඔහුගේ පුතාගේ නිවසට ගොස් සිටි නිසා එම දුරකථන අංකය ඔහුට ලබා දී තිබේ.
Read More >> (2011-08-22)
රොෂේන් චානකගේ ඝාතනයට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොලිස් නිළධාරීන් දෙදෙනාට ඇප
රජය විසින් ගෙන ඒමට නියමිත ව තිබූ පෞද්ගලික අංශයේ යෝජිත විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහි ව මැයි මස 30 වන දා කටුනායක වෙළඳ කලාප සේවකයන් විසින් මෙහෙයවන ලද උද්ඝෝෂණයට අමානුෂික අන්දමින් පොලිසිය විසින් පහර දෙනු ලැබිණි. මෙම පොලීසියේ මෘග ප‍්‍රහාරයෙන් කලාප සේවක සේවිකාවන් 300කට ආසන්න ප‍්‍රමාණයක් බරපතල තුවාල ලැබූ අතර පොලීසිය විසින් සිදුකරනු ලැබු වෙඩි තැබීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු වෙඞී වැදී රෝහල් ගතකරන ලදී. වෙඞී වැදීමෙන් තුවාල ලැබු කිහිප දෙනෙකු මේවනවිටත් ප‍්‍රතිකාර ලබමින් සිටී. පොලීසියේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගතකිරීමට පොලීසිය විසින් බාධා කිරීම නිසා රොෂේන් චානක (22) තරුණයා මරණයට පත් විය. මරණයට හේතු ලෙස වෙඩි පහර උකුල් ඇටය ප‍්‍රදේශයෙන් සිරුරට ඇතුළු වී අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට සිදු කරන ලද බරපතල හානි සහ අධික ලෙස සිදු වූ රුධිර වහනය වීම ලෙස ප‍්‍රකාශ වූ අතර මෙම උද්ඝෝෂණයට පහරදීමේ වගකීම භාරගනිමින් පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඉල්ලා අස්වූ බව ප‍්‍රකාශ වූ නමුදු පසුව ඔහු බ‍්‍රසීලයේ තානාපති තනතුරට යෝජනා වූ බව මාධ්‍යයන්හි පලවිය.
Read More >> (2011-08-17)
සම්පත් පෙරේරා නිදහස් ?
මීගමුව, තලාදුව පදිංචි සම්පත් පෙරේරා 2009/07/29 වන දින කදිරාණ දේවස්ථානය වෙත ගොස් සිටි අවස්ථාවේ එහි ඇති පිංකැටය කැඞීම සම්බන්ඳයෙන් ගම්වාසින් විසින් සැක කොට පහර දි මීගමුව පොලීසීය වෙත භාරදී තිබුනි. ගම්වාසීන් විසින් සිදුකල මෙම පහරදීම නිසා සම්පත්ගේ පාදයේ අස්ථියක් බිදී ගොස් තිබුනි. මෙසේ අමානුෂිකව සම්පත්ට පහරදෙනු දුටු 15 හැවිරිදි දරුවෙකු තමන් පිං කැටය කඩා රුපියල් 38 ක මුදලක් ගත් බවත් සම්පත් ඊට සමිබන්ධ නැති බවටත් ප‍්‍රකාශ කර සිටියදීත් සම්පත්ට අමානුෂීය ලෙස පහර දී තිබුනි. පොලිසියට භාර දිමෙන් අනතුරුව ස්ථානාධිපති සෝමසිරි ලියනගේ (රත‍්‍රං සොරකමක් සම්බන්ධයෙන් මේ වනවිට අත්තඩංගුවට ගැනීමට සොයන) විසින් සම්පත් ගේ අස්ථි බිඳී ඇති කකුලට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීම වෙනුවට සිදු කොට ඇත්තේ තමන්ගේ බූට්ස් පැලැඳි දෙපා වලින් බිඳි ඇති පාදය වෙත පහර දී වරද පිලිගන්නා ලෙස තර්ජනය කිරිමයි.
Read More >> (2011-08-16)
විශේෂ බලකා සෙබල මධුෂංකගේ මරණය සියදිවිනසා ගැනීමක්ද? ඝාතණයක්ද?
විශේෂ කාර්යය බලකා සේවයේ යෙදි සිටියදි මිය ගිය සෙබළෙකුගේ සිරුරක් පසුගියදා නැවත ගොඩ ගැනුනා. මෙලෙස ගොඩ ගනු ලැබුවි 2010 වසරේ අගෝස්තු මාසයේ දී තම සේවා ස්ථානය තුළදී වෙඩි තබාගෙන සියදිවි නසාගනු ලැබුවේ යැයි හමුදාව විසින් පවසා භූමදානය කරනු ලැබු තුම්මෝදර පදිංචිව සිටි විසි හැවිරිදි එන්. පි. මධුෂංක නැමැත්තාගේ සිරුරයි. මෙම මරණය සැක සහිත මරණයක් බවට මුලතිව් අධිකරණය හමුවේ මධුෂංකගේ මව විසින් ගොනු කර තිබූ නඩුවකට අනුව ලද නියෝගයක් මත මෙම මරණය මීනීමැරුමක් විය හැකි බවට සැකකර සිරුර නැවත පසුගිය ජුලි 26 දා නැවත ගොඩ ගන්නා ලදි.
Read More >> (2011-08-16)
රොෂේන්ගේ මරණය සම්බන්ධව සාධාරණ නඩු විභාගයක් ඉල්ලා උද්ඝෝෂණයේ
කටුනායක නිදහස් වෙළඳ කලාපයේදි වෙඩි තබා ඝාතනය කල රොෂේන් ශානකගේ නඩු දිනය යෙදි තිබු අද දිනයේ (2011.08.15) එම ඝාතනය හෙළා දකිමින් එ වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලමින් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිටදි සාමකාමි උද්ඝෝෂණයක් පැවැත් වුණි. මෙම උද්ඝෝෂණය සදහා රෝෂේන් ශානකගේ පවුලේ ඥතීන්, පුජ්‍ය පක්ෂය, ප‍්‍රදේශයේ මානව හිමිකම් කි‍්‍රයාකාරිකයන් වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගී වූ අතර එ අවට විශාල පොලිස් ආරක්ෂාවක් සපයා තිබුණි. උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට පැමිනි උප පොලිස් පරීක්ෂකවරයෙකු උද්ඝෝෂණයේ සංවිධායෙකු වූ බි‍්‍රටෝ ප‍්‍රනන්දු මහතා වෙත පැමිණ සහකාර පොලිස් අධිකාරි ආනන්ද ප‍්‍රනාන්දු මහතා එන්න කියූ බව පවසා තිබේ.
Read More >> (2011-08-15)
මහජන කොමිෂන් සභා පිහිටුවීමේ මුලික සාකච්ඡා
ඔබටත් මටත් උරුමයෙන් යම් කිසි අයිතිවාසිකම් කොටසක් හිමිවී තිබේ. නමුත් එම හිමිකම් දීර්ඝ කාලයක් තිස්සේ බුක්ති නොවිද සිටි නිසා එම හිමිකම් වල ඇති වරප‍්‍රසාදය කිසිදා ඔබට ලබා ගැනීමට නොහැකිව ඇත. ඉතාම සුළු පිරිසක් එම උරුමයේ වරප‍්‍රසාදය ලබමින් සිටින අතර බොහෝ අය එවැනි උරුමයක් තමන්ට ඇති බව පවා පිළිනොගනී. නොඑසේනම් එ පිළිබදව නොදනී. බොහෝ කලක් තිස්සේ තමන්ට ඇති උරුමය බුක්ති නොවිද සිටීම නිසාත්, එය අන් අය බුක්ති විදින නිසාත්, අද අපගේ එම උරුමයන් බලවතුන්ගේ ‘‘බුක්තියට සවිවී’’ අපෙන් අහිමිවෙමින් තිබේ.
Read More >> (2011-08-15)
'තොරතුරු හෙලිකරණු' සම්මන්ත‍්‍රණ මාලාවක්
කොළඹ සහ කුරුණෑගල පැවැති සාර්ථක රැස්වීම්වලින් පසුව එවැනි සම්මන්ත‍්‍රණ අනෙකුත් දිස්ති‍්‍රකයන් හි පැවැත්වීමට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බව අප වෙත වාර්තා වේ. ඒ අනුව අගොස්තු 28 වන දින සවස මීගමුව රුක්මණීදේවී රංග ශාලාවේදී හා සැප්තැම්බර් 11 සවස මාතර නව තැපැල් කාර්යාල ශ‍්‍රවණාගාරයේදීත් තොරතුරු හෙලිකරුණු සම්මන්ත‍්‍රණ දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read More >> (2011-08-11)
උතුරු කළුතර පොලීසියේ දෙදෙනෙක් සිසුන් පහකට පහර දෙයි
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට සුදානමින් සිටින පාසල් සිසුන් පස්දෙනෙකුට හා තවත් කිහිප දෙනෙකුට පහරදන් බව කියන් උතුරු කළුතර පොලීසියේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා පෙරේදා(01) උතුරු කළුතර පොලීසියට නියෝග කලේය.
Read More >> (2011-08-05)
සිසුවෙකුට පහරදී ඔළුව පලයි
මාතර, පිටබැද්දර ප‍්‍රදේශයෙන් තවත් පහරදීමක් පසුගියදා නැවත වාර්තා විය. මෙවර පහර කෑමට ලක්ව ඇත්තේ පිටබැද්දර නවෝද්‍යා ජාතික පාසැලේ 8 වසරේ ඉගැනුම ලබන දහතුන් වයසැති ජනිත් චතුරංග නැමැති සිසුවාය. 2011 ජූලී 14 වන දින ජනිත් චතුරංගගේ පංති කාමරයේ ගුරු මේසයට දමා ඇති මේස රෙද්ද කිළිටි වී තිබීම ගැන දෝෂාරෝපනය කර ඇති අදාල ගුරුවරයා එම මේස රෙද්ද විසිකර දමන ලෙස දන්වා තිබේ. නමුත් එම මේස රෙද්ද පංතියේ ළමයින් මුදල් එකතුකර ගත් එකක් නිසා එය සෝදා පිරිසිදුකර නැවත පාවිච්චි කළ හැකි බැවින් ජනිත් චතුරංග ශිෂ්‍යයා එය ගෙදර ගෙන ගොස් සෝදා ගෙන එමට කැමැත්ත දක්වා තිබේ.
Read More >> (2011-07-26)
අගුලාන පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයන් දෙදෙනකු මරා දැමීමේ නඩුවේ තීන්දුව අගෝස්තු 25 වැනිදා
අඟුලාන පොලිසියේ අත්අඩංගුවට පත් තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමු බවට එහි හිටපු ස්ථානධිපති ඇතුඵ නිලධාරින් සිවු දෙනෙකුට එරෙහිව පැවැති නඩුවේ තීන්දුව ලබන අගෝස්තු 25 වැනිදා ප‍්‍රකාශයට පත් කිරිමට නඩුව විභාග කරන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. පැමිණිල්ලේ හා විත්තියේ දේශණ අවසන් වීමත් සමග නඩු විභාගය අවසන් වීම නිසා තීන්දුව ප‍්‍රකාශයට පත් කීරීමට විනිසුරු මඩුල්ල තීරණය කලේය. මෙම සිද්ධිය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ (Trial at bar) විභාග කිරීමට නියම කරන ලෙස නීතිපතිවරයා අග‍්‍රවිනිශ්චය කාරවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා මෙම නඩුව විභාග කෙරේ.
Read More >> (2011-07-26)
පිටබැද්දර පොලිස් ස්ථානාධිපති ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට නිරුවත්කොට ධර්මචක්කරේ දමයි
මාතර, පිටබැද්දර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම පිටබැද්දර වෙළද සංගමයේ ලේකම් ධුරය දරණ චතුර මනෝහර ජයසිංහ මහතාට පසුගිය ජුලි 10 වන දින පිටබැද්දර පොලීසියේ ස්ථානාධිපති විසින් 1988 - 89 කාළ වකවානුවේදී ඉතා ජනපි‍්‍රය වධහිංසා ක‍්‍රමයක් වූ ‘‘ධර්මචක්කරේ’’ දැමීමේ ක‍්‍රමය නැවතත් පාවිච්චි කරමින් නිරුවත්කොට ඉතා අමානුෂිකව පහරදී පසුව ඔහුට එරෙහිව බොරු නඩු දෙකක් ගොනු කර තිබේ. මෙම කෲර පහරදීමට එරෙහිව පිටබැද්දර ප‍්‍රදේශයේ දැඩි නොසන්සුන් තාවයක් ගොඩනැගී තිබූ අතර, පසුගිය 14 වන දින පිටබැද්දර නගරයේ සියළුම කඩ සාප්පු වසා දමමින් ප‍්‍රදේශවාසීන් 2000 කගේ පමණ සහභාගීත්වයෙන් මාතර දෙනියාය ප‍්‍රධාන පාර අවහිර කරමින් විශාල උද්ඝෝෂණයක් පැවැති අතර, මෙම උද්ඝෝෂණයේදී පිටබැද්දර පොලිස් ස්ථානාධිපති වහා මරුකරන ලෙසට උද්ඝෝෂකයන් විසින් ඉල්ලීම් කරන ලදී.
Read More >> (2011-07-25)
මානව හිමිකම් කඩවීම ගැන වැඩිම පැමිණිලි පොලිසියට
මානව හිමිකම් කොමිසමට 2009 සිට මේ දක්‌වා ලැබී ඇති පැමිණිලි අතුරින් වැඩිම සංඛ්‍යාවක්‌ ඉදිරිපත්ව තිබෙන්නේ පොලිස්‌ දෙපාර්තමේන්තුවට එරෙහිව බව ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ : 21 පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. මානව හිමිකම් කඩවීම පිළිබඳව කොමිසමට 2009 සිට මේ දක්‌වා පැමිණිලි 5454 ක්‌ ලැබී ඇතැයි ද ඉන් පැමිණිලි 2691 ක්‌ ම පොලිස්‌ දෙපාර්තමේන්තුවට එරෙහිව ඉදිරිපත් වූ ඒවා බව ද ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
Read More >> (2011-07-22)
පත්තනි රාසීක් ගේ පරීක්ෂණ සාධාරණව පවත්වන ලෙසට මානව හිමිකම් කොමිසමෙන් බලපෑම්
අතුරුදහන්ව සිටින මානව හිමිකම් ආරක්ෂකයෙකු ලෙස කි‍්‍රයා කළ පත්තනි රාසික් මහතා පිළිබුදව පවත්වන පොලිස් පරික්ෂණ නිසි පරිදි කාර්යෂමව හා ස්වාධීනව පවත්වන ලෙසට මානව හිමිකම් කොමිෂන් සභාව කළ හැකි මැදිහත්වීම් පිළිබදව සිවිල් සංවිධාන නිලධාරින් හා මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරුන් අතර අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසමේ ප‍්‍රධාන කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත් විය. මෙම සාකචිඡාව සඳහා පුත්තලම ප‍්‍රඡා භාරකාර පදනමේ සාමාජිකයින්, රාසික් මහතාගේ පවුලේ ඥාතීන් සමඟ මාධ්‍ය සංවිධාන වල නියෝජිතයින්ද සහභාගි විය.
Read More >> (2011-07-18)
කටුනායක පොලිස් ප‍්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූවන්ට සෙත් පතා ආගමික වැඩසටහන්
ඔබ මෙහි අයිතිකරු නොව භාරකාරයා පමණක් බව සිහිතබා ගත යුතු බව එදා මිහිදු හිමියන් විසින් දේවානම් පියතිස්ස රජුට ප‍්‍රකාශ කළා. විවිධ භාරකාරයන් යම් අවස්ථාවලදී පුද්ගලයන් බලයට ගෙන එනවා යනවා. නමුත් ඔවුන් රටේ අයිතිකාරයො නොවෙයි භාරකාරයො පමණයි. රටේ මිනිසුන් පමණක් නොවෙයි සතා සිව්පාවගෙ ඉදල ගහ කොලත්, පරිසරයත් එම බලට පැමිණෙන භාරකාරයා විසින් රැකගත යුතුයි ආරක්ෂා කළ යුතුයි. මෙම අදහස් පළකළේ නිදහස් වෙලද කලාපයේ සේවක එකතුව විසින් සංවිධානය කළ ආගමික වැඩසටහනකට සහභාගී වූ ඉත්තෑපානේ ධම්මාලෝක හිමියන්ගේ ධර්මදේශනාවේදීය.
Read More >> (2011-07-18)
රෝෂේන් චානකගේ මරණයට හේතුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිල වශයෙන් ප්‍රකාශ කරයි
යෝජිත පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක‍ර්මයට එරෙහිව පසුගිය මැයි 30 වැනි දින කටුනායකදී පැවති උද්ඝෝෂනය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වෙළද කලාප සේවක රෝෂේන් චානකගේ මරණ පරීක්ෂනය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය ජුලි 11 වැනි දින යලිත් විභාගයට ගැණිනි. ඒ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රා‍ත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙනි. එහිදී රෝෂේන් චානකගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂනයෙන් පසු නිකුත් කරන ලද මරණ පරීක්ෂන වාර්තාව පදනම් කර ගෙන මහේස්ත්‍රාත්වරයා විසින් නිල වශයෙන් රෝෂේන් චානක ගේ මරණයට හේතු වූ කරුණු කාරනා පැහැදිලි කලේය. ඒ අනුව ඔහුට වැදුණු වෙඩි ප්‍රහාරය උකුල් ඇටය ප්‍රදේශයෙන් සිරුරට ඇතුල් වී අභ්‍යන්තර ඓන්ද්‍රීයන් ට හානි සිදු විම සහ එම තත්වය මත ඇති වූ අධික රුධීර වහනය හේතුවෙන් මේ මරණය සිදු වී ඇති බවට මහේස්ත්‍රාත්වරයා එහිදී නිල වශයෙන් ප්‍රකාශ කලේය. මෙම මරණය සම්බන්ධයෙන් පැවති පසුගිය නඩු වාරයේදී එනම් පසුගිය ජුලි 05 දින අධිකරණයට ඉදිරිපත් කරන ලද රජයේ දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් වන සැකකරුවන් 10 දෙනා මෙදිනද අධිකරනයට ඉදිරිපත් කර තිබිණි. මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ එම සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඔවුන්ව මුදා හරින ලෙසයි.
Read More >> (2011-07-18)
ආයතනය තුළට ඇවිත් කළ පහරදීමෙනුයි මගේ කකුළ කැඩුනේ
පසුගියදා කටුනායක නිදහස් වෙලද කලාපයේ ඇතිවූ සේවක උද්ඝෝෂණයේ දි එක් සේවකයෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් 6 දෙනෙකු පොලිස් වෙඩි පහරල් වලට ගොදුරුවී තවත් සේවක සේවිකාවන් 200 කට ආසන්න පිරිසකට තුවාල සිදුවිය. පොලීසිය පැවසුවේ මෙම සේවකයන් නොසන්සුන් අයුරුන් හැසුරුණු නිසා ඔවුන් විසුරුවා හැරීමට අවම බලය පාවිච්චි කිරීමේ දී මෙය සිදුවන්නට ඇති බවයි. නමුත් අප වෙත වාර්තා වන්නේ සේවක උද්ඝෝෂණය විසුරුවා හැරීමෙන් පසුවත් තම කර්මාන්ත ආයතනය වෙත පසුබැස ගිය සේවක සේවිකාවන්ට ලූහුබැද පහරදී ඉන් නොනැවතුනු පොලීසිය පසුව සේවා ආයතන වෙත පැමිණ එහි දොරවල් කඩාගෙන ඇතුළුවී යකඩ පොලූ හා චේන් වලින් සැගවී සිටි සේවක සේවිකාවන් එලියට ඇදගෙන විත් ඉතා අමානුෂිකව පහරදීම නිසා මෙපමණ සේවක සේවිකාවන් පිරිසක් තුවාල ලැබ ඇති බවයි.
Read More >> (2011-07-09)
මුහුදට පැන්න කාමච්චෝඬේ තරණයාගේ මරණයට වගකිවයුත්තේ පොලිසියද?
පසුගිය ජුලි 01 වැනිදා උදේ 10.00 ට පමන මීගමුව , කාමච්චෝඬේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුපස මීගමුව, පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු ලූහු බැඳ තිබේ. එම පොලිස් නිලධාරීන්ට බිය වුණු මෙම තරුණයා කාමච්චෝඬේ මුහුදු වෙරළ ප‍්‍රදේශයට දුව ගොස් ඇති අතර තමන් පසු පසින් ඒ වන විටත් හඹා එන පොලිස් නිලධාරීන්ගෙන් බේරීම සඳහා මුහුදට පිවිස ඇත. උත්සහය අත් නොහල පොලිස් නිලධාරීන්ද නොනවත්වා තරුණයා පසුපසින් මුහුදට දුව ගොස් තිබේ. මෙහිදී මෙම තරුණයාව හා ඔහු පසුපසින් ලූහු බැඳ පැමිණි එක් පොලිස් නිලධාරියෙකුවද දියේ ගිලී ඇත. පසුව සෙසු පොලිස් නිලධාරීන් පැමිණ දියේ ගිලෙමින් සිටි පොලිස් නිලධාරියාව බේරා ගෙන ඇති අතර දියේ ගිලෙමින් සිටි තරුණයා මුහුදු ජල රල අතරේ අතුරුදහන්ව තිබේ.
Read More >> (2011-07-09)
තොරතුරු හෙළිකරණු - සම්මන්ත‍්‍රණය
‘‘ඕනෑම පුරවැසියෙකුටම රටේ සිදුවන සෑම දෙයක් ගැනම තොරතුරු දැනගැනීමට අයිතියක් තියනවා. ප‍්‍ර‍්‍රකාශණයේ නිදහස තිබුනට වැඩක් නැහැ පුරවැසියන්ට තොරතුරු දැනගැනිමට ක‍්‍රමයක් නැත්නම්. ප‍්‍රකාශණය සදහා පුරවැසියන්ට තොරතුරු ලැබිය යුතුයි. අවසානාවකට අපේ රටේ පුරවැසියො නැහැ. ඉන්නේ යටත් වැසියො. අප පුරවැසියන් ගොඩනැගිමට කටයුතු කළ යුතුයි. ඔවුන් ශක්තමත් කිරිම කළ යුතුයි. අධිකාරීවාදී ප‍්‍රවනතාවන්ට එරෙහිව කි‍්‍රයා කිරීම සදහා ජනතා බලවේගයක් නිර්මාණය කළ යුතුයි’’ ‘‘තොරතුරු හෙලිකරණූ’’ යන තේමාව යටතේ පුරවැසි අයිතිය නැමැති සංවිධානය විසින් පුරවැසි අයිතිවාසිකම් දිනා ගැනීම සදහා මහජනයා පෙළගැස්වීමේ අරමුණෙන් ජුලි මස 05 වන දින කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ පැවති සම්මන්ත‍්‍රණයේ දී ප‍්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා විසින් මෙම අදහස් ප‍්‍රකාශ කරන ලදී.
Read More >> (2011-07-09)
සැකකරුවන් ඇල්ලීමට යෑමේ දී පොලිස් නිලධාරින්ට පෞද්ගලික වාහන තහනම් - පොලිස් මූලස්ථානය කියයි
පැමිණිල්ලකට අදාල සැකකරුවන් අත්අඩංගූවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරින්ට පෞද්ගලික වාහන වලින් ගමන් කිරිම තහනම් කොට ඇතැයි පොලිස් මූලස්ථානය කියයි මේ සදහා පොලිස් වාහන භාවිතා කරන්නේ නම් ඒ සදහා පොලිස්පතිවරයාගෙන් දින 4-5ට පෙර අවසර ලබාගත යුතු බව ද පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරික් පැවසීය. එසේම පරික්ෂණ වලට අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට යාමේදි ඒ පිළිබදව දින 7-8 පෙර ප‍්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අවසර ලබාගත යුතු බවට ද එම නිලධාරින් කීය පොලිස් වාහන යොදා ගනිමින් ඇතැම් පොලිස් නිලධාරින් සිදූ වු අත්තනෝමතික කි‍්‍රයා කිහිපයක් පිළිබදව සැලකිල්ලට ගෙන පොලිස් මූලස්ථානය මෙම පියවර ගෙන තිබිණ මෙතෙක් මෙම කටයූතු ප‍්‍රදේශයෙ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් අවසරය මත සිදූ වුව ද නව චක‍්‍රලේඛයට අනුව එම කටයුතු සදහා ප‍්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අවසර ගත යුතු වෙයි.
Read More >> (2011-07-01)
වෙළඳ කලාපයේ සිදුකළ මානුෂික මෙහෙයුම ගැන ජීවන අත්දැකීමක්
සමීර සඳරුවන් කටුනායක නිදහස් වෙළද කලාපයේ නොරටෙල් ලංකා පෞද්ගලික ආයතනයේ ට‍්‍රාන්ස් ෆෝමර් වැල්ඩින් කරුවෙකු ලෙස සේවය කරයි. මැයි 30 වන දින ඔහු සුපුරුදු පරිදි සිය රැකියාවට ගොස් තිබේ. එවිට නිදහස් වෙළඳ කළාපයේ සේවක සේවිකාවන් විසින්, විශ‍්‍රාම විටුපට එරෙහිව කරන ලද උද්ඝෝෂණයේදී පොලිස් පහරදීම් වලින් තුවාල ලද සේවක සේවිකාවන් ප‍්‍රථමාධාර කාමරය වෙත රැගෙන එනු දැක සමිර සඳරුවන් මෙම පිරිසට බෙහෙත් දැමීමට සහාය දැක්වීම සඳහා ප‍්‍රථමාධාර කාමරය දෙසට ගොස් තිබේ. ඉන් පසුව සිදුවූ දේ පිළිබඳව සදරුවන් අප සමග මෙසේ ප‍්‍රකාශකර සිටින ලදී.
Read More >> (2011-06-30)
පොලිස් නිලධාරින් වෙඩි තබා ඇත්තේ තම ජිවිත ආරක්ෂා කර ගැනීමටයි සැකකරුවන්ට ඇප ඉල්ලමින් නීතීඥවරු ප‍්‍රකාශ කරති
කටුනායක නිදහස් වෙළඳ කළාපයේ උද්ඝෝෂකයන් නියෝජ්‍ය පොලිස්පති වරයකුට පහර දී බරපතළ තුවාල සිදුකොට ඔහුට මරණ බිය ඇති වන පරිදි ඉතා ප‍්‍රචන්ඩව හැසිරෙමින් කටුනායක නිදහස් වෙළඳ කළාපය හා අවට රජයේ ගොඩනැගිලි පෞද්ගලික අංශයේ දෙපළ වලට මෙන් වාහන වලට වලටද දැඩිව හානි කරද්දී පොලිස් නිලධාරින් විසින් තම ජීවිත ආරක්ෂාව සඳහා නිතීයෙන් ඇති අයිතිය අනුව කටයුතු සිදු කර ඇති බවත් සැකකරුවන් වන පොලිස් නිලධාරින් ගිනි අවි පරිහරණය කර ඇත්තේ පැතිරෙමින් තිබූ ප‍්‍රචන්ඩත්වය වැලැක්වීමට බවත් මෙම තත්වය සහ නිතිමය තත්වය සැලකිල්ලට ගෙන සැක කරුවන් සුදුසු ඇප මත මුදා හැරිමට ඉල්ලා සිටින බවත් ජේෂ්ඨ නීතීඥ ඉන්දික සිල්වා මහතා සමඟ පෙනි සිටි ජේෂ්ඨ නීතීඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ පැවසීය.
Read More >> (2011-06-30)
Page 84 Of 91

<<
1
...
81
82
83
84
85
86
...
91
>>
www.right2lifelanka.org