More News
MORE NEWS
අතුරුදහන්වුවන් සිහිකිරීමේ ඔක්තෝබර් සැමරුම (1991 - 2011) 21 වන සංවත්සරය - ඔක්තෝබර් 27 දා
1991 වර්ෂයේ සිට අඛණ්ඩව, වාර්ෂිකව සෑම ඔක්තෝබර් 27 දිනකම අතුරුදහන්කරවීම්වලට එරෙහිවත්, ඔවුන් සිහිකිරීම සඳහාත් පැවැත් වූ උත්සවයේ 21 වන සැමරුම මෙවරත් ඔක්තෝබර් 27 දින සීදූව රද්දොළුවේ පිහිටි අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිරිපිටදී පැවැත්වීමට ‘‘අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව’’ විසින් සැලසුම් කර තිබේ දශක දෙකකට පෙර සිදුවූ එම කුරිරු අතුරුදහන්කරවීම්වලට එරෙහිව විශාල හඬක් දකුණෙන් එදා මතු විය. එහි ප‍්‍රබලත්වය මත එවකට පැවැති රජය පෙරලා දමනු ලැබූ අතර, ඒ වෙනුවට අතුරුදහන්කරවීම්වලට එරෙහිව හා අතුරුදහන්වුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අය බලයට පත්කරන ලදී.
Read More >> (2011-10-12)
මීගමුවේ අබිරහස් මරණය හා ජනජීවිතයේ අනාගතය
මිගමු දඑවකොටුව ලොයෝලා විදුහලේ සංගීත අචාර්යවරිය වූ ශ‍්‍රීනි වාසනා අමරතුංග මහත්මිය මුහුණදුන් අබිරහස් මරණය මීගමුව ප‍්‍රදේශයේ පමණක් නොව ලංකාව පුරාම අද ජනයා මුහුණ දෙන බියකරු අපරාධ පිළිබදව කැඩපතකි. තිස්තුන් හැවිරිදි එක්දරු මාතාවක් වූ ශ‍්‍රීනි වාසනා සැප්තැම්බර් 25 වන දින සිය නිවසින් පිටව ගියේ බැංකුවට යෑමට හා කොණ්ඩය කපා ගැනීමටය. ඉක්මනින් ගෙදර එන බවත් ගෙදරට දවල් අහාරය සදහා කෑම ගෙන එන බවටත් පොරොන්දු වූ ඇයට ඉදිරි පැය ගණන තුළ මුහුණ දෙන්නට සිදුවන විපත පිළිබදව යාන්තම් හෝ හෝඩුවාවක් නොතිබෙන්නට ඇත
Read More >> (2011-10-11)
සැලසුම් සහගතව කොළඹ යාචකයන් මරණවා: මාස 3ට යාචක ඝාතන 8යි: ආසියානු මානව හිමිකම් කොමිසම
යාචකයන් සැලසුම් ලෙස ඝාතනය කරන ආකාරයක් කොළඹ නගර වලින් පසුගිය කාලය මුළුල්ලේ දකින්නට ලැබෙන බව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය 04 දා කැළනිය ගෝනවල බියගම පාරේ ‘ප‍්‍රියන්ත අයන් ටෙක්’ කඩය අසල දී තියුණු ආයුධයකින් කපා මරා දමා තිබූ යාචකයෙකුගේ සිරුර හමුවිය. එය පසුගිය මාස 3 තුලදී කැළණිය පොලිස් වසම තුලින් හමු වූ 8 වන යාචක ඝාතනය විය. මෙය කිසියම් සැලසුම් සහගත ආකාරයකින් සිදුකරන බවක් පෙනී යන බවත් මෙම අවනීතික ඝාතකයන් කව්දැයි පොලීසිය මෙතෙක් සොයා ගෙන නොමැති බවත් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
Read More >> (2011-10-08)
හම්බන්තොට සම්මන්ත‍්‍රණය සංවිධානය කළ සංවිධායකවරුන්ව බුද්ධි අංශයෙන් යැයි කියා ගත් අය මහ රෑ ප‍්‍රශ්න කරයි
පසුගිය සැප්තැම්ර් 24 වන දින අම්බලන්තොට, මල්පෙත්තාව ලංකා දේවසභා රැස්වීම් ශාලාවේදී හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මහජන මානව හිමිකම් කොමිෂන් සභාවක් ගොඩනැගීම සදහා මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් පැවැත් වූ සම්මන්ත‍්‍රණය සංවිධානය කළ ප‍්‍රධාන සංවිධායකයන් දෙදෙනෙකු ඊයේ රාතී‍්‍රයේ (4) බුද්ධි අංශයෙන් යැයි කියාගත් දෙදෙනෙකු විසින් ප‍්‍රශ්න කර තිබේ. මෙසේ ප‍්‍රශ්න කිරීමට භාජනය වී ඇත්තේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාකාරී මානව හිමිකම් ආරක්ෂකයන් දෙදෙනෙකු වන ඩබ්.ආර් රත්නායක හා එල්.පී තරංග නැමැති දෙදෙනාය. මොවුන් දැනට අවුරුදු 4 කට වැඩි කාලයක සිට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සම්බන්ධීකාරකවරුන් ලෙසද කටයුතු කරයි.
Read More >> (2011-10-05)
උද්ඝෝෂණ වලක්වන්න අධිකරණ නියෝග දෙන්න බෑ -අනුරාධපුර මහේස්ත‍්‍රාත්වරිය
(ලංකා ඊ නිව්ස් -2011.ඔක්.04, ප.ව.5.45) මහජන සාමය කඩ වෙනවා යැයි කියා මහජන උදඝෝෂන තහනම් කළ නොහැකි යයි අනුරාධ පුර අතිරේක දිසා විනිසුරුවරිය දර්ශිකා විමලරත්න මහත්මිය අද(04) අනුරාධපුර පොලීසියට පැවසුවාය. ඇය එසේ කෙළේ පොලීසිය විසින් අනුරාධපුර ඇතුළුනුවර පදිංචි කරුවන් තමන් එම ස්ථාන වලින් ඉවත් කිරීමට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කළ උත්සාහයේ දීය. මහජන සාමය කඩ කරනවා නම් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට අධිකරණ නියෝග අවශ්‍ය නැතැයි කී මහේස්ත‍්‍රාත්වරිය උද්ඝෝෂණ තහනම් කිරීම ප‍්‍රතික්ෂේප කළාය.
Read More >> (2011-10-05)
නියෝජ්‍ය පොලිස්පතිගේ බාල භාෂාව නොරිස්සු ස්ථානාධිපතිට දුන් ස්ථාන මාරුව අභියාචානාධිකරණය අත්හිටුවයි
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් අයිසෙ, තමුසෙ යනුවෙන් ස්ථානාධිපතිවරයෙකුට ඇමතිම නිසා ඇතිවූ තරමක උණුසුම් වචන හුවමාරුවෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදුන් බව කියන ස්ථාන මාරුව අභියාචනාධිකරණය විසින් පසුගිය සැප්තැම්බර් 26 වනදා වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවන ලදී.
Read More >> (2011-09-28)
හම්බන්තොට මහජන මානව හිමිකම් කොමිසම ගොඩනැගීමේ සම්මන්ත‍්‍රණය සාර්ථකයි
හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මහජන මානව හිමිකම් කොමිෂන් සභාවක් ගොඩනැගීම සදහා ඒ සම්බන්ධව මහජන අදහස් ලබා ගැනීමේ අරමුණෙන් පැවැත්වූ සම්මන්ත‍්‍රණය පසුගිය 24 වනදා අම්බලන්තොට මල්පෙත්තාව ලංකා දේවසභා රැස්වීම් ශාලාවේදි දිස්ති‍්‍රක්කයේ සමාජ ක‍්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විය. හම්බන්තොට දිස්ති‍්‍රක් මානව හිමිකම් සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මනත‍්‍රණයේ මුලසුන ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක සංවිධානය කිහිපයක නියෝජිතයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් මෙහෙය වූ අතර වසන්ත රනිල් කුමාර මහතා සම්මන්ත‍්‍රණයේ අරමුණු ඉදිරිපත් කළ අතර, ප‍්‍රසංග ප‍්‍රනාන්දු මහතා දිස්ති‍්‍රක්කයේ හ`දුනාගත් ගැටලූ පිළිබදව අදහස් දක්වන ලදී. මෙහි ප‍්‍රධාන දේශණය පිලිප් දිසානායක මහතා විසින් පවත්වන ලදී.
Read More >> (2011-09-26)
සාක්ෂිකරුවන් විසින් පෙරට්ටුවේදී, මීගමුව HQI හදුනා ගැනේ. ඇප ඉල්ලූම ප‍්‍රතික්ෂේපයි.
කොළඹ, කොහුවල ප‍්‍රදේශයේ හිටපු උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසින් සොරකම් කරන ලද මැනික් ගල් , රන්භාන්ඩ තොගයක් සහ ලක්ෂ ගණනක මුදල් නඩු භාන්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර අයුතු ලෙස තමන් සන්තකයේ තබා ගැනීමත් ,සාවද්‍ය පරිහරණයත් යන චෝදනා එල්ලවී ඇති සෝමසිරි ලියනගේ නැමැති මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව පසුගිය සැප්තැම්බර් මස 15 දින හදුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලදී. ඒ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, අතිරේක මහේස්ත‍්‍රාත් ඩබ්.කේ. දුලානි එස්.වීරතුංග මහත්මිය ඉදිරියේදීය. එම හදුනාගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත්ව සිටි සාක්ෂිකරුවන් තිදෙනා විසින් සැකකාර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව එහිදී හදුනා ගෙන තිබේ.
Read More >> (2011-09-20)
හම්බන්තොට දිස්ති‍්‍රක් මහජන කොමිෂන් සභා පිහිටුවීමේ සම්මන්ත‍්‍රණය සැප්. 24 දා
හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මහජන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ සම්මන්ත‍්‍රණය සැප්තැම්බර් 24 වන සෙනසුරාදා උදේ 9.30 සිට 12.30 දක්වා අම්බන්තොට, මල්පෙත්තාව, දේවසභා රැස්වීම් ශාලාවේදි පැවැත්වේ. මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට පිහිට වු ආයතන රාජ්‍ය බලයෙන් මුදා ගැනිම අසීරු නිසාත් ඒවායේ ඇති අකර්මන්‍ය හා අකි‍්‍රයාකාරීත්වය නිසාත් පක්ෂග‍්‍රාහී භාවය නිසාත් නැවත ඒවා වටා විශ්වාසයෙන් ජනතාව එක්රැස් නොවන තත්ත්වයක් තුළ එම ආයතනයන්ට වලට විකල්පයක් ලෙස මෙම මහජන කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණ බවත්, ඉදිරියේ දී ජනතාවගෙ පැමිණිලි භාරගෙන, විභාගකර, නිර්දේශ නිකුත් කරන විකල්ප මානව හිමිකම් කොමිසමක් දක්වා මෙය ශක්තිමත් කළ යුතු බවත්, එම නිසා රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන සියඑ පිරිස් මෙයට දායක කර මෙම කොමිසම ඉතා ශක්තිමත්ව දිස්ති‍්‍රක්කය තුළ ගොඩනැගීම තම බලාපොරොත්තු බවත් මෙහි සංවිධායකයෙකු අප සමග පැවසීය.
Read More >> (2011-09-19)
නොසැලිකිලිමත් ශල්‍ය කර්මයකින් දෙදරු පියෙකුගේ වකුගඩුවක් ඉවත් කිරීමට එරෙහිව වෛද්‍ය සභාව පරීක්ෂණ අරභයි
2010 ජුනි 21 වන දින මීගමුව රෝහලේ දි නොසැලිකිලිමත් ලෙස සිදු කළ සැත්කමකින් පහල මඩම්පැල්ල, කටාන පදිංචි දෙදරු පියෙක් වූ සුපුන් පියල් මහතාගේ දකුනු වකුගඩුව සම්පුර්ණයෙන් ඉවත් කර තිබේ. මෙම සැත්කම සිදු කර තිබුනේ එවකට මීගමුව මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කළ ජූඞ්.ආර්. විජේසේකර මහතා විසිනි. නොසැලිකිලිමත් ලෙස සිදුකළ මෙම සැත්කම සම්බන්ධව 2010 සැප්තැම්බර් 24 වන දින පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති, ජේෂ්ඨ පොලිස් ආධිකාරි මීගමුව හා මීගමුව පොලිස් ස්ථානාධිපති වෙත සුපුන් විසින් ලිඛිතව පැමිණිලි කර තිබේ. අමතරව වෛද්‍ය සභාව හා සෞඛ්‍ය අමාත්‍යශය වෙතත් පැමිණිලි කර තිබුනි. වෛද්‍ය සභාවට කරන ලද පැමිනිල්ලට අවුරුද්දක් පිරීමට දින දෙකක් ඉතිරිව තිබියදී සුපුන්ගේ දුක් ගැනවිල්ල වෛද්‍ය සභාවේ ප‍්‍රාථමික කි‍්‍රයා මාර්ග කමිටුව වෙත යොමු වී ඇති අතර එහි මූලික විභාගය සැප්තැම්බර් 22 වන දින පැවැත්වීමට නියමිත බව දන්වා තිබේ.
Read More >> (2011-09-19)
කටුනායක පහරදීමට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක්
යෝජිත විශ‍්‍රාම වැටුප් අරමුදල් පණත් කෙටුම්පතට එරෙහි ව මැයි 30 දා කලාප සේවකයන් විසින් දියත් කළ උද්ඝෝෂණයේ දී පොලිස් පහර කෑම්වලට ලක් ව බරපතල තුවාල ලැබූ නිදහස් වෙළඳ කලාප සේවක සමීර සඳරුවන්, ජයතිලක, ප‍්‍රදීප් කුමාර යන පුද්ගලයන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් අද (2011.09.15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේ මුල් වරට සලකා බැලීමට යෙදිණ. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ජේ. සී. වැලිඅමුණ, නීතිඥ පාලිත පීරිස්, නීතිඥ පුලස්ති හේවාමාන්න ඇතුථ නීතිඥ මහත්වරු පිරිසක් පෙනි සිටි අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ජේෂ්ඨ සොලිස්ටර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු, නීතිඥ ලක්මාලි ඇතුථ මහත්ම මහත්මීන් පිරිසකි.
Read More >> (2011-09-16)
ඇවරිවත්ත ශෛලබිම්බාරාමයේ ගේට්ටුවට ඉබි යතුරු වැටීම
පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පණතට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයේ යෙදී සිටියදී පොලිස් වෙඩි තැබීමකට ලක්ව ඝාතනය වූ, නිදහස් වෙළඳ කලාප සේවක රොෂේන් ශානකගේ තුන් මස් සැමරුම 2011 සැප්තැම්බර් 01 වන යොදා තිබුනි. නිදහස් වෙළඳ කලාප සහයෝගීතාව විසින් සංවිධානය කෙරුනු මෙම සැමරුම ඇවරිවත්ත ශෛලබිම්බාරාමය අසලදී පැවැත්විමට සුදානම් කර තිබු අතර ඒ සම්බන්ධව ශෛලබිම්බාරාමයේ විහාරාධිපති වහන්සේ ගේ එකගත්වය ලැබී තිබුණි. ඒ අනුව සැමරුම ගැන සදහන් විශාල ප‍්‍රමාණයේ පුවරුවක් විහාරස්ථානය ඉදිරිපිට වම් පැත්තට වෙන්න එල්ලා තිබු අතර විහාරස්ථානයේ ඉදිරිපිට තාප්පයේ සුදු කොඩි එල්ලා සරසා තිබුනි.
Read More >> (2011-09-15)
අද කිසිදෙයක් ගැන දැනගන්න විධියකුත් නැහැ, ඒවා දැනගන්න කාටවත් උවමනාවකුත් නැහැ - ඩබ්ලිව් ජයසිරි
‘‘අද ජාතික රූපවාහිනියේ පෙන්වනු ලබන චිත‍්‍රපටවල වැඩිපුර දක්නට ලැබෙන්නේ කොටු. පෙම්වතෙක් පෙම්වතියට ළංවෙනකොට කොටු, සිගරට් එකක් බොනකොට කොටු, අඩියක් ගහනකොට කොටු. ඉතින් පෙන්වන පෙන්වන ඒකට කොටු දාලා අරක්කු සිගරට් බොන ඒක නවත්වන්න පුළුවන්ද? මේ සියල්ලම නවතිනවද? නෑ. ඒ කාලේ සිගරට් අරක්කු බොන්නේ දුෂ්ඨයා. පෙම්වතා අහිංසක චරිතයක්. එයා සිගරට් අරක්කු බොන්නේ නෑ. එදා එහෙමයි ඒ දර්ශන අඩංගු චරිත සමාජ ගතවීම වැලැක්වුවේ. කොටු දාලා නෙමේ. අද උදේ ඉදන් හවස වෙනකම් පිරිත් අනම් මනම් දාලා තියෙනවා. ඉතින් ඒවයින් ලංකාව සුරපුරයක් වූනාද?
Read More >> (2011-09-13)
ඬේවිඞ්ගේ ඝාතනයෙන් නොනැවතුනු කිරිඳිවැල පොලීසිය
ගම්පහ දිස්ත‍්‍රික්කයේ පිහිටි කිරිඳිවැල පොලිස් ස්ථානය දිගින් දිගටම අහිංසක මිනිසුන්ට පහරදීමේ සිට ඝාතනය කිරීම දක්වා නමක් දිනාගත් පොලිස් ස්ථානයකි. එහි අලූත්ම ගොදුර බවට පත්ව සිටින්නේ පැපිලිවල පදිංචි චමින්ද සනත් කුමාරයි. 2011.08.24 වන දින කිරිඳිවැල පොලීසිය විසින් පවුල් ආරවුලක් සම්බන්ධයෙන් අත්තඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ චමින්ද නිවස තුල ඇද වැටීම නිසා හිසේ කුඩා තුවාලයක් ඇති වී තිබේ. පොලීස් නිළදාරීන් ඉදිරිපිටදීම වැටීම නිසා ඇතිවූ තුවාලයෙන් ලේ ගැලීම අයිස් තැබීම නිසා නැවතී ඇති අතර පසුව එම නිළධාරීන් විසින් චමින්දව කිරිදිවැල පොලිස් ස්ථානයට ගෙන ගොස් ඇත. පොලීසිය තුලදී පොලිස් නිළධාරීන් විසින් චමින්දට අමානුෂීය ලෙස පහරදී තිබේ. පොලිස් නිළධාරීන්ගේ පහරකෑමට ලක්වීම නිසා අසාධ්‍ය වන චමින්දව පොලීසිය විසින් රදාවාන රෝහලට ඇතුලත් කර තිබේ. එදිනම රාත‍්‍රී 1 ට පමණ අසල්වැසි නිවසකට දුරකථන ඇමතුමක් ලබාදී ඇති පොලිස් නිළධාරීන් චමින්දට ආමාරුවී රදාවාන රෝහලට ඇතුලත් කර ඇති බවත් ඉක්මනින් රෝහලට පැමිණෙන ලෙස දන්වා ඇත. චමින්දගේ බිරිඳ ඇතුළු ඥතීන් රදාවාන රෝහලට ගිය අවස්ථාවේ නිවැසියන් විසින් රෝගියා රෝහලට ඇතුලත් කල බවට සඳහන් කරන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර නිවැසියන් එය ප‍්‍රතික්ෂේප කර තිබේ. පසුව නිවෑසියන් විසින් රෝගියාව ඇතුලත් කල බවට සඳහන් කරන ලෙස රෝහල් පරිපාලනයටද බලපෑම් කර ඇත.
Read More >> (2011-09-09)
කටුනායක සිදුකළ මෘග පොලිස් ප‍්‍රහාරය හෙලා දකිමින් මිය ගිය හා තුවාල ලැබූවන් සිහිකර කොළඹ දී උද්ඝෝෂණ
ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් 30 වන දා සවස 4.00ට කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වී ය. පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා යෝජනා කරනු ලැබූ විශ‍්‍රාම වැටුප් පණතට එරෙහි ව කළ අරගලයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂේන් ශානක සහ තුවාල ලැබූ සේවක සේවිකාවන්ට සහය පළ කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීය.
Read More >> (2011-09-01)
කැකිරාව පොලීසිය කරණවෑමියෙකු කසිප්පු කාරයෙකු කරයි
කැකිරාව කාගම පදිංචි ගයාන් ඉන්දික එක් දරුපියෙක් වන අතර ඔහු රැකියාව ලෙස දෛනික වැටුපට කරණවෑමි රැකියාව සිදුකරයි. 2011.08.07 වන දින ගයාන් තමාගේ පෞද්ගලික ගමනක් යමින් සිටියදී සිවිල් ඇදුමින් සැරසී සිටි කැකිරාව පොලීසියේ නිළධාරීන් පිරිසක් විසින් ඔහු යන ගමන වලක්වා නම කුමක්දැයි විමසා තිබේ. තමා ගයාන් බවත් ඔය අය කවුදැයි පෙරළා ගයාන් විසින් ප‍්‍රශ්න කර තිබේ. එවිට එම නිළධාරීන් උඔ කසිප්පු විකුණනවා නේදැයි අසමින් වහාම කසිප්පු දෙන ලෙස පවසා තිබේ. තමා කසිප්පු නොවිකුවණ බවත් තමා රැකියාව වශයෙන් කරන්නේ කරණවෑමි වෘත්තිය බව ප‍්‍රකාශ කිරීමේන් අනතුරුව මෙය ගොඩින් බේරා ගැනීම සඳහා මුදල් ලබාදෙන ලෙස එම කැකිරාව පොලීසියේ නිළධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ. ගයාන් විසින් එය ප‍්‍රතික්ෂේප කලවිට අසල කැලයකට ගෙනගොස් විවිධ ආකාරයේ ඉරියව් වලින් හිදුවා ගිනිසීරියා, කෝන් ලී වලින් පහර දී තිබේ.
Read More >> (2011-09-01)
කටුනායක පොලිස් ප‍්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූවන් සිහිකෙරේ
රජයේ යෝජිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පණතට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයේ යෙදී සිටියදී පොලිස් වෙඩි තැබීමකට ලක්ව ඝාතනය වූ, නිදහස් වෙළඳ කලාප සේවක රොෂේන් ශානකගේ තුන් මස් සැමරුම අද (2011 සැප්තැම්බර් 01 වන) දිනට යොදා ගෙන ඇති අතර ඒ සඳහා රොෂේන් ශානකගේ පවුලේ සාමාජිකයන් ද, තුවාලලත් සේවක සේවිකාවන් ද, සෙසු සහෝදර සේවක පිරිස ද සහභාගී වීමට නියමිත ය.
Read More >> (2011-09-01)
අතුරුදහන්කරවීම්වලට එරෙහිව පොදු වැඩපිළිවෙලක් සැකසීම සදහා නියෝජිත සමුළුවක්
අතුරුදහන්කරවිම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහිව පොදු වැඩපිලිවෙලක් ගොඩනැගම සදහා අතුරුදහන්කරවීම්වලට එරෙහිව කි‍්‍රයාත්මක වන සිවිල් සංවිධාන හා මානව හිමිකම් කි‍්‍රයාධරයන් ගේ සහ අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් සමන්විත සමුළුවක් 2011.08.30 වන දින කොළඹ රාජගිරියේ ජාතික වතු සේවක සංගම් ශාලාවේදී පැවැත් විය. සමාරම්භක අවස්ථාවේදී සියළුම අකාරයේ අතුරුදහන්වුවන් සිහිකිරීම සදහා මිනිත්තුවක නිහඩතාවයකින් ඔවුන් වෙත ගෞරවය දැක්වීමෙන් පසුව සීදුව රද්දාළුව හන්දියේ ගොඩනගා ඇති අතුරුදහන්වුවන්ගේ ස්මාරකයේ අනුරුවක් වටා පහන් දැල්වීමෙන් පසුව උත්සවයේ කටයුතු ආරම්භ කරන ලදී.
Read More >> (2011-09-01)
මීගමුව නගරය අද දුෂීතයන්ගේ නගරයක් බවට පත්වෙලා - බි‍්‍රටෝ ප‍්‍රනාන්දු
අවුරුදු පහකට ආසන්න කාලයක් තිස්සේ මීගමුව බස්නැවතුම්පොල හදනවා ජනතාව වැස්ස දවසට මඩ නාගෙන, පායන කාලයට ඇදුම හැදෙනකන් දුවිලී නාගෙන ගියත් කිසිම ගානක් නැහැ. අද බස්නැවතුම්පල කොන්ත‍්‍රාත් එක කරන්නේ මුලින් කොන්ත‍්‍රාත් ගත්ත මනුස්සයා නෙමේ. මීගමුවේ ජනතාව කවුරුවත් බස්නැවතුම්පලේ වැඩකටයුතු ප‍්‍රමාද වෙලා තියෙන්නේ ඇයි? බස් නැවතුම හදන්න කීයක් ඇස්තමේන්තු ගත වෙලාද? කීයක් මේවෙනකොට වියදම් වෙලාද? කියලා අහන්න බයයි, මීගමුවේ සුගත් නිෂාන්තගේ ඝාතනයට පොලිස් ස්ථානාධිපති සැකකරනවයි කියලා සුගත්ගේ බිරිද කියනවිට ඒ සඳහා අපි නීති ආධාර ලබාදෙන්න උනන්දු වුනා, අපි නීති ආධාර ලබාදීලා මීගමුව පුරවරයේ අපරාධ මැඩලන්න ක‍්‍රියා කරන පොලිස් ස්ථානාධිපතිට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් ක‍්‍රියාත්මක වන නිසා වහාම ඒ පිළිබඳව සොයලා බලන්න ඔනෑ කියලා මීගමුව නගර සභාවේ මන්ත‍්‍රීවරු අපේ සංවිධානය ගැන හොයන්න නගර සභාවේ යෝජනාවක් සම්මත කරගත්තා. අද මොකද වෙලා තියෙන්නේ මීගමුව නගර සභාව කිවිව ඒ පොලිස් ස්ථානාධිපති රත‍්‍රං හොරකමක් සම්මන්ධයෙන් අධිකරණය මගහරිමින් ඉන්නවා "තොරතුරු හෙළිකරණු" මීගමුව රැක්මණිදේවි රඟහලේ සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයේදී අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙකු වන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා විසින් මෙම අදහස් ප‍්‍රකාශ කරන ලදී.
Read More >> (2011-08-30)
පුත්තලම දිස්ති‍්‍රක්කයේ තවත් මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙක් ඝාතනය කෙරේ.
කල්පිටි පාර, නොරොච්චෝලේ පදිංචි තිස් දෙහැවිරිදි, පෙරුමාල් සිවකුමාර කීර විකිණීමෙන් සිය ජීවිතය ගැටගසා ගන්නා තිදරු පියෙකි. සිවකුමාර මීට අවුරුදු 5 කට ප‍්‍රථම හදවත් සැත්කමකට භාජනය වී ඇති අතර ඒ සම්බන්ධව ඔහු දිගටම ප‍්‍රතිකාර ගනිමින් සිට තිබේ. 2011 අගෝස්තු 22 වන දින ඔහු ලබාගන්නා ඖෂධ අවසන් වී තිබූ නිසා සවස 5.00 ට පමණ ඔහුගේ හිතවතෙකු වන ජනක ප‍්‍රදීප් සමග කල්පිටියේ ඇති ෆාමසියක් වෙත ගොස් තිබේ. මේ අවස්ථාවේ කල්පිටිය පල්ලියේ සීනුව හදිසියේ දිගින් දිගටම නාද වී ඇති නිසා කතෝලිකයෙකු වූ සිවකුමාර හා ජනක පල්ලිය පැත්තට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් 500 කට වැඩි පිරිසක් ඒ ආසන්නයේ රොක් වී සිටිනු දැක තිබේ. එසේ හදිසියේ සීනුව නාද කිරීමට හේතුව ලෙස එහි සිටි අය කියා ඇත්තේ ගී‍්‍රස් යකෙකු එම ප‍්‍රදේශයට පැමිණ ඇති බවට ආරංචියක් පැතිර ඇති නිසා මෙසේ සීනුව හඩනගා ඇති බවයි.
Read More >> (2011-08-23)
පරිස්සමෙන් ඔබටත් මෙවැනි දුරකථන ඇමතුම් ලැබිය හැකියි
හක්මන වේපතඉර පදිංචිකරුවෙකු හා විශ‍්‍රාමික ගුරුවරයෙකු වූ කේ. ඒ හේමසිරි මහතාගේ නිවසට පසුගියදා (2011.08.17) හදිසියේ දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ඒ අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි බැවින් හේමසිරි මහතාගේ බිරිදට කතා කළ තැනැත්තා තමන් වව්නියාව ත‍්‍රස්ත විමර්ශණ එක්කයේ අයි.පී. ගුණවර්ධන බවත් හේමසිරි මහතාගේ දුරකථනයෙන් ගත් ඇමතුම් සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ නිසා ඔහු සිටිනා ස්ථානයේ දුරකතන අංකයක් ඉල්ලා තිබේ. ඒ අනුව හේමසිරි එම අවස්ථාවේ ඔහුගේ පුතාගේ නිවසට ගොස් සිටි නිසා එම දුරකථන අංකය ඔහුට ලබා දී තිබේ.
Read More >> (2011-08-22)
Page 85 Of 93

<<
1
...
82
83
84
85
86
87
...
93
>>
www.right2lifelanka.org