More News
MORE NEWS
සුනිලා, සරවනමුත්තු සහ නිමල්කාගේ ජිවිත අනතුරේ!
විරුද්ධ මත දැරීමේ අයිතිය ශ‍්‍රී ලංකාවේ පුරවැසියනට ව්‍යවස්ථාවෙන්ම හිමි වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් යාන්ත‍්‍රණයන් සමඟ කටයුතු කිරීම අන්තර් ජාතික වශයෙන් පිළිගැනෙන හිමිකමකි. මෙම අයිතීන් පාවිච්චි කරමින් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ දේශපාලන නායකනායිකාවන් ගණනාවක්ම දශක දෙකකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර් ජාතික වශයෙනුත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව දේශීය වශයෙනුත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියහ. ඒ අනුව මෙම මානව හිමිකම් ක‍්‍රියාධරයින් අතීතයේ දී මෙන්ම වර්තමානයේදී ද කැප වී ඇත්තේ එකම අරමුණක් උදෙසා බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි.
Read More >> (2012-03-17)
වල් වැදී ඇති රටේ නීතිය හා සාමය යළි තහවුරු කිරීමට LLRC නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි
2009 මැයි මස යුද්ධය නිමා වීමත් සමග මතු වූ යුධ අපරාධ හා ශී‍්‍ර ලංකා ආණ්ඩුව සතු වගවීම වෙනුවෙන් ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි 19 වන සැසියට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව විසින් ඉල්ලා සිටින්නේ, තමන් සතු ව්‍යවස්ථාමය බලය මත ජනාධිපතිවරයා පත්කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙහි නිර්දේශ සියල්ල කි‍්‍රයාත්මක කරන බවට සහතිකයකි.
Read More >> (2012-03-14)
අද ආණ්ඩුව විසින් ජිනීවාවලට දෙන පොරොන්දු විහිළු බවට පත් වෙලා. ඡේෂ්ඨ නීතීඥ චන්ද්‍රපාල කුමාරගේ
කොළොන්නාවේ නගරාධිපතිවරයා පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායම වව්නියාවේ හමුදා කාණ්ඩයකට අයිති සොල්දාදුවන් බවට තොරතුරු හෙළි ව තිබෙනවා. මේ සිදු වීම සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට යාමේ දී පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරනවා. සැබවින් ම මෙය ඉතාම භායානක තත්ත්වයක්.
Read More >> (2012-03-14)
‛එක් පක්ෂයක් කළ අපරාධ වලින් අනෙක් පක්ෂ සිදු කළ අපරාධ සාධාරණීයකරණය වෙන්නේ නැහැ.’ – කැලම් මැක්රේ
එල්.ටී.ටී.ඊයට එරෙහිව ශ්‍රී ලංකා රජය දියත් කළ යුද්ධයේදී කෙරුණ යුධ අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ ආයතනය නිෂ්පාදනය කළ නවතම වාර්තා චිත්‍රපටය ජාත්‍යන්තර බලවතුන්ද වගකීමෙන් බැඳෙන බවට චෝදනා කරනවා. ‛ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ්ස් වෝ ක්‍රයිම් අන්ෆිනිෂ්ඩ්’ හෙවත් ‛යුධ අපරාධවලට දඬුවම් නොලද ශ්‍රී ලංකාවේ මරුබිම්’ නම් වාර්තා චිත්‍රපටය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුව මුළු දෙන ජීනිවා නුවරදී 11 සවස් යාමයේ මුල්වරට තිරගත කෙරෙනවා.
Read More >> (2012-03-14)
අන්තර්ජාල නිදහස සීමා කළ රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්
ශ්‍රී ලංකාවද අන්තර්ජාල කටයුතු සම්බන්ධයෙන් වුවමනාවට වැඩි සෝදිසියකින් පසුවන රාජ්‍යයක් බව ‘සීමා මායිම් නොමැති වාර්තාකරුවෝ’ (Reporters Without Borders)සංවිධානය පවසයි.
Read More >> (2012-03-13)
වැරදුන සුදුවෑන් දඩයම
තමන් ඝාතනය කිරීමේ සූදානමක් ඇති බැවින් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන්නැයි, කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
Read More >> (2012-03-12)
සමාජ වැඩ කරන අයට කවදත් පිළිගැනීමක් තිබුනෙ නැහැ - ගුණදාස ජයසිංහ
අපේම අයගෙ නින්දා අපහස, දුක් කම්කටොළු මැද අපි කිහිප දෙනෙකු කළ ඒ වැඩ නිසායි අද අඳ ගොවියා මේ ප‍්‍රමාණයට හෝ ආරක්ෂා වෙලා තියෙන්නෙ. නමුත් තාමත් බොහෝ අය අපිට කියන්නේ පිස්සො කියලා. ඒ නිසා සාමාජ වැඩ කරනකොට කවදාවත් අපිට හොඳක් අහන්න ලැබෙන්නෙ නැහැ. නිකන් ඉන්න අය අපිට මොනව හරි කියනවා. අපි මහන්සිවෙලා මොනව හරි ලබා දුන්නම ඒවා බොහොම අගේට ඒ අය බුක්ති විදිනවා. මේක අඳගොවි ක්ශේත‍්‍රයට පමණක් අදාල ප‍්‍රශ්ණයක් නොවෙයි, ඕනෑම එකකට අදාලයි. ඒ නිසා අපි සාමාජ වැඩ කරනව නම් මේ ප‍්‍රතිචාර පිලිගන්න පුරුදු වෙන්න ඕන.
Read More >> (2012-03-11)
තෙල් මිල ඉහල යාමත් සමඟ ධීවරයන්ට නව රැකියා අවස්ථා
ඉන්ධන මිල ඉහල දැමීමත් සමඟ තම රැකියාව කරගැනීමට නොහැකි තත්ත්වයකට පවත්ව ඇති හලාවත ධීවරයන් ජීවත් වීමට රැකියාවන් සොයමින් වෙනත් ප‍්‍රදේශයන් වෙත සංචාරය කරන බව වාර්තා වේ. පසුගියදා බීබීසී සංදේශයට ප‍්‍රකාශයක් කළ නම සදහන් නොකල හලාවත එගොඩවැල්ල ගම්මානයේ ප‍්‍රභූවරයෙකු ප‍්‍රකාශ කර සිටියේ දිනකට චරිත සහතික ලබා ගැනීමට ධීවර කම්කරුවන් කීප දෙනෙකු තමන් වෙත පැමිණෙන බවයි.
Read More >> (2012-03-10)
‛අපි පෙනී හිටින්නෙ මීට වඩා ප්‍රබල යෝජනාවක් වෙනුවෙන්’ – සුනිලා අබේසේකර
ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ අතිශයින්ම දුර්වල යෝජනාවක් බව මානව හිමිකම් ක්‍රියාධාරීන් පවසනවා. ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඇතුළු රජය වගකීමෙන් බැඳෙන යෝජනාවක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියා. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙසත්, ශ්‍රී ලංකා රජය එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා පියවර හැකි ඉක්මණින් දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටිමින් 08 වනදා ඉදිරිපත් වූ කෙටුම්පත, ජාත්‍යන්තර නීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.
Read More >> (2012-03-10)
මූන්දලම පොලිස් ස්ථානාධිපතිගේ අමානුෂික ප‍්‍රහාරයක්
පුත්තලම, මදුරන්කුලිය, ආමකුලිය ප‍්‍රදේශයේ පදිංචි සෝමරත්න මහතා සුළු ව්‍යාපාරිකයෙකි. මදුරන්කුලිය, පොලිසියේ නිළධාරීන් අවුරුදු ගණනාවක සිට සෝමරත්න මහතාගෙන් යම් යම් අවස්ථාවලදී විවිධ හේතු ඉදිරිපත් කරමින් මුදල් ඉල්ලාගෙන තිබේ. නමුත් පසුගියදා සෝමරත්න මහතා පොලීසිය වෙත එසේ මුදල් ලබාදීම ප‍්‍රතික්ෂේප කර තිබේ.
Read More >> (2012-03-10)
ජිනීවා සමුළුවට TNA මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු හෝ සහභාගී වීමට ඉඩක්
ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු හෝ සහභාගී වීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තාවේ. පක්ෂයේ ඒකමතික තීරණය ලෙස මුලින්ම ප‍්‍රකාශයට පත්කැරුණේ ජිනීවා සමුළුවට සහභාගී නොවීමට වුවත් මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරයකගේ අදහස් මත එම සමුළුවට ද්‍රවිඩ ජාතික සන්ධානය සහභාගී වීමට ඉඩ ඇතැයි වාර්තාවේ.
Read More >> (2012-03-10)
පොලිස්පති ඇතුළු නිලධරීන් කැදවා පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
පෞද්ගලික විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පතට එරෙහිව විරෝධය පාමින් උද්ඝෝෂණයක යෙදුනු කටුනායක වෙළඳ කලාපයේ සේවකයින් හා පොලිසිය අතර ඉකුත් වර්ෂයේ මැයි 30 වැනිදා ඇතිවු ගැටුමේදී තම මුලික අයිතිවාසිකම් කඩවන ලද්දැයි සඳහන් කරමින් කටුනායක වෙළඳ කලාපයේ සේවකයින් 13 දෙනෙකු ගොනු කළ පෙත්සම් 13 ම මාර්තු 5 වන දින සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය හමුදාපති හැර පෙත්සමේ නම් සඳහන් කටුනායක, සීදුව සහ මීගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු, හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය, පොලිස්පති එස්.කේ. ඉලගංකොන්, ශි‍්‍ර ලංකා අයෝඡුන මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් කැඳවා සම්පුර්ණ විභාගයක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් සලකා බලන ලදී.
Read More >> (2012-03-08)
මනෝවිකාරකාරයන්ගේ ජිනීවා කුමන්ත‍්‍රණය - K.W ජනරංජන
අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක්, මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට යෝජනා කරන්නට යන්නේ, මෙම කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසය. එහි ඇති වරද කුමක්ද? ජනාධිපතිවරයාම පත්කළ, ඔහුගේ මිතුරකු විසින් සභාපතිත්වය දරන ලද කොමිසමක නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයාම ශපථ කර තිබියදී, එම නිර්දේශ ක‍්‍රියාත්මක කරන මාර්ග සැලැස්මක් දෙන්නටයැ යි ඉල්ලීම වරදක් වන්නේ කෙසේද?
Read More >> (2012-03-06)
යුද අපරාධ සිදුවුණා නම් ඊට වගකිවයුත්තන්ට දඬුවම් ලැබිය යුතුයි - නිමල්කා ප‍්‍රනාන්දු
මහින්ද සමරසිංහ ඇමතිවරයා ජිනීවාවලට ගිහිල්ලා ඔහුගේ කතාවේදී ප‍්‍රකාශ කළා ඒ නිර්දේශ ක‍්‍රියාත්මක කළා කියලා. ඉතින් ඒක විශාල බොරුවක්නේ. සිවිල් සමාජ ක‍්‍රියාධරයෙක් හැටියට ඒක බොරුවක් කියලා කියන්න මට අයිතියක් නැද්ද? මේ ආකාරයට ඇමතිවරයෙක් ඉහළ මට්ටමේ සංවාදයක අමූලික බොරුවක් කියන අවස්ථාවකදී උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කරයි කියන එකට මොකක්ද අපට තිබෙන පිළිසරණ. ඒ උගත් පාඩම් කොමිසමට සහය දීපු විද්වතුන්ට කරන අපහාසයක්
Read More >> (2012-03-06)
ගැහැනු දරුවෝ 1165 ක්‌ ගිය වසරේ අතවරයට ලක්‌වෙලා
ශ්‍රී ලංකාවේ ළමයින්ට සිදුකරන අපචාර ක්‍රියා විශාල වශයෙන් වැඩිවී ඇති අතර පසුගිය වසරේ ගැහැනු දරුවන් 1165 දෙනකු ලිංගික අතවරයන්ට මුහුණපා ඇතැයි නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පැවැසීය.
Read More >> (2012-03-06)
ඇසින් දුටු සාක්ෂිකරුවකුගේ කතාව - සුනන්ද දේශප‍්‍රිය
‘‘ ශ‍්‍රී ලංකා ඝාතන භූමි’’ වාර්තාමය සිනමා පටය එය පුරාම සාකච්ජාවට භාජනය කරන ප‍්‍රශ්ණය මෙය යි: ශ‍්‍රී ලංකා හමුදා විසින් රාජ්‍ය සමඟ සටන් වැදුණූ කැරලිකරුවන් සමඟ කළ සටන් වලදී අත් අඩංඟුවට ගැණුනු සහ එම සිදුවිම්වලට කිසිදු සම්බන්ධයක් නැති පිරිස් ඝාතනය කරන ලද්දේ ද?
Read More >> (2012-03-05)
හලාවත ධීවර ඝාතනයේ ඇසින් දුටු සාක්‌කි කියන නඩු නැති රටක කතාව
ඒ කඳුළුගෑස්‌ හතරෙන් පස්‌සෙ මේ මිනිස්‌සු අපිට එක දිගට වෙඩි තිබ්බා. අපි වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. ඒත් එකදිගට වෙඩි තිබ්බා. මිනිස්‌සු කෑ ගහ ගහ දුවන්න ගත්තා. අපේ තුන්දෙනෙක්‌ වෙඩි වැදිලා වැටුණා. මුලින්ම වෙඩි වැදුනෙ ඇන්ටනිගේ ඔළුවට. ඔළුව කුඩුවෙලා ලේ ගලනවා. වෙඩි තියලා දැම්මට පස්‌සේ ඒ කාලකණ්‌නි මේ මනුස්‌සය ගාවට කාටවත් එන්න දුන්නෙ නෑ
Read More >> (2012-03-05)
ජිනීවා ගිය මහින්ද සමරසිංහ ගේ ප‍්‍රකාශය
ඊයේ (27) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසියේ ඉහළ පෙළේ හමුව අමතා වැවිලි කර්මාන්ත අමාත්‍ය, මානව හිමිකම් පිළිබඳ ජනාධිපති විශේෂ දූත හා ශී‍්‍ර ලංකා නියෝජිත කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ප‍්‍රකාශය
Read More >> (2012-02-29)
ජිනීවා යෝජනා සම්බන්ධ රජයේ විරෝධයේ අරමුණ කුමක්ද?
මෙවර ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එනු ලබන බවත්, එම යෝජනාව මගින් රටේ ජනාධිපතිවරයා ඇතුළු රණ විරුවන් විදුලි පුටුවට දක්කාගෙන යන බවත්, එය මේ රටේ ස්වාධීනත්වයට බාධාවක් මෙන්ම එය ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීමක් බව ප‍්‍රකාශ කරමින් මෙම යෝජනාව ගෙන එනු ලබන ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන්ටත් මෙවැනි යෝජනාවක් සදහා පාර කැපූවායි කියන NGO වලටත් එරෙහි රජයේ පුර්ණ අනුග‍්‍රහයෙන් උද්ඝෝෂන මාලාවක් රට පුරා පවත්වනු ලැබීය.
Read More >> (2012-02-29)
අපි කවදත් විපක්ෂයේ - බි‍්‍රටෝ ප‍්‍රනාන්දු
තෙල් මිල වැඩි වීම සහ උගත් පාඩම් කොමිසම් වාර්තාව යන මාතෘකාව යටතේ පසුගිය 25 වැනිදා නිදහසේ වේදිකාවේ සම්මන්ත‍්‍රනයක් මීගමුව, කාදිනල් කූරේ ශාලාවේදි පැවැත් විය. එහිදි අදහස් දැක්වු නිදහසේ වේදිකාවේ කැදවුම්කාර මණ්ඩලයේ නියෝජිත බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා වර්තමානයේ සිව්ල් සංවිධාන වලට එල්ල වී ඇති අභියෝග පිළිබදව පැහැදිලි කළ අතර ඔහු කියා සිටියේ කුමන පක්ෂයක් යටතේ ආණ්ඩු පැවතියද සිවිල් සංවිධාන සැමදා විපක්ෂයේ බවයි.
Read More >> (2012-02-28)
මාරවිල පොලීසිය 62 දෙහැවිරිදි රෝගීයෙකුට අමානුෂිකව පහර දී මුදල් පැහැර ගනියි.
දෙදරු පියෙකු වන ජේ.පී සැම්සන් කුලතංග මහතා (62) ඔහුගේ නිවසේ තනියම ජීවත් වේ. පසුගිය පෙබරවාරි 09 වන දින උදේ 10.00 ට පමණ සැම්සන් මහතා නිවසේ නිදන කාමරයේ සිටියදී අනවසරයෙන් නිවසට ඇතුළු වූ මාරවිල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ඔහුට අමානුෂිකව පහරදී ඔහුගේ ඉඩම විකුණා නොදැම්මොත් මරා දමන බවට තරජනය කර ඔහු සතුව තිබු රුපියල් 15000 ක මුදලක් ද පැහැරගෙන පලාගොස් තිබේ. මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා එ අවස්ථාවේ මත් පැන් පානය කර සිටි බව සැම්සන් මහතා පවසයි.
Read More >> (2012-02-28)
Page 87 Of 99

<<
1
...
84
85
86
87
88
89
...
99
>>
www.right2lifelanka.org