More News
MORE NEWS
මානවහිමිකම් ක්‍රියාකාරියෙක් පිටුපස ආණ්ඩුවේ කුලි හමුදා…
ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව මීගමුව සහ හලාවත ධීවරයන් විසින් සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණ පිටුපස සිටින්නේ රාජ්‍ය නොවන සංවිධානයක් බව ධීවර ඇමැතිවරයාගේ මුලිකත්වයෙන් වෛරි ව්‍යාපාරයක් සියළු ජනමාධ්‍ය හරහා පසුගිය කාලය තුළ දියත් කර තිබුණි. සෘජු ලෙසින් නම්කර නොතිබුනද මේ සියළු මඩගැසිම් ඉලක්කව තිබුනේ ජාතික ධිවර සහයෝගිතාවය සහ එහි කැදවුම්කරු හර්මන් කුමාර මහතා වෙතය.
Read More >> (2012-02-28)
වෙනසක් සදහා මීගමුවෙන් නිතිඥ එකතුවක්
නීතියේ ආධිපත්‍යය බිද වැටීම සහ පවතින ක‍්‍රමවේදයේ පරිහානිමය තත්ත්වයන් පරාජය කොට යම් සමාජීය වෙනසක් ඇති කීරීමේ අවශ්‍යතාව වෙනුවෙන් ක‍්‍රියා කළ හැකි නිතිඥ එකමුතුවක් මීගමුව ප‍්‍රදේශය තුළින් ගොඩනැගීම අරමුණුකර ගනිමින් වන මූලික සාකච්ඡවක් 2012.02.18 දින රයිට් ටු ලයිෆ් හි දී පැවැත්විණි.
Read More >> (2012-02-28)
හොං කොං වල ක්‍රමය ක්‍රියාත්මක වීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රමය ක්‍රියත්මක කරවන්නන් අසමත් වීම
යුද්ධය නිසා අවතැන් වූ ජනතාව බැලීමට පසුගිය සෙනසුරාද ( 25) වවුනියාවට ගිය ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ජනතාව සමඟ කතා කළ අතර බී. බී. සී සේවයයේ වාර්තාකරුවකු සමඟ සම්මුඛ සාකච්චාවටද සහභාගී විය. අදාළ උපදේශකවරයාට අනුව වව්නියාවේ අවතැන් වූ ජනතාව එම කාරණය නිසාම අවතැන් වූ යාපනයේ ජනතාව මෙන් නොව කිසිම පහසුකමක් නොලබන බව සඳහන් කළ අතර යාපනයේ ජනතාව දැනුවත් වී සිටින අයවලුන් නිසා ඔවුන්ට ඉල්ලීම් ඉදිරිපත් කළ හැකිනමුත් වව්නියාවේ ජනතාවට එසේ කළ නොහැකි බව සඳහන් කළේය. අදාළ හමුවේදී ප්‍රදේශයේ සිවිල් සේවකයින්ට සේවය කිරීමට නොහැකි බව ප්‍රශ්න කළ ආකාරය ගැන මෙන්ම ඊට හේතු අදාළ උපදේශකයාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් අදාළ උපදේශකයා කියා සිටියේ බ්‍රිතාන්‍ය විසින් ඇති කොට ගිය ක්‍රමය කොතනකවත් හරියට ක්‍රියාත්මක නොවන බවත් ප්‍රශ්නය එය බවත් සඳහන් කළේය.
Read More >> (2012-02-27)
තෙල් මිළ වැඩි වූයේ ඇයි? නිදහසේ වේදිකාවේ ප්‍රකාශයකි.
ආණ්ඩුව තෙල් මිළ වැඩි කළේ ආර්ථිකය කළමනාකරණය කරගනීමට නොහැකි නිසා යැයි සමහරු කියති. ඔවුන්ට අනුව ආණ්ඩුව වහාම නාස්තිකාර වියදම් නවත්වා ආර්ථිකය නිසි පීල්ලට ගතයුතුය. නාස්තිකාර වියදම් යැයි මේ අය කියන්නේ කුමණ වියදම් දැයි පැහැදිලි නැත. අද ලංකාවේ වියදමෙන් වැඩිම මුදලක් වැයවන්නේ ආර්ථික සංවර්ධනයට හෝ අධ්‍යාපනය හෝ සෞක්‍යය හෝ සංස්කෘතිය වැඩි දියුණු කරන්නට නොව ආරක්ෂක අමාත්‍යාංශය නඩත්තු කිරීමටය.
Read More >> (2012-02-16)
හෙට (17) මීගමුවේ විරෝධතාවයක්
සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අගයකින් රජය විසින් සිදු කළ හදිසි ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව මතුවන ජන විරෝධය රජය විසින් සන්නද්ධ බලය යොදාගනිමින් මර්දනය කිරීමට එරෙහිවත්, පොලිස් වෙඩි තැබීමෙන් හලාවත ධීවරයෙකු ඝාතනය කිරීමට එරෙහිවත්, ආණ්ඩුවේ සංදර්ශන වියදම් වහා නවතා, දුෂණය හා නාස්තිය අවම කර ඉන් ලැබෙන ප‍්‍රථිලාබ තුළින් ඉන්දන මිල පහත දමා ජීවන මිල පාලනය කරන ලෙසට රජයට බලකරමින් මීගමුව නගරයේ ජනතාව දැනුවත් කිරීමේ ‘උද්ඝෝෂණයක්’’ හෙට (17) උදේ වරුවේ මීගමුව නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read More >> (2012-02-16)
මම මානව හිමිකම් කොමිසමෙන් අස්වුණේ ඇයි?
හිටපු රස පරීක්ෂකා ආචාර්ය ආනද මෙන්ඩිස් මහතා 2011 පෙබරවාරියේදී ජනාධිපති විසින් මානව හිමිකම් කොමිසන් සභාවේ සාමාජිකයෙකු වශයෙන් පත් කරන ලදී. 2012 ජනවාරි 31 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ඔහු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ධුරයෙන් ඉල්ලා අස්වූයේ තම හෘදසාක්ෂියට එකඟව කටයුතු කළ නොහැකි නිසා අස්වන බව ජනාධිපතිට දැනුම් දෙමිනි.
Read More >> (2012-02-15)
නොහැකියාව හා වෛරි දේශපාලනය අතහැර ධීවර ජනතාවට සාධාරණය ඉටූ කරනු - NAFSO
ධිවර ජනතාවට මෙන්ම සමස්ථ ජනතාවටම බලපා ඇති අතිශයින්ම දැරිය නොහැකි මට්ටමකට තෙල් මිල ඉහල දැමීමට රජය ගත් පියවරට එරෙහිව විවිධ ජන පිරිස් දක්වන විරෝධතා අතර ධීවර ජනතාවගේ විරෝධතාවය රජයට තදින්ම දැනී ඇත. තෙවන දිනයටත් තම රැකියාව අතහැර විරෝධතාවයේ නිරතවීමට ධීවරයාට සිදුව ඇත්තේ තමන්ගේ රැකියාව සදහා වැයකල මුදලද ගෙවා රැකියාවේ නිරතවීමට නොහැකිව සිටි අවස්ථාවකදී රුපියල් 35 කින් භූමිතෙල් මිලත් රුපියල් 31 කින් ඩීසල් මිලත් ඉහල යාමෙන් සිදුවු මරු ප‍්‍රහාරය දරාගත නොහැකිවූ නිසා මිස වෙනත් කිසිදු හේතූවක් නිසා නොවේ. මෙම ජනතාව සුභ අනාගතයක් සදහා සිහින මවමින් ආසියාවෙ ආශ්චර්යය කරා ලගා වීමට අපේක්ෂාවෙන් වත්මන් රජයට සහය දක්වන පිරිසක් බව අප අමුතූවෙන් සිහිපත් කර දීමට අවශ්‍යතාවයක් නැත. රාජ්‍ය බුද්ධි අංශ මේ පිළිබදව බලධාරීන්ට දැනටමත් වාර්තා කර ඇති බවට සැකයක් ද නැත.
Read More >> (2012-02-15)
පෙබරවාරි 17 විරෝධතා දිනයක්
රජය විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් ලබන 17 වැනිදා විරෝධතා දිනයක් ලෙස නම් කිරීමටත්, එදින සවස තුනට කොළඹ දුම්රිය පොළ ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක්‌ පැවැත්වීමටත් එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කර තිබේ.
Read More >> (2012-02-14)
‛‛අත්අඩංගුවටගත් අයෙක් පැහැරගෙනගියා නම් එහි වගකීම රජය විසින් දැරිය යුතුයි’’ – නීතිඥ ජේ.සී වැලිඅමුණ
‛ගෙවල් වලදී, වෙනත් තැන් වලදි සුදු වෑන් වලින් පැහැරගෙන යාම මෙච්චර කාලයක් සිදුවුණා. නමුත් අධිකරණ භූමිය තුළ සුදු වෑන් එකකින් පැහැරගෙන යාම සිද්ධ වුන ප්‍රථම අවස්ථාව මේක තමයි. අනිත් කාරණය තමයි කෙනෙකු අත්අඩංගුවට පත් වුණාට පස්සෙ ඒ කෙනාගෙ වගකීම සම්පූර්ණයෙන්ම රජය යටතේ තියෙන්නෙ.
Read More >> (2012-02-14)
අධිකරණ භූමිය තුළදී සැකකරුවෙකු පැහැරගෙන යාමට එරෙහිව නීතිඥයින්ගේ විරෝධය
පසුගිය පෙබරවාරි 12 වන දින මහ දවල් කොළඹ මාහාධිකරණ සංකීරණය තුළදී බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ සිටි සැකකරුවෙකු දෙනේදාහක් දෙනා බලා සිටියදී ආයුධ සන්නද්ධ පිරිසක් විසින් බන්ධානාගාර නිලධාරීන්ට හා අදාල සැකකරුගේ ඥතීන්ට පහරදී සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබේ. අධිකරණ භූමියක සිදුවුන මෙම පැහැර ගැනීමට විරෝධය පා අද දින දහවල් 12 ට අළුත්කඬේ අධිකරණ සංකීරණය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට නීතිඥවරු තීරණය කර තිබේ.
Read More >> (2012-02-13)
උද්ඝෝෂණවලට එරෙහි අධිකරණ නියෝග මහජන නිදහස සීමා කිරීමක් ජේ.සී. වැලිඅමුණ
උද්ඝෝෂණවලට පොලිසියට මැදිහත් විය හැකි බවට හා එසේ මැදිහත්වී උද්ඝෝෂණ මහේස්ත‍්‍රාත් නියෝගයකින් වැලැක්විය හැකි බවට මතයක් රටපුරා ප‍්‍රචලිත වෙමින් තිබේ. මෙහි යථා තත්වය කුමක්ද යන්න කිසිවකුත් හරිහැටි දැන සිටියේ නැත. නමුත් පසුගිය 25 වැනිදා ජන මාධ්‍ය සංවිධාන මගින් සිදුකළ ‘කඵ ජනවාරි’ උද්ඝෝෂණයේදි මෙම වාරණයේ යථාර්ථය එළියට ආවේය. මේ උද්ඝෝෂණය පැවැත්වීමට 2010.01.24 දා කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා කොළඔ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඉල්ලීමක් කර තිබුනි. එම ඉල්ලීමේ සඳහන් වන පරිදි කොළඹ කොටුව පොලිසියේ බුද්ධි අංශයට ජන උද්ඝෝෂයක් කරන බවට තොරතුරු ලැබී ඇත
Read More >> (2012-02-10)
සමෘර්ධි සංවර්ධන නිළධාරිණියට උඩුබද්ධාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති පහර දෙයි
පසුගිය ජනවාරි 20 වැනි දින පැවැති මංගල සාධයකදී තිදරු මවක් වන බිබිලදෙනිය සමෘර්ධි සංවර්ධන නිළධාරීනි මධුරසිංහ නැමැත්තියට ”මා කියන දෙයට පිටින් ගියහොත් බලාගනින්” යනුවෙන් තර්ජනය කරමින් මංගල සාදය පැමින සිටි අමුත්තන් ඉදිරියේ බීමත්ව සිටි උඩුබද්ධාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති විසින් අමානුෂීය ලෙස පහරදී තිබේ.
Read More >> (2012-02-10)
බුද්ධිමතුන් වැඩිම දිස්ති‍්‍රක්කයෙන් ඡන්ද ලක්ෂ 1 1/2 ගත් මර්වින් සිල්වා
මාව පි‍්‍රය නම් මිනිස්සු මට කථා කරන එක වළක්වන්න පුළුවන්ද? කොහේ ගියත් මා වටා මිනිස්සු වට වෙනවා. මිනිස්සු මට පි‍්‍රයයි. ඒක මගේ වරදක් නොවෙයි. ඒක මහජන කැමැත්ත. නැත්නම් මං බෙලිඅත්තෙන් ඇවිත් ගම්පහ දිස්ති‍්‍රක්කය, ඒ කියන්නේ ලංකාවේ බුද්ධිමතුන් වැඩිම ඉන්න දිස්ති‍්‍රක්කයෙන් ඡන්ද ලක්ෂ 1 1/2 ක් අරන් පාර්ලිමේන්තුවට යයිද?.
Read More >> (2012-02-09)
මීගමුවේ මැර දේශපාලනයට එරෙහිව උද්ඝෝෂණය
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මීගමුව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරයෙකු වන කපිල නන්දසුලෝචන මහතාට පසුගියදා යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මන්නා පිහියකියකින් සිදුකළ පහරදීමට එරෙහිවත් මීගමුවේ වර්ධනය වන මැර දේශපාලනයටත් එරෙහිව විරෝධතාවයක් මීගමුව නගර සභාව ඉදිරිපිටදී අද උදෑසන (2012.02.09) පැවැත් විය.
Read More >> (2012-02-09)
‘‘කළු ජනවාරියට’’ එරෙහි අධිකරණ නියෝගය අභියෝගයට පියවර
‘‘කළු ජනවාරිය’’ කඩාකප්පල් කිරීම සදහා කොටුව පොලීසිය විසින් ලබා ගත් අධිකරණ නියෝගය අභියෝගයට ලක්කිරීමට තමන් සුදානම් බවත් එ සම්බන්ධව ප‍්‍රවීන නීතිඥයින් කිහිප දෙනෙකු සමග මේ දිනවල සාකච්ඡ පවත්වමින් සිටින බවත් එහි ප‍්‍රකාශකයෙකු අප සමග පැවසීය.
Read More >> (2012-02-08)
බැදිවැව දියසේන හිමියන් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට
කල්පිටිය ශ‍්‍රී සමුද්‍රසන්න විහාරයේ විහාරාධිපති බැදිවැව දියසේන හිමියන් කටුනායක ගුවන්තොටුපොලේදී අද උදේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොල පොලීසිය වෙත භාරදී තිබේ. දියසේන හිමියන් මෙසේ අත්අඩංගුට ගෙන ඇත්තේ පෞද්ගලික කටයුත්තක් සදහා අද දින ඉන්දියාව බාලා යාමට ගුවන් තොටුපලට පැමිනි අවස්ථාවේදීය. මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ පොලොන්නරුව අධිකරණයක් විසින් බැදිවැව හිමියන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කිරීම මත බව පොලීසිය පවසයි.
Read More >> (2012-02-08)
මානව හිමිකම් රැකගැනීමේ ඇත්ත වුවමනාවක් රජයට තිබේද
උගත් පාඩම් හා සංහිදියා කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අපි ඇතුළුව මේ රටේ සිවිල් සංවිධාන විසින් දශක දෙකක් පමණ කාලයක් තිස්සේ ඉල්ලූ දේවල්. එ නිසා එහි අලූත් දෙයක් නැහැ. අපි රජයට කියන්නේ මෙම නිර්දේශ වහා කි‍්‍රයාත්මක කරන්න කියලයි. නමුත් අපිට විශ්වාස කරන්න අමාරුයි මෙම නිර්දේශ රජය කි‍්‍රයාත්මක කරයි කියලා. මෙම නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න නම් අපි විශාල බලපෑමක් රජය වෙත සිදු කළ යුතුයි. මාතර දිස්ති‍්‍රක් මානව හිමිකම් කි‍්‍රයාකාරී වෙනුවෙන් මාතර YMBA ශාලාවේ දී පැවැති රැස්විමකදී බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා විසින් මෙම අදහස් ඉදිරිපත් කරන ලදී.
Read More >> (2012-02-08)
නිදහස අතීතය සැමරීමක් නොව අනාගතය සඳහා ඇති බලාපොරොත්තුවයි - AHRC
ආසියානු මානව හිමිකම් කොමිසමේ නිවේදනය - කිසියම් පෞඩත්වයක් හෝ බැරෑරුම් කමකින් තොරව පැවැත්වූ නිදහස් දින උත්සවයක් ලෙස 2012, 64 වන නිදහස් දිනය වාර්තා කළ හැකිය. රටේ පවතින ඉතා බැරෑරුම්ම ප්‍රශ්න පිළිබඳව අබමල් රේණුවකවත් අවබෝධයක් හෝ තැකිමක් රජයට නැති බව ජනාධිපතිවරයාගේ නිදහස් දින ජාතිය අමතා කළ කථාවෙන් ඉතාම පැහැදිලිවේ. ජාතිය ඉදිරියේ ඇති අභියෝගය ඔහු ඉදිරිපත් කළේ මෙසේය.
Read More >> (2012-02-07)
My name is Sunanda I am not a terrorist
ජිවිත ආරක්ෂාව සදහා මේ වනවිට රටින් පලාගොස් සිටින ජේෂ්ඨ මාධ්‍යවේදියකුවන සුනන්ද දේශප්‍රිය මහතා ජනමාධ්‍ය|අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත විවෘත ලිපියක් යොමුකරමින්, තමා ත්‍රස්තවාදියෙක්නොවන බව අවධාරණය කර සිටියි. එම ලිපිය කිසිදු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.
Read More >> (2012-02-07)
අහිංසකයින්ගේ ආරාමය කඩා ඉවත් කිරීම පිලිබඳ විරෝධය - AFMD
පසු ගිය භීෂණ සමයේ (88-89) බලහත්කාරයෙන් රැගෙන ගොස් අතුරුදහන් කරන ලද අහිංසකයින් සැමරීම සඳහා 1999 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනයගේ දායකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නව නාලන්ද එල්ලාවල වටරවුම අසල ඉදිකළ අහිංසකයින්ගේ ආරාමය අද තිබූ ස්ථානයක් වත් හඳුනාගත නොහැකි ලෙස කඩා දමා පොළොවට සමතලා කර ඇති බව දැකීමෙන් අප බලවත් කම්පාවට පත් වී ඇත.
Read More >> (2012-02-04)
යුක්තියෙන් තොර නිදහස - ආසියානු මානව හිමිකම් කොමිසමේ නිවේදනය
රටේ නිතී ක්‍රමයම මුළුමනින්ම බලාපොරොත්තු රහිත අර්බුධයකට ලක් වී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ 64 වන නිදහස සැමරුම යෙදී තිබේ. අධිකරණ ක්‍රමය දේශාපලන වුවමනා එපාකම් හේතුවෙන් අපහරණයට පත් වී ඇති අවස්ථාවක අධිකරණයේ ස්වාධීනත්වය ගැන සැක සංකා මතු කොට තිබේ. එසේම අව්‍යාජ වූ වැඩි දියුණුවක් වෙනුවට පොලිසිය සහ නීතීපති දෙපාර්තමේන්තුව අතිශය දුෂ්කර තත්වයකට මුහුණ පා තිබෙන අයුරු දැක ගත හැකිය.යුක්තිය සොයාගත හැක්කේ කෙසේද යන්න සියල්ලම අසන මුලික ප්‍රශ්ණය වුවත් ඊට විශ්වාශනීය පිළිතුරක් කිසිවෙකු සතුව නැත.
Read More >> (2012-02-04)
Page 88 Of 99

<<
1
...
85
86
87
88
89
90
...
99
>>
www.right2lifelanka.org