More News
MORE NEWS
සැකකාර වෛද්‍යවරයාට එරෙහි සාක්ෂිකරුවන් මර්ධනය කිරීම අපරාධකරු නැවතත් ආරක්ෂා කිරීමේ පියවරක්ද ?
ශ‍්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත‍්‍රය මෙන්ම රට තුළද ඉමහත් ආන්දෝලනාත්මක තැතිගැන්මක් ඇති කළ මීගමු රෝහලේ වෛද්‍යවරයාගේ අපරාධකාරී ක‍්‍රියාවෙහි උණුසුම මදින් මද සිරිත් පරිදි මේ වන විට සීතල වෙමින් පවතී. එකී සැකකාර වෛද්‍යවරයා විසින් මිය ගිය තරුණිය රෝහලින් බිමට වැටී මිය යාමට ඉතා අත්‍යාසන්න අවස්ථාවකදී කාඞ්බෝඞ් කැබැල්ලක උඩු බැලි අතට දිගා කරවා පියයුරු පවා නිරාවරණය වෙමින් තිබෙන පරිදි කලබලයෙන් බිමදිගේ ඇදගෙන යනු දැකීමත්, එකී වෛද්‍යවරයා වෙතින් සිද්ධිය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිව වුවද උදව් පවා අවශ්‍යදැයි තමා විසින් විමසුවේ යැයි අපරාධ විමර්ශණ ඒකකයට වාර්තා වූ බියටි‍්‍රස් නමැති එම රෝහලේ පුද්ගලික අංශ පවිත‍්‍රතා සේවිකාවගේ සාක්ෂිය මෙම අපරාධය හා සම්බන්ධ යුක්තිය පසිදලීමේ අත්‍යවශ්‍ය මෙන්ම තීරණාත්මකද සාක්ෂිය වනු ඇත්තේ එකී වෛද්‍යවරයා විසින් එම තරුණිය මිය යාමට පෙර ඉහත පරිදි කටයුතු කළේ ඇයි ද යන්න හෝ අවසානයේ නීතිය ඉදිරියේ විග‍්‍රහ කළ යුතු වගකීමක් එම වෛද්‍යවරයා වෙත පැවරෙන හෙයිනි.
Read More >> (2008-01-21)
ජෙරාඞ් මර්වින් පෙරේරා ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු බොරු සාක්කි ලබා දීමේ චෝදනා මත රිමාන්ඞ් කරයි
වත්තල මාකේවිට පදිංචිව සිටි තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ එච්.සී 445/2005 දරණ නඩුවේ, ඊයේ පැවැත්වුනු නඩු විභාගයේ දී පැමිණිල්ලේ 07 වන සාක්ෂිකරු ලෙස තෙවරප්පෙරුම ආරච්චිලාගේ ලක්පි‍්‍රය ජයශාන්ත නැමැති පොලිස් නිලධාරියා බොරු සාක්ෂි ලබා දීමේ චෝදනා මත පෙබරවාරි 07 දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කරණ ලදී. ජෙරාඞ් පෙරේරා මහතාගේ අසල් වැසියෙකු වන මෙම ලක්පි‍්‍රය ජයශාන්ත නැමැත්තා මෙම ඝාතනය සම්බන්ධව පාවිච්චි කරනු ලැබූ වාහනය සම්බන්ධව වැදගත් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ නිසා ඔහු පැමිණිල්ලේ 07 වන සාක්ෂිකරු වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් යොමුකර තිබුනි.
Read More >> (2008-01-22)
ලංකාවේ නීතිය රකින ආයතනයන් හි කාර්යක්ෂමතාවය ගැන ජේමිස් ගෙන් දැන ගන්න
තම ජීවිත කාලයෙන් හරියටම අවුරුදු පනහක් රිමාන්ඞ් භාරයේ පසු වු මිනිසෙකුට පසුගිය 11 දා කුරුණැගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලලිත් ඒකනායක මහතා විසින් ඇප නියම කළා. ඒ රුපියල් පනස්දහසක බැඳුම්කරයකට යටත්වය. ලෝක ඉතිහාසයේ චෝදනාවක් ගොනු නොකර නඩුවක් නොපවරවා වැඩිම කාලයක් රිමාන්ඞ් භාරයේ ගත කළ මේ අවාසනාවන්ත මිනිසා නමින් පී. පී ඡේමිස්ය. ඉබ්බාගමුව කුඔුක්වැව හිපව්ව ඔහුගේ උපන් ගමය. දැන් ඔහුගේ වයස අසුවකි.
Read More >> (2008-01-21)
සිත්ති නසීරා සිද්ධිය සම්බන්ධව වෛද්‍ය සභාවේ පරීක්ෂණ ඇරඹේ
සිත්ති නසීරා මහත්මියගේ පාදයක් කිසිදු දැනුම් දීමකින් තොරව මීගමුව මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් කපා දැමීමට එරෙහිව ඇය විසින් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව වෙත ගොනුකර තිබූ පැමිණිල්ල වෛද්‍ය සභාව විසින් වෘත්තීය චර්යාධර්ම කමිටුවට ගොනු කිරීමෙන් අනතුරුව එහි නිර්දේශ මත විධිමත් විභාගයක් සදහා වෛද්‍ය සභාව විසින් නීතිඥ මණ්ඩලයක් වෙත යොමුකර තිබේ
Read More >> (2008-01-20)
මීගමුව රෝහලේ 6 වන මහලින් වැටී මිය ගිය ඇගළුම් සේවිකාවගේ මරණය සම්බන්ධව සාධරණ පිරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විරෝධතා .
මීගමුව දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කටාන ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ ඇගඵම් සේවිකාවක වන මොණරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක වූ (22) හැවිරිදි චමිලා දිසානායක තැනැත්තිය එම රෝහලේ 06 වන මහලෙන් වැටී පසුගිය 12 වනදා අභිරහස් ලෙස මිය යෑම පිළිබදව විවිධ තොරතුරු දැන් එලිවෙමින් තිබේ. ඇය රෝහලට පැමිණ ඇත්තේ පියයුරුවල තිබී ඇති කුඩා ගැටිත්තක් ශල්‍යකර්මයෙන් පසුව ඉවත් කිරීමෙන් අනතුරුව, වෛද්‍යවරුන් විසින් වෛද්‍ය සායනයකට සහභාගිවීම පිණිස කර ඇති දැනුම් දීම මතය.
Read More >> (2007-11-15)
අතුරුදහන්වූවන්ගේ ජාතික දින උත්සවය 2007 ඔක්තෝබර් 27
ඉතිහාසයේ පැවති එක් අඳුරු යුගයකදී අතුරුදහන් කරනු ලැබූ හෝ මරා දමනු ලැබූ දස දහස් ගණනක් පිරිසක් සිහිකරමින්, 17 වැනි වරටත් සංවිධානය කළ අතුරුදහන්වූවන් සැමරීමේ ඔක්තෝබර් උත්සවය 27 වනදා සීදුව රද්දොඵව මංසන්දියේ අතුරුදහන්වූවන්ගේ සිහිවටනය අභියසදී පැවත්විය.
Read More >> (2007-11-02)
ගුවන් තොටුපලේ කතක් දුෂණය කිරීමේ සිද්ධියේ වගඋත්තර කරුවන්ට එරෙහිව විසිපන් ලක්ෂයක් වන්දි ඉල්ලා නඩු පවරයි
රුපියල් දහ අටදාහකට තම ගෙය උගස්කර ගෘහ සේවය සදහා කුවේට් බලාගමන් කිරීමට පැමිනි විසිතුන් හැවිරිදි එක්දරු මවක් 2005 ඔක්තෝබර් 10 දාා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරක්ෂක අංශයේ හා ගුවන්තොටුපල පිරිසිදු කිරීමේ අංශයේ නිළධාරීන් කිහිපදෙනෙකු විසින් රවටා රැගෙන ගොස් දුෂණ කර තිබුනි. එම සිදුවීම සම්බන්ධව සැක පිට 5 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. පසුව පැවැති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී ඉන් එක් අයෙකු පැමිණිලිකාරිය විසින් හදුනා ගනු ලැබීය.
Read More >> (2007-10-12)
ලක්ෂ්මන් සුරේෂ් ප‍්‍රනාන්දු පැහැරගත් වාහනය හඳුනා ගනී
2007.03.02 දින ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් පැහැරගෙන යන ලද මීගමුව මුන්නක්කරේ සිරිවර්ධන පෙදෙසේ පදිංචිව සිටි, ලක්ෂ්මන් සුරේෂ් පැහැරගත් වාහනය ඔක්තෝබර් 03 වන දින පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයේ දී පැවැති හදුනා ගැනීමේ පරීක්ෂණයේ දී ලක්ෂ්මන් සුරේෂ්ගේ බිරිද වන අරුනසීලී කෲස් මහත්මිය විසින් හදුනා ගන්නා ලදී
Read More >> (2007-10-11)
Right to Life සංවිධානයට එරෙහිව අතුරු තහනම් නියෝගයක්
මීගමුව දළුවකොටුව පිහිටි එල්සුමා පුද්ගලික සමාගම Right 2 Life මානව හිමිකම් සංවිධානයට එරෙහිව අතුරු තහනම් නියෝගය ලබාගෙන තිබේ. මීගමුව දිසා අධිකරණය මගින් ලබා දී ඇති මෙම අතුරු තහනම් නියෝගය මගින් Right 2 Life මානව හිමිකම් සංවිධානයේ බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, පිලිප් දිසානායක, අශිලා නිරෝෂණී යන අයට සහ එල්සුමා සේවක සභවේ සභාපති මැක්සිමස් ප‍්‍රනාන්දු යන අයට පැමිණිලිකාර සමාගම ඉදිරිපිට හෝ ඒ අවට රැුස්ව සිටීම හා ඒ ප‍්‍රදේශයට ඇතුල්වීම වලකාලමින් මෙම අතුරුතහනම් නියෝගය පනවා තිබේ. Right 2 Life සංවිධානයට එරෙහිව එල්සුමා සමාගම වෙනුවෙන් නීතිඥ සුදත් එන්. නෙත්තසිංහ මහතා ඇතුළු නීතිඥ පිරිසක් විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
Read More >> (2007-09-19)
ආධාර ගන්න ඕන නිසයි ජාත්‍යන්තර නීතිවලට අපේ ඇමතිවරු ගිහින් අත්සන් කරන්නෙ... නීතිඥ එස්. එස්. විජේරත්න සභාපති, නීති ආධාර කොමිෂන් සභාව
ජාත්‍යන්තර නීති දැන් මේ රටට වැඩක් නෑ. ජාත්‍යන්තර නීතිවලට අපේ ඇමතිවරු ගිහින් අත්සන් කරන්නෙ ආධාර ගන්න ඕන නිසයි. අත්සන් කළ පලියට එය මේ රටේ නීතියක් වෙන්නේ නැහැ. නීතියක් වෙන්න නම් ඒ ප‍්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කරගන්න ඕන. නමුත් ඔය අත්සන් කරන ගිවිසුම් වලින් 1% ක් වත් එහෙම සම්මත කරන්නේ නෑ, සමාජයක් වශයෙන් ජාතයන්තර ප‍්‍රජාවක් සමඟ ඉන්නවා වගේ පෙනුනට ඇත්ත වශයෙන්ම කි‍්‍රයාත්මක ජීවිතයේදි ඒ අයිතිවාසිකම් අපිට ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් මන්තී‍්‍රවරු පවා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. අපි දැන්ම මාසයකට කලින් අත්සන් කලා ආබාධිත පුද්ගලයන් සම්බන්ධ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියකට. ඊට රටවල් 170 ක් අත්සන් කලා. අපේ රටේ ඇමතිවරුන් ගිහින් අත්සන් කලා. නමුත් ඒක අපේ රටේ බලපවත්වන්නේ නැහැ. ඒ වගේම දුෂණයට විරුද්ධ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට 2004 වර්ෂයේ අපි අත්සන් කළා. එම ගිවිසුමට අත්සන් කළ දෙවනි රට අපි. නමුත් අපේ රටේ ඒ කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ.
Read More >> (2007-09-18)
නිදහස් වෙළද කලාපයේ තරුණ තරුණියන් සදහා මානව හිමිකම් අධ්‍යාපන වැඩසටහන් ඇරඹේ...
ගමේ සිට නගරයට සංක‍්‍රමණය වී සිටින, විශේෂයෙන් නිදහස් වෙළද කලාපය ආශි‍්‍රත රැකියාවල නියුතු තරුණ තරුණියන් සමග අප පසුගිය කාලය තුල කි‍්‍රයාත්මක කළ වැඩසටන් වලින් පෙනී ගියේ සාමාන්‍ය නීතිය සම්බන්ධව හා තමුන්ට ඇති අයිතිවාසිකම් පිළිබදව නොදැන සිටීම නිසා ඔවුන් වැඩපළ තුලදීත්, වෙළද පොලේ, නවාතැන් පලේදී, මහ මගදීත් විවිධ ගැටළු සහ දුෂ්කරතාවයන්ට ලක්වන බවයි. දුෂණ හා අක‍්‍රමිකතාවයන්ගෙන් පිරුණු පරිපාලන ව්‍යුහය ශක්තිමත්ව තිබීමත්, නගරයට ආධුනිකයන් වීමත්, තම අයිතිවාසිකම් පිළිබදව අවබෝධයක් නොතිබීමත්, නිසා මෙම පිරිස් ඉතාමත් කටුක ජීවිතයක් ගත කර, අවුරුදු පහක් ගත වන්නට මත්තෙන් ඉක්මනින් මෙම ක්ෂේත‍්‍රයෙන් ඉවත් වී නැවතත් තම ගම රට දක්වා ගමන් කිරීමට පෙළෙඹී තිබේ.
Read More >> (2007-09-19)
ඉෂාරාගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක්ද..? සිය දිවිනසා ගැනීමක්ද..? මිනී මැරුමක්ද..?
ඉෂාරා මධුශානි (17 වෙන්නප්පුව තල්දෙක ශාන්ත රීනා කණිෂ්ඨ විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි ශිෂ්‍යාවකි. විභාග ප‍්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටි ඇය හදිසියේ වූ පිහි ඇනීමකින් පසු මීගමුව මූලික රෝහලේදී මිය ගියාය. ඇයගේ මරණය සිය දිවි නසා ගැනීමක් යැයි මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා චන්න පෙරේරා මහතා නිගමනය කළ අතර, සාමාන්‍ය සිය දිවි නසා ගැනීමක් ලෙස ඇයගේ දේහය තල්දෙක රෝමානු කතෝලික සුසාන භූමියේදී මහිදන් කෙරිනි.
Read More >> (2007-06-22)
බන්ධානාගාර තුළ තදබදය 400% යි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වජිර වි‍ජේගුණවර්ධන කියයි
දැනට බන්ධනාගාරවල තියෙන තදබදය බරපතල ප‍්‍රශ්ණයක්. 8500 ක් රඳවන්න ඕන බන්ධනාගාරවල දැනට 33000 ක පමණ පිරිසක් රඳවල තියෙනව. බන්ධනාගාරවල තදබදය 400% යි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිර්දේශය අනුව එක් රැඳවියෙක් සඳහා වර්ග මීටර් 2 ක් අවශ්‍යය වෙනව අවම ඉඩ පහසුකම ලෙස. නමුත් අපිට ඒක කරන්න බැහැ. ඒ වගේම රිමාන්ඞ් සිරකරුවන් වැඩිවීමත් තවත් ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. ලංකාවේ පළමු වතාවට වැරදිකරුවන්ට වඩා සැකකරුවන් ලෙස රඳවා තිබෙන පිරිස වැඩිවෙලා. අද 51% ක් ඉන්නෙ සැකකරුවන්. 2005 වසරේ ලක්ෂයක් පමණ පිරිසක් රිමාන්ඞ් බාරයට පත් වෙලා 67000 ක් ආපසු ගියා 33000 කටයි දඬුවම් දුන්නෙ. 67000 කටම ආණ්ඩුවෙන් කන්න දීල තියා ගත්ත. අපිට මේ අයගේ කෑම බීම සඳහා වසරකට රුපියල් මිලියන 10000 ක් වැයවෙනව. රිමාන්ඞ් සිරකරුවන්ගේ භාරකාරත්වය තියෙන්නෙ අධිකරණයට. කන්න බොන්න දීල තියාගෙන ඉන්නව මිසක් අධිකරණයෙන් ඔවුන්ට සිරදඬුවම් ලබාදෙන තෙක් ඔවුන්ව විශෝධනය කිරීමට බලයක් අපට නැහැ.
Read More >> (2007-09-17)
මීගමුවේ ජ්‍යෙෂ්ඨයා කම්කරුවාට හයිරං පෙන්වයි.
මීගමුව නගරාධිපති නිමල් ලංසා විසින් මීගමුව මහ නගර සභාවේ කොච්චිකඬේ උප කාර්යාලයට අනුයුක්තව අවුරුදු 19 ක් තිස්සේ නගර සභාවේ සේවය කරන එස්. එ්. සරත් නැමැති කම්කරුවාට (කුණුවල භාරකරු) තම සගයින් සමඟ පැමිණ පසුගිය සැප්තැම්බර් 07 වන දින අමාණුෂික ලෙස පහරදී තිබේ. ඉන් පසු බලහත්කාරයෙන් තමා පැමිණි කාරයට ඇද දමාගෙන මීගමුව නගර සභා පරිශ‍්‍රයට ගෙන ගොස් මීගමුව මහ නගර සභාවේ PHI වරුන් ඇතුළු නිළධාරීන් ඉදිරියේදීද නැවතත් පහර දී ඇත. නගරාධිපතිවරයා විසින් මෙම කම්කරුවාට සහ එම නගර සභාවේම සේවය කරන ඔහුගේ බිරිඳටද වෙනත් රැකියාවක් සොයාගන්නා ලෙස පවසා නගර සභාවෙන් එලවා දමා ඇත.
Read More >> (2009-09-15)
මීගමුව පුද්ගලික රෝහලකින් ලබාදුන් එන්නතක් විසවීමෙන් දෙදරු මවක් මිය යයි......
තම විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් පිට සැත්කමක් සදහා මීගමුව ශාන්ත ජෝන් පුද්ගලික රෝහලට ඇතුළත්වූ දෙදරු මවක් වන ඊ.එම්.චන්ද්‍ර කුමාරි මහත්මිය සැත්කමින් පසු දෙන ලද එන්නතින් පසුව සිහිසුන්ව මීගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් දින හතකට පසු මිය ගොස් තිබේ. පසුගිය අගෝස්තු 22 වන දින මෙසේ මිය ගොස් ඇත්තේ පන්නල ජාතික පාසැලේ ගුරුවරියක ලෙස සේවය කළ 42 හැවිරිදි චන්දා කුමාරි මහත්මියයි. තම දෙවැනි දරු ප‍්‍රසූතිය අවස්ථාවේදී දරුවා අඩු දමා ඇදීමේ දී ඇතිවූ තත්ත්වයක් මත මුත‍්‍රාශය පහතට පැමිණීම නිසා එම දරු ප‍්‍රසුතියෙන් වසර 5 කට පසු මෙම සැත්කම කරවා ගැනීම සඳහා පැමිණ ඇත.
Read More >> (2008-06-19)
මීගමුව රෝහලේ දී කතකගේ පාදයක් අනවසරයෙන් ඉවත් කිරීමට එරෙහිව රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා නඩු පවරයි
මීගමුව, මීරිගම පාරේ පදිංචි 42 හැවිරිදි පස්දරු මවක් වන සිත්ති නසීරා මහත්මියගේ පාදයක් කිසිදු දැනුම් දීමකින් තොරව මීගමුව මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් කපා දැමීමට එරෙහිව, ඇයට ඉන් සිදුවූ හානියට අලාභ ලෙස රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා අදාල වෛද්‍යවරයාට එරෙහිව මීගමුව දිස්ති‍්‍රක් උසාවියේ නඩු අංක 12019/එම් යටතේ නඩු පවරා තිබේ.
Read More >> (2007-09-14)
Page 89 Of 89

<<
1
...
86
87
88
89
www.right2lifelanka.org