More News
MORE NEWS
වත්තල පොලීසිය විශ‍්‍රාමික සෙබළෙකුට පහර දෙයි
මා ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ සෙබළෙකු ලෙස සේවය කරමින් සිටින අතරතුර 1992ග 07ග 03 වැනි දින බලවේගය 2 මෙහෙයුමේදී අලිමංකඩ වෙත්තිලකර්නි ප‍්‍රදේශයේදී මාගේ දකුණු අතට සහ පපුව ප‍්‍රදේශයට වෙඩි වැදීම නිසා ආබාධිත තත්වයට පත්වී ඇත්තෙමි
Read More >> (2012-01-19)
නඩු නැති රටට මොට පායාද සූරියා
මාධ්‍යවෙදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර තුනක් ගතව ඇතැත් ඒ සම්බන්ධයෙන් මේ වන විට යුක්තිය ඉෂ්ඨ වී නොමැති කාලයක මේ වන විටත් මේ රටේ ක්‍රියාත්මක වන රාජ්‍ය මර්ධනය නිමා කර ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරණු වස් මහජන සම්මණ්ත්‍රණයක් පවත්වනට නිදහසේ වෙදිකාව විසින් මේ වන විටත් කටයුතු සම්පාදනය කර තිබේ.
Read More >> (2012-01-08)
වධහිංසා විරෝධී එ.ජා.ගේ කමිටුවෙන් ලංකාණ්ඩුවට - පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුවෙහි 47වන සැසිවාරය පසුගිය 25දා අවසන් විය. එම සැසි වාරයට නොවැම්බර් 08/09 යන දෙදින තුළ පවත්වන ලද ලංකාව පිළිබඳ සැසිය ද ඇතුළත් විය. ලංකාණ්ඩුව නියෝජනය කරමින් හිටපු නීතිපති මොහාන් පිරීස් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රබල නියෝජිත පිරිසක් සහභාගි විය. ලංකාණ්ඩුවේ වාර්තාවන්ට අමතරව මානව හිමිකම් සංවිධාන විසින් විකල්ප වාර්තා 12ක් ඉදිරිපත් කර තිබුණි. දැන් මෙම කමිටුවේ වාර්තාව එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබේ. මෙම කමිටුව ස්ථාපිත කර ඇත්තේ 1987 දී බලාත්මක වූ වධහිංසා සහ අමානුෂික හා නිගරුලෙස සැළකෙන අනෙක් ආකාරයන්හි දණ්ඩනයන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය අනුව ය.
Read More >> (2011-12-19)
කටුනායක ම්ලේච්ඡ පහරදීම සිදුකර අදට මාස 6 යි
රජය විසින් බලහත්කාරයෙන් පුද්ගලික අංශයේ කම්කරුවන් වෙත පටවන්නට හැදු විශ‍්‍රාම වැටුප් අරමුදල් පණත් කෙටුම්පතට එරෙහිව පසුගිය මැයි 30 දා කටුනායක නිදහස් වෙලද කලාප සේවකයන් විසින් දියත් කළ දැවැන්ත උද්ඝෝෂණය පොලීසිය ඉතා නින්දිත ලෙස මර්ධනය කරනු ලැබීම හේතුවෙන් මිය රොෂේන් ශානක සිහිකර ඔහුගේ මරණය සිදු වී මාස 6 ක් පිරුනු අද (දෙසැම්බර් 01) දින සවස 4 සිට 6 දක්වා කටුනායක පොලීසිය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක් පැවැත් විය.
Read More >> (2011-12-01)
ජීවත්වීමේ අයිතිය කතාකිරීමේ නිදහස යන කාරනා දෙක උඩ අපි මේ රටේ මහින්දට අභියෝග කලා. බ්‍රිටෝ ප‍්‍රනාන්දු - නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු
අද කාරණා තුනක් මුල්කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් වෙනත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකට කැදවා ගනිමින් අපි හයිඞ් පිටියට රැස්වෙන්නේ මහින්ද රාජපක්ෂට එක පනිවිඩයක් දෙන්නයි. අපි පැහැදිලිව කියන්න හදන්නේ අද කතාකරන්න හදන්නේ අද ආරම්භ කරන්න හදන්නේ ජනරාල් නිදහස් කිරීමේ අරගලයත් මේ මහින්දගේ අපිට දෙනවයි කියල මුකුත් නොදෙන අයවැය පරාජය කිරීමත් ඒ වගේම පෞද්ගලික ව්‍යවසාය පවරා ගැනීමේ පනත ගැනත් මේ රටේ විරෝධය පලකිරීමේ ආරම්භක රැස්වීම හැටියටයි.
Read More >> (2011-11-30)
නීතිඥ අමිත ආරියරත්න සම්බන්ධව මොහාන් පීරිස් කළ ප‍්‍රකාශය අසත්‍යයක් - Right to Life
Right to Life ආයතනයේ නීති අංශයට සම්බන්දව කටයුතු කළ ජේෂ්ඨ නීතිඥයෙකු වූ නීතිඥ අමිත ආරියරත්න මහතාට පහරදීම හා ඔහුගේ කාර්යාලය ගිනිබත් කිරීම සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් නොමැති බව ජිනිවා නුවර පැවති වධහිංසාවට එරෙහි කමිටුව වෙත ලංකාව නියෝජනය කරමින් සහභාගී වු කණ්ඩායමේ නායක හිටපු නීතිපති මොහොන් පිරිස් මහතා ප‍්‍රකාශ කිරීම කරුනු විකෘතිකර දැක්වීමක් බව රයිට් ටු ලයිෆ් සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ඊයේ (23.11.2011) යැවූ ප‍්‍රකාශයක් මගින් දන්වා සිටින ලදී. එම සම්පුර්ණ ප‍්‍රකාශය පහත පළ වේ.
Read More >> (2011-11-24)
ආණ්ඩුව ඉතා මෝඩ තීන්දුවල සිට මැරබලයෙන් රට පාලනය කරනවා.
"ධීවර ඇමති විතරක් නෙමෙයි මුළු ආණ්ඩුවම දැනගන්න ඕන බණ කියන්නේ හාමුදුරුවො මිසක් හාමුදුරුවන්ට බණ කියන්න කාටවත් අයිතියක් නැහැ කියලා" ඊයේ පෙරවරුවේ මීගමු රුක්මණි දේවි ශාලාවේ ලෝක ධීවර දිනය සමරමින් පැවති සම්මන්ත‍්‍රණයේදී එසේ ප‍්‍රකාශ කලේ බැඳිවැව දියසේන හිමියන්ය තවදුරටත් අදහස් දැක්වූ එම දියසේන හිමියන් " මීට මාස 20කට පමණ පෙර ඉන්දියා නාවික හමුදාවේ අත්තඩංගුවට පත්ව අන්දමන් දුපත්වල සිරගත කර සිටින ධීවරයින් පිරිසක් බේරාගැනීමට මම සහ තවත් බෞද්ධ භික්ෂූන් සහන්සේලා කිහිප නමක් විසින් උපවාසයක් ආරම්භ කරන ලද අවස්ථාවේදී ධීවර ඇමති රාජිත සේනාරත්න විසින් මා හට අපහාස වන විදියට කරන ලද ප‍්‍රකාශ වලින් මම තවදුරටත් මෙම කර්තව්‍යයට උරදීමට අධිෂ්ඨාන කරගත්තා, ධීවර ඇමතිවරයා මට පැවිද්දෙක් කියා අපහාසවන ආකාරයට ඇමතුවත් මම ධීවර ඇමතිවරයාට වැද්දෙක් කිවා නොකියන්නේ මගේ දෙමව්පියන් යහපත් නිසයි"
Read More >> (2011-11-23)
ඕපදුප වලටත් මිනිස්සු හිරේ යවනව - මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේ
අද මේ රටේ අධිකරණය ඕපදුප වලටත් මිනිස්සු හිරේ යවනව. අරය මෙහෙම කිව්වයි මෙයා අරම කිව්වයි කියල කෙනෙක් කිව්වහම අර කලින් පුද්ගලයව හිරේ යවනව. යුක්ති සහගත බවක් නැතුව ගමේ ගොඬේ, කොපි කඬේ කථාවෙන ඒවටත් නඩු දාන තත්වයක් අද රටේ පවතින්නෙ. ශි‍්‍ර ලංකාවේ අධිකරණ ක‍්‍රියාමාර්ග හා නඩු තීන්දු පිලිබඳව මෙම අදහස් පල කලේ කෝට්ටේ නාග වාහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ය. උන් වහන්සේ මෙම අදහස් දැක්වීම කලේ නොවැම්බර් 18 දා කොළඹ ජේ.ආර්. ජයවර්ධන කේන්දායේ දී පැවති ”යටත් වැසියන් නොවී පුරවැසියන් වෙමු” යන මැයෙන් වෙබි අඩවි තහනමට දේශපාලන ප‍්‍රචන්ඩත්වය පිටු දැකීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාගැනීමට පැවති මහජන සම්මන්ත‍්‍රනයේදීය.
Read More >> (2011-11-20)
මොහාන් පීරිස් එක්සත් ජාතීන්ගේ ඉහලම කමිටුවත් නොමග යවලා
මාධ්‍යවේදී ප‍්‍රදීප් එක්නැලිගොඩ මහතා විදේශ රටක දේශපාලන රැකවරන ලබා සිටින බවට රජය වෙත වාර්තාවී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වධහිංසාවට එරෙහි කමිටුවේදී හිටපු නීතිපති ප‍්‍රකාශ කිරීම ලංකාවේ පුරවැසියන් පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහලම කමිටුවත් නොමග යැවීමක් බව එක්සත් සමාජවාදී පක්ෂයේ ලේකම් සිරිතුංග ජයසුරිය මහතා ඊයේ කොළඹ මරදාන සී.එස්.ආර් ආයතනයේ පැවැති මධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කර සිටියාය.
Read More >> (2011-11-19)
මීගමුව HQI ට මහාධිකරණයෙන් ඇප
යුවලක් විසින් කොළඹ, කොහුවල ප‍්‍රදේශයේ හිටපු උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසකින් මුදල්, මැණික් සහ රන් අභාරණ තොගයක් කොල්ල කන ලදී. කොල්ල කෑ භාන්ඩ සමග එම යුවල පසුගියදා මීගමුවේදී අත්අඩංගුවට ගැණිනි. එලෙස අත්අඩංගුවට ගැනුනු එම යුවල සතියක පමන කාලයක් අයුතු ලෙස සිරකර තැබීම , කොල්ලකෑම සම්බන්ධයෙන් ද.දඩුවම් ලබා නොදී ඔවුන් ව අතුරුදහන් කර තැබීම, අත්අඩංගුවට ගත් එම මුදල් සහ භාන්ඩ තොගය නඩු භාන්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර සාපරාධි සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා 13 ක් යටතේ මේ සිදු වීම සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන පරීක්ෂකවරයාව සහ මීගමුව පොලිසියේ තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණයේදී නඩු පවරා ඇත.
Read More >> (2011-11-13)
ප‍්‍රදීප් එක්නැලිගොඩ දේශපාලන රැකවරන ලබා විදේශ රටක ජීවත් වෙනවා - මොහාන් පීරිස්
මාධ්‍යවේදී ප‍්‍රදීප් එක්නැලිගොඩ දේශපාලන රැකවරන ලබා විදේශ රටක ජීවත් වන බවට රජය වෙත වාර්තා වී ඇති බව නොවැම්බර් 09 වන දින ජිනීවා හි පැලස් විල්සන් ශාලාවේ පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 47 වන සැසිවාරයේ වධහිංසාවට එරෙහිව ශී‍්‍ර ලංකාව සම්බන්ධව පැවැති සමුළුවේ දී රජය නියෝජනය කරමින් පැමිනි කණ්ඩායමේ නායක හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා ප‍්‍රකාශ කර සිටියාය.
Read More >> (2011-11-13)
ලංකා රජය වධහිංසාව වැලක්වීමට සියට සීයක් නොව සියට එකසිය දහයක් එකග බව ප‍්‍රකාශ කරයි
අවුරුදු 30 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහල දැමීම සදහා තිබෙන සම්පත් හා හැකියාවන් මත ශී‍්‍ර ලංකා රජය උපරිම කැපවීමෙන් කටයුතු කර තිබෙන බවත්, නමුත් ඒ සම්බන්ධව තවත් බොහෝ දේවල් කළ යුතු බව අප පිළිගන්නා බවත් ශී‍්‍ර ලංකාවේ වධහිංසාව වැලැක්වීම සදහා සීයට සීයක් නොව සීයයට එකසිය දහයක් කැපවී කටයුතු කිරීමට රජය සුදානම් බවත් ඊයේ එක්සත් ජාතීන්ගේ 47 වන සැසිවාරයේ වධහිංසාවට එරෙහි කමිටුවට ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් සහභාගී වූ කණ්ඩායමේ නායක හා කැබිනට් ඇමතිවරුන්ගේ ජේෂ්ඨ නීති උපදේශක මොහාන් පීරිස් මහතා ප‍්‍රකාශ කරන ලදී.
Read More >> (2011-11-09)
මාරවිල පොලීසියේ බීමත් නිලධාරින් දෙදෙනෙක් ව්‍යාපාරකයෙකුට ප‍්‍රසිද්ධියේ පිස්තෝලයෙන් පහරදී මරණීය තර්ජන කරයි
අමානුෂික ලෙස පහර දී වධ හිංසා සිදුකර සිර මැදිරියක් තුළ පැය කිහිපයක් රඳවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව නාත්තන්ඩිය දුන්කන්නාවේ පදිංචි ව්‍යාපරිකයෙකු වන ඌෂානි පැළතවානෙහි අධිපති චුලනි තිලකරත්න මහතා මාරවිල පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුට එරෙහිව මානව හිමිකම් කොමිසමට පසුගියදා පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙසේ පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මාරවිල පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂක එදිරිසිංහ සහ සැරයන් රන්පටි යන නිලධාරින් දෙදෙනාට එරෙහිවය.
Read More >> (2011-11-09)
වෙබ් අඩවි අවහිර කිරීම මගින් ආණ්ඩුව ප්‍රදර්ශණය කර ඇත්තේ ජන මාධ්‍ය නිදහස මර්ධනය කිරීමේ ඇති අභිලාශයයි - මාධ්‍ය සංවිධාන එකතුව
ශ්‍රි ලංකාව තුළ හෝ ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කිරීමක් සමඟම රටේ ජනතාවගේ අවධානයට ලක්ව තිබූ වෙබ් අඩවි ගණනාවක ක්‍රියාකාරීත්වය අවහිර කරමින් ඒවාට පහසුවෙන් පිවිසීමට ඇති හැකියාව අහිමි කිරීම පිළිබදව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව බලවත් විරෝධය පළ කර සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය සංවිධාන එකතුව ප්‍රකාශ කර සිටියි.
Read More >> (2011-11-08)
ශිවකුමාර් ගේ ඝාතනය සම්බන්ධව සාධාරණ පරික්ෂනයක් ඉල්ලා ජනාධිපති වෙත පෙත්සමක්
පසුගිය මාස කිහිපය තුළ ශ‍්‍රි ලංකාවේ මහජනයා අතර මහත් අන්දෝලනයක්ව පැවති භීතීන් අතර එක් භීතියක් වූ ග‍්‍රීස් යකා සම්බන්දව භීතිය යම් පමණකට මේ වන විට පහව ගොස් ඇතත් එම සිදුවීම් කාගේ වුවමනාවක් මත කා විසින් සිදුකරන ලක්දැයි යන්න තවමත් රටට හෙලිදරව් වී නැත. නමුත් මෙම ග‍්‍රීස් යකා භීතිය ලංකාවේ ප‍්‍රදේෂ කිහිපයක මිනිසුන්ගේ ජන ජීවිතය අඩාල කලා වගේම ඉන් සමහරුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවිය. එවැනි අවාසනාවන්ත සිදුවීමකට මුහුනදී තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ තවත් එක් පුද්ගලයෙකු වූයේ කල්පිටිය, නාරක්කල්ලිය පදිංචිව සිටි ප‍්‍රදේශයේ මානව හිමිකම් කි‍්‍රයාකාරිකයෙකු ලෙස කටයුතු කළ පෙරුමාල් සිවකුමාර් මහතාය.
Read More >> (2011-11-07)
සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහිව ජාත්‍යන්තර නියෝජිත කමිටුව ජිනිවාහිදී
ලෝකයේ සමහර රජයන් විසින් විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිසුන් බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්ලට ලක් කිරීමට එරෙහිව ගත යුතු පියවරයන් පිලිබදව සාකච්ඡා කෙරෙන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නියෝජිත සම්මේලනයේ විශේෂ කමිටු රැස්වීමක් නොවැම්බර් 7 සහ 9 දිනයන් හි ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්විමට කටයුතු යොද තිබේ.
Read More >> (2011-11-07)
ඇමිනෙස්ටි‍්‍ර ඉන්ටර්නැෂනල් ආයතනය වධහිංසා කමිටුව වෙත ඉදිරිපත් කළ සිංහල වාර්තාව එලි දකී.
එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත ඇමිනෙස්ටි‍්‍ර ඉන්ටර්නැෂනල් ආයතනය ඉදිරිපත් කළ වෛකල්පිත වාර්තාවේ සිංහල පරිවර්තනය මේ වන විට මාධ්‍ය වෙත නිකුත්කර තිබේ. පිටු 29 න් සමන්විත මෙම වාර්තාව මගින් හදිසි නිතී රෙගුලාසි හා ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත් යටතේ මෙන්ම පෞද්ගලික ආරවුල් මත අත් අඩංගුවට ගෙන විවිධ වධහිංසා පමුණුවනු ලැබු තැනැත්තන් පිළිබඳව සවිස්තර කරුණු මෙමගින් ඉදිරිපත් කොට ඇත.
Read More >> (2011-11-07)
එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුව වෙත සංවිධාන 23 ක් වාර්තාවල් 12 ක් මගින් ලංකාව සම්බන්ධව කරුණු ඉදිරිපත් කරයි
ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 47 වන සැසිවාරයේ වධහිංසාව එරෙහි කමිටුව වෙත ශී‍්‍ර ලංකාවේ සිදුවන වධහිංසාව සම්බන්ධව වාර්තාවල් 12 ක් ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් විසින් මෙවර යොමුකර තිබේ. Amnesty International, Asian Human Rights Commission (AHRC), International Committee of Jurists (ICJ), Freedom for Torture, International Disable Alliance, IDA, LRD Canada, Tamil International Center, Trial Switzerland, Redress UK යන ආයතන 10 වෙන වෙන තම වාර්තා ඉදිරිපත් කර ඇති අතර ALRC, ACAT, RCT and Redress යන ආයතන හතර එක්වී වෙනම වාර්තාවක්ද ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක ප‍්‍රධාන සිවිල් සංවිධාන 9 ක් එක් වී Joint Alternative Report in Sri Lanka නමින් ඉදිරිපත් කර ඇති වාර්තාවත් සමග ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන 23 ක් විසින් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති සම්පුර්ණ වාර්තා සංඝ්‍යාව 12 ක් විය.
Read More >> (2011-11-06)
අතුරුදහන්වුවන් ස්මාරකය කඩා දමන ලෙස කළ ඉල්ලීමට එරෙහිව අගරදගුරු වෙත මහජන පෙත්සමක්
සියළුම අකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහිවත්, ඔවුන් සිහිකිරීම පිණිසත් සීදුව, රද්දොළුව, ශාන්ත සිසිලියා දේවස්ථානය අසල 1999 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී මුල්ගල තබා නිදහස් දිනය වන 2000 පෙබරවාරි 04 වන දින විවෘත කරනු ලැබූ ‘‘අතුරුදහන්වුවන්ගේ සිහිවටනය’’ කඩාබිද දැමීමට කතෝලික සභාව කළ ඉල්ලීමට එරෙහිව මහජන පෙත්සමක් කාදිනල් මැකලම් රංජිත් හිමිපානන් වෙත භාරදෙනු ලැබ තිබේ.
Read More >> (2011-11-06)
"පිංටෝ" සමස්ත ධීවර ප‍්‍රජාවගෙන්ම සමාව ගත යුතුයි - ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය
ධීවරයින් 06 දෙනෙකු අන්දමන් දූපතේ සිරමැදිරියෙන් නිදහස් කර දන ලෙස ඉල්ලීමක් කරමින් තෙදිනක් තුල සිදුකරන ලද උපවාසයට ධීවර හා ජලජ සමිපත් අමාත්‍ය රාජිත සේනාරත්න හා බද්ධව ධීවරයින් නිදහස් කර ගැනීමේ ජාතික සමිබන්ධීකාරක යයි කියාගත් හා මීගමුවෙ සිරිමල් පිංටෝ නැමැත්තෙකු පුවත්පත් සාකඡ්චාක් කැඳවා අප සංවිධානයට අපහාසාත්සක අයුරින් නිකුත් කරන ලද ප‍්‍රකාශයට ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය සිය විරෝධය දක්වා තිබේ.
Read More >> (2011-11-06)
මළවුන්ගේ දිනයේද අතුරුදහන්වූවන් අමතක නොකල එම පවුල්වල දෙමාපියන්
මනුෂ්‍යයෙක් මියගියහොත් ඔහුට සොහොන් බිමක් හිමිය. ඒත් අතුරුදහන්වූවන්ගේ ඉතිහාසය ඊට හාත්පසින්ම වෙනස්ය, කටුකය. ඔවුන් මියගිය ආකාරය හෝ මෘත දේහය පිලිබඳ කිසිදු තොරතුරක් හෝ එම ඥාතීන් නොදනි. අවමගුල් උත්සවයක් හෝ සොහොන් බිමවත් ඔවුන්ට හිමිනැත. එම දෙමාපියන්ට මල් පොකුරක් තබා සිහිපත් කිරිමට සොහොන් බිමක්ද නැත. අතුරුදහන්වූවන් සිහිකිරීමට ලංකාවටම තිබෙන්නේ ස්මාරක දෙකකි. එයින් එක් ස්මාරකයක් ඇඕලිපිටියේ අතුරුදහන් කරවූ සිසුන් තිස්අටදෙනා සිහිවීම පිනිසය එයද වර්ථමානයේ එම ස්ථානය මල් අලෙවි කිරිම සහ මුත‍්‍රා කිරීමට මිනිසුන් විසින් යොදාගෙන ඇත. අනෙක් ස්මාරකයනම් සීදූව රද්දොළුව හංදියේ නිමවා ඇති ස්මාරකයයි. එම ස්මාරකය පොදුවේ ශි‍්‍රලංකාවේ නොයෙකුත් ප‍්‍රදේශයන්වල අතුරුදහන්වූවන් සිහිකිරීම පිනිසය. වර්ථමානයේ කතෝලික සභාව විසින් එම ස්මාරකයද අතුරුදහන් කරවීමට නියමිතව ඇත. එම තත්වයට විරුද්ධව ඔක්තෝබර් 27 වන දින සීදූව රද්දොළුව මංසංදියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිරිපිට එම පවුල්වල දෙමාපියන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ආගමික නායකයින් සමග නිහඩ සත‍්‍රයග‍්‍රහයක් පවත්වා එයට විරෝධය පලකලහ.
Read More >> (2011-11-04)
Page 90 Of 99

<<
1
...
87
88
89
90
91
92
...
99
>>
www.right2lifelanka.org