More News
MORE NEWS
කිරිඳිවැල ඬේවිඞ් අමරසිංහගේ ඝාතනයේ පරීක්ෂණ CID පවරණ ලෙස ඉල්ලා ජනාධිපතිට පෙත්සමක්
2010 අගොස්තු මස 13 වන දින පූගොඩ පොලිස් වසමේ පැපිලියවල, සියඔලාගහවත්ත ග‍්‍රාමයේ පදිංචිකරුවෙකු වූ හතළිස් හත්හැවිරිදි අවිවාහකයෙකු වූ ඬේවිඞ් අමරසිංහ කිරිඳිවැල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදු වූ මරණය සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙස ඉල්ලා ජනාධිපති වෙත පෙත්සමක් යොමුකර තිබේ. ඬේවිඞ් අමරසිංහගේ ඥතීන් ඇතුළු ගම්වාසීන් 150 දෙනෙකු පමණ අත්සන් කර ජනාධිපතිවෙත යවා ඇති එම පෙත්සම මගින් ඬේවිඞ්ගේ ඝාතණය සම්බන්ධව කිරිඳිවැල පොලීසිය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බැවින් එම පරීක්ෂණ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙස ඉල්ලා ඇත.
Read More >> (2011-05-24)
යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව කටුනායක නිදහස් වෙලද කලාපයේ දැවන්ත විරෝධතාවයක්
රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට යෝජිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් යොජනාව වහා හකුලා ගන්නැයි බල කරමින් කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවල සේවයේ යෙදෙන සේවක සේවිකාවන් තිස්දාහකට අධික පිරිසක් අද උදෑසන සිට කොළඔ කටුනායක මහා මාර්ගයේ ගුවන් තොටුපලට පිවිසෙන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණි. රජය සේවකයින්ගේ හෝ වෘත්තීය සමිතියන් හි අදහස් නොවිමසා අත්තනෝමතික ආකාරයෙන් පෞද්ගලික අංශය සඳහා ගෙන ඒමට යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය මගින් ඔවුන්ට කිසිම සෙතක් සිදුනොවන බවටත් මේ මගින් සිදුවන්නේ තව තවත් තමන් අපහසුවට පත්කිරීමක් බවත් එම නිසා වහාම ගෙන ඒමට යෝජිත මෙම පනත පෞද්ගලික අංශයේ සේවකයින්ට හිතකර ලෙස සංශෝධනය කරන ලෙසත් නැතිනම් වහාම එය හකුළා ගන්නා ලෙසත් බල කරමින් ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.
Read More >> (2011-05-24)
මානව හිමිකම් වෙබ් අඩවියක් අන්තර්ජාලයට මුදා හැරේ
රයිට්ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ නිළ වෙබ් අඩවිය අද දින අන්තර් ජාලයට මුදා හැරි ම සිදු කරනු ලැබීය. මෙම වෙබ් අඩවිය මුදාහැරීමේ උත්සවය කටුනායක පිහිටි රයිට් ටු ලයිෆ් ආයතනයේදී සිදුකෙරුණු අතර මෙම උත්සවය සඳහා ගම්පහ දිස්ත‍්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාකරීන් රාශියක් සහභාගී වී සිටි අතර වෙබ් අඩවිය නිළ වශයෙන් මුදැහැරීම නිදහසේ වේදිකාවේ කැඳවුම්කාරිණියක හා සිවිල් සමාජ ප්‍රබල කි‍්‍රයාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය අතින් සිදුවිය.
Read More >> (2011-05-21)
පොදු සමාව යටතේ 18 වරක් සිරකරුවෙකු නිදහස්කර ලෝක වාර්තාවක් පිහිටුවයි
2600 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සුළු වැරදි හා දඩ මුදල් ගෙවීමට නොහැකිව සිටින සිරකරුවන්ගෙන් 2600 ක් පොදු සමාව යටතේ මුදාහරින බව රජය ප්‍රකාශ කොට තිබූනි. පසුගිය 17 වන දින ලංකාවේ පිහිටි විවිධ බන්ධනාගර අතරින් එසේ පොදු සමාව ලැබූ 858 දෙනෙකු නිදහස්කර හරිනු ලැබූ බව එ අතර වාර්තා විය. වෙසක් උත්සවය වෙනුවෙන් සිරකරුවන් මුදාහැරීම පවතින රජය මෙන්ම පැවැති සෑම රජයක් විසින් සිදු කරනු ලැබීය. මෙම පොදු සමාව දඩමීමා කරගත් නිලධාරීන් සුළු වැරදි හෝ දඩ ගෙවිමට නොහැකි අය පමණක් නොව වෙනත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සිරකරුවන් පවා මෙම පොදු සමාව යටතේ පසුගිය කාලය තුළ නිදහස් කර ඇති බවට වාර්තා විය.
Read More >> (2011-05-20)
කොමිෂන් සභා හතරකට සභාපතිවරු පත්කරයි
නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව කොමිෂන් සභා 4 කට සභාපතිවරු හා සෙසු නිළධාරින් පත්කිරීම සිදුකර ඇත. ජනාධිපතිවරයා විසින් කර ඇති එම පත්කිරීම් මැයි මස 16 වන දා සිට බලපැවැත්වෙන බවද වාර්තා වේ. එ අනුව මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස ප්‍රියන්ත ආර්. පී. පෙරේරා මහතාත් , රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස ආචාර්ය දයාසිරි ප්‍රනාන්දු මහතාත් , අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසමේ සභාපතිවරයා ලෙස ඞී. ජේ. ද බාලපටබැදි මහතා හා මුදල් කොමිසමේ සභාපති ලෙස ආරියරත්න හේවගේ මහතාත් මෙසේ පත්කර තිබේ.
Read More >> (2011-05-20)
රයිට් ටු ලයිෆ් වෙබ් අඩවිය අන්තර්ජාලයට මුද්‍රාහැරීමේ උත්සවය - මැයි 21
තොරතුරු දැනගැනීම අපට ඇති මූලික අයිතිවාසිකමකි. තොරතුරු ප්‍රචාරණය සදහා ලංකාව තුළ මාධ්‍ය ආයතන රාශියක් ක්‍රීයාත්මක වූවත් අපක්ෂපාතී හා සත්‍ය තොරතුරු මහජනයා වෙත ලබාදීමට එම බොහෝ මාධ්‍ය ආයතන අද අසමත් වී තිබේ. නොමැති නම් බොහෝ මාධ්‍ය අපක්ෂපාතී හා සත්‍ය තොරතුරු හෙලිකිරීමට බියක් හෝ පසුබෑමක් දක්වයි. මහජනයාට නොබියව තොරතුරු ලබා දීමට උත්සාහ කරන අතලොස්සක් වූ මාධ්‍ය තුලින් පවා මානව හිමිකම් විෂය සම්බන්ධව සාධාරණ ඉඩ කඩක් ලබාදුන් බවක් අපට නොපෙනුන අතර, අද මතුවී ඇති සාකච්ඡව තුළ ලැබී තිබූ එම ඉඩ ද වේගයෙන් සීමා වෙමින් යන බවක් පෙනේ.
Read More >> (2011-05-19)
ලංකාවේ අපරාධ පරීක්ෂණ ක්‍රමය ගැන දැනගන්න
අප රට තරම් අපරාධ පරීක්ෂණ මොන තරම් සූර, කාර්යක්ෂමව හා බුද්ධිමත්ව සිදුකරන රටක් ලෝකයේ තවත් තිබේද යන්න ගැටළුවකි. පොලීසිය සොයන සැකකරුවෙකුගේ හෝ වරෙන්තුකරුවෙකුගේ නමක හෝ ගමක කොටසක් තවත් අයෙකුට හිමිව තිබීමෙන් අප රටේ අපරාධ පරීක්ෂණයන් කොතරම් සාර්ථකව සිදුවෙනවාද යන්න පිළිබදව අත්දැකීම් රාශියක් ලබා ගැනීමට ඔහුට හෝ ඇයට හැකියාව ලැබේ. සමහර විට එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතය අනෙක් පිට පෙරලීමටද එය එක් හේතුවක් විය හැක. 2002 ජුනි 03 වන දින වත්තල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව මිනීමැරමකට සම්බන්ධ පුද්ගලයන් වත්තල පොලීසිය විසින් සොයමින් සිටි විට ‘‘ජෙරාල්ඞ්’’ නැමැත්තෙක් ඊට සම්න්ධ බවට තොරතුරු ලැබී තිබේ. එසැනින් ක්‍රියාත්මක වූ වත්තල පොලීසිය කොළඹ ඩොක්යාර්ඞ් ආයතනයේ සේවය කරමින් සිටි ‘‘ජෙරාඞ්ව’’ අත්අඩංගුවට ගත් අතර පැය කීහිපයක් ඇතුල ඔහුට නොසෑහෙන ලෙස වධහිංසා කරන ලදී. පසුදින වැරදීමකින් ඔහු අත්අඩංගුවට ගත් බව පවසමින් නිදහස් කර හරිනු ලැබුවත් නිවසට යාම වෙනුවට ජෙරාඞ්ට නව ලෝක රෝහල වෙත යන්නට සිදු විය.
Read More >> (2011-05-19)
අතුරුදන් 600 ක ලැයිස්තුවක් රජයට
ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ආණ්ඩුව අතර 12 වැනි බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන සාකච්ඡා වාරයේදී 600කට වැඩි අතුරුදන්වූවන්ගේ නම් ලැයිස්තුවක් ආණ්ඩුවට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී. සුමන්තිරන් මහතා රාවය පුවත්පතට ප්‍රකාශකර ඇත. පසුගිය යුද සමයේදී සහ පශ්චාත් යුද සමයේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වුණු සහ පදිංචි ප්‍රදේශවලින් අතුරුදන්වූවන්ගෙන් මෙම නම් ලැයිස්තුව සමන්විත වන බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ පිළිබඳ රජයේ අවංක අවධානය යොමු වෙතැයි තම පක්ෂය විශ්වාස කරන බවද කියා තිබේ. දේශපාලන යෝජනා අතරින් ප්‍රධාන කරුණු 03ක් මෙහිදී සාකච්ඡාවට ගැනෙන බව ප්‍රකාශ කර ඇති සුමන්තිරන් මන්තී‍්‍රවරයා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනුවෙන් පක්ෂ නායක ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රමචන්ද්‍රන් සහ තමන් මෙම සාකච්ඡාවට සහභාගි වන බවද ප්‍රකාශකර ඇත.
Read More >> (2011-05-13)
ලංකා ඊ නිවුස් කර්තෘ ශාන්ත විජේසුරිය මුදාහැර වෙබ් අඩිවියට එරෙහිව තිබූ වාරණය ඉවත් කර ගනී
කිරිදිවැල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධ පූගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මූලික නඩු විභාගය සම්බන්ධව අසත්‍ය වාර්තාවක් පළ කලේ යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගරගතව සිටි ශාන්ත විජේසුරිය මහතා ඊයේ (12.05.2010) පුගොඩ මහේස්ත්‍රාත් ඩබ්. අරවින්ද පෙරේරා විසින් මුදාහරින ලද අතර එම වෙබ් අඩවියට පනවා තිබූ වාරණය ඉවත් කිරීමට ද නියෝග කරන ලදී. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙහි 2011 අප්‍රේල් 19 වන දින පළකර තිබූ ප්‍රවෘත්තිය මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි ප්‍රකාශ කරමින් පූගොඩ මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා මහතා විසින් එම ප්‍රවෘත්තිය පළ කළ ශාන්ත විජේසුරිය මහතා රක්ෂිත බන්ධානාගරගත කළ අතර ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය නඩුව අවසන් වන තෙක් වාරණයට ලක් කර තිබුනි. ඬේවිඞ් අමරසිංහ මිය යාම සම්බන්ධව කිරිදිවැල පොලීසියේ උ.පො.ප ඩබ්.එස් කුලරත්න හා පොලිස් කොස්තාපල් ලක්ෂ්මන් ද සිල්වා යන අය අයට එරෙහිව පැවැත්වෙන නඩුවේ ‘‘සාක්ෂි නොමැති නිසා නිදහස් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව පූගොඩ මහේස්ත‍්‍රාත්වරයාට ලිඛිතව කළ දැනුම් දීමක් නොසලකා හැර ඇතැයි චූදිතයාගේ බිරින්දෑවරු පවසයි’’ යන ප්‍රචෟත්තිය අසත්‍ය තොරතුරු මත පදනම් වූ ප්‍රචෟත්තිය බවටත් එමගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි යන්න සදහා මෙම නඩුව ශාන්ත විජේසුරිය මහතාට එරෙහිව ගොණුකර තිබුනි.
Read More >> (2011-05-13)
සිවිල් සංවිධාන හමුවේ ඇති අභියෝග හා අවස්ථා - සිවිල් සංවිධානය නියෝජිත සමුළුව
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් ඉදිරිපත් කර ඇති විශේෂඥ වාර්තාවේ ඇති කරුණු හා අද ලංකාවේ සිවිල් සංවිධාන හමුවේ ඇති අභියෝගයන් හා අවස්ථාවන් පිළිබදව සාකච්ඡා කිරිම සදහා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කෙරුණු සිවිල් සංවිධාන ප්‍රධානීන්ගේ සුමුළුවක් පසුගිය 07 වන දින කොළඹ සෙඩෙක් ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් විය. මෙම සමුළුව සදහා දිවයිනේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් සිවිල් සංවිධාන නියෝජිතයන් 71 දෙනෙකු සහභාගී වු අතර මෙහි මුලසුන නිදහසේ වේදිකාවේ කැදවුම්කාර මණ්ඩල නියෝජිත බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් හෙබවිය. මෙහි ප්‍රධාන අදහස් දැක්වීම් නිදහසේ වේදිකාවේ සම කැදවුම්කරුවන් වන නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා හා ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් සිදුකරන ලදී. පැමිණ සිටි සංවිධාන ප්‍රධානීන්ගේ බොහෝ දෙනා තම අදහස් ප්‍රකාශ කළ අතර, සාකච්ඡාව අවසානයේ ඉදිරිපත් කර ඇති වාර්තාවට යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතු යැයි යන එකගතාවය මත පොදු ප්‍රකාශයක් සකසීමට එකගත්වයට පැමිණෙන ලදී. පැමින සිටි සියලූම දෙනා එම ප්‍රකාශයට එකගත්වය ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය ප‍්‍රසිද්ධ කිරීමටද එකගත්වයකට පැමිණෙන ලදී. සාකච්ඡව නියෝජනය කළ සංවිධානයන් මෙම වාර්තාව පිලිබදව අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කිරීමටටත්, හැකියාව ඇති ප්‍රදේශවල මානව අනෙකුත් කි‍්‍කාරින් සමග මෙම සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යාමටත් අවසානයේ එකගත්වයකට පැමිණෙන ලදී.
Read More >> (2011-05-13)
දුෂණ වංචා හෙළි කළ මීගමුව නගර සභාවේ සේවකයෙකුට නාගරික මන්ත්‍රී පහරදී රැකියාව අහිමිකරයි
නෙල්සන් 2011.04.26 වන දින මීගමුව නගර සභාවේ කත්සේරු කාර්යාලයේ සිටියදී කුමාර ජයමාන්න යන නිළධාරියා පැමිණ නගරික මන්ත්‍රී ඇන්ටනි ජයවීර මහතා එන්න කිව්ව බව පවසා ඇත. එහිදී ඇන්ටනී ජයවීර දුරකථනය මගින් තර්ජනය කර ඇති බැවින් ඔහු හමුවීම ප‍්‍රතික්ෂේප කරන බව නෙල්සන් ප්‍රකාශ කර ඇත. එවැනි දෙයක් වෙන්න ඉඩ දෙන්නේ නැති බව කුමාර ජයමාන්න නිලධාරීයා පවසා ඇති අතර පසුව ඇන්ටන් ජයවීර මහතා හමුවීමට ඔහු සමග ගොස් ඇත. නගරාධිපතිගේ කාර්යාලයට ඇතුල්වීමට පෙර අමුත්තන් රැඳී සිටින කාමරයේ නාගරික මන්ත්‍රී ඇන්ටනි ජයවීර මහතා රැඳී සිටි ඇති අතර එහිදී ඔහු විසින් තලාහේන උප කාර්යාලයේ දේපල තහනම් කිරීමේ නිලධාරී තමන්ද යනුවෙන් විමසා ඇත. එවිට නෙල්සන් විසින් ඔව් යැයි ප‍්‍රකාශ කර ඇති අතර තලාහේන උප කාර්යාලයේ නිලධාරීන්ට විරුද්ධව පැමිනිලි කරමින් විගණන පරීක්ෂණ පවත්වමින් ඔවුන්ට කරදර කරන්නේ ඇයි දැයි ඔහු විසින් නෙල්සන්ගෙන් විමසා ඇත. එහීදී කිසිදු නිලධාරියෙකුට කරදර නොකරන බවත්, මා විසින් සෑම විටම සිදු කරනු ලද්දේ මා හට අදාල රාජකාරිය පමණක් බවත් නෙල්සන් විසින් ප‍්‍රකාශ කර ඇත. එවිටම නාගරික මන්ත්‍රී ඇන්ටනි ජයවීර නෙල්සන්හට වැරෙන් කනේ පහරක් ගසා ඇත. ඔහුට පහර දෙන අවස්ථාවේදී එම ස්ථානයේ උප නගරාධිපති තුමා, නාගරික මන්ත්‍රී පාරිස්, නගරාධිපති කාර්යය මණ්ඩලය සහ පිටස්තර අයද කිහිප දෙනෙකුද රැඳී සිටි ඇත. විශාල පිරිසක් ඉදිරියේ සිදු කල මෙම පහර දීම නිසා ලැජ්ජාවට මෙන්ම කම්පනයටත් දැඩි වේදනාවටත් නෙල්සන් පත්ව ඇත.
Read More >> (2011-05-11)
ඉගිනියාගල පොලීසියේ අමානුෂික පහරදීමක්
මුදලට ක්‍රීඬෘ කිරීම ලංකාවෙ නීතිය අනුව තහනම්ය. නමුත් රේස් ඔට්ටු දැමිම හා කැසිනෝ වැනි සූදු පවත්වාගෙන යාමට රජය විසින් අවසර දී තිබේ. මුදලට පැවැත්වෙන ක්‍රීඬෘවන් අතරින් ග්‍රාමීයච පැවැත්වෙන ජනපි‍්‍රය ක්‍රීඬෘවක් ලෙස බුරුවා ගැසීම හැදින්විය හැක. අවුරුදු මාසය ආරම්භයේ සිට බොහෝ ගම්මානව වල බුරුවා ගැසීම සිදුකරනු ලැබේ. ඉගිනියාගල නාමල්ඔය ග්‍රාමයේඳ ද එවැනි බුරුවා පිටියක් අප්‍රේල් 04 වනදා පවත්වා තිබේ. ක්‍රීඬෘව ආරම්භ වි පැයක් යන්නට මත්තෙන් රාත්‍රි11 ට පමණ එම ස්ථානයට කඩා වැදුනු ඉගිනියාගල පොලීසියේ පොලීස් කොස්තාපල් රෝෂාන්, සාජන් ලාල්, සිවිල් ආරක්ෂක බලකායේ වීරකෝන්, චමින්ද, කරු යන නිළධාරීන් ඔවුන් අත තිබූ පොලූවලින් එම ස්ථානයේ සිටි අයට දිගට හරහට පහරදෙන්නට පටන් ගෙන ඇත. මෙම පහරදීම නිසා තිදෙනෙකුට තුවාල සිදුවී රුධිරය ගලන්නට පටන්ගෙන ඇත. ඉන් පසුව එතන සිටි 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ඉගිනියාගල පොලීසිය වෙත රාත්‍රි 2.00 පමණ වන විට ගෙන ගොස් ඇත. එහිදී ඔවුන්ගෙන් කට උත්තර ලබා ගැනීම ආරම්භ කර ඇති අතර කට උත්තරයේ සදහන් කිසිවක් කියවීමට අවස්ථාව නොදී අත්සන් කරවාගෙන තිබේ.
Read More >> (2011-05-09)
සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් ජනාධිපති ආර්යාවට විවෘත සංදේශයක්
මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී දැනට අවුරුදු දෙකකට ආසන්න වි තිබේ. ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් විවිධ කථිකාවන් පසුගිය කාලය තුළ ගොඩනැගුණු අතර ආණ්ඩුවට හිතවත් මාධ්‍ය හා දේශපාලනඥයින් කියා සිටියේ ප්‍රගීත් ස්ව කැමැත්තෙන් අතුරුදහන් වී ඇති බවයි. එක් වරක් පොලිස් මාධ්‍ය ප‍කාශක කියා සිටියේ ප්‍රඳීප් සම්බන්ධව සෑහෙන තොරතුරු ප‍්‍මාණයක් එකරාශීකර තිබෙන බවත් දැන්ම ඵ් සම්බන්ධව මාධ්‍යට කරුනු දැක්විය නොහැකි බවත් පරීක්ෂණවලින් පසුව සියළු තොරතුරු ප්‍රසිඳ්ධ කරන බවත්ය. නමුත් ප්‍රගීත් ගේ අතුරුදහන්කරවීම සම්බන්ධව සිදුවූ පරීක්ෂණයක ප්‍රතිථලයක් තවමත් දක්නට නැති අතර එ සම්බන්ධව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් හෝ එ සම්බන්ධව අධිකරණයේ නඩුවක් ගොනුව ඇති බවක් අප වෙත වාර්තා වි නැත. ප්‍රගීත් ගේ බිරිද සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රගීත් සම්බන්ධව කිසියම්ම හෝ හෝඩුවාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් නොගියපු තැනක් හෝ මුණ නොගැසූ කෙනෙක් නොමැති තරම්ය. ජනාධිපති ආර්්‍යායාව මුණ ගැසීමට ඇය විවිධ උත්සාහයන් කර ඇතත් ඊට අවස්ථාව නොලැබි නිසා අවසානයේ ඇය සංදේශයක් යැවීමට තීරණය කර තිබේ. සන්ධ්‍ය විසින් යවන ලද පිටු දෙකකින් සමන්විතව එම සංදේශයේ මෙසේද සදහන් වේ.
Read More >> (2011-05-09)
රටක අපරාධ පිළිබඳව පරීක‍ෂණ ඉල්ලා සිටීම වරදක්ද? බැසිල් ප්‍රනාන්දු
රාජ්‍යය යන සංකල්පය යටතේ කියවෙන ප්‍රධානම කරුණක් නම් රටේ අපරාධ පිළිබඳව අනිවාර්යයෙන්ම පරීක්ෂණ පැවැත්වීම රජයක ඉතා මූළිකම වගකීමක් බවයි. අපරාධ නීතිය පදනම් වී ඇත්තේ මෙම පදනම මතය. පරීක්ෂණ පැවැත්වීමේ වගකීම රජයකට නැත්නම් අපරාධ නීතිය යන්න තේරුමක් නැති සංකල්පයක් බවට පත්වේ. අපරාධ නීතිය අවශ්‍ය නැති යැයි තීන්දුවක් කලහොත් එම රට තුළ රාජ්‍යයක් පවතීද යන ප්‍රශ්නයම ඉස්මත්තට පැමිනෙයි. රාජ්‍යයක් පවතිනතාක් රජය තුළ අපරාධ පරීක‍ෂණ පැවැත්වීමේ වගකිම පැහැර හැරිය නොහැකිය. මෙයින් මූළිකවම පැන නැගෙන ප්‍රශ්නය නම් රටක නිති තිඛෙන්නේ කුමක් සඳහා ද යන ප්‍රශ්නයයි. රටක නීති පවතින්නේ එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා යැයි කිම තේරුම් ගැනිමට අමාරු ප්‍රකාශයක් නොවේ. නීතිය පවතින්නේ ක්‍රියාත්මක කිරිමට නොවේ නම් නීතිය පැවැත්ම අවශ්‍ය නැත. ක්‍රියාත්මක නොවන නීතිය නීතියක් නොවේ. නීතිය යන්නේ හරයම වන්නේ එය රටතුළ ක්‍රියාත්මක කිරිම සඳහා පවතින එකක්ය යන අදහසය. රටක පවතින නීති අතර රටේ අපරාධ නිතිය මූළික තැනක් ගනි. ලංකාවේ අපරාධ නීතිය මූලික වශයෙන් නිර්වචනය වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය යටතේය. දණ්ඩ නීති සංග්‍රහයෙන් එපිටද පවතින අපරාධ ගණනාවක් වෙනත් පනත් වලින් නිර්වචනය කර ඇත. මෙසේ ලංකාව තුළ යම් ක්‍රියාවන් කිරිම හෝ නොකිරිම අපරාධයක් ලෙස සලකා ඒවා ලියා ලිඛිත නීති බවට පත්කොට ඇත. එහි පවතින කිසියම් හෝ අපරාධයක් යම් අයෙකු විසින් කලහොත් ඔහුට දඩුවම් කල යුතුය යන සංකල්පයද අපරාධ නීතිය තුළම ගැබ්වි ඇත.
Read More >> (2011-05-06)
ඬේවිඞ් අමරසිංහ අනුස්මරණ උත්සවය අගෝස්තු 14 වන දා
කිරිදිවැළ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය පැපිලියවල, සියඔලගහවත්ත ප‍්‍රදේශයේ විසු ඬේවිඞ් අමරසිංහගේ මරණය සිදුවි 2011 අගෝස්තු 14 වන දිනට වසරක් සම්පුර්ණ වේ. ඔහු අනුස්මරණය කිරීමේ උත්සවය පිලිබදව සැලසුම් කිරිමේ සාකච්ඡාවක් පසුගිය මැයි 03 වන දින ඬේවිඞ් අමරසිංහ මහතාගේ සොයුරියගේ නිවසේ දී පැවැත්විය. මෙම සාකච්ඡාව සදහා ඬේවිඞ් අමරසිංහගේ ඥාතීන් මෙන්ම ප‍්‍රදේශවාසීන් ද සෑහෙන පිරිසක් පැමිණ සිටින ලදී. එහිදි අගෝස්තු 14 දින නීති හා වෛද්‍ය සායනයක් උදේ වරුවේ පැවැත්වීමටත් සවස් වරුවේ ඬේවිඞ් අමරසිංහ අනුස්මරණ උත්සවය පැවැත්වීමටත් සාකච්ඡා වු අතර ඬේවිඞ්ගේ මරණය සිදුවූ අකාරය හා නඩුවේ වත්මන් තත්ත්වය පිළිබද විග‍්‍රහ කෙරෙන පොත් පිංචක් හා කෙටි වාර්තා චිත‍්‍රපටියක් එම උත්සවය නිමිත්තෙන් එලි දැක්වීමටත් සංවිධායක මඩුල්ල විසින් තීරණය කරන ලදී.
Read More >> (2011-05-04)
මීගමුව බන්ධනාගාරය ආණමඩුවට ගෙනයාමට සැලසුම්
ලංකාවේ පිහිටා ඇති ඉපැරණි බන්ධනාගාර වලින් එකක් වන මීගමුව, කුට්ටිදුවේ පිහිටා ඇති බන්ධානාගාරය ආණමඩුව වෙත ගෙන යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ආණමඩුව ප‍්‍රදේශයේ අක්කර 40 කින් පමණ සමන්විත භුමියක මෙම නව බන්ධනාගාරය ස්ථාපිත කරන බවට බන්ධනාගාර විශයභාර අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශ කොට තිබුනි. පසුගියදා ආණ්ඩුවේ ප‍්‍රධානීන් ප‍්‍රකාශ කර සිටියේ සෑම නගරයකම හදවත බදු ස්ථානවල දුගද හමන බන්ධානාගර පිහිටා තිබීම නගර සංවර්ධනයට මෙන්ම නගර අලංකරනයට ඉන් බධාවක් වන බවයි. ඒ අනුව වැලිකඩ, බෝගම්බර, ගාල්ල මාතර ඇතුළු ප‍්‍රධාන නගර ආශී‍්‍රතව පිහිටා ඇති බන්ධනාගාර එම ස්ථාන වලින් ඉවත් කර නගරයෙන් පිට පලාත්වලට ගෙන යන්නට සැලසුම් කරන බවත් සදහන් කර තිබුනි. අද සෑම බන්ධනාගාරයක් තුලම රැදවියන් සදහා අවශ්‍ය ලොව පිළිගත් අවම පහසුකම් කිසිවක් නොමැත. නඩු වැඩිවී උසාවි සංකීරණ රට වටේ ගොඩ නැගුවත් සැකකරුවන් හෝ වැරදි කරුවන් දැමීම සදහා බන්ධනාගාර එ ප‍්‍රමාණයට කිසිම රජයක් විසින් ඇති නොකරන ලදී.
Read More >> (2011-05-04)
මුගුරකින් පහරදී අතින් ඇදගෙන ගොස් පොලිස් ජීප් රියේ පිටුපස දොරේ හැප්පුවා
මම වැඩ අවසන් වි රාතී‍්‍ර 8.30ට පමණ පැමිණ අජිත් මල්ලීගේ කඬේ ලගට ගියා. එවිට කිරිදිවැල පොලීසියේ ජීප් රථයක් සමූපකාරයට මෙහා පොඩි කඩය අසල නතර කළා. එම ස්ථානයේ සිටි ආරියසිංහ සහ මහේෂ් යන දෙදෙනා ජීප් රථයෙන් බැස ආ නිලධාරියෙකු විසින් පරීක්ෂා කරනවා දුටුවා. එවිට මිය ගිය ඬේවිඞ් ජීප් රථයේ පිටුපසින් බසිනවා දුටුවා. අර දෙදෙනා පරීක්ෂා කළ නිළධාරියා ඬේවිඞ්ගේ අතින් අල්ලාගෙන මුගුරකින් පහරදී ඇදගෙන විත් බෙල්ල හා නිකට අතරින් අල්ලා ඇදගෙන විත් ඬේවිඞ් ගේ හිස ජීප් රථයේ පිටුපස දොරේ දෙසැරයක් හැප්පුවා. තුවාල වුනාද කියලා මම දැක්කෙ නැහැ. ඉන් පසුව ඇතුලේ සිටි නිලධාරියාට ඬේවිඞ්ව ඇදලා ගන්නා ලෙස පැවසුවාම ඬේවිඞ්ව ඇතුලට අදලා අරගෙන ජීප් එක දංගල්ල ප‍්‍රදේශයට ගියා. කිරිදිවෙල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි අවිවාහකයෙකු වූ ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධව පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයේ දී ලංකා විදුලි බල මණ්ඩලයේ කොන්ත‍්‍රාත් සේවකයෙකු ලෙස කටයුතු කරන අයි.ඞී කුලතිස්ස මහතා සාක්කි දෙමින් එසේ පවසා සිටින ලදී.
Read More >> (2011-05-04)
ආණමඩුව පොලීසිය මිරිස්කුඩු සහිත බෑගයක් ඔලූවට දමා තරුණයෙකුට උඩ එල්ලා පහර දෙයි
ආණමඩුව පොලීසිය විසින් මෙසේ පහරදී තිබෙන්නේ ආණමඩුව, මුදලක්කුලිය ප‍්‍රදේශයේ සැලූන් එකක් පවත්වාගෙන යන 29 හැවිරිදි දෙදරු පියෙකු වූ රවී නිශාන්ත නැමැත්තාටය. 2011/03/17 දින රවී සමග එකට යතුරු පැදියේ ගමන් ගත් තම මිතුරෙකු විසින් ගෙන ගිය රුපියල් තිස්දහසක මුදලක් නැතිවිමක් සම්බන්ධව සැක පිට මෙම තරුණායට මෙසේ මිරිස් කුඩු දමා එල්ලා පහරදී තිබේ. නැතිවී ඇති මුදල් මුදලක්කුලිය ජයනි සර්විස් සෙන්ටර් හි අයිතිකරු ප‍්‍රදීප් උයදකාන්ත නැමැත්තාගේ වන අතර, ඔහු පොලීසියේ සේවය කර දැන් ඉන් ඉවත්වි ව්‍යාපාර කරන අතර, ඔහුට පොලීසිය සමග ලග සම්බන්ධතා ඇති බව වාර්තා වේ. පොලිසියට ගිහින් එමු කියා ප‍්‍රදීප් උදයකාන්ත කළ දැනුම් දිම මත රවී නිශාන්ත උදයකාන්ත සමග එදින රාතී‍්‍ර 7.30 ට පමණ ආණමඩුව පොලීසිය වෙත පැමිණ තිබේ. පොලීසියේ දී ප‍්‍රදීප් උදයකාන්ත එහි සිටි නිළධාරීන් කිහිපදෙනෙකු මුණගැසී ඇත. එ අවස්ථාවේ රවීට විරුද්ධව පැමිණිල්ලක් තිබී නැත. ටික වේලාවකට පසුව පොලිස් නිළධාරියෙකු පැමිණ රවී කැදවාගෙන ගොස් සල්ලි ගත්ත නම් කියපන් කියමින් පිටට පහරවල් කිහිපයක් ගසා කෙලින්ම පොලිස් සිරමැදිරියට දමා තිබේ. ඉන් පසදුව ප‍්‍රදීප් උදයකාන්ත පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකුටම කතා කර දන්වනේ හරියට රාජකාරිය කරන හැටි, එතකොට නැති සල්ලි ඒව් කියා එහි සිටි එස්.අයි. සරත් සමග පිටවී ගොස් තිබේ.
Read More >> (2011-05-04)
අචාර්ය නලීන් සුවාරිස් මිය යයි
ශාස්ත‍්‍රඥයෙකු, ඉතිහාසඥයෙකු කළා හා දේශපානලන විචාරයෙකු මෙන්ම මානව හිමිකම් කි‍්‍රයාධරයෙකු වූ ආචාර්ය නලීන් සුවරිස් මහතා චීන සංචාරයක යෙදී සිටියදී හදිසියේ අභාවප‍්‍රාප්තවී තිබේ. එ මහතාගේ දේහය අපේ‍්‍රල් 30 වනද ශී‍්‍ර ලංකාවට ගෙන එනු එතැයි බලාපොරොත්තු වේ. මානව හිමිකම් කි‍්‍රයාධරයෙකු ලෙස කලක් අප සමග සමීපව කටයුතු කළ නලීන් සුවාරිස් මහතා වත්තල පොලීසිය තුළදී පොලිස් වධහිංසාට ලක්වු ජෙරාඞ් මර්වින් පෙරේරා මහතාගේ සිද්ධිය ඇතුළු පොලිස් වධහිංසාවන්ට මුහුණ පෑ සිද්ධි ගනනාවක දී වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටිමින් සැලකිය යුතු වැඩ කොටසක් ඔහු අතින් සිදු කරන ලදී. කලක් වධහිංසාවට එරෙහි ජන සංධානයේ කි‍්‍රයාකාරිකයෙකු ලෙසද ඔහු කටයුතු කරන ලදී. එතුමාගේ හදිසි අභාව පිළිබදව අපගේ බලවත් ශෝකය.
Read More >> (2011-04-29)
ලංකා ඊ නිවුස් කර්තෘට ඇප ලබා නොදේ. නඩුව අවසන් වන තුරු ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තහනම් කරයි
කිරිඳිවෙල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි අවිවාහකයෙකු වූ ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධව පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුව සම්බන්ධව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය විසින් 2011 අපේ‍්‍රල් 19 වන දින පළකර තිබූ ප‍්‍රවෘත්තිය මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි ප‍්‍රකාශ කරමින් එම ප‍්‍රවෘත්තිය පළකළ ශාන්ත විජේසුරිය මහතා අත්අඩංගුවට ගෙන අද දින (28) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුනි. ඒ අනුව කිරිදිවෙල පොලීසියි විසින් ශාන්ත විජේසුරිය මහතා අත්අඩංගුවට ගෙන පසුගිය 26 වන දින අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර අද දින දක්වා රිමාන්ඞ් බන්ධනාගර ගත කර තිබුනි. මෙම නඩුව අද කැදවූ අවස්ථාවේ ශාන්ත විජේසුරිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය විසින් පළකර තිබූ එම ප‍්‍රවෘත්තිය අසත්‍ය තොරතුරු මත පදනම් වූ ප‍්‍රවෘතියක් බවත්, පලවූ එම ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා ඇති බවත්, ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය වෙත දන්වා සිටි ලදී.
Read More >> (2011-04-28)
ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය 28 දක්වා රිමාන්ඞ්
(ලංකා ඊ නිව්ස් -2011.අපේ‍්‍රල්.26, ප.ව.3.25) පළ කරන ලද පුවතකින් අධිකරණයට අපහාස කළේය යන චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් මත කිරිඳිවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ‘ලංකා ඊ නිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ලබන 28 වනදා බ‍්‍රහස්පතින්දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත‍්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය. මෙම නියෝගය කළේ දිසා විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය විසිනි. විජේසූරිය මහතා අධිකරණයට ඉදිරිපත් කළ කිරිඳිවෙල පොලීසිය සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් නොමැති හෙයින් ඔහු අපේ‍්‍රල් 28 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
Read More >> (2011-04-26)
Page 91 Of 95

<<
1
...
88
89
90
91
92
93
...
95
>>
www.right2lifelanka.org