More News
MORE NEWS
මානව හිමිකම් කොමිසමේ විමර්ශණ නිලධාරියා ඉදිරිපිට දී මීගමුව පොලිස් ස්ථානාධිපති ගෙන් පැමිණිළිකරුට තර්ජන
මීගමුව, තලාදුව, 2 වන අදියරයෙහි අංක 71/57 හි පදිංචි තම්මිටගේ සම්පත් පෙරේරා යන අය විසින් තමන් වෙත කෲර සහා අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ ස්තානාධිපති වන සෝමසිරි ලියනගේ යන අය හට විරුද්ධව ජාතික මානව හිමිකම් කොමිෂම් සභාව වෙත පැමිණිළි කොට තිබුණි. මෙම පැමිණිල්ල 2010/07/16 වන දින විභාගයට ගනු ලැබුණි. එදින එම විභාගය සඳහා පැමිණිළිකරු වන සම්පත් පෙරේරා යන අයත් වග උත්තරකරු වන මිගමුව පොලිස් ස්තානයේ ස්ථානාධිපති සෝමසිරි ලියනගේ යන අයත් සහභාගී වී ඇති අතර එකී පරීක්ෂණය මෙහෙය වූ විමර්ශන නිලධාරියාගේ ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙස සම්පත් පෙරේරා යන අය විසින් තමන් වෙත පහරදුන් අයව හදුනා ගනිමින් වගඋත්තරකරුව පෙන්වා ‘මේ මහත්තයා තමයි මට ගැහුවේ’ යනුවෙන් පවසා ඇත. එලෙස පවසත්ම ස්ථානාධිපති සෝමසිරි ලියනගේ මහතා විසින් කෝපයට පත්වී එකී විමර්ශන නිලධාරියා ඉදිරියේදීම පැමිණිළිකරුගේ ප‍්‍රකාශයට බාධාකරමින් ‘කට වහපන් තෝ’ යනුවෙන් පැමිණිළිකරු වෙත තර්ජනය කර තිබේ. එහිදී විමර්ශන නිලධාරියා විසින් ඊට කිසිදු පියවරක් නොගෙන නිහඬ පිලිවෙතක් අනුගමනය කොට ඇත.
Read More >> (2010-08-08)
දෙනියාය පොලීසිය විශ‍්‍රාමික රණවිරුවෙකුගේ හැදුනුම්පත, මුදල් හා රන් ආභරණ නීති විරෝධීව රැගෙන යයි
උපුල් සංජීව ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ පාබල හමුදාවේ කි‍්‍රයාන්විත රාජකාරියේ අවුරුදු 10ක සේවාවක නියැලී යුද්ධයෙන් පසුව නීති්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්ව සිටින විවාහකයෙකි. ඔහු දැන් පොයිට්න් ගල් පෙදරේරුවෙක ලෙස කොළඹ සේවය කරයි. උපුල් පදිංචි ගම් ප‍්‍රදේශයේම පදිංචිව සිටින පොලීසියේ සේවය කරන නිලධාරියෙකුගේ නිවසට හොරෙන් ඇතුල්වීමක් සම්බන්ධව සැක කිරීම නිසා දෙනියාය පොලීසියේ සාජන් ජයවීර සහ පියතිස්ස යන නිළධාරීන් විසින් උපුල් කුමන හෝ වරදකට පටලවා රිමාන්ඞ් කිරීමේ සැලැස්මක් පිළිබදව දෙනියාය පොලීසියෙන් වාර්තා වේ.
Read More >> (2011-02-04)
සැකකරුවන් මුදාහරින්නයි නීතිපති දුන් උපදෙස් යලි සලකා බලන්නැයි පූගොඩ අතිරේක දිසා විනිසුරු කියයි
කිරිදවෙල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි අවිවාහකයෙකු වන ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධව පුගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී පැවැත්වෙන මූලික නඩු විභාගයේ දී කිරිදිවැල පොලීසියේ උ.පො.ප ඩබ්.එස් කුලරත්න හා පොලිස් කොස්තාපල් ලක්ෂ්මන් ද සිල්වා යන සැකකරුවන් මුදාහරින ලෙස නීතිපති විසින් දි තිබූ උපදෙස් නැවත සලකා බලන ලෙස නියෝග කරමින් සැක කරුවන් නැවත රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට පුගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඩබ්. අරවින්ද පෙරේරා පසුගියදා නියෝග කරන ලදී. නීතිපති උපදෙස් පතා නඩු ගනනාවකම විස්තර යවා ඇතත් එවා තිබියදී මෙම නඩුව සම්බන්ධව උපදෙස් එවා තිබීමෙන් පෙනී යන්නේ මෙම නඩුව සම්බන්ව වැඩි සැලකිල්ලක් දක්වා තිබෙන බව පෙනී යන බැවින් මේ පිළිබදව නැවත වරක් සලකා බලන මෙන් නීතිපති වරයාට දැනුම් දෙන ලෙස විනිසුරුවරයා තවදුරටත් පොලීසියට නියම කළේය.
Read More >> (2011-03-24)
පිටබැද්දර පොලීසිය හා ප‍්‍රදේශීය මාධ්‍යවේදීන් නම ගිය අපරාධකාරයෙකු ලෙස හංවැඩු ගැසූ අසන්ත අරවින්ද නඩු 4 කින් නිදොස් කොට නිදහස් කරයි
ගාල්ල, බද්දෙගම පාර, මඩවලමුල පදිංචි සංචාරක හොටල් අරක්කැමියෙකු ලෙස සේවය කරන විසිහතර හැවිරිදි අසන්ත අරවින්දට එරෙහිව පිටබද්දර පොලීසිය විසින් පැවරූ බොරු නඩු හයෙන් හතරකින් ඔහු නිදාස් කොට නිදහස් කරනු ලැබ තිබේ. අසන්තගේ පියා විසින් මූලික අයිතිවාසිකම් කඩවීම සම්න්ධව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ගොනු කරන ලද පැමිණිල්ලේ විමර්ශණ කටයුතු අවසන් කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1* වගන්තිය උල්ලංඝණය වී ඇති බවට වගඋත්තරකාර පොලිස් නිළධාරීන් 09 දෙනෙකු විසින් පැමිණිලිකරු වෙත රුපියල් 5000 ක වන්දියක් ගෙවිය යුු බවටත්, අදාල වගඋත්තර කරුවන්ට එරෙහිව විනය කටයුතු කිරීම ස`දහා පොලිස්පති හා නීති පති වෙත මෙහි නිර්දේශයේ පිටපත් යැවිමටත් මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. 2008 පෙබරවාරි 28 වන දින අසන්ත ඔහුගේ මිත‍්‍රයෙකු වන ප‍්‍රභාත් චමින්ද යන අය සමග යතුරු පැදියකින් පිටබැද්දර ප‍්‍රදේශයේ පදිංචි ඥතියෙකුගේ නිවසට යෑමට පිටත්ව යන අතර මගදී පිටබැද්දර ප‍්‍රදේශයේ හිනිදුම පාරේ නවතා තිබූ ට‍්‍රක් රථයකින් බැස පාර හරහා මාරුවූ එහි රියදුරුගේ අත මොවුන් පැද ආ යතුරු පැදියේ පැති කණ්නාඩියේ යාන්තමින් වැදීම නිසා දෙපාර්ශවය අතර බහින්බස් වීමක් සිදුවී ඇත. පසුව ඔවුන් විසිරී ගොස් ඇති නමුත් ටික වේලාවකින් ඉහත ට‍්‍රක් රථය වේගයෙන් පසු පසින් පැමිණ මෙම තරුණයන් ප`දවාගෙන ගිය යතුරුපැදිය යට කරගෙන ගොස් ඇති අතර, මෙම අනතුරෙන් යතුරුපැදියේ පිටුපසින් ගිය තැනැත්තාට සහ යතුරුපැදියට බරපතල හානි සිදුවී තිබුනි. මේ අවස්ථාවේ ට‍්‍රක් රථයේ රියදුරු එම ස්ථානයෙන් බියවී පැනගොස් පසුව පොලීසිය සමග පැමිණ අනතුරින් තුවාල ලබා සිටි මෙම තරුණයන් දෙදෙනාට ඉතා අමානුෂික පහර දී තිබුනි.
Read More >> (2011-02-22)
ජෙරාඞ් මර්වින් ඝාතණ නඩුවේ නැවත විභාගය මැයි 20
වත්තල පොලීසිය තුළදී කෲර ලෙස වධහිංසාවට පත්ව ඊට එරෙහිව නීතිය ඉල්ලා සිටි ජා ඇල, මිහිමිදු මාවතේ පදිංචිව සිටි, කොළඹ නැව් තාටාංගනයේ අරක්කැමියෙකු ලෙස සේවය කළ ජෙරාඞ් මර්වින් පෙරේරාගේ ඝාතණය සම්බන්ධව මීගමුව මාහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී පැමිනිල්ලේ ප‍්‍රශ්ණවලට පිලිතුරු දෙමින් පොලිස් පරීක්ෂක මනෝහර කුඩාගොඩගේ මහතා පවසා සිටියේ දෙවැනි විත්තිකරු වෙඩි තැබීමට පුහුණුව ලැබූ ස්ථානය තාප්ප වලින් වටවි තිබු බවත්, එ් අවට තිබූ කර්මාන්ත ශාලාවල අධික ශබ්දය නිසා වෙඩි හඩ එලියට පිට නොවන බව සොයා ගත් බවයි. මෙම නඩුව විශේෂයෙන් පත්කල මාහාධිකරණ විනිසුරු එම්. ඉසෙඞ් එම්. රශීන් මහතා හමුවේ විභාගයට ගැනෙන අතර පැමිනිල්ල වෙනුවෙන් සොලිස්ටර් ජනරාල් විජිත මලල්ගොඩ මහතා පෙනී සිටී.
Read More >> (2011-03-20)
ජෙරාඞ් මර්වින් පෙරේරාට වධහිංසා පැමිණවීමේ නඩුවේ විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරයි
2002.06.03 දින වත්තල මාකේවිට පදිංචි ජෙරාඞ් මර්වින් පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීමට එරෙහිව 1994 අංක 22 දරණ කෲර ලෙස වධහිංසා පැමිණවීම හා අවමන් සහගත ලෙස සැලකීමට එරෙහි සම්මුති පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වත්තල පොලීසියේ නිලධාරීන් 7 දෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණයේ අංක 326/2003 යටතේ 2003 වර්ෂයේ දී අධිචෝදනා ගොනු කොට තිබුණි. මෙම නඩුවේ සාක්ෂිදීම වැලැක්වීම සදහා ඔහුගේ සාක්ෂි ලබා ගැනීමට දින කිහිපයකට ප‍්‍රථම ජෙරාඞ් පෙරේරා බස් රථයක ගමන් කරමින් සිටියදී 2004 වර්ෂයේ නොවැම්බර් 21 දින වෙඩි තබා මරා දමා තිබුනි. ජෙරාඞ් මහතාට වධහිංසා කිරීමට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුව ඔහු විසින් ජයගත් අතර, රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් ඔහු වෙත ලබා දීමට එම තීන්දුවෙන් ප‍්‍රකාශයට පත්කර තිබුනි.
Read More >> (2008-04-23)
අංක තහඩු නොමැති යතුරු පැදියකින් පැමිණි සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් දෙදෙනෙකු මීගමුවේදි තරුණයෙකු පැහැර ගනී
මීගමුව, අක්කරපනහ හි පදිංචි එස්. සාගර සිල්වා යන අය නිවසේ සිටියදී සිවිල් ඇදුමින් සැරසුනු පොලීසියෙ නිලධාරින් දෙදෙනෙකු නිවසට පැමිණ වෙඩි තබා මරා දමන බවට තර්ජනය කරමින් 2008.12.19 වන දින බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත. එදින 10.15 ට පමණ බලහත්කාරයෙන් ඔවුන්ගේ නිවසට ඇතු`ඵ වූ සිවිල් ඇදුමින් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු ඔහුගේ සොයුරිය නිවසේ සාලයේ වාඩිවී සිටියදීම ඔවුන්ගේ කාමර පරීක්ෂා කොට සාගර කොහිදැයි සොයා ඇත. එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ සාගර සහ ඔහුගේ සොහොයුරිය පමණි. සාගර කොහිද කියා නොපවසන්නේ නම් ඇයට පහර දෙන බවත්, නොමැති නම් ඇය හෝ රැුගෙන යන බවත්, අසභ්‍ය වචන කියා බැණ වදිමින් තර්ජනය කරමින් පවසා ඇත
Read More >> (2008-12-22)
බොරු සාක්ෂි දී අධිකරණය නොමඟ යැවූ සාවුල් හමීඞ් මොහොමඞ් නවුෂාඞ් නැමැත්තාව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරයි
මීගමුව මහාධිකරණයේ නඩු අංක එච්සී/247/03 දරණ නඩුව සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිරදඬුවමක් විදිමින් සිටියදී 2008/07/03 වන දින අමානුෂික ලෙස පහරදී ඉල ඇට 7 ක් කඩා ඝාතනය කරන ලද සෙයිනූල් ආබ්දීන් සෙයිනූල් මිස්වර් නැමති අයගේ මරණය සම්බන්ධව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ අංක බී/333/08 දරණ නඩු අංකය යටතේ නඩුවක් පවරා ඇත මෙම මරණය සම්බන්ධව ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස සාවුල් හමීඞ් මොහොමඞ් නවුසාඞ් සහ සෙයියදු මොහොමඞ් අබු උබෙයිදා යන අය බන්ධනාගාර රැඳවියන් වශයෙන් සිටියදී සාක්ෂි දී ඇත
Read More >> (2008-12-04)
අවුරුදු 12 ක් වයසැති සිසුවෙකුට පාසලේ කී‍්‍රඩා භාර ගුරුවරයා ලිංගික අතවර කරයි
තරිඳු නදීශාන් නැමැති වයස අවුරුදු 12 ක් වන පාසල් සිසුවෙකුට එම පාසලේම කී‍්‍රඩාභාර ගුරුවරයා විසින් තර්ජනය කර බිය ගන්වා දින කිහිපයක්ම එම දරුවාට අතවර කර ඇත.මාතර මහනාම මහ විදුහලේ ඉගෙනුම ලබන තරිඳු නදීශාන් නැමැති මෙම දරුවා එම පාසලට ගොස් මාස හතරකි. බාහිර කි‍්‍රයාකාරකම් සඳහා විවිධ දක්ෂතා පෙන්වා ඇති මෙම දරුවාව එම පාසලේ කී‍්‍රඩාභාර ගුරුවරයා වන යසරත්න නැමැත්තා විසින් වොලිබෝල් කී‍්‍රඩාව හා පිහිනුම් කී‍්‍රඩාව සඳහා තෝරාගෙන ඇත.
Read More >> (2008-12-04)
දංකොටුව පොලිසියේ පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
මැල්ලව, ලිහිරියාගම, පදිංචි බන්ඩාරමැණිකේ යන අයගේ පුතා වන කේ.එස්. අජිත් ප‍්‍රසන්න පීරිස් යන තරුණයා දංකොටුව පොලීසියේ පොලිස් නිලධාරීන් හය දෙනෙකු විසින් මෙසේ වෙඩි තබා ඝාතනය කොට ඇත. මියයන විට ඔහු පාර්ලිමෙන්තු මන්ත‍්‍රි වීරකුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂකයෙකු ලෙස සේවය කොට තිබේ. ඔහුව ඝාතනය කිරීමට පෙර දින එනම්, 2008/10/22 දින ඔහුගේ පෙම්වතියව බැලීම සඳහා මොහොට්ටිමුල්ල හි පදිංචිව සිටින ඇයගේ නිවසට ගොස් ඇත. පසුදින එනම් 2008/10/23 වන දින සවස ඔහුගේ මව ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති වලට සවන් දෙමින් සිටියදී මෙහොට්ටිමුල්ලේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව කියැවී ඇති අතර මන්ත‍්‍රිවරයෙකු පිලිබඳවද පැවසුන බැවින් ඇය ඇගේ පුතාගේ යහ`ඵවෙකු වන දිලිප් යන අයගේ ඡුංගම දුරකථනයට කතාකොට පුතාව විමසා ඇත. එවිට ඔහු පවසා ඇත්තේ, ඔහුට උණ සෑදී ඇති බවත්, ඔහුව බැලීමට මොහොට්ටිමුල්ලට එන ලෙසත්ය.
Read More >> (2008-11-26)
එස්කිමෝ රු:295700/- ක් වන්දි ගෙවයි
උතුරු කදිරාන එස්කිමෝ ෆැෂන් නීට් වෙයාර් ලංකා ලිමිටඞ් ආයතනය වගඋත්තරකාර සමාගම ලෙස මීගමුව අතිරේක කම්කරු විනිශ්චය සභාව ඉදිරියේ පැවති 21/830/දරණ නඩුවේදී තම සේවක විදුලි කාර්මික සමන් කුමාර යන අයගේ සේවය අසාධාරණ අයුක්ති සහගත ලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් රුපියල් දෙලක්ෂ අනූපන්දහස් හත්සියයක් වන්දි ලෙස ගෙවා එම නඩුව 2008 ඔක්තෝබර් මස 08 වන දින අවසන් කරන ලදී. මෙම ඉල්ලූම්පත‍්‍රය නීතිඥ අමිත ආරියරත්න මහතාගේ අධීක්ෂණය යටතේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ නීති අංශය විසින් පවත්වාගෙන යන ලද අතර ගරු විනිශ්චය සභාව ඉදිරියේ ඉල්ලූම්කරු වෙනුවෙන් බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා සහ සරානි ප‍්‍රනාන්දු මෙනෙවිය පෙනී සිටින ලදී.
Read More >> (2008-11-19)
සුරංජි සඳමාලිට සහ දරු දෙදෙනාට ආරක්ෂාව සලසන්නයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
පසුගිය සැප්තැම්බර් මස 20 වන දින වෙඩි තබා ඝාතනය කරන ලද ඇන්ටන් සුගත් නිශාන්ත ප‍්‍රනාන්දු මහතාගේ බිරිඳ වන සුරංජි සඳමාලි මහත්මියට හා දරු දෙදෙනාට මීගමුව පොලීසියෙන් එල්ල වී ඇති තර්ජන වළක්වා වහාම ආරක්ෂාව සපයන ලෙස බස්නාහිර පළාත් උතුර ප‍්‍රදේශයභාර නියෝජ්‍යය පොලිස්පති සරත් ජයසුන්දර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය 2008/11/10 දින නියෝග කර ඇත. සුගත් ප‍්‍රනාන්දු මහතාගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසද, මේ පිළිබඳ වාර්තාවක් නීතිපතිට හා පොලිස් නීති අධ්‍යක්ෂක වෙත යොමු කරන ලෙසද සුරංජි සඳමාලි වන සුගත් මහතාගේ බිරිඳ හා දරු දෙදෙනා විසින් ඉදිරිපත් කර තිබූ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ නියෝජ්‍යය පොලිස්පතිට නියෝග කර තිබේ.
Read More >> (2008-11-19)
මීගමුවේ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු පැවරේ
බී1658 නඩු අංකය යටතේ පවරා ඇති අල්ලස් නඩුවේ සාක්ෂි දෙන්නට උසාවියට නොයන ලෙස පවසා සුගත් නිශාන්ත/සුරංජි සඳමාලි/ කල්පනී සහ අංජන යන අයවළුන්ට මරණ තර්ජන කිරීම හා වධහිංසා කිරීම සම්බන්ධව අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිසන් සභාව මීගමුවේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. මෙම එකම පවුලේ සිව් දෙනාට අමානුෂික ලෙස පහරදීම හා වධහිංසා කිරීම සම්බන්ධව මීගමුව පොලීසියේ පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩුවේ එම විත්තිකරුවන් 14 දෙනා අතුරින් විත්තිකරුවන් තුන් දෙනෙකු මෙම නඩුවේද විත්තිකරුවන් වේ.
Read More >> (2008-11-12)
අගුණුකොල පොලීසියේ පොලිස් රියදුරුට පහරදීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර
අගුණුකොලපැලැස්ස පොලීසියේ පොලිස් රියදුරු ලෙස සේවය කළ සරත් කුමාර මහතාට රත්නපුර පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ පොලිස් පරීක්ෂකවරයෙකු ඉතා අමානුෂිකව පහරදීමට එරෙහිව සරත් කුමාර මහතා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම පෙත්සම පිළිගෙන ඉදිරියට ගෙනයාමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දෙන ලදී.
Read More >> (2008-11-07)
නීතිඥවරුන්ට හා මාධ්‍යවේදීන්ට දිගින් දිගටම මරණ තර්ජන
යුක්තිය ඉල්ලා අධිකරණය වෙත ගිය මීගමුව දළුපත ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක් වූ සුගත් නිශාන්තට 2008 සැප්තැම්බර් 21 දින නාදුනන තුවක්කුකරුවෙකු විසින් තම ට‍්‍රක්රථය තුළ දොලොස් හැවිරිදි තම පුතා සමඟ සිටියදී වෙඩි තබා මරා දමා තිබුනි. වෙඩි තැබීමෙන් පසුව සුගත් ගේ ලේ ගලන සිරුර 12 හැවිරිදි පුතුගේ උකුල මත වැටී ඇති අතර, ඔහු ඒ හේතුව මත අධිකව කම්පනයට පත්වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධව මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, සුගත්ගේ බිරිඳටද සුගත්ගේ මරණයෙන් පසුවත් විවිධ තර්ජන පැමිණි බව ඇය පොලීසිය වෙත කරන ලද පැමිණිලි වල සදහන් වේ. සුගත් වෙඩි තබා මරා දැමීමට පෙරද ඔහු වෙත විවිධ ආකාරයේ මරණ තර්ජනයන් තිබු බව පොලිස්පති හා ඔහුගේ නඩු තිබූ අධිකරණයන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ විමර්ෂන කොමිෂන් සභාව වෙතද සුගත් විසින් පැමිණිලි කර තිබුනි. නමුත් ඔහු මරා දමන තෙක් කිසිවෙක් ඒ සම්බන්ධව නිසි කි‍්‍රයා මාර්ගයක් ගෙන නොතිබුනි.
Read More >> (2008-11-06)
සුගත් නිශාන්තට වෙඩි තබා මරා දමයි
පොලීසියේ නීති විරෝධී කි‍්‍රයාවන්ට එරෙහිව යුක්තිය ඉල්ලා අධිකරණය වෙත ගිය මීගමුව දළුපත ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක් වූ සුගත් නිශාන්තට 2008 සැප්තැම්බර් 21 දින උදේ 10.00 ට පමණ මීගමුව හලාවත ප‍්‍රධාන පාරේ දළුපොත ප‍්‍රදේශයේ දී තම ට‍්‍රක් රථයේ දොලොස් හැවිරිදි තම පුතා සමඟ සිටිය දී වෙඩි තබා ඝාතණය කර තිබේ. සුගත් නිශාන්ත තමන් වෙත දිගින් දිගටම එල්ල වූ පොලිස් තර්ජනයන් හා පොලිස් පහරදීම හමුවේ නොසැලී පෙනී සිටි අතර, එම නිලධාරීන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ගයන් වෙත යොමු වීම නිසා එය වැලැක්වීමට එම නිලධාරීන් මීට පෙර විවිධ උපායිමාර්ගයන් ගෙන තිබුනි.
Read More >> (2008-09-22)
රත්නපුර පොලීසියෙන් අගුණුකොල පොලීසියට ප‍්‍රහාරයක්
පසුගිය ඇසල උත්සවයේ විශේෂ රාජකාරි නිමකර නැවත අදාල පොලිස් ස්ථාන වෙත යමින් සිටි අගුනුකොල පැලැස්ස පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකුට හා තවත් පොලිස් කොස්තාපල් වරයෙකුට බොහෝ දෙනා බලා සිටියදී අමානුෂික අයුරින් පහරදී බොරු නඩු පවරීමක් සම්බන්ධව රත්නපුර පොලීසියෙන් වාර්තා වේ.
Read More >> (2008-09-22)
අම්බලන්තොට පොලීසියෙන් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට පහරදී බොරු නඩු පවරයි
රුහුණු රිදියගම, බෝලාන, පදිංචි බෝලාන මධ්‍ය මහා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි මධුෂානි සුභසිංහ යන ශිෂ්‍යාව සිවිල් ඇදුමින් සැරසී ආයුධ සන්නද්ධව පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් විසින් පහරදී අම්බලන්තොට පොලීසියේ අත්අඩංගුවේ රඳවා තබාගෙන කසිප්පු ළඟ තබාගත් බවට චෝදනා කර බොරු නඩු පවරා තිබේ. 2008 සැප්තැම්බර් 01 වන දින ඇය සවස පන්ති ගොස් ඇගේ නැන්දාගේ නිවසටද ගොස් රාතී‍්‍ර 7.30 ට පමණ නැවත තම නිවසට පැමිණෙද්දී සිවිල් ඇදුමින් සැරසී ආයුධ සන්නද්ධව සිටි පිරිසක් ඇගේ නිවස පිටුපස සිටිනු දැක ඇත. ඇය දුටු එක් තැනැත්තෙක් ‘‘කෝ උඹේ මහ වුන්’’ යැයි අසා ඇය පන්ති ගොස් සිටි නිසා නොදන්නා බව පැවසූ විට එම නිලධාරීන්ගේ අතේ තිබූ පොලූ වලින් ඇගේ අත් දෙකට සහ කළවා ප‍්‍රදේශයටත් පහරදී තිබේ.
Read More >> (2008-09-08)
බන්ධනාගාර නිලධාරීන්ගේ පහරදීම නිසා මියගිය රැුඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර
මෙම අමානුෂික ලෙස පහරදීම නිසා මිය යෑම සම්බන්ධව ඔහුගේ සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇති අතර එහි නඩු අංකය වනුයේ, 342/2008 ය. ඒ 2008 සැප්තැම්බර් 04 වන දිනයි. මේ සඳහා නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනි සිට ඇත.
Read More >> (2008-09-20)
කල්පිටියේදී ධීවරයෙකු පැහැරගෙන යාම අතේ පත්තුවේ
කල්පිටිය, වනවාසල පදිංචි හතලිස් හත් හැවිරිදි ඇන්ටන් ජෝසප් මිරැන්ඩා නැමැති ධීවරයා ආයුධ සන්නද්ධව පැමිනි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව වැඬේ එලිදරව් වීම නිසා කල්පිටිය පොලිසිය වෙත ගෙනවිත් භාර දී තිබේ. 2008 අගොස්තු 16 වන දින රාතී‍්‍ර 7.30 ට පමණ තම නිවසට පැමිණි මුහුණු ආවරණය කරගත් ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ජෝසප් මිරැන්ඩා බලහත්කාරයෙන් තී‍්‍රවිලර් රථයක නංවාගෙන ගොස් තිබේ. තී‍්‍රවිලර් රථයකින් ජොසප් රැගෙන යන බවට ඔහුගේ ඥතීන් විසින් වහාම තම හිතවතෙකුට දැනුම් දීම මත, එම ති‍්‍රවිලර් රථය පිටුපසින් ගොස් ඇති අතර, අවසානයේ එම තී‍්‍රවිලර් රථය කල්පිටිය නාවික හමුදා කදවුර වෙත යනු ඔහු විසින් දැක තිබේ. පසුව පවුලේ ඥතීන් විසින් නාවික හමුදා කදවුරට ගොස් එ පිළිබදව විමසූ විට කියා තිබෙන්නේ නාවික හමුදාව කිසිවෙක් රැගෙන නොආ බවත්, අවශ්‍ය නම් එ පිළිබදව පොලීසියට පැමිණිලි කරන ලෙසයි.
Read More >> (2008-08-21)
ඇඟලූම් සේවිකාවගේ මරණය සම්බන්ධ සැකකාර වෛද්‍යවරයාගේ ඇප අයදුම්පත ප‍්‍රතික්ෂේප කරයි
2007 නොවැම්බර් 12 වන දින මීගමුව දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කටාන ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ ඇඟඵම් සේවිකාවක වන මොණරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක වූ (22) හැවිරිදි චමිලා දිසානායක තැනැත්තිය එම රෝහලේ 06 වන මහලෙන් වැටී අභිරහස් ලෙස මිය යෑම පිළිබඳව සැක පිට එම රෝහලේම සේවය කරන සුදර්ශණ බාලගේ නැමැති වෛද්‍යවරයා මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනි.
Read More >> (2008-09-02)
Page 93 Of 95

<<
1
...
90
91
92
93
94
95
>>
www.right2lifelanka.org