More News
MORE NEWS
අගුණුකොල පොලීසියේ පොලිස් රියදුරුට පහරදීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර
අගුණුකොලපැලැස්ස පොලීසියේ පොලිස් රියදුරු ලෙස සේවය කළ සරත් කුමාර මහතාට රත්නපුර පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ පොලිස් පරීක්ෂකවරයෙකු ඉතා අමානුෂිකව පහරදීමට එරෙහිව සරත් කුමාර මහතා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම පෙත්සම පිළිගෙන ඉදිරියට ගෙනයාමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දෙන ලදී.
Read More >> (2008-11-07)
නීතිඥවරුන්ට හා මාධ්‍යවේදීන්ට දිගින් දිගටම මරණ තර්ජන
යුක්තිය ඉල්ලා අධිකරණය වෙත ගිය මීගමුව දළුපත ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක් වූ සුගත් නිශාන්තට 2008 සැප්තැම්බර් 21 දින නාදුනන තුවක්කුකරුවෙකු විසින් තම ට‍්‍රක්රථය තුළ දොලොස් හැවිරිදි තම පුතා සමඟ සිටියදී වෙඩි තබා මරා දමා තිබුනි. වෙඩි තැබීමෙන් පසුව සුගත් ගේ ලේ ගලන සිරුර 12 හැවිරිදි පුතුගේ උකුල මත වැටී ඇති අතර, ඔහු ඒ හේතුව මත අධිකව කම්පනයට පත්වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධව මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, සුගත්ගේ බිරිඳටද සුගත්ගේ මරණයෙන් පසුවත් විවිධ තර්ජන පැමිණි බව ඇය පොලීසිය වෙත කරන ලද පැමිණිලි වල සදහන් වේ. සුගත් වෙඩි තබා මරා දැමීමට පෙරද ඔහු වෙත විවිධ ආකාරයේ මරණ තර්ජනයන් තිබු බව පොලිස්පති හා ඔහුගේ නඩු තිබූ අධිකරණයන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ විමර්ෂන කොමිෂන් සභාව වෙතද සුගත් විසින් පැමිණිලි කර තිබුනි. නමුත් ඔහු මරා දමන තෙක් කිසිවෙක් ඒ සම්බන්ධව නිසි කි‍්‍රයා මාර්ගයක් ගෙන නොතිබුනි.
Read More >> (2008-11-06)
සුගත් නිශාන්තට වෙඩි තබා මරා දමයි
පොලීසියේ නීති විරෝධී කි‍්‍රයාවන්ට එරෙහිව යුක්තිය ඉල්ලා අධිකරණය වෙත ගිය මීගමුව දළුපත ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක් වූ සුගත් නිශාන්තට 2008 සැප්තැම්බර් 21 දින උදේ 10.00 ට පමණ මීගමුව හලාවත ප‍්‍රධාන පාරේ දළුපොත ප‍්‍රදේශයේ දී තම ට‍්‍රක් රථයේ දොලොස් හැවිරිදි තම පුතා සමඟ සිටිය දී වෙඩි තබා ඝාතණය කර තිබේ. සුගත් නිශාන්ත තමන් වෙත දිගින් දිගටම එල්ල වූ පොලිස් තර්ජනයන් හා පොලිස් පහරදීම හමුවේ නොසැලී පෙනී සිටි අතර, එම නිලධාරීන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ගයන් වෙත යොමු වීම නිසා එය වැලැක්වීමට එම නිලධාරීන් මීට පෙර විවිධ උපායිමාර්ගයන් ගෙන තිබුනි.
Read More >> (2008-09-22)
රත්නපුර පොලීසියෙන් අගුණුකොල පොලීසියට ප‍්‍රහාරයක්
පසුගිය ඇසල උත්සවයේ විශේෂ රාජකාරි නිමකර නැවත අදාල පොලිස් ස්ථාන වෙත යමින් සිටි අගුනුකොල පැලැස්ස පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් රියදුරු වරයෙකුට හා තවත් පොලිස් කොස්තාපල් වරයෙකුට බොහෝ දෙනා බලා සිටියදී අමානුෂික අයුරින් පහරදී බොරු නඩු පවරීමක් සම්බන්ධව රත්නපුර පොලීසියෙන් වාර්තා වේ.
Read More >> (2008-09-22)
අම්බලන්තොට පොලීසියෙන් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට පහරදී බොරු නඩු පවරයි
රුහුණු රිදියගම, බෝලාන, පදිංචි බෝලාන මධ්‍ය මහා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි මධුෂානි සුභසිංහ යන ශිෂ්‍යාව සිවිල් ඇදුමින් සැරසී ආයුධ සන්නද්ධව පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් විසින් පහරදී අම්බලන්තොට පොලීසියේ අත්අඩංගුවේ රඳවා තබාගෙන කසිප්පු ළඟ තබාගත් බවට චෝදනා කර බොරු නඩු පවරා තිබේ. 2008 සැප්තැම්බර් 01 වන දින ඇය සවස පන්ති ගොස් ඇගේ නැන්දාගේ නිවසටද ගොස් රාතී‍්‍ර 7.30 ට පමණ නැවත තම නිවසට පැමිණෙද්දී සිවිල් ඇදුමින් සැරසී ආයුධ සන්නද්ධව සිටි පිරිසක් ඇගේ නිවස පිටුපස සිටිනු දැක ඇත. ඇය දුටු එක් තැනැත්තෙක් ‘‘කෝ උඹේ මහ වුන්’’ යැයි අසා ඇය පන්ති ගොස් සිටි නිසා නොදන්නා බව පැවසූ විට එම නිලධාරීන්ගේ අතේ තිබූ පොලූ වලින් ඇගේ අත් දෙකට සහ කළවා ප‍්‍රදේශයටත් පහරදී තිබේ.
Read More >> (2008-09-08)
බන්ධනාගාර නිලධාරීන්ගේ පහරදීම නිසා මියගිය රැුඳවුම්කරුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර
මෙම අමානුෂික ලෙස පහරදීම නිසා මිය යෑම සම්බන්ධව ඔහුගේ සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇති අතර එහි නඩු අංකය වනුයේ, 342/2008 ය. ඒ 2008 සැප්තැම්බර් 04 වන දිනයි. මේ සඳහා නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනි සිට ඇත.
Read More >> (2008-09-20)
කල්පිටියේදී ධීවරයෙකු පැහැරගෙන යාම අතේ පත්තුවේ
කල්පිටිය, වනවාසල පදිංචි හතලිස් හත් හැවිරිදි ඇන්ටන් ජෝසප් මිරැන්ඩා නැමැති ධීවරයා ආයුධ සන්නද්ධව පැමිනි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව වැඬේ එලිදරව් වීම නිසා කල්පිටිය පොලිසිය වෙත ගෙනවිත් භාර දී තිබේ. 2008 අගොස්තු 16 වන දින රාතී‍්‍ර 7.30 ට පමණ තම නිවසට පැමිණි මුහුණු ආවරණය කරගත් ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ජෝසප් මිරැන්ඩා බලහත්කාරයෙන් තී‍්‍රවිලර් රථයක නංවාගෙන ගොස් තිබේ. තී‍්‍රවිලර් රථයකින් ජොසප් රැගෙන යන බවට ඔහුගේ ඥතීන් විසින් වහාම තම හිතවතෙකුට දැනුම් දීම මත, එම ති‍්‍රවිලර් රථය පිටුපසින් ගොස් ඇති අතර, අවසානයේ එම තී‍්‍රවිලර් රථය කල්පිටිය නාවික හමුදා කදවුර වෙත යනු ඔහු විසින් දැක තිබේ. පසුව පවුලේ ඥතීන් විසින් නාවික හමුදා කදවුරට ගොස් එ පිළිබදව විමසූ විට කියා තිබෙන්නේ නාවික හමුදාව කිසිවෙක් රැගෙන නොආ බවත්, අවශ්‍ය නම් එ පිළිබදව පොලීසියට පැමිණිලි කරන ලෙසයි.
Read More >> (2008-08-21)
ඇඟලූම් සේවිකාවගේ මරණය සම්බන්ධ සැකකාර වෛද්‍යවරයාගේ ඇප අයදුම්පත ප‍්‍රතික්ෂේප කරයි
2007 නොවැම්බර් 12 වන දින මීගමුව දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කටාන ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ ඇඟඵම් සේවිකාවක වන මොණරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක වූ (22) හැවිරිදි චමිලා දිසානායක තැනැත්තිය එම රෝහලේ 06 වන මහලෙන් වැටී අභිරහස් ලෙස මිය යෑම පිළිබඳව සැක පිට එම රෝහලේම සේවය කරන සුදර්ශණ බාලගේ නැමැති වෛද්‍යවරයා මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුනි.
Read More >> (2008-09-02)
බන්ධනාගාර සිරකරුගේ මරණය සම්බන්ධ සාක්ෂි ලබා දුන්නොත් මරා දමන බවට තර්ජනය කරමින් අමානුෂික ලෙස පහර දෙයි.
2008-07-03 වන දින මීගමුව රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී බන්ධනාගාර නිලධාරින් ගේ පහර දීම නිසා මිය ගිය සෙයිනූල් මිස්වර් නැමැත්තා සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළ අවුරුදු 51 ක් වයසැති සෙයියදු මොහොමඞ් අබු උබෙයිදාට එම ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුනහොත් වෙඩි තබා මරාදමන බවට තර්ජනය කරමින් අමානුෂික ලෙස පහර දී ඇත.
Read More >> (2008-08-21)
සිත්ති නසීරා හෘදයාභාධයකින් හදිසියේ මිය යයි
අනවසරයෙන් තමන්ගේ පාදයක් මීගමුව මුලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් අහිමි කිරීමට එරෙහිව විශාල අරගලයක යෙදුනු, මීගමුව, මීරිගම පාරේ පදිංචි 43 හැවිරිදි පස්දරු මවක් වන සිත්ති නසීරා මහත්මිය පසුගිය 3 වන ඉරිදා හෘදයාභාධයකින් හදිසියේ මිය යන ලදී. 2005 වර්ෂයේ මාර්තු මස 01 වන දින තම පාදයේ තිබූ තුවාලය පිරිසිදු කිරීමට වෛද්‍ය උපදෙස් මත මීගමුව මූලික රෝහලට ගිය සිත්ති නසිරාගේ පාදය අනවසරයෙන් ඉවත් කළ බවට මීගමුව මූලික රෝහලේ ශල්‍යවෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු කිහිපදෙනෙකුට එරෙහිව ඇය විසින් කරන ලද පැමිණිල්ලෙන් පසුව නඩු පවරා තිබුනි.
Read More >> (2008-08-07)
මීගමුව බන්ධනාගාරයේ නිලධාරින්ගේ පහරදීම නිසාතවත් රැඳවුම්කරුවෙක් මියයයි.
93/10 මුස්ලිම් පල්ලිය පටුමග පෙරියමුල්ල පදිංචි සෙයිමුල් මිස්වර් නැමැත්තාව මීගමුව බන්ධනාගාරයේ දඬුවම් සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටියදී බන්ධනාගාරයේ නිලධාරින් පිරිසක්විසින් අමානුෂික අයුරින් පහරදිම හේතු කොට ගෙන 2008 ජූලී මස 3 වන දින මිය ගොස් ඇත. සෙයිමුල් මිස්චර් නැමැත්තා මීගමුව මහධිකරණය විසින් ලිංගික අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කර ලැබ සිරදඬුවම් විඳීමට නියම වූවෙකි. ඔහුව මීගමුව බන්ධනාගාරය තුළ රදවාගෙන සිටියදී නිළධාරින් පිරිසකගේ පහර දීම හේතුවෙන් අසාධ්‍යව 2008.07.03 වන දින මීගමුව මහරෝහලට ඇතුලත් කර ඇතත් රෝහලට ඇතුලත් කරන විටත් ඔහු මියගොස් තිබුනි.
Read More >> (2008-08-20)
ගම්පහ පොලිස් සිර මැදිරියේ දී ගෙළ වැළලාගන මිය ගිය 22 හැවිරිදි තරුණයාගේ මරණය සියදිවි නසා ගැනීමක් බව මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දු කරයි
ගම්පහ පහලගම පදිංචි වයස අවුරුදු 22 වයසැති සූරින් කින්සන් නැමැති තරුණයාව 2008.04.07 වන දින ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දින 2 ක් පොලිස් සිර මැදිරියේ රඳවාගෙන සිටියදී ඊට දින 2 ට පසු එනම් 9 වන දින ඔහු පොලිස් සිර මැදිරිය තුළදී තම යට ඇඳුමෙන් එල්ලී සියදිවි හානී කරගෙන තිබේ. ඔහුගේ මිත්තණිය වන සුප්පයියා කවමනි කින්සන් පවසා සිටියේ සිය මුණුපුරාට ගෙල වැළලා මිය යෑමට තරම් හේතුවක් නොතිබූ බවයි. ඔහුගේ මෘත ශරීරයේ ඔ`ඵවේ, තට්ටම්වල සහ දකුණු අතේ තැලීම් සහ වම් පැත්තේ ඇහි බැමි වලට උඩින් තුවාල සිදුවී තිබුණ බවද මිත්තණිය පවසයි. ඒ බව අධිකරණ වෛද්‍යවරයා පවසා ඇත.
Read More >> (2008-08-08)
මාතර පිටබැද්දර පොලීසිය විසින් විසිතුන් හැවිරිදි තරුණයෙකුගේ ඇස්වලට ඇසිඞ් වත්කර අමානුෂිකව පහරදී බොරු නඩු පවරයි.
මාතර පිටබැද්දර පොලීසිය විසින් තරුණයන් දෙදෙනෙකුට බරපතල ලෙස පහරදී, ට‍්‍රක් රථ රියදුරෙකු ලවා එක් තරුණයෙකුට ඇසිඞ් ගැස්සවීම නිසා ඔහුගේ ඇසට බරපතල ලෙස තුවාල සිදුවීම මත මේ වන විට ඔහුගේ ඇස ප‍්‍රකෘර්ති තත්ත්වයට ගැනීම සදහා කොළඹ ඇස්වාට්ටුවේ දී ශල්‍යකර්ම කිහිපයක් සිදු කරමින් සිටින බව වාර්තා වේ.
Read More >> (2008-07-30)
14 හැවිරිදි පාසල් සිසුවෙකු දින 09 ක් පොලිස් අත්අඩංගුවේ
14 හැවිරිදි පාසල් සිසුවෙකු හා ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන දින 09 ක් පුරා කුරුණෑගල පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් කෲර හා අමානුෂික ලෙස පහර දී පසුව අසත්‍යය නඩු පැවරීමක් සම්බන්ධව කුරුණෑගලින් වාර්තා වේ. කුරුණෑගල, හෙරලියාවල, පදිංචි 14 හැවිරිදි සංජය කල්හාර බාලගේ සහ බී. සුමේධ නැමැති ඔහුගේ පියා 2008 ජූලි මස 11 වන දින රාතී‍්‍ර 11.00 ට පමණ ඔවුන් පදිංචි නිවසට පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් සංජයගේ පියාගේ අත් වලට මාංචු දමා, නිවසේ තිබූ බඩු මුට්ටු ඇද දාමා සියල්ල පරීක්ෂා කිරීමෙන් පසුව එක් නිලධාරියෙකු උදැල්ලක් ගෙන හදා අවසන්කර නැති ඔවුන්ගේ නිවසේ සාලය හා කාමරයේ තැනින් තැනද, මිදුලේ කිහිප තැනක්ද හාරා බලා කිසිවක් නොලැබුනු තැන රාතී‍්‍ර 11.30 ට පමණ සංජය කල්හාර හා ඔහුගේ පියා කුරුණෑගල පොලීසිය වෙත ඇස් බැද රැුගෙන ගොස් තිබේ.
Read More >> (2008-08-02)
පාසැල් සිසුන් සිව් දෙනෙකුට පහරදී බොරු නඩු පැවරීමට එරෙහිවසූරියවැව පොලීසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරේ
සූරියවැව පොලීසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරීන් පිරිසක් විසින් හම්බන්තොට මීගහඡුදුර මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසැල් සිසුන් සිව් දෙනෙකු සහ තවත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී සොරකම්වලට සම්බන්ධ බවට බොරු චෝදනා නගමින් අසත්‍යය නඩු පැවරීමක් සම්බන්ධව 2008 පෙබරවාරි මාසයේදී වාර්තා විය. මෙම අසත්‍යය නඩු පැවරීමෙන් පසු එය විභාග කළ හම්බන්තොට මහේස්ත‍්‍රාත්වරයා මෙම සිසුන් සිව් දෙනාටම මුදල් ඇප සහ ශරීර ඇප නියම කර ඇති අතර දඩමුදල් ගෙවා ගැනීමට නොහැකිව සිසුන් දෙදෙනෙකු බන්ධනාගාර ගත කර තිබුනු අතර, ඔවුන් රඳවා තබා ඇත්තේද වැඩිහිටි සිරකරුවන් රදවා තැබෙන සිර මැදිරි තුළ බවට වාර්තා විය
Read More >> (2008-08-03)
ගාල්ල මහ නගර සභා රියදුරුගේ මරණයට වගකිව යුත්තේ කවුරුන් ද?
තමා නොකළ වරදකට මාසික චේතනය අහිමි විමෙන් ලත් මානසික පීඩනය හේතු කොට ගෙන ගාල්ල නගරසභාවේ අවුරුදු 30 ක කාලයක් සේවය කළ සේවකයෙක් සිය දිවි නසාගෙන ඇත. ඔහු ගාල්ල කිතුලම්පිට්ය පැණිදෙනිය වත්තේ පදිංචි හතළිස් හතර හැවිරිදි බෙන්තොට සේනක මායාදුන්නේ ය. ඔහු එක් දරු පියෙකි. මායාදුන්න මහතාගේ මරණ පරික්ෂණය මෙහෙය වු හදිස්සි මරණ පරික්ෂක එම්.එල් බොරලැස්ස මහතා සිය මරණ පරික්ෂණ වාර්ථාවේ සඳහන්කර ඇත්තේ මු`ථ වැටුපම එකවර අයකර ගැනීම හේතුවෙන් ඇති වු මානසික පීඩනය නිසා මායාදුන්න මහතාගේ මරණය සිදුව ඇති බවයි. මායාදුන්න මහතාගේ බිරිඳ කංකානම්ගේ වයලට් ගුරුසිංහ ය. ඇයගේ එකම දුව බිනුකි මායාදුන්නය. ඇය කිතුලම්පිටිය මහා විද්‍යලයේ හතර වසරේ ඉගනුම ලබයි. සේනක මායාදුන්න මහතා ගාල්ල මහා නගර සභාවේ රියදුරෙකු ලෙස අවුරුදු තිහකට අධික කාලයක් සේවය කළ අවංක සේවකයෙකි. සේනක මායාදුන්න මහතා රියදුරකු වශයෙන් කටයුතු කළ බැකෝ යන්ත‍්‍රයේ ඉදිරිපස කුල්ල මීට මාස කිහිපයකට ඉහත දී බැකෝ යන්ත‍්‍රය නගර සභා භූමීයේ නතරකර තිබීය දී අස්ථාන ගත වී තිබිණ. බැකො යන්ත‍්‍රයේ උපාංගයක් නැතිවීම සම්බන්ධව මායාදුන්න මහතාට සහ මහා නගර සහාවේ ප‍්‍රධාන ආරක්ෂක නියාමක ඇතුථ ආරක්ෂක නිලධාරින් පස් දෙනෙකුට නගර සභාවේ නිලධාරින් විසින් චෝදනා එල්ල කොට ඇත.
Read More >> (2008-07-28)
සුගත් නිශාන්තට දිගින් දිගටම මරණ තර්ජන
අල්ලස් ගනිමින් සිටියදී කොච්චිකඬේ පොලීසියේ පොලීස් පරීක්ෂක වරයෙකු අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවට අල්ලා දීමත්, එ් අනුව ඉහත නිළධාරියාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් නඩු පැවරීමත් ඔහුගේ වැඩ තහනමට ලක්වී තිබීමත් මත සුගත් නිශාන්තට මීගමුව පොලීසියේ විවිධ නිළධාරීන්ගේ බලපෑම් දිගින් දිගටම එල්ල විය.
Read More >> (2008-07-28)
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෑබැ ඝාතකයා ද ?
පසුගිය ජුනි 07 වන දින මීගමුව, කුඩාපාඩුව පදිංචිව සිටි දෙළොස් හැවිරිදි විනෝදනී සිල්වා නැමැති පාසැල් ශිෂ්‍යයාව ඇය පදිංචි නිවසේ කුස්සියේ බාල්කයක එල්ලා මරා දමා තිබුණි. මෙමදැරියගේ මරණ පර්යේෂණය සිදුකළ මීගමුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා සිය වාර්ථාව මගින් මෙම දැරිය ගෙල සිරකර මරා දැමීමෙන් පසුව එල්ලා ඇති බවත්, ඇය මාස හයකට පමණ පෙර සිට බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත්, මරා දමන දින ලිංගික අපයෝජනයක් සිදුවී නැති බවත් සිය වාර්තාව මගින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම අධිකරණ වෛද්‍යවරයා විසින් ඇයගේ ශරීරයේ කොටස් කිහිපයක් වැඩි දුර පරීක්ෂණ සදහා යොමුකර තිබුණි.
Read More >> (2008-06-20)
මීගමුව රෝහලේ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කමට එක් දරු මවක් තම ජීවිතයෙන් වන්දි ගෙවයි
රජයේ වත්ත, මරඳගහමුල පදිංචි වික‍්‍රමසුරිය ආරච්චිලාගේ නීලනි මල්ලිකා දෙවන දරුප‍්‍රසූතියට මීගමුව රෝහලට ඇතුල් කළ පසු 10 වන වාට්ටුව භාර නාරි හා ප‍්‍රසව වෛද්‍යයවරු ඇතු`ඵ කාර්්‍යය මණ්ඩලයේ නොසැලකිලිමත් භාවය නිසා මිය ගොස් ඇත. නිලානි මල්ලිකා දෙවන දරු ප‍්‍රසූතියට පෙර සාමාන්‍යය පරිදි මාසිකව මීගමුව නාරි හා ප‍්‍රසව සායනයට සහභාගී විය. එහිදී මල්ලිකා පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ මතය වි ඇත්තේ දෙවැනි දරු ප‍්‍රසුතිය සාමාන්‍ය පරිදි සිදුවිය හැකි බව හා දරුවා හා මව නිරෝගීව පසුවන බවය. සාමාන්‍ය පරිදි දරුවා ලැබීමට දින දී ලැබි ඇත්තේ 03.03.2008 වන දිනය . නමුත්, එදින කිසිදු අපහසුවක් නොතිබු නිසා මාර්තු මස 4 වන දින සාමාන්‍ය පරිදි මල්ලිකා මීගමුව රෝහලේ ප‍්‍රසව හා නාරිවෙද්‍ය අංශයට ඇතුළත් කර ඇති අතර දරු ප‍්‍රසූතිය සදහා 10 වන වාට්ටුවට ඇතුළත් කර ඇත. නමුත් මාර්තු 4 වන දින සිට මාර්තු 11 වන දින දක්වා ඇය කිසිදු අපහසුවකින් තොරව නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගෙන ඇත. මාර්තු 11 වන දින අලූයම 5 ට පමණ දරු ප‍්‍රසූතිය ඉක්මන් කිරීම සඳහා දෙනු ලබන ‘‘සින්ටෝ’’ නමින් හැඳින්වෙන ඖෂධ වර්ගය ඇයට ලබා දී දරු ප‍්‍රසූතිය සදහා සූතිකාගාරය යවා ඇත. නමුත් නැවතත්එදින සවස 6.00 පමණ සුතිකාගාරයේ සිට මල්ලිකාව 10 වන වාට්ටුව වෙත ගෙනවිත්, නැවතත් සවස 7.00 ට පමණ දරුවා සාමාන්‍යය පරිදි නොලැබුනු නිසා සිසේරියන් සැත්කමකට භාජනය කිරීම සඳහා ශෛල්‍යාගාරයට ගෙන ගොස් ඇත.
Read More >> (2008-06-19)
දෙණියාය පොලිසියේ නිලධාරියෙකු පහර දීම නිසා සිත් තැවුලට පත් පාසැල් සිසුවා පෙනඩෝල් බී සියදිවි නසා ගැනීමට උත්සහා දරයි
ජංගමදුරකථනයක් සොරා ගත්තේ යැයි බොරු චෝදනාවක් මත දෙණියාය පොලිසියේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂක විමලකීර්ති මහතාගේ පහර දිම නිසා දැඩි සිත් තැවුලට පත් 14 හැවිරිදි පාසැල් සිසුවා තම මවගෙන් මුදල් ඉල්ලාගෙන පෙනඩෝල් කාඞ් දෙකක පෙති බී තට්ටු ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි නසා ගැනීමට උත්සහා දරා ඇත. 260/බී, ජඹුරගොඩහේන, ළිදගාවහේන, කොටපොල පදිංචි හල්ගහපොල ගමගේ ඉන්ද්‍රනි අවුරුදු 30 ක දෙදරු මවකි. ඇයගේ වැඩිමහල් පුත් හොරගොල ගමගේ ජනක ප‍්‍රදීප් කුමාර වයස අවුරුදු 14 ක පාසැල් සිසුවෙකි. 2008 අපේ‍්‍රල් 28 වන දින උදේ 11.30 ට පමණ දෙනියාය පොලීසියේ උප පොලිස් පරීක්ෂක විමලකීර්ති මහතා ඉන්ද්‍රනිගේ නිවසට පැමිණ හොරගොල ගමගේ ජනක ප‍්‍රදීප් කුමාර වන ඇගේ වැඩිමහල් පුතා ගැන උපුල් නිෂාන්ත නැමැති ඇගේ මල්ලීගෙන් විමසා තිබේ.ඒ මොහොතේ ඉන්ද්‍රනිද, ජනක ප‍්‍රදීප් කුමාර දරුවා ද. නිවසේ නොසිටි බැවින් එදින සවස ජනක ප‍්‍රදිප් කුමාර ජංගම දුරකතනයක් නැතිවීම සම්බන්ධව සාක්ෂියක් ලබාදීම සදහා දෙනියාය පොලීසිය වෙත ගෙන එන ලෙස දන්වා කුඩා තුන්ඩු කැබැල්ලක් ලබා දී ගොස් තිබුනි. ඒ අනුව එදින සවස 3.00 ට පමණ ඇගේ ස්වාමිපුරුෂයා වන හොරගලගමගේ සුමිත් චන්ද්‍රකුමාර සහ ඇගේ වැඩිමහල්පුතු සමග දෙනියාය පොලීසිය වෙත ගොස් තිබේ.
Read More >> (2008-05-07)
කතරගමදී පාසැල් සිසුවෙකු පැහැරගනී.
කතරගම, ගෝතමී ගම, අංක 108 ලිපිනයේ, පදිංචි 18 හැවිරිදි පාසැල් සිසුවෙකු වූ කදිරවේළු සත්‍යවාන් පසුගිය මැයි 01 වන දා සිට අතුරුදහන්ව තිබේ. කතරගම ජනාධිපති විදුහලේ සිසුවෙකු වූ සත්‍යවාන් පසුගිය මැයි 01 වන දින තම හිතවතෙකුගේ මළගෙදරක ගොස් සිටිය දී එම මළගෙදරට සුදුපාට වෑන් එකකින් හා රතුපාට යතුරු පැදියකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙ ගොස් ඇත. සත්‍යවාන් රැගෙන යනු මළගෙදර සිටි ඔහුගේ යහළුවන් කිහිප දෙනෙකු දැක තිබේ. මෙසේ ඔහු පැහැරගෙන යාමට පෙර, මාස කිහිපයක් තිස්සේ ඔහු පදිංචි නිවසට බුද්ධි අංශයෙන් යැයි කියාගත් පිරිස් නිතරම පැමිණ, විවිධ විස්තර අසමින් ඔවුන් අපහසුතාවයන්ට පත්කළ බවත්, එසේ මාසයකට හතර පස් වතාව බැගින් එම නිලධාරින් තම නිවසට පැමිණි බවත්, අවසන් වරට එසේ තම නිවසට පැමිණියේ පසුගිය අපේ‍්‍රල් 10 වෙනිදා බවත්, එදින රතුපාට යතුරු පැදියකින් පැමිණි නිලධාරීන් දෙදෙනෙකු විවිධ ප‍්‍රශ්ණ අසමින් සිට පසුව සත්‍යවාන්ගේ ජංගම දුරකතනයේ අංකය ලබා ගෙන නිවසින් පිටව ගිය බවත්, ඔහු ගේ පියා අප වෙත පවසා සිටින ලදී. දිනක් එසේ පැමිණි නිලධාරීන් දිගින් දිගටම ප‍්‍රශ්ණ කරමින් සිටියදී සත්‍යවාන් විසින් ‘‘සර්ල කරන වැඩෙන් වෙන්නෙ නිකන් ඉන්න මිනිස්සුත් එල්.ටී.ටී.ඊ වෙන එක’’ යැයි පවසා තිබේ. මෙම ප‍්‍රකාශය නිසා සත්‍යවාන් පැහැරගෙන ගිය බවට ඔහුගේ දෙමාපියන් සැක කරයි.
Read More >> (2008-05-14)
Page 94 Of 96

<<
1
...
91
92
93
94
95
96
>>
www.right2lifelanka.org