More News
MORE NEWS
ආනමඩුව පොලීසිය වරෙන්තුවකට වෙනත් අහිංසකයෙකු අල්ලා මාස තුනක් රිමාන්ඞ් කරයි
ආණමඩුවේ පදිංචි කීර්තිරත්න දෙදරු පියෙකි. මීට අවුරුදු පහකට පෙර කීර්තිරත්න දරුණු රිය අනතුරකට ලක්වී හිසේ ඇතිවූ බරපතල තුවාලය මත විටින් විට සිහි මුර්ජා වන තත්ත්වයකට පත්වන රෝගියෙකි. 2010 වර්ෂයේ පල්ලම ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් මත ආනමඩුව පොලීසිය විසින් එම ආරවුලට සම්බන්ධ පාර්ෂයේ පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර තිබුනි. මෙම ආරවුලට සම්බන්ධව එක් පුද්ගලයෙකු අධිකරනය වෙත ඉදිරිපත් නොවීම මත ඔහුට වරෙන්තුවක් නිකුත් කර ඇත. එම සිද්ධියට අදාල වරෙන්තු කරුගේ නම වන්නේ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ කීර්ති ජයරත්න වන අතර ආනමුඩුව පොලීසිය විසින් ඔහු වෙනුවට රාජකරුණා හේරත් මුදියන්සේලාගේ කීර්තිරත්න වන මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාස තුනක් තිස්සේ රක්ෂිත බන්ධනාගරයේ රදවා තබා ඇත.
Read More >> (2011-04-24)
ලංකා ඊ නිවුස් කර්තෘ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග - කිරිඳිවෙල ඬේවිඞ් අමරසිංහ ඝාතණ නඩුව
නීතිපති තවත් දෙදෙනෙක් චෝදනා නැතැයි නිදහස් කරන්න කියලා මහේස්ත‍්‍රාත් සලකා නැ මැයෙන් පලවූ ලංකා ඊ නිවුස් හි ශාන්ත විජේසුරිය විසින් 2011 අපේ‍්‍රල් 19 වන දින පළකර තිබූ ප‍්‍රවෘත්තිය මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි ප‍්‍රකාශ කරමින් එම ප‍්‍රවෘත්තිය පළකර ශාන්ත විජේසුරිය අත්අඩංගුන්‍ට ගෙන ලබන අපේ‍්‍රල් 28 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූගොඩ මහේස්ත‍්‍රාත් අරවින්ද පෙරේරා මහතා විසින් නියෝග කරන ලදී. කිරිඳිවෙල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි අවිවාහකයෙකු වන ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධව අපේ‍්‍රල් 20 වන දින පැවැති මූලික නඩු විභාගයේදී පුගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී මෙම නියෝගය ලබා දෙන ලදී.
Read More >> (2011-04-22)
මීගමුව පොලීසිය නැවතත් තරුණයෙකුට පහර දෙයි
මීගමුව, කදිරාන ප‍්‍රදේශයේ සිදුවූ හරක් සොරකමක් සම්බන්ධයෙන් සැකයයි පවසා 2011.02.27 වන රාත‍්‍රියේ කදිරාන ප‍්‍රදේශයේ පදිංචිව සිටින තිස් එක් හැවිරිදි එක් දරු පියෙකු වූ මෛතී‍්‍ර නාරද නැමැතාට මීගමුව පොලීසියේ නිළධාරීන් පිරිසක් බීමතින් පැමිණ අත්අඩංගුවට ගෙන අමානුෂීය ලෙස වධහිංසා කළ බව වාර්තා වේ. 2011.02.27 වන දින රාත‍්‍රී‍්‍ර 10.30 ට පමණ නාරදගේ නිවසට පැමිනි මීගමුව පොලීසියේ නිළධාරීන් නාදරව අත්අඩංගුවට ගෙන කදිරාන ප‍්‍රදේශයට ගෙන ගොස් ජීප් රථයේ පිටුපස පාද එලියට සිටින සේ හාන්සිකර හරක් සොරකමක් සම්බන්ධව ප‍්‍රශ්ණ කරමින් විකට් කූරකින් නාරදගේ යටිපතුල්වලට පහරදී තිබේ.
Read More >> (2011-04-22)
අධිකරණයේ හැසිරීම සම්බන්ධව රජයේ නීතිඥවරයාට පූගොඩ මහෙස්ත‍්‍රාත්වරයාගෙන් අවවාද
කිරිදවෙල පොලිස් අත්අඩංගුවේ සිටියදී 2010 අගෝස්තු 14 වන දින මිය ගිය 47 හැවිරිදි අවිවාහකයෙකු වන ඬේවිඞ් අමරසිංහ මහතාගේ මරණය සම්බන්ධව පුගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී පැවැත්වෙන මූලික නඩු විභාග පසුගිය මාර්තු 31 වනදා සහ අපේ‍්‍රල් 08 වනදා පැවැත් විනි. පසුගිය මාර්තු 17 වන දින මෙම නඩුව අඩගැසුනු අවස්ථාවේ මෙම නඩුවේ විත්තිකරුවන් වන කිරිදිවැල පොලීසියේ උ.පො.ප ඩබ්.එස් කුලරත්න හා පොලිස් කොස්තාපල් ලක්ෂ්මන් ද සිල්වා යන පොලිස් නිළධාරීන් මුදාහරින ලෙස නීතිපති විසින් දි තිබූ උපදෙස් නැවත සලකා බලන ලෙස නියෝග කරමින් සැක කරුවන් නැවත රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරිමට පුගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඩබ්. අරවින්ද පෙරේරා පසුගියදා නියෝග කරන ලදී.
Read More >> (2011-04-19)
ඕනෑම නඩු තීන්දුවක් විවේචනය කිරීමට පුරවැසියෙකුට සම්පූර්ණ අයිතිය තියෙනවා ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ලංකාවේ මෑතක සිට ඇති කණගාටුදායක තත්ත්වය තමයි අධිකරණ තීන්දු පිළිබඳ විවේචනාත්මක විගරවේ හයන් සිදු වීම අඩුවීම. ඕනම නඩු තීන්දුවක් විවේචනය කිරීමට පුරවැසියෙකුට සම්පූර්ණ අයිතිය තියෙනවා. නමුත් එය කළ යුත්තේ අධිකරණයට අපහාස නොකරයි. අසවල් විනිශ්චයකාරයා අසවල් තීන්දුව දුන්නේ අසවල් හේතුව නිසා යැයි කිව්වොත් එය අධිකරණයට අපහාස කිරීමක්, නමුත් අධිකරණ නඩු තීන්දුවක් පිළිබඳව හේතු සහිත විවේචනයක් කිරීම අධිකරණයට අපහාසයක් නෙවෙයි. ලංකාවේ දැන් තියෙන ප්‍රවණතාවය වී ඇත්තේ එසේ අධිකරණ තීන්දු විවේචනයට ලක් නොවීමයි.
Read More >> (2011-04-18)
කටුනායක ගුවන් තොටුපලේ දී කාන්තාවක් දූෂණය කිරීමේ නඩුව විත්තිකරුව හඳුනා ගත් බවට මහේස්ත‍්‍රාත්වරිය සාක්ෂි දෙයි
‘‘ මෙම නඩුවට අදාල සිද්ධියේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වූයේ මා විසින්. එම පෙරෙට්ටුව මා නීත්‍යානුකූලව පැවැත්වූවා. එහිදී මෙම නඩුවේ පැමිණිලිකාරිය විසින් දැන් විත්ති කූඩුවේ සිටින විත්තිකරුව පමණක් හඳුනා ගත්තා. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් පසු මෙම විත්තිකරුව විවෘත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මම නියෝග කලා ’’ යැයි මීගමුව වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතීඥ රම්‍යාකාන්ති පීරිස් මහත්මිය, මීගමුව මහාධිකරණයේ විභාග වෙමින් පවතින H/C 162/09 නඩුවේ 2011.03.10 දිනට අදාල නඩු විභාගයේදී මීගමු මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහාතා හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. මහේස්ත‍්‍රාත්වරිය මෙසේ සාක්ෂි දුන්නේ 2005 ඔක්තෝබර් 10 වන දින ගෘහ සේවිකාවක වශයෙන් මැදපෙරදිග විදේශ ගත වීමට පැමිණි නිකදඵපත පදිංචි 23 හැවිරිදි තරුණියකට කටුනායක ගුවන් තොටුපල පර්යන්තය තුලදී ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් විසින් බිය ගන්වා බලහත්කාරයෙන් අතවර කිරීමක් සම්බන්ධයෙන් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ මූලික නඩු විභාගයකින් පසුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේදීය.
Read More >> (2011-04-18)
ආණමඩුව පොලිසිය ගොවියෙකුට එල්ලා පහර දෙයි
නිහාල් ද සිල්වා ගොවිතැනට අමතර වාහන, නිවාස විකුණා දීම සම්න්ධව බෝකර්වරයෙකු ලෙසද කටයුතු කරයි. තී‍්‍ර විලර් රථයක් විකිණීම සම්බන්ධව සිදු කළ ගණු දෙනුවකදී සිදුවූවායැයි කියන මුදල් සොරකමක් සම්බන්ධව සැක කොට නිහාල් සිල්වා ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන එල්ල පහරදී තිබේ. 2011.01.02 දින නිහාල් ද සිල්වා ඔහු කුඹුරේ තෙල් ගසමින් සිටින අවස්ථාවේ ඔහුගේ ජංගම දුරකතනයට ආණමඩුව පොලීසියේ සාජන් රංජි විසින් කරන ලද දැනුම් දීම මත නිහාල් කුඹුරු වැඩ අවසන් වී සවස 5.30ට පමණ ආණමඩුව පොලීසිය වෙත ගොස් තිබේ. එහිදී ඔහුට පණිවුඩය ලබා දුන් සාජන් රංජි මුණගැසී කාරණාව ගැන විමසා ඇති අතර සාජන් රංජිව විසින් උ.පො. පරීක්ෂක සරත් පැමිණෙන තෙක් සිටිනා ලෙස දන්වා තිබේ. රාතී‍්‍ර 7.30 ට පමණ උප පොලීස් පරීක්ෂක සරත් පැමිණ ඇති අතර නිහාල් ද සිල්වා පොලිස් ස්ථානයේ පිටුපස ඇති කළුවර කාමරයටක ගෙන ගොස් කඹයකින් උඩ එල්ලා ඉතා කෲර ලෙස පහරදි තිබේ. මෙම පහරදීමට එ්කනායක හා රංජි නැමැති නිලධාරීන්ද සහභාගී වී තිබේ.
Read More >> (2011-03-25)
පෝද්දල පොලීසිය කාන්තාවන් දෙදෙනෙකුට අමානුෂිකව පහරදී එක කාන්තාවකගේ අතක් කඩයි.
ඇදුරන්විල, වව්ලූගල කන්ද, පෝද්දල පදිංචි 32 හැවිරිදි කේ.ඒ. සරානි එක් දරු මවකි. සරනිගේ නිවස ඉදිරිපිටින් මාතර කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. මෙම අධිවේගී මාර්ගය ආරම්භ කළ දින සිට මෙහි සේවකයන් විසින් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වාහන වලින් ඞීසල් හොරෙන් ගෙන කෑන් වලට පුරවා සරනිගේ ඉඩම කොනක සගවා තබවයි. මේ පිළිබදව ඔහුගේ පුරුෂයා වන ඞී. වීරගුණරත්න සහබන්දු විසින් ව්‍යාපෘතියේ නිලධාරීන්ට දන්වා ඇතත් එය තාවකාලිකව නැවතී නැවත මෙම ජාවාරම සිදුවි තිබේ. පසුව අදාල ව්‍යාපෘතියේ ෆෝමන් වරයාට මගේ ඉඩමේ සිට මෙම ජාවාරම කරන්නේ නැතුව ඕන තැනක දාගන්නා ලෙස දැනුම් දී ඇතත් පසුව ටික දිනක් නැවතී නැවතත් ඔහුගේ ඉඩමේ මෙම ඞීසල් කෑන් සගවා තිබෙනු දැක තිබේ. පසුව මේ පිළිබදව පොද්දල පොලීසියට කිහිප විටක්ම ගොස් පැමිනිලි කර ඇත. ස්ථානාධිපතිවරයා තමුන්ගේ වැඩක් බලාගන්නා ලෙස බැන වරෙක සහබන්දු පන්නා දමා තිබේ. දැනට අවුරුදු 5 ක් පමණ තිස්සේ සිදුවන මෙම ඞීසල් ජාවාරමට පොලීසිය සෘජුව සම්බන්ධ බව සරානි සහ සහබන්දුගේ අදහසයි. දිගින් දිගටම තමුන්ගේ වත්ත තුල නීති විරෝධීව සිදුවන මෙම ඞීසල් ජාවාරම නිසා දිනක් සහබන්දු විසින් ඔහුගේ ඉඩමේ සගවා තිබු ලොකු ඞීසල් කෑන් 12 ක් පමණ පිහියකින් ඇණ පලා ඞීසල් බිමට යාමට සලස්වා තිබේ.
Read More >> (2011-03-23)
ගන්දර මධ්‍යමහා විද්‍යාලයේ ගුරුවරයෙකු 13 හැවිරිදි දරුවෙකුට අමානුෂිකව පහර දෙයි
මාතර ගන්දර මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන සිරිල් අබේධීර විසින් එම පාසැලේම ඉගෙනුම ලබන සිසුවෙකුට සිදුකල අමානුෂික පහරදීම හේතුවෙන් අදාල සිසුවා රෝගාතූරව මාතර තලල්ල ග‍්‍රාමීය රෝහලේ දින තුනක් ප‍්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යරුන් විසින් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාතර මූලික රෝහල වෙත යොමුකර තිබේ. මාතර මූලික රෝහලේ දින දෙකක් නේවාසික ප‍්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදී පරීක්ෂණ ගණනාවක් සිදුකර ඇත. 2011 මාර්තු 04 වන දින පාසැල තුළ දී මෙසේ පහරදීමට ලක්ව ඇත්තේ දෙව්රම්පුර, කපුගම, දෙවිනුවර ලිපිනයේ 13 හැවිරිදි ඉෂාන් මලීෂ නැමැති හත්වැනි වසරේ ඉගැනුම ලබන සිසුවෙකු වෙතය. පාසැල් විවේක කාලයේ පන්ති කාමරය වෙත පියබා පැමිණි පරවියෙකු එලවීම සම්බන්ධව ප‍්‍රශ්ණ කිරීමෙන් පසුව ඉහත ගුරුවරයා විසින් පරවියා එලවා දැමීමට තමන් සම්බන්ධ වූ බව පිලිගන්නා ලෙස බලකර ඇති අතර, ඉෂාන් එම සිද්ධියට සම්බන්ධ නැති බව ප‍්‍රකාශ කිරීමත් සමග ඇල්බීසිය ලීයක් කැඩෙනතුරු ඉහත ගුරුවරයා විසින් හිසට දෙවුර හා කළව ප‍්‍රදේශයන්ට ඉෂාන් වෙත පහරදි තිබේ.
Read More >> (2011-03-22)
මැ.කෝ විසින් නඩු වැටුණු පළාත් පාලන ආයතන සියල්ලෙහි මැතිවරණ කල් දැමීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීයි.., සිරිතුංග ජයසුරිය
අධිකරණයේ පවතින නඩු දඩමීමා කරගෙන මැතිවරණ කොමසාරිස්වරයා නඩු වැටුණු පළාත් පාලන ආයතන සියල්ලෙහි මැතිවරණ කල් දැමීම ඉතා අසාධාරණ හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් මෙන්ම එය වැරදි පුර්වාදර්ශයක්. මෙම පුර්වාදර්ශය මත කිසියම් පුද්ගලයෙකුට හෝ පක්ෂයකට ඉදිරියේ දී ලංකාවේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී සියළුම නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප වන ආකාරයට හිතා මතා කටයුතු කර එය ප‍්‍රතික්ෂේප වූවාට පසුව නඩු පවරා සියළුම දිස්ති‍්‍රක්ක වල මැතිවරණ කල් දැමීමට හැකියාවක් ඇති බව පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා විසින් සියළුම දේශපාලන පක්ෂ නායකයන් කැදවා කරන ලද රැස්වීමේ දී තමන් විසින් පෙන්වා දුන් බවත් එය මැතිවරණ කොමසාරිස් පිළිගත් බවත් පැවසීය. එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය සහෝදරයා මෙම අදහස් දැක්වුවේ කරුවලගස්වැව, සාලිය වැව, එක්සත් වෙළෙද සංගම් ශාලාවේදී පෙබරවාරි 28 පැවැති නිදහසේ වේදිකාවේ සම්මන්ත‍්‍රණයක් අමතමිනි.
Read More >> (2011-03-01)
වාර්තා කරන්න ගිහිල්ලා කිහිප විටක්ම දේශපාලන මැරයින්ගේ පහරදීම් වලට ලක්වුණා සිරස මාධ්‍යවේදී යූ. කේ. පේ‍්‍රමලාල් මහතා
රට තුල සිදුවන ඒක පාර්ශවීය මාධ්‍යකරණය සහ ඉන් මිදීම පිළිබඳව වැඩමුඵවක් ගම්පහ දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය පෙබරවාරි 26 වන සෙනසුරාදා ජා-ඇල ඒකල සර්ෆිට් උත්සව ශාලාවේදී පැවැත්වුණි. මෙම වැඩමුළුව ගම්පහ දිස්ති‍්‍රක් මාධ්‍යවේදී පදනම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා එක්ව සංවිධානය කර තිබුණි. ගම්පහ දිස්ති‍්‍රක්කයේ සිය`ඵම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය වන පරිදි ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙම සාකච්ඡුාවට සහභාගී වූ අතර සමබර වාර්තාකරණයක යෙදීමට ඇති අපහසුතා මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡ විය. මෙහිදී තම අත්දැකීම් හුවමාරුකර ගැනිමට අවස්ථාවක්ද මාධ්‍යවේදීන්ට හිමිවිය. එහිදී අදහස් දැක්වූ සිරස ටීවී ප‍්‍රාදේශීය වාර්තාකරු යූ. කේ. පේ‍්‍රමලාල් මහතා ‘‘මම අවස්ථා කිහිපයකදීම ප‍්‍රවෘත්ති වාර්තා කරන්න ගිහිල්ලා ප‍්‍රාදේශීය දේශපාලන බලවතුන්ගේ ගෝලයින්ගේ සහ මැරයින්ගේ පහරදීම් වලට ලක්වුනා. එ් හැම අවස්ථාවකම වගේ එ් අසල සිටිය ඉහළ පොලිස් නිලධාරීන් අහක බලාගෙන සිටියා. මම ඔවුන්ගෙන් රැුකවරණය ඉල්ලූවත් එ්ක ලැබුනේ නැහැ. එක් අවස්ථාවක මගේ කැමරාව හා ජංගම දුරකථනය පවා ඔවුන් උදුරා ගත්තා. ඉහළ පොලිස් නිලධාරීන්ට එම අවස්ථාවේ මම එ් පිළිබඳව දැනුම් දුන්නා. එවිට ඔවුන් මගෙන් ඇහුවා ඇයි ඔයා මෙතනට ආවේ කියල. පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදීත් මා අමානුෂික ප‍්‍රහාරයකට ලක් වුනා. මට කිහිපවරක් පහරදීම් සිදු වුනත් එ් පිළිබඳව මම නීතිමය පියවර ගන්න උත්සාහ නොගත්තේ මගේ ජීවිතයට හානියක් විය හැකි නිසයි. මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. සමහර අවස්ථාවල මාධ්‍ය ආවරණය ස`දහා ගිහින් රාතී‍්‍ර දෙක තුනටත් මා තනියෙන් ගෙදර එනවා.. කොයි වෙලේ අනතුරක් සිදු වේ දැයි දැඩි බියකින් මා ඉන්නේ.. ’’
Read More >> (2011-02-28)
සමන් තිලකසිරිගේ ඝාතනය සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණ සහ නඩු විභාගය සාධාරණව හා ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිට පෙත්සමක්
2010 පෙබරවාරි 21 දින ඉගිනියාගල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත ගෙනයන අතරතුරදී මිය ගිය හතරවන පාලම, මොරගහ පල්ලම, ඉගිනියාගල පදිංචිව සිටි ඊ.කේ සමන් තිලකසිරි මරණය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම නඩු විභාගය වේගවත් කරන ලෙසත් ඉල්ලා ප‍්‍රදේශවාසීන් විසින් ජනාධිපතිතුමාට පෙත්මක් ඉදිරිපත්කර තිබේ. ඔහුගේ පළමුවන අනුස්මරණ උත්සවය පසුගිය 25 වන දින ඉගිනියාගල, මොරගහපල්ලම මහා විද්‍යාලීය ශාලාවේ පැවැත් විය. එම උත්සවයෙන් පසුව ජනාධිපති වෙත යවන මහජන පෙත්සම ප‍්‍රදේශ වාසීන් විසින් අත්සන් කරන ලදී. මෙම පෙත්සම සම`ග සමන් තිලකසිරිගේ සොයුරා වන ඒ. ආර් කරුණාරත්න විසින් ජනාධිපතිතුමා වෙත යැවු ලිපියේ මෙසේ සදහන් වේ.. දෙදරු පියෙකු වූ ඔහු, අප මෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයා කාරිකයෙකු විය. සෑම මැතිවරණයකදීම පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කි‍්‍රයා කරන ලදී.
Read More >> (2011-02-25)
වසර 125 කට පසු නීතිපති දෙපාර්තමේන්තුවේ අවනීතිය රජවෙලා රජයේ නීතිඥවරු දෙකට බෙදිලා
වසර එකසිය විසිපහක් පුරා අධිකරණ අමාත්‍යාංශය යටතේ පැවැති නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමෙන් පසු නීතිපතිවරයා දැඩි පක්‍ෂග‍්‍රාහී ස්වරූපයකින් නීතිය තමන්ට අවශ්‍ය අයුරින් සකසමින් කරගෙන ක‍්‍රියා පටිපාටිය නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥ වරුන් දෙපිල බෙදී ඇතැයි ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වේ. පැහැදිලි සාක්කි තිබියදී චූදිතයන් නිදහස් කිරීමට කටයුතු කිරීමත් සාක්කි නොමැති පුද්ගලයන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව සාක්කි සාදමින් සිරගත කර තැබීමටත් ඉතා නිර්ලජ්ජිත ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීම නිසා තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරනවා යැයි කීමට පවා ලජ්ජා සිතෙන බව දැනට එහි සේවය කරන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු සොලිසිටර් වරු බොහෝ දෙනෙක් පවසති. පැහැදිලි සාක්කි සහිතව චෝදනා ලැබ තිබූ හිටපු මන්ත‍්‍රී චන්දන කත‍්‍රිආරච්චි, පා. ම. අබ්දුල් කාදර්, සමන් දේවාලයේ බස්නායක ඇන්ටන් සේනානායක මහත්වරුන්ට චෝදනා ඉවත් කරමින් නිදහස් වීමට සැලැස්වීමත් හිඟුරක්ගොඩ අධිකරණයේ විභාග වන නඩුවකදී අමාත්‍ය අර්ල් ගුණසේකරට වාසි සිදුවන අන්දමට නියෝග නිකුත් කිරීමත් ඉන් ශ්‍රේෂ්ඨාධිකරනය පවා හැල්ලූ කිරීමත් නීතිපති මොහාන් පීරිස් මහතාගේ පක්‍ෂග‍්‍රාහී හැසිරීමට නිදසුන් ලෙස ඔව්හු පවසති.
Read More >> (2011-02-17)
නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරළා හිඟුරක්ගොඩ නීතිඥයින්ගෙන් චෝදනා
ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දුවක් මත හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක අදාල ලිපි ගොනු තමා වෙත වහා එවන්නැයි නීතිපතිවරයා විදුලි පුවතක් මගින්, එම අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයාට දැනුම් දීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසකොට ඇතැයි හිඟුරක්ගොඩ අධිකරණයේ නීතිඥවරු පවසති. හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා මෙම නඩුව (10/956* ජනවාරි 21 වෙනිදා නැවත කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයාගේ එම දැනුම්දීම විවෘත ඇධිකරණයේ ප‍්‍රකාශ කොට ඇත. මෙම නඩුව නැවත කැඳවීම 2011 යේ මාර්තු 25 දාට කල් දමා තිබේ. හිඟුරක්ගොඩ මින්නේරිය වැව අසල වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 04 ක පමණ ඉඩමක් 2003 වර්ෂයේ හිටපු රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති හා වර්තමාන ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහතා සහ රංජනී පතිරණ මහත්මිය හෝටලයක් ඉදි කිරීමට එරෙහිව ‘හරිත ව්‍යාපාරය’ මගින් නඩු අංක 20/47 යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන ලදී.
Read More >> (2011-02-09)
හලාවත පොලීසිය තරුණයෙකුගේ නාස් පොල්ල කඩයි
කපිල සම්පත් මාතර සිට පැමිණ දැනට අවුරදු 10 ක පමණ කාලයක සිට හලාවත පදිංචිව සිටිමින් හලාවත නගරයේ පදික වේදිකාවේ පළතුරු කඩයක් පවතවාගෙන යයි. 2011 ජනවාරි 23 වන දින බීමත්ව සිවිල් ඇදුමෙන් සැරසී පැමිණි දෙදෙනෙකු කපිල සම්පත්ගේ පළතුරු තට්ටුව ඉවතකරන ලෙස ඒ අවස්ථාවේ එහි සිටි කපිල සම්පත්ගේ සහායකයාට පවසා තිබේ. සහායකයා ඒ බව කපිලට දැනුම් දීම මත එම ස්ථානායට පැමිණි කපිල බීමත්ව සිටි නිළධාරී දෙදෙනාගෙන් එසේ ඉවත් කිරීමට හේතුව විමසු විට ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදි වහාම පළතුරු තට්ටුව ඉවත්කර ගන්නා ලෙස දන්වා තිබේ. එවිට කපිල විසින් මම මේ තට්ටුව අවුරුදු ගාණක් තිස්සේ නීත්‍යානුකූලව කරගෙන යන්නේ මම ඊටත් ඔයාලව අඳුන්නෙත් නෑ ඔයාලා බීගෙන ඇවිත් කෑ ගැහුවට මට මගේ තට්ටුව ඉවත් කරන්න බෑ කියා පවසා තිබේ. එවිට ඒ පුද්ගලයා මම පොලීසියෙන් මම හලාවත පොලසියේ සෙනරත් කියා පවසා ඇති අතර කපිල පවසා තිබෙන්නේ පොලීසියෙන් කියලා මට පිළිගන්න බෑ එහෙනම් හැදුනුම්පත පෙන්වන්න නැතිනම් යුනිෆෝම් එක දාගෙන එන්න යැයි පවසා තිබේ.
Read More >> (2011-02-07)
නඩුත් නීතිපතිගේ බඩුත් නීතිපතිගේ: කත‍්‍රිආරච්චිට තිබූ මිනී මැරුම් චෝදනාව අස්කර ගනී
හිටපු එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දන කත‍්‍රිආරච්චි මහතාට සහ තවත් තිදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නගා තිබූ නාම්පමුණුව මිනී මැරුම් නඩුවේ මිනීමැරීමේ චෝදනා සියල්ල අද නීතිපතිවරයා විසින් ඉවත් කර ගන්නා ලදී. නීති විරෝධී රංචු ගැසීම යන චෝදනාව පමණක් ඉතිරි කරන අතර චෝදනා ඉවත් කර ගැනීමට හේතු ලෙස දක්වා ඇත්තේ ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බවය. මීට වසර 15 කට පමණ පෙර ඡුන්ද ආරාවුලකදී පුද්ගල ඝාතනයක් සිදු කළ බවට හිටපු එජනිස මන්ත‍්‍රීවරයාට මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව පසුව මහාධිකරණයට යොමු කොට තිබිණි. සාක්ෂි නොමැති නඩුවක් මහාධිකරණයට යොමුකර තිබුණේ ඇයිද යන්නත් සාක්ෂි නොමැතිව ඔහු රිමාන්ඞ් බාරයට පත් කර තිබුනේ ඇයිද? යන්නත් මෙහිදී පැන නගින ප‍්‍රශ්ණයක් වේ.
Read More >> (2011-02-02)
සිත්ති නසීරාගේ සැමියාත් මිය යයි
මීගමුව, මීරිගම පාරේ පදිංචිව සිටි සිත්ති නසීරා මහත්මිය 2005 වසරේ දි තම පාදයේ ඇති වූ තුවාලයකට බෙහෙත් දැමීම සදහා මීගමුව රෝහල වෙත ඇතුලත් කළ අවස්ථාවේ වෛද්‍යවරුන් නොසැලිකිලමත් ලෙස කටයුතු කිරීම නිසා ඇයගේ දකුණු පාදය සැත්කමකින් ඉවත් කර තිබුණි. මෙම නොසැලිකිලිමත් ප‍්‍රතිකාරයට එරෙහිව ඇය විසින් සැත්කම සිදු කළ වෛද්‍ය පරාක‍්‍රම වර්ණසුරියට එරෙහිව වෛද්‍ය කවුන්සිලයය, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබුණි. පසුව ඇය විසින් අදාල වෛද්‍යවරුන්ට එරෙහිව ලක්ෂ 50 ක වන්දියක් ඉල්ලා මීගමුව දිසා අධිකරණයේ සිවිල් නඩුවක් ද ගොනු කර තිබුණි. සිදුවූ අසාධාරණයට එරෙහිව යුක්තිය ඉල්ලා සටන් කළ ඇය 2008 වසරේ දී හදිසියේ ඇති වු හෘදයාබාධයක් නිසා මිය යන තෙක්ම වෛද්‍ය කවුන්සිලය මේ සම්බන්ධව ආරම්භ කළ පරීක්ෂණ අවසන් කර නොතිබිණි. නමුත් මිය ගිය පුවත සැලවූ වහාම වෛදය කවුන්සිලය පැමිණිලිකාරිය මිය ගොස් අති බව දැනගන්නට ඇති හෙයින් මේ සම්බන්ධව පරීක්ෂණ ඉදිරියට නොපවත්වන බවට දන්වා තිබුණි.
Read More >> (2011-01-16)
නිලන්ත ලක්ෂ්මන් අපේ භාරයේ නෑ CID කියයි
මුන්දලම, කිරියන්කල්ලිය පදිංචි දෙදරු පියෙකු වූ නිලන්ත ලක්ෂ්මන් රැකියාව වශයෙන් සිදුකලේ කුලී පදනමින් ලොරි රථ සපයා ගනිමින් වවුනියාව ප‍්‍රදේශයට පොල් අතු රැගෙන ඒම සහ එම ප‍්‍රදේශවල භාණ්ඩ පුත්තලම ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරිමයි. නිලන්ත ලක්ෂ්මන් තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමට පෙර නාදන් නැමැති දෙමළ ව්‍යාපාරිකයකුගේ ලොරියක රියදුරු වශයෙන් සේවය කළ තිබුණි. නාදන් නැමැති දෙමළ ව්‍යාපාරිකයාද නිලන්ත ලක්ෂ්මන් පැහැර ගැනීමට මාස දෙකකට පෙර සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබුණි. නිලන්ත ලක්ෂ්මන් සුදුවෑන් රථයකින් පැහැරගැනීමට ලක්වන්නේ 2009 මර්තු 10 වන දින සවස 6.30ට පමණ ඔහු යටතේ සේවය කරනු ලබන සේවයකුගේ ඉදිරිපිට ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පිහිටි කිරියන්කල්ලිය හන්දියේදීය.
Read More >> (2011-01-31)
අතුරුදහන්කරවීම් වලට එරෙහි සම්මුතිය කි‍්‍රයාත්මක කරවා ගැනීම සදහා දේශපාලණ පක්ෂ රැුසක් ප‍්‍රතිඥ දෙයි
ශී‍්‍ර ලංකාවේ අතුරුදහන්වූවන් සිහිකර වාර්ෂිකව පැවැත්වෙන එකම උත්සවය වන ඔක්තෝබර් සැමරුම් උත්සවයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් පසුගිය ඔක්තෝබර් 26 දින කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදි පැවැත් විය. එම සමුළුවේදී සියළුම ආකාරයේ අතුරුදහන් කිරීම් වලට එරෙහිවත්, ශී‍්‍ර ලංකාවේ පොලොවෙහි නැවත පුද්ගල අතුරුදහන්කරවීම් යළි සිදුවීම වැළැක්වීම ස`දහා ගත හැකි පියවර උපරිමයෙන් ගැනීමටත්, අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීම හා අතුරුදහන්කරවීම ශී‍්‍ර ලංකාව තුළ අපරාධ වරදක් ලෙස නීති සකස් කිරීමට රජයට බලකර සිටීමටත් විපක්ෂයේ දේශපාලන පක්ෂ රාශියක් එක`ගත්වය ප‍්‍රකාශ කරන ලදී. මෙම සමුළුව ස`දහා දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරු ජයසුරිය, එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක, මාධ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර, බස්නාහිර පළාත්සභාවේ විපක්ෂ නායක කිත්සිරි මංචනායක, පලාත් සභා මන්ති‍්‍ර මුජිබර් රහුමාන්, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්, වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුනේ නායක මනෝ ගනේෂන්, එක්සත් සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිත ඞීන් ඇතුළු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්තී‍්‍රවරු, තානාපතිවරු, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නියෝජිතයන්, මාධ්‍ය, පුජ්‍ය පක්ෂය ඇතුළු අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥතීන් සහභාගී විය.
Read More >> (2010-11-04)
මානව හිමිකම් කොමිසමේ විමර්ශණ නිලධාරියා ඉදිරිපිට දී මීගමුව පොලිස් ස්ථානාධිපති ගෙන් පැමිණිළිකරුට තර්ජන
මීගමුව, තලාදුව, 2 වන අදියරයෙහි අංක 71/57 හි පදිංචි තම්මිටගේ සම්පත් පෙරේරා යන අය විසින් තමන් වෙත කෲර සහා අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයේ ස්තානාධිපති වන සෝමසිරි ලියනගේ යන අය හට විරුද්ධව ජාතික මානව හිමිකම් කොමිෂම් සභාව වෙත පැමිණිළි කොට තිබුණි. මෙම පැමිණිල්ල 2010/07/16 වන දින විභාගයට ගනු ලැබුණි. එදින එම විභාගය සඳහා පැමිණිළිකරු වන සම්පත් පෙරේරා යන අයත් වග උත්තරකරු වන මිගමුව පොලිස් ස්තානයේ ස්ථානාධිපති සෝමසිරි ලියනගේ යන අයත් සහභාගී වී ඇති අතර එකී පරීක්ෂණය මෙහෙය වූ විමර්ශන නිලධාරියාගේ ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙස සම්පත් පෙරේරා යන අය විසින් තමන් වෙත පහරදුන් අයව හදුනා ගනිමින් වගඋත්තරකරුව පෙන්වා ‘මේ මහත්තයා තමයි මට ගැහුවේ’ යනුවෙන් පවසා ඇත. එලෙස පවසත්ම ස්ථානාධිපති සෝමසිරි ලියනගේ මහතා විසින් කෝපයට පත්වී එකී විමර්ශන නිලධාරියා ඉදිරියේදීම පැමිණිළිකරුගේ ප‍්‍රකාශයට බාධාකරමින් ‘කට වහපන් තෝ’ යනුවෙන් පැමිණිළිකරු වෙත තර්ජනය කර තිබේ. එහිදී විමර්ශන නිලධාරියා විසින් ඊට කිසිදු පියවරක් නොගෙන නිහඬ පිලිවෙතක් අනුගමනය කොට ඇත.
Read More >> (2010-08-08)
දෙනියාය පොලීසිය විශ‍්‍රාමික රණවිරුවෙකුගේ හැදුනුම්පත, මුදල් හා රන් ආභරණ නීති විරෝධීව රැගෙන යයි
උපුල් සංජීව ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ පාබල හමුදාවේ කි‍්‍රයාන්විත රාජකාරියේ අවුරුදු 10ක සේවාවක නියැලී යුද්ධයෙන් පසුව නීති්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්ව සිටින විවාහකයෙකි. ඔහු දැන් පොයිට්න් ගල් පෙදරේරුවෙක ලෙස කොළඹ සේවය කරයි. උපුල් පදිංචි ගම් ප‍්‍රදේශයේම පදිංචිව සිටින පොලීසියේ සේවය කරන නිලධාරියෙකුගේ නිවසට හොරෙන් ඇතුල්වීමක් සම්බන්ධව සැක කිරීම නිසා දෙනියාය පොලීසියේ සාජන් ජයවීර සහ පියතිස්ස යන නිළධාරීන් විසින් උපුල් කුමන හෝ වරදකට පටලවා රිමාන්ඞ් කිරීමේ සැලැස්මක් පිළිබදව දෙනියාය පොලීසියෙන් වාර්තා වේ.
Read More >> (2011-02-04)
Page 96 Of 99

<<
1
...
93
94
95
96
97
98
99
>>
www.right2lifelanka.org