More News
MORE NEWS
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෑබැ ඝාතකයා ද ?
පසුගිය ජුනි 07 වන දින මීගමුව, කුඩාපාඩුව පදිංචිව සිටි දෙළොස් හැවිරිදි විනෝදනී සිල්වා නැමැති පාසැල් ශිෂ්‍යයාව ඇය පදිංචි නිවසේ කුස්සියේ බාල්කයක එල්ලා මරා දමා තිබුණි. මෙමදැරියගේ මරණ පර්යේෂණය සිදුකළ මීගමුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා සිය වාර්ථාව මගින් මෙම දැරිය ගෙල සිරකර මරා දැමීමෙන් පසුව එල්ලා ඇති බවත්, ඇය මාස හයකට පමණ පෙර සිට බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත්, මරා දමන දින ලිංගික අපයෝජනයක් සිදුවී නැති බවත් සිය වාර්තාව මගින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම අධිකරණ වෛද්‍යවරයා විසින් ඇයගේ ශරීරයේ කොටස් කිහිපයක් වැඩි දුර පරීක්ෂණ සදහා යොමුකර තිබුණි.
Read More >> (2008-06-20)
මීගමුව රෝහලේ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කමට එක් දරු මවක් තම ජීවිතයෙන් වන්දි ගෙවයි
රජයේ වත්ත, මරඳගහමුල පදිංචි වික‍්‍රමසුරිය ආරච්චිලාගේ නීලනි මල්ලිකා දෙවන දරුප‍්‍රසූතියට මීගමුව රෝහලට ඇතුල් කළ පසු 10 වන වාට්ටුව භාර නාරි හා ප‍්‍රසව වෛද්‍යයවරු ඇතු`ඵ කාර්්‍යය මණ්ඩලයේ නොසැලකිලිමත් භාවය නිසා මිය ගොස් ඇත. නිලානි මල්ලිකා දෙවන දරු ප‍්‍රසූතියට පෙර සාමාන්‍යය පරිදි මාසිකව මීගමුව නාරි හා ප‍්‍රසව සායනයට සහභාගී විය. එහිදී මල්ලිකා පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ මතය වි ඇත්තේ දෙවැනි දරු ප‍්‍රසුතිය සාමාන්‍ය පරිදි සිදුවිය හැකි බව හා දරුවා හා මව නිරෝගීව පසුවන බවය. සාමාන්‍ය පරිදි දරුවා ලැබීමට දින දී ලැබි ඇත්තේ 03.03.2008 වන දිනය . නමුත්, එදින කිසිදු අපහසුවක් නොතිබු නිසා මාර්තු මස 4 වන දින සාමාන්‍ය පරිදි මල්ලිකා මීගමුව රෝහලේ ප‍්‍රසව හා නාරිවෙද්‍ය අංශයට ඇතුළත් කර ඇති අතර දරු ප‍්‍රසූතිය සදහා 10 වන වාට්ටුවට ඇතුළත් කර ඇත. නමුත් මාර්තු 4 වන දින සිට මාර්තු 11 වන දින දක්වා ඇය කිසිදු අපහසුවකින් තොරව නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගෙන ඇත. මාර්තු 11 වන දින අලූයම 5 ට පමණ දරු ප‍්‍රසූතිය ඉක්මන් කිරීම සඳහා දෙනු ලබන ‘‘සින්ටෝ’’ නමින් හැඳින්වෙන ඖෂධ වර්ගය ඇයට ලබා දී දරු ප‍්‍රසූතිය සදහා සූතිකාගාරය යවා ඇත. නමුත් නැවතත්එදින සවස 6.00 පමණ සුතිකාගාරයේ සිට මල්ලිකාව 10 වන වාට්ටුව වෙත ගෙනවිත්, නැවතත් සවස 7.00 ට පමණ දරුවා සාමාන්‍යය පරිදි නොලැබුනු නිසා සිසේරියන් සැත්කමකට භාජනය කිරීම සඳහා ශෛල්‍යාගාරයට ගෙන ගොස් ඇත.
Read More >> (2008-06-19)
දෙණියාය පොලිසියේ නිලධාරියෙකු පහර දීම නිසා සිත් තැවුලට පත් පාසැල් සිසුවා පෙනඩෝල් බී සියදිවි නසා ගැනීමට උත්සහා දරයි
ජංගමදුරකථනයක් සොරා ගත්තේ යැයි බොරු චෝදනාවක් මත දෙණියාය පොලිසියේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂක විමලකීර්ති මහතාගේ පහර දිම නිසා දැඩි සිත් තැවුලට පත් 14 හැවිරිදි පාසැල් සිසුවා තම මවගෙන් මුදල් ඉල්ලාගෙන පෙනඩෝල් කාඞ් දෙකක පෙති බී තට්ටු ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි නසා ගැනීමට උත්සහා දරා ඇත. 260/බී, ජඹුරගොඩහේන, ළිදගාවහේන, කොටපොල පදිංචි හල්ගහපොල ගමගේ ඉන්ද්‍රනි අවුරුදු 30 ක දෙදරු මවකි. ඇයගේ වැඩිමහල් පුත් හොරගොල ගමගේ ජනක ප‍්‍රදීප් කුමාර වයස අවුරුදු 14 ක පාසැල් සිසුවෙකි. 2008 අපේ‍්‍රල් 28 වන දින උදේ 11.30 ට පමණ දෙනියාය පොලීසියේ උප පොලිස් පරීක්ෂක විමලකීර්ති මහතා ඉන්ද්‍රනිගේ නිවසට පැමිණ හොරගොල ගමගේ ජනක ප‍්‍රදීප් කුමාර වන ඇගේ වැඩිමහල් පුතා ගැන උපුල් නිෂාන්ත නැමැති ඇගේ මල්ලීගෙන් විමසා තිබේ.ඒ මොහොතේ ඉන්ද්‍රනිද, ජනක ප‍්‍රදීප් කුමාර දරුවා ද. නිවසේ නොසිටි බැවින් එදින සවස ජනක ප‍්‍රදිප් කුමාර ජංගම දුරකතනයක් නැතිවීම සම්බන්ධව සාක්ෂියක් ලබාදීම සදහා දෙනියාය පොලීසිය වෙත ගෙන එන ලෙස දන්වා කුඩා තුන්ඩු කැබැල්ලක් ලබා දී ගොස් තිබුනි. ඒ අනුව එදින සවස 3.00 ට පමණ ඇගේ ස්වාමිපුරුෂයා වන හොරගලගමගේ සුමිත් චන්ද්‍රකුමාර සහ ඇගේ වැඩිමහල්පුතු සමග දෙනියාය පොලීසිය වෙත ගොස් තිබේ.
Read More >> (2008-05-07)
කතරගමදී පාසැල් සිසුවෙකු පැහැරගනී.
කතරගම, ගෝතමී ගම, අංක 108 ලිපිනයේ, පදිංචි 18 හැවිරිදි පාසැල් සිසුවෙකු වූ කදිරවේළු සත්‍යවාන් පසුගිය මැයි 01 වන දා සිට අතුරුදහන්ව තිබේ. කතරගම ජනාධිපති විදුහලේ සිසුවෙකු වූ සත්‍යවාන් පසුගිය මැයි 01 වන දින තම හිතවතෙකුගේ මළගෙදරක ගොස් සිටිය දී එම මළගෙදරට සුදුපාට වෑන් එකකින් හා රතුපාට යතුරු පැදියකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙ ගොස් ඇත. සත්‍යවාන් රැගෙන යනු මළගෙදර සිටි ඔහුගේ යහළුවන් කිහිප දෙනෙකු දැක තිබේ. මෙසේ ඔහු පැහැරගෙන යාමට පෙර, මාස කිහිපයක් තිස්සේ ඔහු පදිංචි නිවසට බුද්ධි අංශයෙන් යැයි කියාගත් පිරිස් නිතරම පැමිණ, විවිධ විස්තර අසමින් ඔවුන් අපහසුතාවයන්ට පත්කළ බවත්, එසේ මාසයකට හතර පස් වතාව බැගින් එම නිලධාරින් තම නිවසට පැමිණි බවත්, අවසන් වරට එසේ තම නිවසට පැමිණියේ පසුගිය අපේ‍්‍රල් 10 වෙනිදා බවත්, එදින රතුපාට යතුරු පැදියකින් පැමිණි නිලධාරීන් දෙදෙනෙකු විවිධ ප‍්‍රශ්ණ අසමින් සිට පසුව සත්‍යවාන්ගේ ජංගම දුරකතනයේ අංකය ලබා ගෙන නිවසින් පිටව ගිය බවත්, ඔහු ගේ පියා අප වෙත පවසා සිටින ලදී. දිනක් එසේ පැමිණි නිලධාරීන් දිගින් දිගටම ප‍්‍රශ්ණ කරමින් සිටියදී සත්‍යවාන් විසින් ‘‘සර්ල කරන වැඩෙන් වෙන්නෙ නිකන් ඉන්න මිනිස්සුත් එල්.ටී.ටී.ඊ වෙන එක’’ යැයි පවසා තිබේ. මෙම ප‍්‍රකාශය නිසා සත්‍යවාන් පැහැරගෙන ගිය බවට ඔහුගේ දෙමාපියන් සැක කරයි.
Read More >> (2008-05-14)
මාධ්‍ය හා මාධ්‍යවෙදීන් මර්ධනය හෙලා දකිමු
2006 වසරේ නොවැම්බර් මස මව්බිම මාධ්‍යවේදිනී පරමේෂ්වරී මුන්නිසාමිද ඉන්පසු එහි මූල්‍යය කළමණාකරු දුෂ්්‍යන්ත බස්නායකද ත‍්‍රස්ත විමර්ෂන එකකය මඟින් අත්අඩංගුවට ගත් අතර පසුව බොහෝ පිරිසකගේ අඛණ්ඩ විරෝධතාවයන් හමුවේ ඔවුන්ව නිදහස් කළහ. නමුත් ඔවුන් දායක වී සිටි මව්බිම පුවත්පතට මේ වන විටත් වාරණයක් ඇති අතර මානව හිමිකම් සුරැකීම වෙනුවෙන්ම හඬනඟන සඟරාවක් වන අප තරයේ එය හෙළා දකින අතරම, ඉහත මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම මව්බිම නැවතීමේ ප‍්‍රථම පියවරක් ලෙස අපි සළකමු. රජය විසින් උතුරු නැගෙනහිර හා දකුණෙත් සිදුකළ මානව හිමිකම් කඩවීම් එකළ දකුණේ සමාජයට ප‍්‍රකාශකළ ප‍්‍රධානම මුද්‍රිත මාධ්‍ය වූයේ මව්බිමයි.
Read More >> (2008-03-08)
පුත්තලමේ දී අතුරුදහන් වූ ෆායිස් මාස 03 කට පසුව CID එකෙන් හමුවේ
පුත්තලම, කරතිව් හි පදිංචිව සිටි 48 හැවිරිදි දෙදරු පියෙකු වන පිච්චයිතම්බි මරික්කාර් ෆායිස් පසුගිය පෙබරවාරි 28 දින අංක රහිත සුදු වෑන්රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුනි. මෙම පැහැරගෙන යාම සම්බන්ධව පැමිණිලි කිරීමට පසුදින වනාතවිල්ලූව පොලිසියට ගිය විට වනාතවිල්ලූව පොලීසිය තුළ දී ඔහු පැහැරගෙන ගිය වෑන් රථයත්, එම රථය තුළ ෆායිස් සිටිනුත් ඔහුගේඥතීන් විසින් දැක තිබේ. නමුත්ඒ සම්බන්ධව කළ පැමිණිල්ල වනාතවිල්ලූව පොලීසිය විසින් භාරගෙන නොමැති අතර, පැමිණිලි කිරීමට පැමිණි තැනැත්තා තර්ජනය කර එලවාගෙන තිබේ.
Read More >> (2008-05-08)
ගම්පහ පොලීසිය 22 හැවිරිදි තරුණයෙකු එල්ලා මරයි
ගම්පහ, පහලගම පදිංචි සුරින් කින්සන් නැමැති 22 දෙහැවිරිදි තරුණයෙකු ගම්පහ පොලිස් සිරමැදිරියේ පසුගිය අපේ‍්‍රල් 07 වන දින මිය ගොස් තිබුනි. ඔහුගේ මරණය සම්බන්ධව ගම්පහ පොලිසිය මාධ්‍ය වෙත ප‍්‍රකාශකර තිබුනේ සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කර පසුව නැවතත් සැකසිතී අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමේ දී තමන් හැද සිටි යට ඇදුමෙන් තම ගෙල සිරකරගෙන මිය ගොස් ඇති බවයි. කම්කරුවෙකු වන 22 හැවිරිදි සුරින් කින්සන් ගම්පහ පොලීසිය විසින් 2008 අපේ‍්‍රල් 04 වන දින තම යහළුවෙකුගේ නිවසේ සිට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ මිත්තනිය තම නීතිඥවරිය සමග ගොස් ඔහු අත්අඩංගුවට ගත්තේ මන්දැයි ගම්පහ පොලීසියෙන් විමසු විට ගම්පහ පොලීසියේ අපරාධ අංශයේ ප‍්‍රධානියා කියා ඇත්තේ සොරකමක් සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත් බවත් කට උත්තරයක් ගෙන නිදහස් කරන බවත් කියා තිබේ.
Read More >> (2008-08-02)
මානව හිමිකම් ආරක්ෂා කිරීම පිණිස වන පුරවැසි කි‍්‍රයාකාරීත්වය ශක්තිමත් කිරීමට එක්වෙමු
මානව නිදහස සහ අයිතිවාසිකම් වලට ගරු කිරීමටත්, ඒවා ආරක්ෂා කිරීමටත් වැඩි දුයුණු කිරීමටත් ජාතික හා ජාත්‍යන්තර සම්මුතීන් මඟින් බැඳී සිටින රාජ්‍ය තම වගකීම් නිසි ලෙස ඉටුකිරීමට අපොහොසත්ව සිටින තත්ත්වයක් තුළ ශී‍්‍ර ලංකාවේ මහජනයාගේ මානව ආරක්ෂාව බරපතල තර්ජනයකට ලක්ව තිබේ.
Read More >> (2008-03-19)
පුත්තලමේ දී දෙදරු පියෙක් සුදු වෑන් රථයකින් පැහැරගෙන යයි
පොල්පරප්පි, කරතිව්, පුත්තලම යන ලිපිනයේ පදිංචි 48 හැවිරිද දෙදරු පියෙකු වන පිච්චයි තම්බි මරික්කාර් ෆායිස් පසුගිය පෙබරවාරි 28 රාතී‍්‍ර 11.30 ට පමණ නිවසේ සිටිය දී අංක රහිත සුදු වෑන්රථයකින් පැමිනි සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. තම ස්වාමිපුරුෂායගේ අතුරුදහන්වීම සම්බන්ධව ඔහුගේ බිරිද අප සමග කියා සිටියේ ‘‘පෙබරවාරි 28, රාත‍්‍රී 11.30 ට පමණ අප සියළු දෙනා නිවසේ නිදාගෙන සිටියදී මාගේ ස්වාමි පුරුෂයාගේ නම කියා එලියෙන් කිහිපදෙනෙක් කථා කරනු මට ඇසුනා. ඉන්පසු මම කවුද කියා ඇසූ විට ‘‘අපි පොලිසියෙන් දොරඅරින්න’’ කියා මම දොර අරිනවාත් සමඟම සිවිල් ඇඳුමින් සිටි එක් පුද්ගලයෙක් සහ නිල ඇඳුමින් සිටිපොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගේතුළට බලහත්කාරයෙන් ඇතුළු වුණා.
Read More >> (2008-03-11)
දෙල්ගොඩ පංච පුද්ගල ඝාතනයේ පොලිස් වෙඩි පහරින් මිය ගිය සැකකරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක් ඉල්ලා නඩු පවරයි
පසුගිය මැයි මාසයේ දෙල්ගොඩ ප‍්‍රදේශයේ එකම පවුලක පස් දෙනෙකු කෲර ලෙස ඝාතනය කර 11 හැවිරිදි දැරියකට මාරාන්තික තුවාල සිදු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැණුනු එදිරිසිංහ ආරච්චිගේ අමරදාස හා එදිරිසිංහ ආරච්චිගේ උපසේන නැමැති කදබොඩ. දෙල්ගොඩ පදිංචි සොයුරන් දෙදෙනා මීගහවත්ත පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය අයගේ බිරින්දෑවරු රුපියල් ලක්ෂ 50 ක වන්දි ඉල්ලා මීගහවත්ත පොලීසියේ වෙඩි තැබීමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නඩු පවරයි.
Read More >> (2008-03-11)
මීගමුව රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව සාක්‍ෂි දුන් කාන්තාවට යළි රැකියාව ලැබේ
මීගමුව රෝහලේ දී චමිලා දිසානායක නැමැති ඇඟ`ඵම් සේවිකාව 6 වැනි මහලෙන් බිමට තල්ලූකර මරා දැමු බව කියන සිද්ධියෙන් පසුව මෙම ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙන වෛද්‍යවරයා හදුනාගත් එල්.එම්.බියටි‍්‍රස් නැමැති රෝහල් සේවිකාව පසුගියදා විවිධ හේතු දක්වමින් රෝහල් අධිකාරිය විසින් ස්වයෙන් ඉවත් කරනු ලැබීය. එ සම්බන්ධව අප සංවිධානය කම්කරු කොමසාරිස්ට පැමිණිලි කිරීමෙන් පසුව කම්කරු කොමසාරිස්ගේ මැදිහත්වීම මත ඇයට නැවත රැකියාව ලබා ගැනීමට හැකි විය.
Read More >> (2008-03-12)
කතරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් බීමතින් පැමිණ දෙදරු මවකගේ අතක් කඩයි
කතරගම, ගම්උදාවේ නිවාස සංවර්ධන අධිකාරියේ නිවාසයන් හි පදිංචි 34 හැවිරිදි දෙදරු මවක් වන එදිරිවීර ජයසේකර කුරුදු පටබැදිගේ තනුජා ලක්ෂ්මි මහත්මියගේ දකුණු අත පසුගිය 03 වන දා (2008.02.03) උදළු මිටකින් ගසා කතරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිගණක සටහන්කරුවෙකු වන රසික එන්. මුතුමාල විසින් කඩා දමා තිබේ. මෙම පහර කෑ තැනැත්තියගේ ස්වාමිපුරුෂයා නිවාස සංවර්ධන අධිකාරියේ අම්පාර ශාඛාවේ සේවය කරනු ලබන අතර, ඔහු සේවයට ගොස් සිටියදී නිවසේ දරුවන් දෙදෙනා සමග තනිවම සිටින අවස්ථාවකදී මෙම තැනැත්තා බීමතින් පැමිණ ඇයගේ ස්වාමිපුරුෂයා ගැන අසමින් ඇයගේ විරෝධතාවයද නොසලකා බලහත්කාරයෙන් නිවසට පැමිණ ඇය සමග පොරබදා ඇය ඇද සිටි ඇදුම් ඉරා දමා ඇයව පාලනය කිරීමට නොහැකි තැන අසල තිබු උදැල්ලක මිටකින් මෙම තැනැත්තා ඇයට මෙසේ පහර දී ඇත. එම අවස්ථාවේ ඇයගේ අවුරුදු 1 1/2 ක් වන කිරිබොන දරුවා ද තම ඇකයේ සිට තිබේ.
Read More >> (2008-02-28)
බොරු සාක්කි ලබාදුන් පොලිස් නිලධාරියාව රුපියල් දහදහසක ඇප හා දසලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කරයි.
ජෙරාඞ් මර්වින් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ එච්.සී 445/2005 දරණ නඩුවේ, විභාගයේ දී පැමිණිල්ලේ 07 වන සාක්ෂිකරු ලෙස තෙවරප්පෙරුම ආරච්චිලාගේ ලක්පි‍්‍රය ජයශාන්ත නැමැති පොලිස් නිලධාරියා බොරු සාක්ෂි ලබා දීමේ චෝදනා මත පසුගිය ජනවාරි 25 දින රිමාන්ඞ් බන්ධනාගාරගත කරනු ලැබීය. අද පැවැති විභාගයේ දී ඔහුට රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂකය ශරීර ඇප දකක් මත ඇප පිට නිදහස් කළ අතර, ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍ර උසාවි භාරයේ තබන ලෙස නියෝග කරන ලදී.
Read More >> (2008-02-18)
සූරියවැව පොලීසිය විසින් පාසැල් සිසුන් හතර දෙනෙකුට අමානුෂිකව පහරදී බොරු නඩු පවරයි
සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුඵ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් 16 හැවිරිදි පාසැල් සිසුන් සිව්දෙනෙකුට සහ තවත් තරුණයෙකුට 2008 ජනවාරි 20 වන දින අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස එස්ලෝන් බට හා වීදුරු බෝතල් යොදා ගනිමින් වධහිංසා පමුණවා දින කිහිපයක් පොලිස් අත්අඩංගුවේ රඳවා තබා ගැනීමෙන් පසුව අසත්‍යය චෝදනා මත නඩු පවරා රිමාන්ඞ් බන්ධනාගාර ගත කර තිබේ.
Read More >> (2008-02-13)
ශි‍්‍ර ලංකා පොලීසියේ දත් ගලවන දොස්තරලා
පසුගිය මාස කිහිපය තුළදී දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරු සහ නිලධාරීන් විසින් පුරවැසියන්ගේ දත් ගැලවී යන ආකාරයේ අමානුෂික පහරදීම් කිහිපයක් සිදුකර තිබුනි. ඒ අතරින් ප‍්‍රධාන සිද්ධි දෙකක් පිළිබඳව මෙසේය. 2008 ජනවාරි 05 වන දින තංගල්ල සිට ගාල්ල දක්වා කුලී ගමනක් පැමිණි මොහොමඞ් පස්මි නැමැති කුලී වෑන් රථයක රියදුරෙකුට ගාල්ල නගරයේදී අහංගම පොලීසියේ ස්ථානාධිපති විසින් දත් ගැලවෙන්න ට පහර දී තිබුනි. පසුගිය මාස කිහිපය තුළදී දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරු සහ නිලධාරීන් විසින් පුරවැසියන්ගේ දත් ගැලවී යන ආකාරයේ අමානුෂික පහරදීම් කිහිපයක් සිදුකර තිබුනි. ඒ අතරින්ප‍්‍රධාන සිද්ධි දෙකක් පිළිබඳව මෙසේය.
Read More >> (2008-02-12)
සැකකාර වෛද්‍යවරයාට එරෙහි සාක්ෂිකරුවන් මර්ධනය කිරීම අපරාධකරු නැවතත් ආරක්ෂා කිරීමේ පියවරක්ද ?
ශ‍්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත‍්‍රය මෙන්ම රට තුළද ඉමහත් ආන්දෝලනාත්මක තැතිගැන්මක් ඇති කළ මීගමු රෝහලේ වෛද්‍යවරයාගේ අපරාධකාරී ක‍්‍රියාවෙහි උණුසුම මදින් මද සිරිත් පරිදි මේ වන විට සීතල වෙමින් පවතී. එකී සැකකාර වෛද්‍යවරයා විසින් මිය ගිය තරුණිය රෝහලින් බිමට වැටී මිය යාමට ඉතා අත්‍යාසන්න අවස්ථාවකදී කාඞ්බෝඞ් කැබැල්ලක උඩු බැලි අතට දිගා කරවා පියයුරු පවා නිරාවරණය වෙමින් තිබෙන පරිදි කලබලයෙන් බිමදිගේ ඇදගෙන යනු දැකීමත්, එකී වෛද්‍යවරයා වෙතින් සිද්ධිය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිව වුවද උදව් පවා අවශ්‍යදැයි තමා විසින් විමසුවේ යැයි අපරාධ විමර්ශණ ඒකකයට වාර්තා වූ බියටි‍්‍රස් නමැති එම රෝහලේ පුද්ගලික අංශ පවිත‍්‍රතා සේවිකාවගේ සාක්ෂිය මෙම අපරාධය හා සම්බන්ධ යුක්තිය පසිදලීමේ අත්‍යවශ්‍ය මෙන්ම තීරණාත්මකද සාක්ෂිය වනු ඇත්තේ එකී වෛද්‍යවරයා විසින් එම තරුණිය මිය යාමට පෙර ඉහත පරිදි කටයුතු කළේ ඇයි ද යන්න හෝ අවසානයේ නීතිය ඉදිරියේ විග‍්‍රහ කළ යුතු වගකීමක් එම වෛද්‍යවරයා වෙත පැවරෙන හෙයිනි.
Read More >> (2008-01-21)
ජෙරාඞ් මර්වින් පෙරේරා ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු බොරු සාක්කි ලබා දීමේ චෝදනා මත රිමාන්ඞ් කරයි
වත්තල මාකේවිට පදිංචිව සිටි තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ එච්.සී 445/2005 දරණ නඩුවේ, ඊයේ පැවැත්වුනු නඩු විභාගයේ දී පැමිණිල්ලේ 07 වන සාක්ෂිකරු ලෙස තෙවරප්පෙරුම ආරච්චිලාගේ ලක්පි‍්‍රය ජයශාන්ත නැමැති පොලිස් නිලධාරියා බොරු සාක්ෂි ලබා දීමේ චෝදනා මත පෙබරවාරි 07 දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කරණ ලදී. ජෙරාඞ් පෙරේරා මහතාගේ අසල් වැසියෙකු වන මෙම ලක්පි‍්‍රය ජයශාන්ත නැමැත්තා මෙම ඝාතනය සම්බන්ධව පාවිච්චි කරනු ලැබූ වාහනය සම්බන්ධව වැදගත් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ නිසා ඔහු පැමිණිල්ලේ 07 වන සාක්ෂිකරු වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් යොමුකර තිබුනි.
Read More >> (2008-01-22)
ලංකාවේ නීතිය රකින ආයතනයන් හි කාර්යක්ෂමතාවය ගැන ජේමිස් ගෙන් දැන ගන්න
තම ජීවිත කාලයෙන් හරියටම අවුරුදු පනහක් රිමාන්ඞ් භාරයේ පසු වු මිනිසෙකුට පසුගිය 11 දා කුරුණැගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලලිත් ඒකනායක මහතා විසින් ඇප නියම කළා. ඒ රුපියල් පනස්දහසක බැඳුම්කරයකට යටත්වය. ලෝක ඉතිහාසයේ චෝදනාවක් ගොනු නොකර නඩුවක් නොපවරවා වැඩිම කාලයක් රිමාන්ඞ් භාරයේ ගත කළ මේ අවාසනාවන්ත මිනිසා නමින් පී. පී ඡේමිස්ය. ඉබ්බාගමුව කුඔුක්වැව හිපව්ව ඔහුගේ උපන් ගමය. දැන් ඔහුගේ වයස අසුවකි.
Read More >> (2008-01-21)
සිත්ති නසීරා සිද්ධිය සම්බන්ධව වෛද්‍ය සභාවේ පරීක්ෂණ ඇරඹේ
සිත්ති නසීරා මහත්මියගේ පාදයක් කිසිදු දැනුම් දීමකින් තොරව මීගමුව මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් කපා දැමීමට එරෙහිව ඇය විසින් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව වෙත ගොනුකර තිබූ පැමිණිල්ල වෛද්‍ය සභාව විසින් වෘත්තීය චර්යාධර්ම කමිටුවට ගොනු කිරීමෙන් අනතුරුව එහි නිර්දේශ මත විධිමත් විභාගයක් සදහා වෛද්‍ය සභාව විසින් නීතිඥ මණ්ඩලයක් වෙත යොමුකර තිබේ
Read More >> (2008-01-20)
මීගමුව රෝහලේ 6 වන මහලින් වැටී මිය ගිය ඇගළුම් සේවිකාවගේ මරණය සම්බන්ධව සාධරණ පිරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විරෝධතා .
මීගමුව දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කටාන ස්මාර්ට් ෂර්ට්ස් ආයතනයේ ඇගඵම් සේවිකාවක වන මොණරාගල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක වූ (22) හැවිරිදි චමිලා දිසානායක තැනැත්තිය එම රෝහලේ 06 වන මහලෙන් වැටී පසුගිය 12 වනදා අභිරහස් ලෙස මිය යෑම පිළිබදව විවිධ තොරතුරු දැන් එලිවෙමින් තිබේ. ඇය රෝහලට පැමිණ ඇත්තේ පියයුරුවල තිබී ඇති කුඩා ගැටිත්තක් ශල්‍යකර්මයෙන් පසුව ඉවත් කිරීමෙන් අනතුරුව, වෛද්‍යවරුන් විසින් වෛද්‍ය සායනයකට සහභාගිවීම පිණිස කර ඇති දැනුම් දීම මතය.
Read More >> (2007-11-15)
අතුරුදහන්වූවන්ගේ ජාතික දින උත්සවය 2007 ඔක්තෝබර් 27
ඉතිහාසයේ පැවති එක් අඳුරු යුගයකදී අතුරුදහන් කරනු ලැබූ හෝ මරා දමනු ලැබූ දස දහස් ගණනක් පිරිසක් සිහිකරමින්, 17 වැනි වරටත් සංවිධානය කළ අතුරුදහන්වූවන් සැමරීමේ ඔක්තෝබර් උත්සවය 27 වනදා සීදුව රද්දොඵව මංසන්දියේ අතුරුදහන්වූවන්ගේ සිහිවටනය අභියසදී පැවත්විය.
Read More >> (2007-11-02)
Page 98 Of 99

<<
1
...
95
96
97
98
99
>>
www.right2lifelanka.org