යෝජිත නව ව්‍යවස්ථාව හා නීතිය – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

 - October 31st, 2020 - 

අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡාක් නැවත පටන් අරන් ඇති නිසා අලුත් ව්‍යවස්ථාවකට අදාල සමහර සංකල්ප හදුන්වා දීමක් කෙටියෙන් කිරීමට බලපොරොත්තුවෙනවා. අද අපි කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙම ව්‍යවස්ථාවට අදාල වෙන නීතිය පිලිබඳ සංකල්පය කුමක් ද කියන එක. ඒ ගැන සංකල්ප 3ක් වෙන් කරලා කියන්න පුළුවන්. 1 නීතිය නැති පාලනය, 2 දැඩි නීති මගින් පාලනය 3 නීතිය මත පාලනය.

නීතිය මත පාලනයෙන් පටන් ගතහොත්, සාධාරණ නීති පද්ධතියක් තුළ පමණයි ඉහලම නිලධාරියාගෙ සිට පහලම නිලධාරියා දක්වා සියලුම අය එකම නීතියකට යටත්ව කටයුතු කරන්නේ. එක භාරව කටයුතු කරන්නෙ අධිකරණය. එතකොට සර්ව සාධාරණ නීතියක් තිබෙනවා. මෙය ක්‍රියාත්මක කිරීම සඳහාය ආයතන පවතිනවා. ඒවා ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එක අධිකරනයෙන් අධීක්ෂණය වෙනවා. ඒකට අපි කියනවා නීතිය මත පාලනය කියලා. සාමාන්‍යයෙන් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පැවතුණේ මේ ක්‍රමය නිසා. ලංකාවෙත් 1970 ට පෙර කාලේ අපිත් දකින්නේ මූලික වශයෙන් පැවතුණේ මේ ක්‍රමය. සමහරු මේකට නීතියේ ආධිපත්‍යය ලෙසද පවසනවා. නමුත් මෙය නිසි ආකාරව පරිවර්තනය විය යුත්තේ නීතිය මත පාලනය යනුවෙනනුයි.

දෙවැනි ක්‍රමයය දැඩි නීති මගින් පා පාලනය. එනම් ඕනෑම දෙයක් ඉතාම දරුණු ගණයේ නීති දමා පාලනය කිරීම. මෙයට හොඳම වූ උදාහරණය නම් සිංගප්පූරුවයි. එම රටේ පාරේ කොළයක් දැමූුව ද එයට ද දැඩි නීති ක්‍රියාත්මක වේ . එයට ද යම් ප්‍රමාණයක මුදල් දඩයක් ගෙවීමට සිදුවේ. එවැනි ක්‍රියා සිදු වෙනවද බලන්න එම රටේ පොලිසිය යොදාව තිබේ. මෙම ක්‍රමයේ දී අධිකරණය සතු බලතල සීමා වෙන්වා.

තුන්වැනි ක්‍රමය. නීතිය නැති පාලනය. එනම් විධායක ට කැමති ආකාරයෙන් පාලන කටයුතු සිදු සිදු කිරීමයි. චක්‍රලේඛයක් මාර්ගයෙන් හෝ ඒවා නොමැතිව ඕනෑම ආ ආකාරයෙන් පාලන කටයුතු සිදු සිදු කිරීමට ඇති හැකියාවයි. උදාහරණයක් වශයෙන් අත් අත්අඩංගුවට ගත් මනුස්සයෙක් අත්අඩංගුවේ සිටියදී මරණයට පත්වීමට ඉඩ සැලැස්වීම. මෙවැනි දෑ පෙර පැවසූ ආකාර දෙකටම අයත් නොවේ. මේ ක්‍රමයට ඕනම දෙයක් කිරීමේ හැකියාව ඇත. මෙම ක්‍රම තුනෙන් කුමන ක්‍රමයටද නව ව්‍යවස්ථාව සකස්විය යුත්තේ කියන එක කල්පනා කිරීම අතිශයින්ම වැදගත්. මෙහි දෙවැනි මූලික අදහස් මෙන්නේ. කුමන ක්‍රමයකට ද රට තුළ අපරාධ මර්ධනය සිදු විය යුතේ යන්න තීරණය කිරීමයි. ඊට ද ක්‍රම දෙකක් තිබේ. නීතිය මගින් අපරාධ මර්දනය. එනම් අපරාධයක් වන්නේ කුමක්ද යන්න නීතිය විසින්ම පැවසීම දණ්ඩ නීති සංග්‍රහය තුළින් අපරාධ පරීක්ෂණය කරන්නේ කුමන ආකාරයකින්ද පැවසීම. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ එමෙන්ම, නඩු අසන ක්‍රමය පිළිබඳවව ද අධිකරණය තුළ ක්‍රමවේදයක් පැවතීම. නීතිපති ක්‍රියාකරන ආකාරය ඒහි ඇතුලත්ව තිබීම. මේ ක්‍රමය අනුව අපරාධකරුවන්ට දඬුවම් කිරීම අවසාන වශයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් පමණක් සිදු වේ.

දෙවැනි ක්‍රමය වන්නේ අපරාධ මර්ධනය සදහා ඝාතන කිරීම මඟින් සිදු කිරීමයි. යම්කිසි අපරාධයක් සිදු කලහොත් ඔබට අත්වන්නේ මරණය බව පවසමින් බියක් ඇති කිරීම ඒම ක්‍රමයයි. මෙවැනි දේශපාලනික හා සංස්කෘතික වටපිටාවක් ලංකාව තුළ තරමක් පවතිනවා. මේ ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයදවේද තෝරා ගන්නේ ද යන්නත් පිළිබදව මෙහි දී අවධානය යොමු කළ යුතුයි. අංගසම්පූර්ණ නීති ක්‍රමයකින් තොරව කිසිම තැනැත්තෙකුට දඬුවම්දීමක් සිදු කළ නොහැකි ක්‍රමයක් ද නොඒසේ නම් දඬුවමත් අපිටම කරන්න පුළුවන් ක්‍රමයක් ද කියන එක ගැන නිගමනයකට පැමිණිය යුතුයි. තුන්වෙනුව ඇති වන ප්‍රශ්නය රටකට අවශ්‍ය වන්නේ බලවත් රාජ්‍ය තන්ත්‍රයක් ද එහෙමත් නැතිනම් නීතියෙන් පවා බැඳීම් ඇති බලවත් නායකයෙක් ද යන්නයි.

රාජ්‍ය තන්ත්‍රයක් ශක්තිමත් නම්. උදාහරණයක් වශයෙන් සිවිල් සේවය ඉතාම ශක්තිමත්ව පවතිනවා නම් පොලිසිය ඉතා කැපවීම් ඇති වූ පුද්ගලයන්ගෙන් දැනුවත්කම ඇති පුත් පුද්ගලයන්ගෙන් නිසියාකාරව ක්‍රියාත්මක වේ නම්, ඊට සමගාමීව අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුවත් එලෙසම ක්‍රියාත්මකවේ නම්, රටේ අනෙකුත් රාජ්‍ය පද්ධතියද නිසියාකාරව ක්‍රියාත්මක වේ. ඒ් තුළින් රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව උදා වේ. අනෙක් ක්‍රමය රාජ්‍ය තන්ත්‍රය කොපමණ කඩා වැටී තිබුණත් බලවත් නායකයෙකු විසින් රාජ්‍ය පවත්වාගෙ යාමේ ක්‍රමයයි. මූල්‍ය ක්‍රමයේ කඩා වැටී තිබීම, අධිකරණ පද්ධතිය ඇතුළු ව සියලුම නීතී ආයතන කඩා වැටී තිබීම, සියලුම රාජ්‍ය පරිපාලන ව්‍යූහයන් කඩා වැටී තිබීම, වැනි තත්ත්වයක් තුළ දී බලවත් පාලකයින් අවශ්‍ය යැයි පවසනවා නම් එනම් පුද්ගල කේන්ද්‍රීය පාලනයක් ද නැත්නම් රාජ්‍යතන්ත්‍රය මත පාලනයක් ද තෝරා ගන්නේ යන්න තුන්වෙනි කාරණාවයි. හතරවෙනි කාරණාව වන්නේ රටට අවශ්‍ය වන්නේ දූෂණයෙන් තොර පාලනයක් යන්නයි. දූෂණය මර්ධනය කිරීම රටේ පාලනයට බලපෑම් කරන දූෂණ මර්ධනය රටෙහි මතයක් හැටියට පිළිගන්න දෙයකි. නමුත් අද පුළුල්ව පවතින මතයක් වන්නේ එය එසේ සිදු කර හොත් මෙය රට පාලනය කිරීමට කිසිවෙකුත් ඉතිරි නොවන බවයි. එම නිසා දූෂණයට විශාල ඉඩක් හදන්නේ නැතුව රාජ්‍ය තන්ත්‍රය ගෙනයාම කළ නොහැක. මේ වන විට අප විවිධ අංශ හතරක් ගැන සාකච්ඡා කොට අවසන්. මේ කොටස් වලින් මොන අදහස්ද නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුත්තේ යන්න ඉතාම තීරණාත්මක වේ.

Advertisement

Videos

Featured Video Play Icon

පුවත්පත් මණ්ඩලය කැලෑ උසාවියක් – K Sanjeewa

Featured Video Play Icon

ජිනීවා සමුලුවට දෙපැත්තෙන්ම බර ආයුධ

Facebook Page