Sinhala News

July 15th, 2021

චදික් ෂාමන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්

2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රධානය කිරීමට අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය දෙදරු පියෙක් වන…

July 12th, 2021

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!

හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන් නම් විවාහක දෙදරු…

July 2nd, 2021

පොලිස් හිංසන දරාගත නොහැකිව පවුල පිටින්ම පොලිසීය ඉදිරිපිට විරෝධතාවයක!

දොලොස් වසරක කාලයක් තිස්සේ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ගේ තාඩන පීඩන නිසා තමන්ට දරු පවුලට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය උල්ලංඝණය වී ඇති බව පවසමින් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඉදිරිපිට සිය දරු පවුල සමගින් අද  (1දා) උදෑසන විරෝධතාවක නිරත වූහ….

July 2nd, 2021

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන

2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස් ස්ථානය වෙත පැමිණි විට තමාට…

June 29th, 2021

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය.

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට…

June 26th, 2021

වසංගත තත්වයක් තුළත් හිංසාවන්වල වැඩි වීමක්.

වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකීය එකමුතුව විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වසංගත තත්වයක් තුළ වුවද ලංකාවේ පොලිසිය ඇතුතුව රාජ්‍ය යාන්ත්‍රණය තුළ වධහිංසාවන් වැඩි ඇතැයි කියාය. මෙම මාධ්‍ය නිවේදනය තුලින් හිංසාවට පාත්‍රවන කොට්ඨාශයන් හා මූලික මානව අයිතිවාසිකම් කඩ කරමින් අනපනත්…

June 19th, 2021

දෙදරු පියෙකුට හම්බන්තොට පොලිසියෙන් පොලිස් පහර දීමක්

හම්බන්තොට, බැල්ලගස්වැව ග්‍රාම නිළධාරි වසමට අයත්, නන්දමිත්‍ර ගම්මානයේ, අංක 03 දරණ ලිපිණයේ පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන්, විවාහක දෙදරු පියෙකි. ඔහු සිය ජීවිකාව සපයා ගැනීමට ගරාජයක් පවත්වාගෙන යයි. එම ගම්මානයේම  පදිංචිකාරියක වන, තමරා කෞෂල්‍ය විසින් තාරුක ලක්ෂාන් ඇතුළු තිදෙනකු විසින්…

June 18th, 2021

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. “යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය…

June 18th, 2021

ශානි යනු කවුද?

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුනි 16) නියම කළේය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ…

June 10th, 2021

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබනු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම්වලට අත නොතබන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය රජයට දන්වා සිටියි. එසේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් නිසි පරිදි තොරතුරු සන්නිවේදනයේ යෙදෙන හා අදහස් පළ කරන සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්…

June 10th, 2021

අහ්නාෆ්ගේ නිදහස වෙනුවෙන් යුරෝපා ආණ්ඩුවලින් ඉල්ලීම්!

අවුරුද්දකට වැඩි කාලයක් අත්තනෝමතික ලෙස සිරකොට තබාගෙන සිටින අහ්නාෆ් ජසීම් කවියා වහාම නිදහස් කරන ලෙස යුරෝපා රටවල් සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් නමයක් නියෝජනය කරන තානාපතිවරුන් තම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත…

June 1st, 2021

FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්

2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු කර ගනිමින් රජය විසින් පනත්…

Advertisement

Videos

Featured Video Play Icon

ඇමතිතුමනි, මෙන්න තවත් පොලිස් ඝාතනයක්!

Facebook Page