Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

කළුතර දී විවෘත වූ නව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය.

අප ආ දිගු ගමන් මගෙහි මේ වන විට මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථාන 11ක් සාර්ථක ලෙස ආරම්භ කර ඇත. මේ අනුව යමින් සැප්තැම්බර් මස 23 වන දින අපගේ 12 වැනි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය කළුතර දී විවෘත කරනු ලැබීය. බස්නාහිර පළාතේ විවෘත වූ දෙවන ප්‍රථමාධාර මධ්‍යස්ථානය මෙය වේ. මේ සදහා මූලිකත්වය ගෙන කටයුතුකරේ සමාජ ක්‍රියාකාරිනී අමිතා ප්‍රියන්ති මහත්මියයි. ඇය මෙම මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකද වේ.

මෙම ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ කටයුතු කරන සියලු දෙනාට විශේෂ පුහුණුවක් ලබදීමෙන් අනතුරුව මෙය ආරම්භ කෙරූ අතර එම සමාරම්භක උත්සවයට එම මධ්‍යස්ථානයේ සියලුම මානව හිමිකම් ක්‍රියාධරයින් සම්බන්ධ විය.   

එමෙන්ම අපගේ ප්‍රධාන මධ්‍යස්ථානය වන රයිට් ටු ලයිෆ් සංවිධානය නියෝජනය කරමින් අප ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා,විනෝද් ඇන්තනී මහතා හා නීතීඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා සහභාගි විය.  මෙම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සදහා අනුග්‍රාහකත්වය දරන්නේ යුරෝපා සංගමය විසිනි. එමෙන්ම මෙහි කටයුතු සංවිධානය කරනු ලබන්නේ රයිට් ටු ලයිෆ්  මධ්‍යස්ථානය විසිනි.  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top