Right To Life Human Rights Center

කොරෝනා වසංගත තත්වය පිලිබඳ දැනුවත් කිරීම – හම්බන්තොට

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 05 වන දින  හම්බන්තොට දිස්ත්‍රික්   මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් අම්බලන්තොට කිරල කැලේ ප්‍රදේශයේදී  පැවැත්වුනි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අම්බලන්තොට  ප්‍රදේශයේ මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර එහිදී මෙම වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය පියවරයන් පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදුකෙරුනි. යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ජාතික සාම මණ්ඩලයේ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදුකෙරුනු මෙම දැනුවත් කිරීම් වැඩසටහන සදහා  හම්බන්තොට දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගි වී තිබුණි.

Scroll to Top