කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙනියායේදී

 - November 5th, 2020 - 

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 04 වන දින දෙනියායේ  පිහිටි  මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් දෙනියාය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන පරිශ්‍රයේදී  පැවැත්වුනි .

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දෙනියාය ප්‍රදේශයේ මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර එහිදී මෙම වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය පියවරයන් පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදුකෙරුනි. යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ජාතික සාම මණ්ඩලයේ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදුකෙරුනු මෙම දැනුවත් කිරීම් වැඩසටහන සදහා  දෙනියාය  ප්‍රදේශයේ  මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගි වී තිබුණි .

Advertisement

Videos

Featured Video Play Icon

දහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය

Featured Video Play Icon

රඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ මරණය ඝාතනයක්

Facebook Page