කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආනුමඩුවේදී

 - November 9th, 2020 - 

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 07 වන දින  පුත්තලම   දිස්ත්‍රික්   මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් ආනමඩුව ප්‍රදේශයේදී  පැවැත්වුනි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ආනමඩුව  ප්‍රදේශයේ මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර එහිදී මෙම වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය පියවරයන් පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදුකෙරුනි. යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ජාතික සාම මණ්ඩලයේ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදුකෙරුනු මෙම දැනුවත් කිරීම් වැඩසටහන සදහා  පුත්තලම  දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගි වී තිබුණි .

Advertisement

Videos

Featured Video Play Icon

මැයි 09 පොලීසිය බැරියර් ඉවත්කර ඒ අයට එන්න ඉඩ දුන්නා | Senaka Perera | may 9

Featured Video Play Icon

NGO කියන්නේ ආණ්ඩු හතුරෙක්ද? | Dr. Jehan Perera | ඩොලර් කාක්කෝ

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil