Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

ගාල්ලේදි පැවැති කොරෝනා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 6 වනදින ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේදි පැවැත්විය. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ගාල්ල ප්‍රදේශයේ මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර එහිදී මෙම වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය පියවරයන් පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදුකෙරුනි.

යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ජාතික සාම මණ්ඩලයේ සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ සිදුකෙරුනු මෙම දැනුවත් කිරීම් වැඩසටහන සදහා  ගාල්ල  දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක් සහභාගි වී තිබුණි .මෙය සම්බන්ධිකරණය කරන ලද්දේ කාංචනි පතිරනගේ මහත්මියයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top