Right To Life Human Rights Center

logo-e2l
DEVELOPMENT PROTECTING RIGHTS
HOTLINE : +94 11 2669100

තොරතුරු පනත ගැන පොලිස් නිලධාරීන් දැනුවත් නැද්ද?

ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය යෙදී තිබුණේ ඉකුත් සැප්තැම්බර් 28 වෙනිදාටය. ඒ නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ විසින් කොළඹ 07, සව්සිරිපායේදි තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි කළ නොහැක යන මැයෙන් උත්සවයක් පවත්වන ලදි. මෙහිදි හෙළි වුයේ තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලන මාධ්‍යවේදීන්ගෙන් පොලිසිය පෙරළා තොරතුරු විමසන බවය.

වැඩි වශයෙන් තොරතුරු දැන ගැනීමේ පනත භාවිතා කළ ප‍්‍රාදේශිය මාධ්‍යවේදියෙකු වන අම්බලන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

ඔහු වව්නියාව පොලිස් අධිකාරි කාර්යාලයෙන් 2020 ජුලි 17 දා සිට අගෝස්තු 02 දා දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කළ සංඛ්‍යාව, අත්අඩංගුවට ගත් සංඛ්‍යාව, ඔවුන්ගේ පක්ෂ මොනවාද යන්න සහ 2020 මාර්තු 20 සිට සැප්තැම්බර් 15 දක්වා නීරෝධායනය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව, අධිකරණයට ඉදිරිපත් කළ සංඛ්‍යාව ඉල්ලා සැප්තැම්බර් 12 වෙනි දින ලියාපදිංචි තැපෑලෙන් යොමු කර ඇත.

සැප්තැම්බර් 23 වව්නියා පොලිසියේ අපරාධ පරික්ෂණ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක අසංග ඉඳුනිල් නැමැති නිලධාරියෙකු මාධ්‍යවේදි රාහුල් සමන්තට කථා කොට ඔහුගේ තොරතුරු විමසා ඇත.

මේ බව සැල වු රාවය පුවත්පත ද වව්නියා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කථාකොට තොරතුරු පනතෙන් තොරතුරු විමසන අයගේ තොරතුරු සොයන්නේ මන්දැයි විමසා ඇත. එහිදි පවසා ඇත්තේ එය ලිපියකින් විමසන ලෙසය. ඉන් අනතුරුව රාවය පුවත්පත ප‍්‍රධාන පොලිස් පරික්ෂක අසංග ඉඳුනිල්ගෙන් විමසා ඇත්තේ තොරතුරු පනතට අනුව එම අයදුම්පත ලැබුණු බව දන්වා යැවිය යුතු බව දන්නවාද යන්නය. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ නොදන්නා බවය.

මෙයින් පෙනී යන්නේ පොලිසියේ පොලිස් නිලධාරින් තොරතුරු දැන ගැනීමේ පනත පිලිබඳ දැනුවත් භාවයක් නොමැති බවය. ඇතැම් විට පොලිසියේ නීති රිතී නොතකන මොවුන් තොරතුරු දැනගැනීමේ පනත දැන නොසිටිම එක් අතකින් අරුමයට කරුණක්ද නොවේය.

ශානිකා

උපුටා ගැනීම – අයිතිය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Translate »
Scroll to Top