නීති ආධාර වැඩසටහනක් සහ මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ හමුවක් නුවර එළියේදී.

 - June 29th, 2020 - 

පසුගිය ජූනි 23 වන දින නුවර එළිය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් නීති සායන වැඩසටහනක් පැවැත්වුනි. මෙහිදී නුවර එළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරු ගැටළු, ඉඩම් ආරවුල් ඇතුළු සිවිල් නීතිමය ප්‍රශ්න මෙන්ම මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳ ප්‍රශ්න රාශියකට නොමිලේ නීති උපදෙස් ලබා දීම සිදුකෙරුනි. එසේම එදින නුවර එළිය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ ජූනි මස කමිටු රැස්වීමද පැවැත්වුනි. මෙම වැඩසටහන් සඳහා නුවර එළිය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඒ. සෙල්වරාජ් මහතා, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමණාකාර ඇන්තනි විනෝත් මහතා ඇතුළු නිලධාරින් මෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාධරයින් හා වින්දිතයින් 30කට ආසන්න පිරිසක් සහභාගි වුනි.

Advertisement

Videos

Facebook Page

English English Sinhala Sinhala Tamil Tamil