Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

නොනැවතී ජය කණුව වෙත පියනැගි සන්ධ්‍යා

එම්.ජී. සන්ධ්‍යා උදය කුමාරි (වයස 39) යන අය ජීවත් වන්නේ වැල්ලවාය ,රන්‌ෙදණිය පහළ මදුරුව යන ගමේය. ඇය කාලයක් තිස්සේ විවිධ සමාජ ක්‍රියාකාරකම් ඔස්සේ  ප්‍රදේශයට ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටින අතරතුර වැල්ලවාය රන්දෙණිය යෝධආර රන්දිය ප්‍රජාමූල සංවිධානය ආරම්භ කළේය. එම සංවිධානයේ කටයුතු වලට සහයෝගය දෙමින් සිටින කාළයේ දී 2012 -04-07 දින පැවැති මහා සභාවෙන් එම සංවිධානයේ ගිණුම් ලිපිකාරිනියක ලෙස ඇයව පත්කරගෙන ඇත. මෙසේ පත්වීම් ලද සන්ධ්‍යා ඉතා අවංකව විනිවිදභාවයෙන් එම සංවිධානයේ කටයුතු කල අතර එම සංවිධානයේ රු.240000/= ක ක මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවිය. එය අනාවරණය කරගැනීම සඳහා එම සංවිධානයේ නිලධාරීන්ට සහයෝගය ලබාදීම නිසා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ජල ව්‍යාපෘතිය සඳහා මුදල් ගෙවීම් අත්හිටුවන ලදි.

මෙම මූල්‍ය අක්‍රමිකතාවයට වගකිව යුතු එම සංවිධානයේ ලේකම්වරයා විසින් හදිසියේ ම නොවිධිමත් ලෙස ගිණුම් ලිපිකරු සේවයෙන් තමා ඉවත් කල බව දන්වා සන්ධ්‍යා වෙත ලිපියක් එවා ඇත.  සංවිධානයේ ලිපිගොණු සංවිධානයට භාරදීමට කටයුතු කරන ලෙස ද එම ලිපියෙන් දන්වා තිබුණි. ඇය විසින් එම ලිපි ලේඛන සංවිධානයට භාරදුනි. එහෙත් ඇයට හිමි හිග වැටුප් හා හිග සේවක භාරකාර අරමුදල් ද සේවක අර්ථසාධක අරමුදල් ද ගෙවීමට කටයුතු කර නොමැත.

මෙම කාලය තුල සන්ධ්‍යාට මොනරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය පිළිබඳ දැනගැනීමට හැකි විය. දිනක් ඇය අප කාර්යාලයට පැමිණ ඇයට මුහුණ දුන් සිද්ධිය පැවසූහ. එම අවස්ථාවේ අප ප්‍රදේශයට අදාල සහකාර කම්කරු කොමසාරිස් තුමා හපුතලේ ට ඇයගේ පැමිණිල්ල යොමුකල අතර එම පැමිණිල්ලට අදාලව බණ්ඩාරවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනුකරන ලදි. සෑම නඩු වාරයක දීම අධිකරණය වෙත පෙනී සිටීම සන්ධ්‍යා අමතක නොකළේය. එම නඩුව අතරතුර දී යම් යම් අවස්ථාවල දී ඇයට නීතිමය උපදෙස් ලබාදීමට රයිට් ටු ලයිෆ් සංවිධානයේ නීතිඥ මහත්වරු කටයුතු කළේය. එමෙන්ම අප මද්‍යස්ථානයට අනුයුක්තව ක්‍රියා කරන මානව හිමිකම් ක්‍රියාධාරිනි ඩබ්ලිව්.කේ.සි. චන්ද්‍රා විමලසිරි මහත්මිය මේ නඩුව සඳහා ස්වෙඡ්චාවෙන් ඉදිරිපත් වී නොකඩවා එම නඩු වාර සඳහා සහබාගි විය.

2020 සැප්තැම්බර් මාසයේ දී ඇය වෙත බණ්ඩාරවෙල දිසා අධිකරණයේදී නඩු තීන්දුව ලබා දී ඇත. එම නඩු තීන්දුව වූයේ ඇය වෙත හානි පූර්ණය වශයෙන් රු. 200000/= කට ආසන්න මුදලක් ගෙවන ලෙසය. සන්ධ්‍යාගේ නොපසුබට උත්සාහයත් ජාතික සාම මණ්ඩලයේ හා රයිට් ටු ලයිෆ් සංවිධානයේ අනුග්‍රහයත් මානව මොනරාගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සහයත් නිසා සන්ධ්‍යාට යුක්තිය ඉටුකරගැනීමට හැකිවීම අපට විශාල ගෞරවයකි.

අචල පියුමන්ත  

දිස්ත්‍රික් සම්බන්ධීකාරක – මොණරාගල

Translate »
Scroll to Top